පෝතලිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු පොතලිය සුත්‍රයයි. එහි අඞ්ගුත්තරාපෙසු යනු අංගයෙහි එම ජනපදය මහී නමැති නදියට උතුරින් ඇති ජලයයි ඒවාට ඇති ආසන්නතාව නිසා උත්තරාපො යනුවෙන් කියනු ලැබේ. කවර මහීගංගාවක උතුරින්ද ඒ ජලය මහාමගීයගේ මේ එහි උත්පත්තිකථාවයි. මේ ජම්බුද්වීපය දසදහසක් යොදුන් පමණවේ. එහිද සාරදහසක් යොදුන් පමණ පෙදෙසක් ජලයෙන් යටවී සමුද්‍රයයි ප්‍රසිද්ධ විය. තුන්දහසක් යොදුන් පමණ තැන මිනිස්සු වසත්. තුන් දහසක් යොදුන් පමණ තැන හිමාලය පිහිටියේය. එය උසින් යොදුන් පන්සියයකි. මුදුන් අසුහාරදහසින් සැදුණේය. හාත්පසින් ගලා බස්නා නදීන් පන්සියයකින් විචිත්‍රය. යම් තැනෙක අයම් විතරින්ද ගැඹුරින්ද පනස් පස් යොදුන්ය. යොදුන් එකසිය පණසක් වටා අනෝතත්තවිල කණ්ණමුණ්ඩවිල, රථකාරවිල, ඡද්දන්තවිල කුණාල විල. මන්දාකිනී සීහප්පපාත යන සත්මහ විල් පිහිටියේය. ඉන් අනෝතත්තවිල සුදර්ශනකුට, චිත්‍රකූට කාළකූට ගන්ධමාදන කූටය කෛලාස කූට යන මේ පස් කුළ පවුවලින් පරිකෙව් කරන ලද්දේය.
එහි සුදර්ශන කූටය රන් මුවාය. දෙසිය යොදුනක් උසය. ඇතුළත වක්‍රය කවුඩු තුඩකට සමානය. ඒ විලම වසා සිටියේය. චිත්‍රකූටය රුවන් මුවාය. කාළ කුටය අඳුන් මුවාය. ගන්ධ මාදන කූටය සානු ඇත්තේය. අභ්‍යන්තරයෙහි මුං පැහැයගනී. මුලගන්ධ, සාරගන්ධ, වේග්ගු ගන්ධ, තචගන්ධ, පපටික ගන්ධ, රසගන්ධ, ඡත්තගන්ධ, ප්‍රජඵගන්ධ, ඵලගන්ධ, ගන්ධගන්ධ යන මේ දස ගඳින් ගැවසුණු නානාප්‍රකාර වූ ඖෂධ ගැවසී ගත් කළුවර දෙපෝදා හිරුමෙන් අඟුරුමෙන් දිලිසෙමින් සිටී. කෛලාශ කූටය රිදී මුවාය සියල්ල මෙන් උසින්ද සලකුණින් ද සමානය විලම වසා සිටී. ඒ සියල්ල දේවානුභාවයෙන්ද වැසි වසී එහි ගංගාද ගලාබසී. ඒ සියලු ජලය අනෝතත්ත විලටම පිවිසේ. සඳහිරු දකුණින් හෝ උතුරින් ගමන් කරමින් පර්වත අතුරින් එහි එලිය කරයි. කෙළින් යමින් එසේ නොකරයි. ඒ නිසාම එයට අනෝතත්ත යයි නමක් හටගනි.
එහි මනහර පඩිපෙළද මස් කසුබුවන් නැති පළිඟුවන් ජලයද ඇත. නාන තොටුද මැනවින් පිළියෙලකොට ඇත. බුදු පසේබුදු රහත්හුද සෘද්ධිමත් ඍෂිවරු යම්තැනෙක නහත්ද දෙවියෝද යක්ෂයෝද උයන් කෙළි කෙළිත්ද,
එහි සතර පසෙහි සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ, වෘෂභමුඛ යන සිව් මුඛයෝ වෙති, යමෙකින් සිව්නදීහු ගලා බසිත්ද. සිංහ මුඛයෙන් නික්මුණු ගංගා තීරයෙහි සිංහයෝ බහුතරවෙති. හස්තිමුව ආදියෙන් නික්මුණු ගංගා තීරවල පිළිවෙළින් හස්ති අශ්ව වෘෂහයෝද වෙති. පෙරදිගින් නික්මුණු නදිය අනෝතත්ත විල තෙවරක් පැදකුණු කොට ඉතිරි ගංගා තුන අනුව පැමිණ පෙර දිග හිමවත් පවුවෙන් අමනුෂ්‍ය පථයට ගොස් මහ සමුදුරට පිවිසෙයි. අපර දිගින් හා උතුරු දිගින් නික්මුණු නදීහුද එසේම පැදකුණු කොට අවරදිග හිමාලයෙන්ම උතුරු හිමාලයෙන්ම අමනුෂ්‍ය පථයට ගොස් මහ සමුදුරට පිවිසෙයි. දකුණු දිගින් නික්මුණු නදිය එය තෙවරක් පැදකුණු කොට දකුණු දිගින් ඍජුව ගල්තලාව මතුපිටින් සැට යොදුනක් ගොස් පර්වතයෙහි වැදී නැගී වටින් ගව්තුනක් පමණ ජලදහරා බවට පත්වී උසින් සැට යොදුනක් ගොස් තියග්ගළ නම් ගලෙහි වැටී පාෂාණය ජල දහරෙහි වේගයෙන් බිඳී එහි පණස් යොදුනක් පමණ වූ තියග්ගළ නම් පොකුණක්විය. පොකුණෙහි ඉවුර බිඳ ගලට පිවිස සැට යොදුනක් ගියේය. එයින් ඝන පෘථුවිය බිඳ උමගින් සැට යොදුනක්ගොස් වින්ධ්‍යා නම් තිරිසන්? පර්වතයෙහි වැදී අල්ලෙහි පසැඟිලිවන් දහරා පසක්ව පවත්නේ තෙවරක් අනෝතත්ත විල පැදකුණුකොට ගියතැන ආවැර්ත ගංගා යයි කියනු ලැබේ. සෘජුව ගන්තලාව මතින් සැටයොදුනක් ගිය තැන කණහගංගානමි අහසින් සැට යොදුනක් ගියතැන ආකාසගංගා නමි තියග්ගළ පාෂාණයෙහි පණස් යොදුනක් අවකාශයෙහි සිටි තියග්ගළ නම් පොකුණයි. ඉවුර බිඳ පාෂාණයට පිවිස සැට යොදුනක් ගිය තැන බහල ගංගා නමි උමගින් සැට යොදුනක් ගිය තැන උම්මග්ග ගංගා යයි කියනු ලැබේ. වින්ධ්‍යා නම් තිරිසන් පවුවෙහි හැපී දහරපසක්ම පැවතිතැන ගංගා, යමුනා, අචිරවතී සරභූ මහී යනුවෙන් පස් අයුරකින් ප්‍රසිද්ධ විය. මෙසේ මේ පස්මහා නදීහු හිමවතින් ගලා බසිත් ඒ අතරින් යම් ගංගාවක් පස්වැනි වීද එය මහී නම්. මෙහි එය මහාමහි යයි අදහස් කරන ලදී. ඊට උතුරින් යම් ජලයක් වේද ඒවාට නුදුරුබැවින් ඒ ජනපදය අංගුත්තරාප යැයි දත යුතුය. ඒ අංගුත්තරාප ජන පදයෙහි,