අට්ඨකනාගර සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු අට්ඨකනාගර සුත්රයයි. එහි බෙලුව ගාමකෙ යනු විසාලානුවර දකුණු පස නුදුරෙහි බේලුවනම් ගමක්ඇත. එය ගොදුරුගම් කොට යන අර්ථයි. දසමො යනු ඔහු වනාහි ජාතිගෝත්ර වශයෙන්ද, උත්තමකුල ගණනින්ද දසවැනි තැනට ගැණේ නුයි එයට දසම යනුවෙන් නමක් හටගත්තේය. අටඨකනාගරො යනු අටයක නුවර වැසි කුක්කුටාරාමො යනු කුක්කුට සිටුවිසින් කරවන ලද අරම.
තෙන භගවතා -පෙ- අක්බාතො යනු මෙහි සංක්ෂේප අර්ථයයි. යම් ඒ භාග්යවත් කෙනෙක් සමතිස් පෙරුම්පුරා සව් කෙලෙස් බිඳ අනුත්තර සමබෝධිය අවබෝධ කරගත් සේක්ද ඒ භාග්යවතුන් විසින් ඒ ඒ සතුන්ගේ ආසය අනුසය ජානතා අත්ලෙහි තැබු ඇඹුලක් මෙන් සියලු දතයුතු දහම පස්සතා, තවද පුර්වනිවාස ආදීන්ගෙන් ජානතා, දිවැසින් පස්සතා ත්රිවිද්යාවෙන් හෝ ෂට් අභිඥා වන්ගෙන් ජානතා සියලු තන්හි අප්රතිහත සමන්ත චක්ෂුසයෙන් පස්සතා සියලු දහම් දැක්මේ සමත් නුවණින්. ජානතා සියලු සතුන්ගේ චක්ෂුපථය ඉක්මවාගිය තිරොකුඩ්ඩ ආදිකොට ගියාවුද රූප අතිපරිශුද්ධවු මසැසින් ද පස්සතා තමාට හිත සදන සමාධියට පාතලය වූ දේශනා ප්රඥාවෙන් පස්සතා සතුරන් නැසුහෙයින් ප්රත්යයාදීන්ට සුදුසු බැවින් අරහතා මැනැවින් සියලු සත්යයන් අවබෝධ කළහෙයින්. සම්මා සම්බුද්ධෙන, අන්තරායික ධර්මයන් ජානතා දන්නා බැවින් නෛර්යානික ධර්ම දක්නා බැවින් කෙලෙස් සතුරන් නැසු බැවින් අරහතා අර්හත්වූ, සියලු දහම් මැනවින් අවබෝධ කරගත් බැවින්, සම්මා සම්බුද්ධෙන යනු මෙසේ චතුර්වෛශාරද්ය වශයෙන් කරුණු සතරෙහි ස්තුති කරනු ලැබු බැවින් අත්ථිනුඛො එකො ධම්මො අක්ඛාතො යනු
අභිසංඛතං යනු කරන ලද උපදවන ලද, අභිසංචෙතයිතං යනු සිතන ලද මැනවින් කල්පනා කරන ලද. සොතත්ථඨිතො යනු හේ ඒ සමථ විදර්ශනා ධර්මයෙහි සිටියේ. ධම්මරාගෙන ධම්ම නන්දියා යනු පද දෙකින් සමථ විදර්ශනාවන්හි ඡන්දරාගය කියන ලදී. සමථ විදර්ශනාවන්හි සියල්ලෙන් සියල්ල ඡන්දරාගය පතුරුවන්නට හැක්කේ රහත්වුයේ නම් වේ. නොහැක්කේ අනාගාමි වෙයි. හෙතෙමේ සමථවිදර්ශනාවන්හි ඡන්දරාගය ප්රහීණ නොකළ බැවින් චතුර්ධ්යාන චේතනාවෙන් සුද්ධාවාසයෙහි උපදී. මෙය ආචාර්යවරුන්ගේ සමාන කථාවෙකි.
විතණ්ඩවාදියා මෙසේ කීය. තෙනෙව ධම්මරාගෙන යනු වචනයෙන් සිදුවන අකුසලයෙන් සුද්ධාවාසයෙහි උපදියි යනුවෙන් හෙතෙමේ සුත්රයක් ගෙනවයි කිවයුතුය. ඒකාන්තයෙන් අනෙකක් නොදක්නේ මෙයම ගෙනෙන්නේ ය. ඒනිසා කිවයුතුයි. මේ සුත්රය ගෙන ආයුතු අර්ථ ඇත්තේද, ගෙන ආ අර්ථ ඇත්තේද, ඒකාන්තයෙන් ගෙන එන ලද අර්ථ ඇත්තේ යයි කියයි. එවිට මෙසේ කිවයුතුයි. මෙසේ ඇති කල්හි අනාගාමිඵල කැමැත්තහු විසින් සමථවිදර්ශනාවන්හි ඡන්දරාගය කළයුතු වන්නේ ය. ඡන්දරාගය උපදවාගත්විට අනාගාමිඵලය ප්රතිවේධ කරන ලද්දේ වන්නේ ය. සුත්රය මා විසින් ලබන ලද්දේ යයි යම්කිසිවක් නොදක්වන්න. ප්රශ්නය කථාකරන්නහු විසින් ආචාර්යයන් ළඟ උගෙන අර්ථ රසය අවබෝධ කොට කියන්නට වටී. අකුසලයෙන් ස්වර්ගයෙහි වත් කුසලයෙන් අපායෙහි වත් ඉපදීමක් නම් නැත. මෙය භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී -
මහණෙනි. ලෝභයෙන් උපන් කර්මයෙන්, දෝෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නොපැනෙත්. මිනිස්සු පැනෙත් කිම වෙනත් කිසියම් සුගතීහු වෙත්ද? ඉක්බිති මහණෙනි, ලෝභයෙන් උපන් කර්මයෙන් දෝෂයෙන් උපන් කර්මයෙන් මෝහයෙන් උපන් කර්මයෙන් නිරය පැනෙයි තිරිසන් යෝනිය පැනෙයි. ප්රේත විෂය පැනෙයි. කිම කිසියම් අන් දුගතියක් වේද -
මෙසේ පැනවිය යුතුය. ඉදින් දන්නේ නම් දනීවා. නොදන්නේනම්. යව. උදෑසනම විහාරයට පිවිස කැඳ බොවයි යැවිය යුතුය.
යම්සේ මේ සුත්රයෙහි මෙසේ මහාමාලුඞ්ක්යයා චාදයෙහි ද මහා සතිපට්ඨානයෙහිද කායගතාසති සූත්රයෙහිද සමථ විපස්සනාව කියන ලදී. එහි මේ සුත්රයෙහි සමථ වශයෙන් යන්නහුගේද විදර්ශනා වශයෙන් යන්නහුගේද සමථ ධුරයම ධුරය වේ. මහා මාලුඞ්ක්ය වාදයෙහි විදර්ශනාවම ධුරයයි. මහාසතිපට්ඨානය විදර්ශනාවෙන් උසස්යයි කියන ලදී. කායගතාසති සූත්රය සමථයෙන් උසස්ය.
අයං ඛො ගහපති - පෙ - එකධම්මො අක්ඛාතො යනු එක් ධර්මයක් අසනු ලැබුවහු විසින් මෙයද ඒකධර්මයයි මෙසේ ඇසීම් වශයෙන් කියන ලද බැවින් එකොළොස්දහම් එකධම්ම නම් විය. මහාසකුලුදායි සුත්රයෙහි පරිච්ඡේද දහනවයක ප්රතිපදාවශයෙන් ඒකධර්ම නම් විය. මෙහි එකොළොසක් විමසීම් වශයෙන් ඒකධර්ම යි පැමිණියේය. අමෘත ඉපදවීම් අරුතින් හෝ සියල්ලම ඒකධර්ම යයි කියන්ට වටී.
නිධිමුඛං ගවෙසන්තො යනු නිධානය සොයන්නේ. සකිදෙවා යනු එක් ප්රයෝගයකින්ම, එක් ප්රයෝගයකින් එකොළොස් නිධන් පිළිබඳ අධිගමය වන්නේ කෙසේද. මෙහි ඇතැම් කෙනෙක් වනයෙහි නිධන් සොයමින් හැසිරෙති. ඔවුන්ගේ එක්තරා අර්ථයෙහි හැසිරෙන පුද්ගලයෙක් ඒ දැක මිතුරනි ඔබ කුමක් නිසා හැසිරෙනු දැයි අසයි. හේ ජිවිකාවෘත්තිය සොයමියි කීය. අනිකා එසේනම් මිතුර එන්න. එක්ගලක් පෙරළවයිකීය. ඔහු එය පෙරළා උඩින් උසින් තැබුවාවුද ලෙන්වල එකිනෙක ගැටී තිබුණාවුද කළගෙඩි එකොළොසක් දකී. මෙසේ එක් ප්රයෝගයකින් එකොළොසක අධිගමය වන්නේය.
ආචරියධනං පරියෙසිස්සන්ති යනු අන්ය තීර්ථකයෝ යමකු සමීපයෙහි ශිල්ප උගනිත්ද, ඔහුට ශිල්ප උගෙනීමට පෙරාතුවද, පසුවද අතරතුරෙහිද ගෙන් පිටතට ගෙනවුත් ධන දෙති, යමකුගේ ගෙහි නැත්නම් ඔවුහු ඥාතීන් සොයා යති. එසේත් නොලබන්නාහු පිඬුසිගා හැසිර හෝ දෙත්මය. ඒ සඳහා මෙය කියන ලදී.
මම කුමක් කරම්ද? බැහැරියෝ නම් අනෛර්යානිකවු සසුනෙහිද ශිල්ප මාත්රය පමණක් දෙන්නහුට ධනය සොයත්. මම වනාහි නෛර්යානික ශාසනයෙහි එකොළොස් වැදෑරූම් අමා උපදවන ප්රතිපදාව දෙසන ආචාර්ය වරයාට පූජාවක් කිම නොකරන්නෙම්දැයි කියයි. පච්චෙක දුස්ස යුගෙන අච්ඡාදෙසි යනු එක්එක් භික්ෂුවට එක් එක් වස්ත්ර යුගලයක් බැගින් දුන්නේය යන අර්ථයි. ව්යවහාර වචනය මෙහි මෙසේ වෙයි. ඒ නිසා හැඳගන්නැයි කියන ලඳී. පඤ්චසතං විහාරං යනු පන්සියයක් වටනා පන්සලක් කරවීය යන අර්ථයි සෙස්ස හැමතැන නොගැඹුරුමය.