අඛණ්ඩානි යන තැන්හි යමෙකුගේ සප්ත ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් මුලින් හෝ අගින් යම්කිසි ශික්ෂාපදයක් බිඳුනේද, ඔහුගේ සීලය කෙළවරක් ඉරුණු සාටකයක් මෙන් ඛණ්ඩ සීල නම් වේ. යළි යමෙකුගේ ශීලය මැදින් බිඳුනේ නම් මැද සිදුරු වූ සාටකයක් මෙන් ‘ඡිද්‍ර’ නම් වෙයි. යමෙකුගේ පිළිවෙළින් ශික්ෂාපද දෙක තුනක් බිඳුනේ ද ඔහුගේ ශීලය පිටෙහි හෝ බඩෙහි හෝ රතු ආදී පැහැයක් ඇති දෙනකගේ මෙන් ‘ශබල’ නම් වෙයි. යමෙකුගේ අතරින් පතර බිඳුනාහු නම් අසමාන තිත්වලින් පුල්ලිවලින් චිත්‍ර වූ දෙනක මෙන් ‘කල්මාස’ නම් වෙයි. යළි යමෙකුගේ ශීලය සියල්ලෙන් සියල්ල නො බිඳී පවතින්නේ නම් ඔහුගේ සීලය අඛණ්ඩ, අෂිදු, අශබල, අකල්මාස වූවාහූ වෙත්, තව ද ඒ මේ ශීලයෝ තණ්හා නමැති දාස බවින් මිදුණු හෙයින් භුජිස්සානි බුද්ධාදී උතුමන් විසින් ප්රශස්ත හෙයින් විඤ්ඤූප්පසත්ථානි තණ්හා දිට්ඨි ආදීන් විසින් පරාමර්ශනය නො කළ හෙයින් අසවල් ඇවතට පැමිණියේ යයි. කිසිවකු විසින් චෝදනා කරන්ට නො හැකි බැවින් අපරාමට්ඨා උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පවත්නුයි සමාධි සංවත්තනිකානි සමාධි සංවත්තනිකා යයි කියනු ලැබේ. සීල සාමඤ්ඤගතො විහරති ඒ ඒ පළාත්වල වාසය කරන්නා වූ භික්ෂූන් සමග සමාන බවට පැමිණ සිල් ඇතිව වෙසෙයි. සෝතාපන්න ආදීන්ගේ සීලය මුහුදින් එතෙරද, දෙව්ලොවද වසන අනෙක් සෝතාපන්නාදීන්ගේ ශීලය හා සමාන වෙයි. මාර්ගයෙන් පැමිණි ශීලයෙහි විවිධත්වයක් නැත. ඒ සඳහා කියන ලදි.
යායං දිට්ඨි යනු මාර්ග සම්ප්‍රයුක්ත වූ සම්මා දිට්ඨියයි. අරියා නිදොස් වූ, නික්ම යානුයි. නීය්යානිකා, තක්කරස්ස යමෙක් එසේ කරන්නේද දුක්ඛක්බාය සියලු දුක් ක්ෂය කිරීම පිණිස දිට්ඨිසාමඤ්ඤගතො සමාන දෘෂ්ටි බවට පැමිණියෙක්ව වෙසේ.
අග්ගං ජ්‍යෙෂ්ඨ වුයේ සංගාහිකං සියලු ගොනැස් රැස් කෙරේනුයි සංඝානකිං රැස්කිරිම යන අර්ථයි. යදිදං කූටං යම් මේ කුළුගෙයක කැණිමඬලක් කූටය නම් වේද, යම්හෙයකින් පංච භූමකාදී ප්‍රාසාදයෝ කටයෙන් බඳනා ලද්දාහුම සිටිත්ද. එය වැටුණු කල්හි මැටි ආදී වශයෙන් සියල්ල වැටෙත් ද එහෙයින් මෙසේ කීහ. එවමෙව ඛො කූටය කුළුගෙයට යම්සේද, එපරිද්දෙන් මේ සාරාණීය ධර්මයන්ට කිසියම් ආර්ය දෘෂ්ටියක් වේද, ඒ අග්‍ර වූයේ ද සංග්‍රහ කරන්නේ ද, රැස් කරන්නේ ද වේයයි දතයුතුය.
කථඤ්ච භික්ඛවෙ යායං දිට්ඨි යනු මෙහි මහණෙනි, නිදොස් වූ නෛර්යාණික වූ යම්කිසි සෝවාන් මාර්ග දෘෂ්ටියක් එසේ භාවිත කරන්නහුගේ දුක් ක්ෂය වීමට පමුණුවන්නේ ය. ඕ කෙසේ පමුණුවන්නේද, කවර කාරණයකින් පමුණුවන්නේ ද යන අර්ථයි. පරියුට්ඨි ත චිත්තො ච හොති, මෙතෙකිනුදු මඩනා ලද සිත් ඇත්තේ මෙනම් වේ යන තේරුමයි. සෑම තන්හිම මේ ක්‍රමයයි. සුප්පණිහිතං මෙ මානසං මගේ සිත මනාකොට තබන ලද, සච්චානං බොධයා සතර සත්‍යයන් ගේ අවබෝධය පිණිස අරියං යනාදියෙහි ඤාණය යම්හෙයකින් ආර්යයන්ට වේද, පෘථග්ජනයන්ට නොවේද, එහෙයින් අරිය යයි කියනු ලැබේ. යම් කෙනෙකුට ලොව්තුරු දහම් ඇත්ද, ඔවුන්ටම වේ. අන්‍යයන්ට නොවේ. එහෙයින් ලොකුත්තරං යයි කියන ලදී. පෘථග්ජනයන්ට නැති හෙයින් අසාධාරණං ප්රමුජ්ජනෙ යන්න කියන ලදී. සියලු වාරයන්හි මේ ක්‍රමයමයි.
ලභාමි පච්චත්තං සමථං තමන්ගේ සිතෙහි සමථය ලබමියි යන අර්ථයි. නිබ්බුතියෙහි ද මේ ක්‍රමයමයි. මෙහි සමථො යනු එකඟ බවයි. නිබ්බුතී යනු කෙලෙස් සංසිඳීමයි.
තථාරූපාය දිට්ඨියා මෙබඳු වූ සෝවාන් මා දැක්මෙන්,
ධම්ම තායා ස්වභාවයෙන් ධම්මතා එසා මේ ස්වභාවයමැයි. මුට්ඨානං පඤ්ඤායති සංඝකර්ම වශයෙන් හෝ දේශනාවෙන් හෝ නැගී සිටීම දක්නා ලැබේ. යම්හෙයකින් ආර්ය ශ්රාවකයා ඇවතට අවදනේ ගරුකාපත්තීන් අතුරෙහි කුටිකාර සමාන වූද ලුහු ඇවැත් අතුරෙන් සහසෙය්යාදි වැනි ඇවතකටද පැමිණේද, එය ද නොදැනය. දැන නො පැමිණේ. ඇවත් ඇවත, ඇවැත් දෙසීමෙන් නිදොස් නො කෙරේද, එහෙයින් අථ ඛො නං ඛිප්පමෙව ආදිමාහ යනාදිය වදාළහ.
දහරො තරුණ වූයේ, කුමාරො මහළු නොවූයේ, මන්දො ඇස් කන් ආදීන්ගේ මන්ද භාවයෙන් මන්ද වූයේ, උත්තාන සෙය්‍යකො ඉතා තරුණ බවින් උඩුකුරුව නිදන්නේ දකුණු හෝ වම් ඇලයෙන් නිදන්නට නොහැකි වෙයි. අංගාරං අක්කමිත්වා එහාට මෙහාට දිගුකරන අතින් හෝ පයින් හෝ ස්පර්ශකොට, මෙසේ ස්පර්ශ කරන මිනිසුන්ගේ අත් වහා නො දවයිද, ඇතැම් කෙනෙක් අඟුරු ගෙන පෙරළෙමින් දුරට යති. තරුණයාගේ අත් පා සීතල වෙති. හේ ස්පර්ශ කළ ඇසිල්ලකින්ම දවමින් ‘චිරි’ යයි හඬින් හකුළුවයිද, එහෙයින් මෙහි තරුණයෙක්ම දක්වන ලද, මහල්ලෙක් දවනු ලබන්නේ ඉවසයි. මොහුට ඉවසීමට නො හැක්කේය. එහෙයින්ම තරුණයෙක්වම දක්වන ලදී. දෙසෙති ඇවත පිළිගන්නා සමාන සභාග පුද්ගලයකු ඇති කල්හි එක් දවසක් හෝ රැයක් හෝ නොඉවසා රාත්‍රියෙහි චතුරංග අන්ධකාරයෙහි පවා සභාග භික්ෂුව වසන තැනට ගොස් නැවත දේශනා කෙරේ ම ය.