චූල යමක වර්ගය
සාලෙය්‍යක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං සාලෙය්‍යක සූත්‍රයයි. එහි කොසලෙසු කෝසල නම් ජනපදයේ රාජ කුමාරයා ඔවුගේ පදිංචිය වූ එක් ජනපදයෙක, සමානාර්ථයෙන් කෝසල යයි කියයි. ඒ කෝසල ජනපදයෙහි පැරණි ආචාර්යවරු මෙසේ කීහ. යම්හෙයකින් පෙර මහාපනාද නම් රාජකුමාරයා නොයෙක් විධියේ නළුනිළියන් දැකත්, මදකුත් සිනහ නො වන්නේ යයි අසා රජු මෙසේ කීහ. ‘යම්කිසි කෙනෙකු මගේ පුතා සිනහ ගැන්වීමට සමත් වෙතොත් ඔහු සර්වාලංකාරයෙන් සරසවමි. අලංකාර කරමි.’ ඉක්බිති මහජනයා සිය වගා කිරීම්, කුඹුරු කෙටීම් කර්මාන්ත ආදිය අත්හැර රැස්ව නොයෙක් විධියේ නැටුම් ආදී විවිධ උපා යෙදුවත් හත් අවුරුද්දක් මුළුල්ලේත් ඒ කුමරු සිනා ගන්වන්නට නො හැකි විය. ඉක්බිති සක්දෙවි දිව්‍ය නළුවන් එවීය. ඒ දිව්‍ය නළුවා නාට්‍ය දක්වා සිනහ ගැන්වීය. එකල්හි මිනිස්සු තම තමන්ගේ නිවාසස්ථානවලට ගියාහුය. ඔව්හූ සමුවන සමුවන මිතුරන් දැක ‘කිම සුවදැයි’ ඇසූහ. එහෙයින් ඒ කුසලය කුසලය යන වචනය ගෙන ඒ ප්‍රදේශය කෝසල නම් වීය.
චාරිකං චරමානො අතුරිත චාරිකාවෙහි හැසිරෙන සේක්, මහතා භිකඛු සංඝෙන සද්ධිං සියයක් හෝ දහසක් හෝ ලක්‍ෂයක් දැයි මෙසේ පිරිසිඳීම් රහිත භික්‍ෂු සංඝයා සමග, බ්‍රාහ්මණගාමො බමුණන් සමූහ වශයෙන් හැසිරෙන පෙදෙස බමුණුගම නමින් හැඳින්වේ. ඒ බමුණන්ගේ ගොදුරුගම, තදවසරි ඒ ගමට ඇතුල්විය. පැමිණියහ යන අර්ථයි. මෙහි විහාරයක් නියම කර නැත. එහෙයින් එයට නුදුරු බුදුනට ගැලපෙන සුදුසු වූ එක් වනලැහැබක් යයි ගතයුතුය. ශාස්තෲන් වහන්සේ ඒ වනලැහැබට වැඩි සේකැයි දතයුතුය.
අස්සොසුං ඇසූහ. ලැබූහ. ශ්‍රෝතද්වාරයට පැමිණි වචනයේ ශබ්දානුසාරයෙන් දැනගත්හ. ඛො යනු අවධාරණාර්ථයෙහි, පද පූරණයෙහි නිපාතය එහි අවධාරණාර්ථයෙන් ‘ඇසුවාහුමය’ ඔවුන්ට කිසි ශ්‍රවණාන්තරායෙක් නො වීය. මේ අර්ථය දතයුතුය. පද පූරණයේ බ්‍යඤ්ජනයාගේ සිලුටු බව පමණක්මැයි.
මෙවිට යම් කරුණක් ඇසුවාහුද, එය ප්‍රකාශ කරන්ට සමණෙ ඛලු භො ගොතමො ආදිය කියන ලදී. එහි සන්සිඳුවන ලද පව් ඇත්තේනුයි සමණ නමි. ඛලූ අනුශ්‍රවණ අර්ථයෙහි නිපාතයි. භො යනු ඔවුනොවුන් ඇමතීම් මාත්‍රයෙකි. ගොතමො යනු භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර වශයෙන් ඇමතීමයි. එහෙයින් සමණෙ ඛලු භො ගොතමො යන මෙහි පින්වත ශ්‍රමණයෝ ගෞතම ගෝත්‍ර ඇත්තාහු. මෙසේ අර්ථ දතයුතුයි. සක්‍යකුලො පබ්බජිතො යනු සැදැහැයෙන් පැවිදි වූයේ යන අර්ථයි. කිසිදු පිරිහීමකින් නො මඩනා ලද, ක්‍ෂය නොවූ ඒ කුලය හැර, ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ ය යන අර්ථයි. එයින් මත්තෙහි කියන ලද අරුත් ඇත්තේම ය.
තං ඛොපනා යනු මෙය මෙසේ වූයේය යන අර්ථයේ කර්මවචනයි. ඒ භවත් ගෞතමයන්ගේ යන අර්ථයි. කල්‍යාණො යහපත් ගුණයෙන් සමන්විත වූ, ශ්‍රේෂ්ඨ යයි කියන ලදී. කිත්තිසද්දො කීර්තියමයි, ස්තුති ඝෝෂාවයි. අබ්භුග්ගතො දෙවියන් සහිත ලොව යටකරගෙන උඩට නැංගේ. කුමක්ද, ඉතිපි සො භගවා -පෙ- බුද්ධො භගවා
මේ එහි පද සම්බන්ධයයි. ‘සො භගවා ඉතිපි’ ‘අරහං’ ඉතිපි සම්මා සම්බුද්ධො -පෙ ඉතිරි, භගවා’ මේ මේ කරුණු සඳහා කියන ලදී. එහි පළමුකොට කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින්, සතුරන් ද දැවි ද නැසූ හෙයින් ය. ප්‍රත්‍යයාදීන්ට සුදුසු වූ හෙයින් ය. පව් කිරීමෙහි රහස් නැති හෙයින්ය. මේ කාරණයන්ගෙන් ඒ භගවත්හු අරහ නම් වන්නේ ය. යනාදී ක්‍රමයෙන් මාතෘකාවට අනුව මේ සියලු පද විශුද්ධි මාර්ගයෙහි බුද්ධානුස්සති නිර්දේශයේ විස්තර කරන ලදී. එහෙයින් ඒ පදයන්ගේ විස්තර දතයුතු.
සාධු ඛො පන සුන්දරය. අර්ථ එළවන්නේ ය. සුව එළවන්නේ ය. කිය යුතුය. තථාරූපානං අරහතං ඒ ගෞතම බුදුරදු යම්බඳු ද, එබඳු වූ නොයෙක් කප් කෙළ දහසකිනුදු දුර්ලභ වූ දර්ශන ඇති, ව්‍යාම ප්‍රභාවෙන්, බඹයක් හරහා විහිදෙන රැස් වළල්ලෙන් යුක්ත වූ, අසූ අනූ ව්‍යඤ්ජන නමැති රත්නයෙන් සැදුම් ලත් උතුම් වූ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයෙන් හෙබි මනහර ශරීර ඇති, දැක, බලා, ඇතිවීමක් නැති දර්ශන ඇති, ඉතා මිහිරි වූ ධර්ම ඝෝෂා ඇති, විද්‍යමාන වූ ගුණයන්ට පැමිණීමෙන් ලෝකයේ ‘අරහන්තා’ නමින් හඳුන්වන රහතුන් ගේ දස්සනං හොති ප්‍රසාදයෙන් සෞම්‍ය වූ, දෙනෙත් උන්මීලනය කොට දැකීම් මාත්‍රයකු යහපත්ම වේ. ඉදින් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරයෙන් ධර්මය දේශනා කරන්නේ එක පදයක් හෝ අසන්නට, ලැබෙත් නම් එය යහපත් වන්නේ යයි මෙසේ අදහසක් ප්‍රාර්ථනයක් කොට,
යෙන භගවා තෙනුපසංකමිංසු සියලු කටයුතු හැරදමා ප්‍රසාදයට පත් වූ සිතින් පැමිණියාහුය. එතදවොචුං ප්‍රශ්නය දෙවදෑරුම්ය. අගාරිය ප්‍රශ්නය ද අනගාරිය ප්‍රශ්නය ද වේ. ‘කිං භන්තෙ කුසලං කිං අකුසලං’ යනු විසින් අගාරිය ප්‍රශ්නය ආයේය. ‘ඉමෙ නු ඛො භන්තෙ පඤ්චුපාදානක්ඛන්‍ධා’ මේ නයින් අනගාරිය ප්‍රශ්නය ආයේය. මොව්හූ වූ කලි තමහට අනුරූප වූ අගාරිය පෘච්ඡාව විචාරන්නාහු එතං කොනු ඛො භො ගොතම හෙතු, කො පච්චයො ආදි වචන කීහු.
භාග්‍යවතුන් වහන්සේ ඔවුනට යම් සේ සලකන්නට නො හැකි වෙත්ද, මෙසේ සැකෙවින් පළමුකොට ප්‍රශ්නය විසඳන සේක්, අධම්මචරියා විසමචරියා හෙතු ඛො ගහපතයො ආදිය වදාළහ. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ යම්සේ නො සැලකිය හැකි වෙත්නම් එය විසඳූ සේක් ද, ඔහු යම්හෙයකින් අප පණ්ඩිතයම්හයි මාන ඇත්තාහු වෙත්ද, පළමුව මාතෘකාව තබා යම්සේ සැලකිය හැකි වෙත් ද, එසේ අර්ථය විස්තර කරද්දී දේශනාව නො ගැඹුරු යයි සිතමින් අවමන් කෙරේද, අපිත් කියන්නෙමු නම් මෙසේ කියන්නෝ වෙමු කියන්නාහු වෙත්ද එහෙයිනි. එහෙයින් ඔවුන්ට පළමුව සලකන්නට නො හැකි වේද, ඒ සඳහා මෙසේ සංක්‍ෂේපයෙන් ප්‍රශ්නය විසඳූහ.
ඉක්බිති සලකන්නට තේරුම් ගන්නට, නො හැකි වන්නේ ම විස්තර වශයෙන් දේශනා කරන ලෙස ඉල්ලා සිටින්නේ අයැද සිටින්නේ, සවිස්තරව දේශනා කිරීම පිණිස, තෙනහි ගහපතයො ආදිය කීහ. එහි තෙනහි යනු කරණාර්ථයෙහි නිපාතයි. යම්හෙයකින් තෙපි මා යාඥා කරවුද, එහෙයින් යන අර්ථයි.