විමංසක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං වීමංසක සූත්රයයි. එහි වීමංසකෙන යනු වීමංසකයෝ තිදෙනෙක් වෙති. අර්ථ වීමංසක, සංස්කාර වීමංසක, ශාස්තෲ වීමංසක යනුවෙනි. ඔවුනතුරෙන් පණ්ඩිතා හාවුසො මනුස්සා වීමංසකා යන මෙහි අර්ථ වීමංසක දැක්වෙයි. යතො ඛො ආනන්ද භික්ඛු ධාතු කුසලො ච හොති ආයතන කුසලො ච හොති, එත්තාවතා ඛො ආනන්ද පණ්ඩිතො භික්ඛු වීමංසකො ති අලං වචනාය යන මෙහි සංස්කාර වීමංසක ආයේය.
මේ සූත්රයෙහි ශාස්තෲ වීමංසක අදහස් කර ඇත්තේ ය. චෙතො පරියාය චිත්ත පරිච්ඡේදය. සමන්නෙසනා සෙවීම හාත්පසින් සෙවීම, පරීක්ෂා කිරීම, ඉති විඤ්ඤාණය මෙසේ දැන ගැනීම පිණිස,
ද්වීසු ධම්මෙසු තථාගතො සමන්නෙසිතබ්බො මෙහි කල්යාණ මිත්රයාගේ උපනිශ්රය දක්වන සේක. මේ කල්යාණ මිත්ර සේවනය ආශ්රය නම් මහත්ය. ඔහුගේ මහත් බව මෙසේ දතයුතු. එක් අවස්ථාවෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බ්රහ්ම චරියාවෙන් භාගයක් තමන්ගේ ආනුභාවයෙන් වෙයි. භාගයක් කල්යාණ මිත්ර ආනුභාවයෙන් වෙත්යයි සිතා තමන්ගේ නුවණින් නිශ්චය කරන්නට නො හැකිව භාග්යවතුන් වහන්සේ වෙත එළඹ විචාළේය - ස්වාමීනි, යම් මේ කල්යාණ මිත්රයන් ඇති බවක් වේද කල්යාණ සහායයන් ඇති බවක් වේද, කල්යාණ මිත්රයන් කෙරෙහි නැමුණු බවක් වේද, මෙය මාර්ග බ්රහ්මචරියාවේ අර්ධයකැයි
භාග්යවතුන් වහන්සේ වදාළහ - ආනන්ද එසේ නො කියව, ආනන්ද එසේ නොකියව, ආනන්ද යම් මේ කල්යාණ මිත්රයන් ඇති බවක්, කල්යාණ සහායයන් ඇති බවක්, කල්යාණ මිත්රයන් කෙරෙහි නැමුණු බවක් වේද මෙය සියලුම මාර්ග බ්රහ්මචරියාව වෙයි. ආනන්ද කල්යාණ මිත්රයන් ඇති කල්යාණ සහායයන් ඇති, කල්යාණ මිත්රයන් කෙරෙහි නැමුණු මහණ හට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල කරන්නේ ය යන යමක් ඇද්ද, මෙය කැමති විය යුතුයි. ආනන්ද, මහණතෙම කල්යාණ මිත්රයන් ඇතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ වඩන්නේ ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ බහුල කරන්නේද, ආනන්ද මේ ශාසනයේ භික්ෂුව සම්යක් දෘෂ්ටිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ සම්යක් සමාධිය වඩයි. -පෙ- ආනන්ද මෙසේ භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ -පෙ- ආනන්ද යම් කලණ මිතුරන් ඇති බවත්, කලණ යහළුවන් ඇති බවත්, කළණ මිතුරන් කෙරෙහි නැමුණු බවත්, වේද යමසේ සියලු බඹසර වේද, මේ කරුණ මතු දක්වන ක්රමයෙන් දතයුතු. ආනන්ද කලණ මිතුරා මා කරා පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ජාතියෙන් මිදෙති. ජරාව ස්වභාවකොට ඇති සත්ත්වයෝ -පෙ- ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස, ස්වභාව කොට ඇති සත්ත්වයෝ ශෝක පරිදේව දුක් දෝමනස්සයන්ගෙන් මිදේ.
භික්ෂූන්ට බාහිරංග සමාපත්තිය වදාරමින් මෙසේ වදාළහ. ‘මහණෙනි, යම් කරුණක් මෙසේ මහත් වූ අර්ථය පිණිස පවතීද මහණෙනි, මේ කල්යාණ මිත්රයන් ඇති බව යම්සේද, එබඳු වූ බාහිර අංගය කොට අන් එක ද කරුණක් එම නො දක්මි. මහණෙනි, කල්යාණ මිත්රයන් ඇති බව මහත් අර්ථය පිණිස පවත්නේම ය. මහා චුන්ද තෙරුන්ට කෙලෙස් ලිහා දමන පිළිවෙත වදාරන්නාහු අන්යයෝ පාපමිත්රයන් ඇත්තෝ වෙති. අපි මෙහි දී කල්යාණ මිත්රයන් ඇත්තෝ වෙමු යි සැලකිය යුතුය.
මේඝිය තෙරුන්ට විමුක්තිය මුහුකුරුවන ධර්මයන් වදාරන්නාහූ මේඝිය, මුහුකුරා නොගිය චිත්ත විමුත්තිහුගේ මේරීම පිණිස ධර්මයෝ පස්දෙනෙක් හේතු වේ. කවර පස් දෙනෙක් ද මේ ශාසනයෙහි භික්ෂුව කල්යාණ මිත්රයන් ඇත්තේ වෙයි. කල්යාණමිත්ර ආශ්රයම විශේෂයි. පිය පුත් රාහුල තෙරුන්ට නිතර අවවාද දෙන සේක් -
කල්යාණ මිත්රයන් සේවනය කරව, ජනාකීර්ණ නොවූ ජනයාගේ සෝෂා රහිත වූ, වනයෙහි ඉතා දුර වූ, සෙනසුන සේවනය කරව, භෝජනයෙහි පමණ දැනගනුව.
චීවරයෙහි ද පිණ්ඩපාතයෙහි ද ගිලාන ප්රත්යයෙහි ද සේනාසනයෙහිද යන සිවුපසයෙහි තණ්හාව නො කරව. මේ ලෝකයට ප්රතිසන්ධි වශයෙන් නැවත නො පැමිණෙව.
කල්යාණ මිත්රයන්ගේ උපනිශ්රයම සියල්ලට පෙර වදාළහ.
මෙසේ කල්යාණ මිත්රයන්ගේ ආශ්රය නම් මහත් වේ. මෙහිද එය දක්වන භාග්යවතුන් වහන්සේ ද්වීසු ධම්මෙසු තථාගතො සමන්තෙසි තබ්බො ආදී වශයෙන් දේශනාව ආරම්භ කළ සේක. නුවණැති භික්ෂුව ධර්ම දෙකක් සඳහා තථාගතයන් සොයාවා පරීක්ෂා කෙරේවා.
භාග්යවතුන් වහන්සේ මේ මගින්, මෙතෙම මහා ජාති ඇත්තෙකැයි හෝ මනා රූප ඇති දැකීමට සුදුස්සෙකැයි හෝ ප්රසිද්ධ වූවෙක අභිලක්ෂිතයෙකැයි හෝ මොහු නිසා මම චීවරාදී සිව්පසය ලබන්නෙමැයි හෝ මෙසේ සිතා ඇසුරු කිරීමෙන් වැඩක් නැත. මෙතෙම මට ශාස්තෲවැ ශාස්තෲ කෘත්යය සිදු කරන්නට පොහොසත්දැයි හෙතෙම මා සේවනය කෙරේවයි සිංහනාද කළ සේක. මේ සූත්රය බුද්ධ සිංහනාද වීල.
දැන් ඒ ධර්මයන් දෙදෙනා දක්වන්නේ චක්ඛු සොත විඤ්ඤෙය්යුං යන්න වදාළහ. එහි ශාස්තෲන්ගේ කායික සමාචාර්ය විමසන්නහුගේ චක්ෂුර් විඥානයෙන් දතයුතු ධර්මය නම් වාචසික සමාචාරය. ශ්රොත විඤ්ඤාණයන්ගෙන් දතයුතු ධර්මය නමි. දැන් ඒ ධර්මය විමසිය යුතු ආකාරය දක්වන සේක්, යෙ සංකිලිට්ඨා යනාදිය වදාළහ. එහි සංකිලිට්ඨා කෙලෙසුන්ගෙන් යුක්ත වූවාහු ඔව්හූ චක්ඛු සෝත විඤ්ඤාණයන්ගෙන් දතයුතු නොවේ. යම්සේ දිය සැලෙන කල්හි හෝ බුබුළු නැගෙන කල්හි ඇතුළත මත්ස්යයෝ ඇතැයි හැඟේ ද, එපරිද්දෙන් ප්රාණඝාතාදිය කරන්නහුගේ, බොරු කියන්නහුගේ, කාය වාග් සමාචාරයක් ඇත්තේද, දැක්කේද ඇසුයේද, එය උපදවන සිත කිලිටු වේ යයි දනී. කිලුටු සිත් ඇත්තහුගේ කාය වාක් සමාචාරයෝ ද කිලුටු වූවාහුමය. නතෙ තථාගතස්ස සංවිජ්ජන්ති ඒ සමාචාරයෝ තථාගතයන්ගේ නැත. නො ලබති. මෙසේ ඇනගනී යන අර්ථයි. නැතිහෙයින් එය නොලබති. මෙසේ දැනගනී යන අර්ථයි.
නැති හෙයින් ම නො ලබති. ප්රතිච්ඡන්න වූ නිසා නොවේ. භාග්යවතුන් වහන්සේ එක් දවසක් මේ ධර්මයන් කෙරෙහි භික්ෂු සංඝයා පවරමින් මෙසේ වදාළහ. හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො නච මෙ කිඤ්චි ගරහථ කායිකං වා වාචසිකං වා, මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් හුන් අසුනෙන් නැගී සිට සඟල සිවුර ඒකාංශ කොට භාග්යවතුන් වහන්සේ යම් දිසාවක වැඩසිටීද, ඒ දිසාවට ඇඳිලි බැඳ වැඳගෙන භාග්යවතුන්ට මෙසේ කීහ. ස්වාමීනි, අපි භාග්යවතුන් වහන්සේගේ කායික හෝ වාචසික හෝ කිසිදු සමාචාරයක් නො ගරහමු. ස්වාමීනි, යම්හෙයකින් භාග්යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නේ ය. ජනිත නොකළ මාර්ගය ජනනය කරවන්නේ ය. ප්රකාශ නොකළ මාර්ගය ප්රකාශ කරන්නේ ය. මාර්ගය විශේෂයෙන් දන්නෝ ය. මාර්ගයෙහි දක්ෂයහ. තව ද ස්වාමීනි, මෙකල මාර්ගය අනුව යන්නා වූද, පසුව යෙදුනා වූද ශ්රාවකයෝ වාසය කරති. මෙසේ තථාගතයන්ගේ කාය වාග් සමාචාර පිරිසිදු වූවාහුමය.
උත්තර මානවක තෙමේත් තථාගතයන්ගේ කාය වාග් සමාචාරයේ සිත් නොගන්නා කිසිවක් දක්නෙම්, සත්මසක් මුළුල්ලෙහි ලුහුබැඳ අල්ප මාත්රයකුත් නො දැක්කහ. මනුෂ්ය වූ හෝ මෙ තෙමේ බුදුබවට පැමිණියහුගේ කාය වාග් ද්වාරයන්හි සිත් නොගන්නා කුමක් දකින්නේද, මාරදෙව් පුත් ද බෝසතුන්ගේ මහාභිනිෂ්ක්රමණයේ සිට සයවසක් විමසමින් සිත් නොගන්නා කිසිවක්, යටත්පිරිසෙයින් හිතේ විතර්ක මාත්රයකුදු නොදැක්කහ. මාරයා මෙසේ සිතීල. ඉදින් මොහු විතර්ක කළ පමණකුදු, අකුශලයක් දක්නෙම් නම්, ඒ විගසම එහිදීම ඔහුගේ මුදුනට පහර දී යන්නෙමි. හෙතෙම අවුරුදු හයක්ම නො දැක බුදුවීමෙන් පසුව එක් අවුරුද්දක් ලුහුබැඳ කිසි වරදක් විතර්කයක් නො දක්නේ, ආපසු යනවිට වැඳ -