මහාධම්මසමාදාන සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මහා ධම්ම සමාදාන සුත්‍රයයි. එවං කාමා මෙසේ ආශා ඇති එවං ජන්‍දා මෙසේ අදහස් ඇති. එවං අධිප්පායා මෙබඳු ලබ්ධි ඇති. තත්‍ර ඒ අනිෂ්ටයන් මැඩීමෙහි ද, ඉෂ්ටයන් පිරිහීමෙහි ද, භගවංමූලකා භාග්‍යවතුන් මුල්වූයේ මොවුන්ටය යන තේරුමෙන් ‘භගවං මූලකා’ යනු කියන ලදී. ස්වාමීනි, මේ ධර්මයෝ අපට කස්සප සම්මා සම්බුදුන් විසින් උපදවන ලදී. ඒ සම්බුදුන් පිරිනිවි කල්හි එක් බුද්ධාන්තරයක් වෙනත් මහණෙක් හෝ බමුණෙක් මේ ධර්ම උපදවන්නට සමත් වූයේ නැත. යළි භාග්‍යවතුන් වහන්සේ විසින් අපට මේ ධර්ම උපදවන ලදී. භාග්‍යවතුන් නිසාම අපි මේ ධර්මයන් දැන ගන්නෙමු. පිළිපදින්නෙමු. මෙසේ අපේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භගවං නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේම ධර්මයන්ට විනේතෘය. නායකය. අනුනෙතං අනුනායකයහ. යථා ස්වභාවයෙන් මේ ධර්ම වෙන වෙනම නම් ගෙන දක්වන නිසාම ධර්මය භවතුන් නේතෘ කොට ඇත්තාහු වෙති. භගවං පටිසරණං චාතුර්භූමක ධර්මයෝ සර්වඥතා ඥානයෙන් මිහි කිරීම් බවට පැමිණෙන්නාහු භාග්‍යවතුන් කෙරෙහිම රැස්වෙත්. එහෙයින්ම භාග්‍යවතුන් පිළිසරණ කොට ඇත්තාහු වෙති. පටිසරන්ති බැසගනිත්. රැස්වෙත්. තව ද මහ බෝමැඩ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. භාග්‍යවතුන් වහන්ස, ‘මම කියම්ද,’ ඔබ ‘ස්පර්ශ’ කිරීම් අර්ථයෙන් ‘ඵස්ස’ නමි. වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන මොහු පැමිණෙති. භාග්‍යවතුන් වහන්ස මම කිනම්ද, ඔබ විජානන අර්ථයේ ‘විඤ්ඤාණ’ නම් වෙයි. මෙසේ චාතුර්භූමක ධර්මයන්ට යථා පරිද්දෙන්, වෙන වෙනම නම් ගන්නා වූ, භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රැස්කෙරෙන අර්ථයෙන් ද, භාග්‍යවතුන් පිළිසරණ කොට ඇත්තාහ. භගවන්තං යෙව අධිභාතු භාග්‍යවතුන් වහන්සේටම මේ වචනයන්හි අරුත් වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ අපට කියා දේවා.
සෙවිතබ්බෙ ඇසුරු කටයුතු ධර්මයන්, භජිතබ්බෙ එළඹිය යුතු ධර්මයන්, යථා තං අවිද්දසුනො අපණ්ඩිත වූ බාල වූ අන්ධ පෘථග්ජනයකුට යම් සේ, යථා තං විදස්සුනො නුවණැති ප්‍රඥාව ඇති පණ්ඩිතයකුට යම් සේද එසේ,
අත්‍ථි භික්ඛවෙ ධම්ම සමාදානං පළමු සුත්‍රයෙහි දක්වන ලද පරිද්දෙන් මාතෘකාව තබන ලදී. මෙහි වනාහි ශාස්තෲන් වහන්සේ ගේ ධර්ම රසය වූ පරිද්දෙන් ම මාතෘකාව තබන ලදී. එහි ධම්ම සමාදානං යනු පාණාතිපාද ආදී ධර්මයන්ගේ ගැනීමයි.
අවිජ්ජාගතො අවිද්‍යාවෙන් සමන්විත වූයේ
විජ්ජාගතො විද්‍යාවෙන් සමන්විත වූයේ ප්‍රඥාවත් වූයේ.
සභාපි දුක්ඛෙන යන මෙහි මිථ්‍යාචාරය, අභිධ්‍යාව, මිථ්‍යා දෘෂ්ටිය යන මේ තිදෙන වනාහී පූර්ව සිතිවිල්ලේ ද, අපර සිතිවිල්ලේ ද යන චේතනාවන් දෙක්හිම, දුක්වේදනා ඇත්තාහු වෙති. නැවත සන්නිට්ඨාපන චේතනාව සුව සහගත වූයේ, උපේක්‍ෂා සහගත වූයේ හෝ වෙයි. සෙසු ප්‍රාණඝාත ආදී සත් දෙන වූ චේතනාවන්ම දුක් වේදනා වේ. සභාපි දුක්ඛො - සභාපි දොමනස්සෙන යන්න මේ සඳහා කියන ලදී. මෙහි දෝමනස්සයම දුක යයි දතයුතු. සෙවීමට හෝ පැමිණෙන්නහුට පූර්වභාග අපරභාග, කායික දුක් ලැබේමයි.
සභාපි සුඛෙන යනු මෙහි ප්‍රාණඝාත, ඵරුෂ වචන, ව්‍යාපාදය යන මේ තිදෙන පූර්වචේනා අපර චේතනා යන චේතනා දෙකේදීම සැප වේදනා ඇත්තාහු වෙති. සන්නිට්ඨාපක චේතනාව වනාහි දුක් සහගත වූයේය. සෙසු සත්දෙන තුන් චේතනාවන්ගේම වශයෙන් සැප වේදනා ඇත්තාහු වෙති. සභාපි සොමනස්සෙන මෙහි සොම්නසම සැප යයි දතයුතුය. බ්‍රහ්ම ස්පර්ශයෙන් යුක්ත වූවහුගේ පූර්වභාග අපරභාගයන්හි කායික සුවය වටී.
තුන්වන ධර්ම සමාදානයෙහි මෙලොව කිසිවෙක් ධීවරයෙක් හෝ මුව වැද්දෙක් හෝ වෙයි. ප්‍රාණඝාතය නිසාම ජීවිකාව කරයි. ගරුතැනෙහි සිටි ශ්‍රමණයෙක් අකමැති වූම ඔහුට ප්‍රාණඝාතයේ ආදීනව ද ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ආනිසංස ද කියා සිල් සමාදන් කරවයි. හෙතෙම සිල් ගන්නේම දුකින් දොම්නසින් සිල් ගනියි. පසුව කීපදිනක් ඉක්මවීමෛන් රකින්නට නො හැකි වෙයි. ඔහුගේ පූර්වාපර චේතනා දුක් සහිතම වේ. සන්නිට්ඨාපක චේතනාව සුව සහගත වේ. නැතිනම් උපේක්‍ෂා සහගත වේ. මෙසේ සියලු තන්හි අරුත් දතයුතුයි. පූර්වභාග - අපරභාග චේතනාවන් සඳහා මෙය කියන ලදී. සභාපි දුක්ඛෙන සභාපි දොමනස්සෙන යනු දොම්නසම දුකයයි දතයුතු.