චූළධම්මසමාදාන සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු චුල්ල ධම්ම සමාදාන සූත්රයයි. එහි ධම්මසමාදානා යන ධර්මයයි ගන්නා ලද ග්රහණයෝ ලබ්ධි පච්චුප්පන්නාසුඛං වර්තමානයෙහි සුව වූ, රැස්කරන අවධියේ සුව වූ, සුවසේ පුරන්නට හැකි, ආයතිං දුක්ඛ විපාකං විපාක දෙන කාලයෙහි දුක් වූ දුක් විපාක වූ, මේ ක්රමයෙන් සියලු පදයන්හි අර්ථ දතයුතු.
නත්ථි කාමෙසු දොසො වස්තු කාමයන්හි ද ක්ලේශ කාමයන්හි ද දොසක් නැති. පාතව්යංතං ආපජ්ජන්ති ඔව්හූ වස්තුකාම ක්ලේශ කාමයෙන් පියයුතු බවට කැමති සේ වැළඳිය යුතු බවට පැමිණෙත් යන අර්ථයි. මොලි බද්ධාහි ඔටුන්න මෙන් උඩට බඳින ලද කේශ කලාප ඇති තාපස පරිබ්රාජිකාවන් සමග එවමාහංසු මෙසේ කියත්. පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති ප්රහාණය ඉක්මවීම පනවති.
මාලුවා - සිපාටිකා දික් සටහන් ඇති මාලුවා කරලක් ඵලෙය්ය අව්වෙන් වියලී පැලෙන්නේ ය. සාලමූලෙ සල්රුක සමීපයෙහි, සන්තාසං ආපජ්ජෙය්ය යනු කුමක් හෙයින් පැමිණේ ද යත්, විමානය නැසෙන බියෙනි. රුක්මුල වැටුණු මාලුවා ඇටයෙන් වැලක් පැළ වී රුකට නගී. මහත් වූ ද බොහෝ වූ ද කොල ඇත්තේ කොබෝලීල කොල වැනි කොලවලින් යුක්ත වූයේ වෙයි. අනතුරුව ඒ ගස මුල පටන් බඳිමින් සියලු වෙළෙප් වසා මහත් වූ බරක් උපදවයි. සුළං හමන විට හෝ වැසි වසිනවිට යටට බර උපදවා ඒ ගසේ අතු බිඳී බිමට වැටේ. ඉක්බිතිව ඒ ගසෙහි පිහිටි විමන බිඳෙයි. වැනසෙයි. මෙසේ දේවතා විමානය වැනසේය යන බියෙන් තැති ගැනීමට පත්වෙයි.
ආරාම දෙවතා ඒ ඒ තැන පුෂ්පාරාම, ඵලාරාමයන්ට අධිපති දේවතාවෝ වන දෙවතා අන්ධවන සුභග වනයන්ට අධිගෘහිත දේවතාවෝ රුක්ඛ දෙවතා පූජ්යත්වයෙන් සලකනු ලබන නළෙරු පුචිමන්ද ආදී වූ වෘක්ෂයන්හි අධිපතිව වසන දේවතාවෝ ඔසධී තිණ වනස්පතීසූ අරළු නෙල්ලි ආදී බෙහෙත් වර්ගයන්හි ද, තල් පොල් ආදී ගස්වල ද වන දෙටුව වනස්පතී වෘක්ෂයන්හි වසන දේවතාවෝ ද, වන කම්මිකා වනයෙහි සී සෑම, ගොයම් කිරීම, දර ගෙන ඒම, ගෙරින් රැකීම ආදී කටයුතු කරමින් හැසිරෙන මිනිස්සු උද්රභෙය්යුං කන්නාහුය. විලම්බිනී යනු සුළඟින් පහල තැන්හි ක්රීඩා කරන්නහුගේ මෙන් එල්බෙන්නී, සුඛො ඉමිස්සා යනු මෙබඳු වූ මාලුවා වැලේ ස්පර්ශය ද, සුවඳ ද මාගේ දරුවන්ට අවන් මඩලක් වන්නේ ය. ක්රීඩා භූමියක් වන්නේ ය. මා විසින් දෙවෙනි විමනක් ලදැයි හටගත් සතුටින් යුතුව මෙසේ කීය.
විටපිං කරෙය්ය අතු උඩට වටේට කුඩයක් මෙන් සිටින්නේ ය. ඔඝනං ජනෙය්ය යටට යන බව උපදවන්නේ ය. උඩට නැගී මුළුගස හාත්පසින් වෙලා යළි යටට බස්නේ පොළව ගන්නේ ය. පදා ලෙය්ය මෙසේ යටට යන බව උපදවා, එතැන් පටන් මුල දක්වා බැසගත් අතුවලින් උඩට නගිමින් සියලු අතු වෙළමින් මුදුනට පැමිණ, නැවත ඒ ක්රමයෙන් ම බසී ද නගී ද, සියලු රුක වසා සියලු අතු යට කොට තමන් මතුයෙහි සිට සුළං හමන කල්හි වැසි වසින කල්හි පලන්නේ ය. බිඳින්නේ ය. කණු පමණක්ම සිටින්නේ ය. එහි යම් ශාඛාවක විමානයක් වේද, ඒ අතු බිඳෙන කල්හි ඒ ඒ තැනම බිඳී. සියලු අතු බිඳුණු කල්හි මුළු ගසම බිඳෙයි. රුකෙහි තිබූ විමානය වනාහි යම් ගසේ මුල පමණක් ඉතිරි වේද, ඒ තාක් විමානය පවතී. යම්හෙයකින් මේ විමන අත්තක පැවතියේ ද, සියලු අතු බිඳෙන කල්හි විමානය ද බිඳුනේ ය. දෙවියා දරුවන් ද ගෙන කණුවෙහි සිට හඬන්ට පටන් ගත්තේ ය.
තිබ්බරාග ජාතිකො බහුල වූ රාග ස්වභාව ඇති රාගජං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති තියුණු රාග ස්වභාව ඇති බැවින් දුටු දුටු අරමුණුවල නිමිති ගනී. ආචාර්ය උපාධ්යායයෝ ඔහුට දඬුවම් නියම කරති. හෙතෙම නිරතුරු දඬුවම් කරන්නේ දුක් දොම්නස් විදී. ව්යතික්රමණය නො කෙරෙයි. තියුණු ද්වේෂ ස්වභාව ඇති බැවින් මද පමණකින් කිපෙයි. තරුණ සාමණේරයන් සමග අත පය දිගහරිමින් කථා කරයි. හෙතෙමේ ද දඬුවම් හේතුවෙන් දුක් දොම්නස් විඳී. [missing trans]
න තිබ්බරාග ජාතිකො යනාදී කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුතුය. කුමක් හෙයින් මෙහි කිසිවෙක් තියුණු රාග ස්වභාව ඇත්තේ වේද, කිසිවෙක් තියුණු රාග ස්වභාව නැත්තේ වේද, කර්ම නියමයෙහි, යමෙකුට කර්මය රැස්කරන වේලේ ලෝභය බලවත් වේද, අලෝභය මද වේද අද්වේෂ, අමෝහයෝ බලවත් වේ ද, ද්වේෂ මෝහයෝ මද වේද, ඔහුගේ මද වූ අලෝභය ලෝභය යටපත් කරන්නට නුපුළුවන් වෙයි. යම් හෙයකින් අද්වේෂ අමෝහ බලවත් වූ විට ද්වේෂ මෝහයන් යටපත් කරන්නට හැකි වෙත්ද, එහෙයින් හෙතෙම ඒ කර්මයෙන් දුන් ප්රතිසන්ධි වශයෙන් උපන්නේ ලෝභී වූයේ සැප විඳිනසුලු වූයේ ක්රෝධ නොකරන්නේ ප්රඥා ඇත්තේ වජ්රොපම ඤාණය ඇත්තේ වෙයි.