සම්මා දිට්ඨියා උපාදාය විදර්ශනා සම්යග් දෘෂ්ටියේද, මාර්ග සම්යග් දෘෂ්ටියේ ද, පරතො ඝොසො සත්ප්රාය වූ සැප වූ, ධර්මශ්රවණය. යොනිසොච මනසිකාරො තමන්ගේ උපාය මනසිකාරය එහි ශ්රාවකයන් අතුරෙහි දම්සෙනෙවියන්ට ද ප්රත්ය දෙක ලබන්ට සුදුසුමැයි. තෙරුන්වහන්සේ කල්ප ලක්ෂයක් අධික කොට ඇති එක් අසංඛ්යයක් පෙරුම් පුරාම තමන්ගේ ධර්මතාවය අනුමාත්ර වූ ක්ලේශයන් දුරුකිරීමට නොහැකි විය. ‘යෙ ධම්මා හේතුප්පභවා’ යනාදී වශයෙන් අස්සජි තෙරුන් විසින් දේශිත ගාථාව අසාම ඒ තෙරුන්ගේ ප්රතිවේධය විය. පසේබුදුවරුන් වනාහි සර්වඥ බුදුවරුන්ටද අනුන්ගේ ඝෝෂාවෙන් අර්ථයක් නැත. මැනවින් සිහිය පිහිටුවීමේ සිට ප්රත්යෙක බෝධිය ද, සර්වඥතාඥාන ගුණයම පිහිටුවත්.
අනුග්ගහිතාය ලබන ලද උපකාර ඇත්තේ, සම්මා දිට්ඨි අර්හත් මාර්ග සම්යක් දෘෂ්ටිය, ඵලක්ෂණයෙහි උපන් චේතෝ විමුක්තිය මේ අයට ඇතැයි චෙතො විමුත්ති ඵලා නම් එම චෙතො විමුත්ති ඵලයම මේ අයගේ ප්රතිඵලය නම් වේනුයි. චෙතො විමුත්ති ඵලානිසංසො යයි කියන ලදී. දෙවන පදයේද මේ ක්රමයමැයි. මෙහි ද සතරවන ඵල ප්රඥාව පඤ්ඤා විමුත්ති නම් වේ. අවශේෂ ධර්මයෝ චෙතො විමුත්ති යයි දතයුතු.
සීලානුග්ගහිතා යනාදියෙහි සීලං යනු සිව් පිරිසිදු සිල්ය. සුතං යනු සත්ප්රාය වූ ධර්මශ්රවණයයි. සාකච්ඡා නම් කර්මස්ථානයන්හි සැලීම් පැකිලීම් සිඳීම් කථාවයි. සමථො යනු විදර්ශනාපාදක වූ අෂ්ට සමාපත්තීහුය. විපස්සනා යනු සත්වැදෑරුම් අනුපස්සනාවෝය. සිව් පිරිසිදු සිල් පුරන්නා හට සත්ප්රාය වූ ගැලපෙන්නා වූ ධර්මකථා අසන්නාට, කර්මස්ථානයෙහි සැලීම් පැකිලීම් සිඳින්නහුට විදර්ශනාවට පාදක වූ අෂ්ට සමාපත්තීන් කෙරෙහි කර්ම කරන්නහුට සත්වැදෑරුම් අනුපස්සනාවේ වසන්නහුට රහත්මග ඉපිද ඵලය ගෙන දෙයි.
යම්සේ මිහිරි වූ අඹ ගෙඩියක් වළඳනු කැමැත්තේ අඹපැලය වටා දිය කොටුවක් ස්ථිරකොට බඳී. කළයක් ගෙන කලින් කල දිය වත්කරයි. දිය බැහැර නො යාම පිණිස ඉවුර උස්සා තර කරයි. සමීපයේ වැලක් හෝ දණ්ඩක් හෝ දිමිගොටු ආදියක් හෝ මකුළුදැලක් හෝ තිබේනම් ඒවා ඉවත් කරයි. සාරන ආයුධයක් ගෙන වරින්වර මුල් අවට පස් බුරුල් කරයි. මෙසේ මේ පස් ආකාර සත්කාර කරන්නා වූ ඔහුට අඹ ගස වැඩී ඵල ලබාදෙයි. මෙසේ ඒ කරුණ දතයුතුයි.
අඹ පැලය වටා කොටුව බැඳීම මෙන් සිවු පිරිසිදු ශීලය දතයුතුය. කලින් කල ජලය ඉසීම මෙන් ධර්ම ශ්රවණය ද, ඉවුර තර කිරීම මෙන් ශමථය ද, සමීපයේ වැල් ආදිය බැහැර කිරීම මෙන් කමටහන්හි සැලීම් බිඳීම් සිඳීම ද, කලින් කල පස් බුරුල් කිරීම මෙන් සත්වැදෑරුම් අනුපස්සනාවන්ගේ භාවනාව ද, ඒ කරුණු පසින් සාරවත්ව අඹරුක මිහිරි ඵල දෙන කලක් මෙන් මේ මහණ හට පංච ධර්මයන්ගෙන් අනුව යන ලද සම්යක් දෘෂ්ටියේ රහත් ඵලය ලැබීම ද දතයුතුයි.
කති පනාවුසො භවා මෙහි කුමක් විචාරත්ද, මුලටම ගියා වූ අනුසන්ධියයි. අනුවණ තැනැත්තේ යම් භවයන්ගෙන් නො නැගී සිටීද, එය විචාරන්නෙමියි විචාරයි. එහි කාමභවො කාම භවයට යන කර්මයද කර්මයෙන් උපදනා ලද උපාදින්න ස්කන්ධයෝ ද, මේ දෙක එක්තැන් කොට ‘කාම භවො’ යයි කීහ. රූපා රූප භවයන් හි ද මේ ක්රමයමැයි.
ආයතිං අනාගතයෙහි නැවත භවයේ ඉපදීම පුනබ්භවා නිබ්බන්ති නම් වේ. මෙහි වර්තය (පැවැත්ම) විචාරමියි විචාරයි. තත්ර තත්රාභි නන්දනා රූපයෙහි සතුටු වීමය. ශබ්දයෙහි සතුටු වීමය. මෙසේ ඒ ඒ තැන සතුටු වීම තව ද මේ කාරණයෙහි ප්රථමා ය, ඒ ඒ තන්හි අභිනන්දනය නිසා නැවත ඉපදීම සිදුවේය යන අර්ථයි. මෙතෙකින් ගමන වෙයි. ආපසු ඒම වෙයි. ගමනාගමනය වෙයි. වර්තය පවතී යයි වර්තය මුදුන් පමුණුවා දැක්වූ සේක.
දැන් විවර්තය විමසන්නාහූ කථං පනාවුසො යනාදිය කීහ. එය විසඳීමෙහි අවිජ්ජාරාගා අවිද්යාවේ ක්ෂය විරාගයෙන් විජ්ජුප්පාදා අර්හත් මාර්ග විද්යාවගේ ඉපදීමෙන් කිම අවිද්යාව පළමුව නිරුද්ධ වූයේ ද, විද්යාව උපන්නීද? මේ දෙකම නො කිය යුතුමය. පහන දැල්වීමෙන් අඳුර නැති වූවා සේ, විද්යාව ඉපදීමෙන් අවිද්යාව දුරු වූයේම වේ. තණ්හා නිරොධා යනු තෘෂ්ණාවේ විනාශය යයි කියන නිරෝධයෙන්, පුනබ්භවො නිබ්බන්ති නහොති මෙසේ මතුයෙහි පුනර්භවයාගේ පහළවීම නොවෙයි. ගමනය ආගමනය සිඳෙයි. සසර පැවැත්ම (වර්තය) නො පවතී යයි විවර්තය (නිවන) මුදුන්පමුණුවා දැක්වූහ.