වෙරඤ්ජක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං මේ වේරඤ්ජක සූත්රයයි. එහි වෙරඤ්ජකා වේරඤ්ජවාසීහූ, කෙනචි දෙව කරණීයෙන කිසියම් නියම නොකළ කටයුත්තකින්, සෙසු සියල්ල පළමු සූත්රයෙහි කී ආකාරයෙන්ම දතයුතුය. එකෙක් ඇත. හුදෙක් මෙහි අධම්මචාරී, විසමචාරී මෙසේ පුද්ගලාධිෂ්ඨාන දේශනාව කරන ලද්දීය. පෙර සූත්රයෙහි ධර්මාධිෂ්ඨාන දේශනාවයි. මෙහි විශේෂය මෙපමණය.
වේරඤ්ජක සූත්ර වර්ණනාව නිමියේය.
මහාවෙදල්ල සූත්ර වර්ණනාව
එවම්මෙසුතං මේ මහා වේදල්ල සූත්රයයි. එහි ආයස්මා යනු ගරුත්ව සහිත වචනයකි. මහා කොටඨිතො ඒ තෙරුන් වහන්සේ ගේ නමයි. පටිසල්ලාණා වුට්ඨිතො පල සමවතින් නැගී සිටියේ, දුප්පඤ්ඤො දුප්පඤ්ඤො මෙහි ප්රඥාවගේ දුෂ්ටත්වයක් නැත. නුවණ නැති යන අර්ථයි. කිත්තානුවතානු ඛො කරුණු, කොටස්, වෙන්කිරීම් විමසීමයි. කොපමණකින් මෙසේ වේද යන අර්ථයි. තව ද මේ විචාරීම නම්, අදිට්ඨ ජොතනා පුච්ඡා (නො දන්නා ධර්මයන්ගේ ලක්ෂණ විචාරීම) දිටඨ සංසන්දනා පුච්ඡා (දන්නා ලද ධර්මයන් ගැන විමසීම) විමතිච්ඡදනා පුච්ඡා (සැක දුරුකිරීම පිණිස විමසීම) අනුමති පුච්ඡා, (අනුමතිය ලැබීම සඳහා විමසීම) කථෙතු කම්යතා පුච්ඡා (භික්ෂු සංඝයා විසින් ම විචාරා පිළිතුරු සැපයීම) යනුවෙන් පස්වැදෑරුම් වෙයි. ඔවුන්ගේ මේ විවිධත්වය, විවිධ ස්වරූප ය -
එහි අදිට්ඨජොතිකා පුච්ඡා නම් කවරේද, ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ නො දන්නේ නො දක්නේ, ප්රමාණ නො කරන ලද්දේ, තීරණය නො කරන ලද්දේ. පැහැදිලි නොවූයේ, නුවණින් නො වඩනා ලද්දේ, ඒ ධර්මයේ ලක්ෂණ දැනගැනීම පිණිස, තුලනය පිණිස, පැහැදිලි කරගැනීම පිණිස, විභාග කිරීම පිණිස ප්රශ්න විචාරීම ‘අදිට්ඨ ජොතනා පුච්ඡා’ නම් වේ.
දිටඨ සංසන්දනා පුච්ඡා නම් කවරේද, ස්වභාවයෙන් ධර්ම ලක්ෂණ දන්නා ලද්දේ, දක්නා ලද්දේ, තුලනය කරන ලද්දේ, තීරණය කරන ලද්දේ, පැහැදිලි වූයේ, නුවණින් වඩනා ලදුව, අනෙක් උගතුන් සමග සැසඳීම පිණිස ප්රශ්න විචාරීම දිට්ඨ සංසන්දනා පුච්ඡා නම් වේ.
විමතිච්ඡෙදනා පුච්ඡා නමි. ස්වභාවයෙන්ම සැකයට පැමිණියේ, විමතියට පැමිණියේ, මෙසේ වේද නොවේද, කිමෙක් ද, කෙසේ ද, වශයෙන් දෙපැත්තකින් හටගත් සැක ඇත්තේ, හෙතෙම ඒ ඒ විමතිය විසඳීම පිණිස ප්රශ්න විචාරීම විමතිච්ඡෙදනා පුච්ඡා නම් වේ.
මහණෙනි, ඒ කුමක්දැයි සිතවුද, රූපය නිත්ය වේද, අනිත්ය වේද, වහන්ස අනිත්යයයි. මේ අන්දමින් දහම් දෙසන කල අනුමතිය ගෙන විචාරීම අනුමති පුච්ඡා නමි.
මහණෙනි, මෙසේ සීවටන් සතරකි. කවර සතරක් ද, භික්ෂු සංඝයා තුමූ ම විචාරා තුමූම විසඳනු කැමති සර්වඥයන් වහන්සේගේ මෙබඳු ප්රශ්න කථෙතු කම්යතා පුච්ඡා නමි. ඔවුන් අතුරෙන් මෙහි දිට්ඨ සන්සන්දනා පෘච්ඡාව අදහස් කරන ලදී.
තෙරුන් වහන්සේ තමන්ගේ දිවාස්ථානයෙහිම සිට තුමූ ම ප්රශ්නය උපදවා, තුමූ ම විසඳමින් මේ සූත්රය මුල පටන් මුදුන් පැමිණවූහ. එක් අයෙක් ප්රශ්නය උපදවන්නට හැකිවෙයි. විසඳන්නට නො හැකිවෙයි. එක් අයෙක් විසඳන්නට හැකිවෙයි. ප්රශ්න උපදවන්නට නො හැකි වෙයි. තව අයෙක් මේ දෙකම නො හැකි වෙයි. තව කෙනෙක් දෙකම හැකි වෙයි. ඔවුන් අතුරෙන් මහාකොට්ඨිත තෙරුන් වහන්සේට දෙකම හැකිවෙයි. කවර හෙයින්ද මහාප්රාඥ වන හෙයිනි. මහා ප්රඥාව නිසා මේ ශාසනයෙහි සැරියුත් තෙරුන්, මහා කච්චායන තෙරුන්, පුණ්ණ තෙරුන්, කුමාරකාශ්යප තෙරුන්, ආනන්ද තෙරුන්, මේ ස්ථවිරයන් වහන්සේලා විශේෂස්ථානයට පැමිණියාහුය.
මද පමණ වූ නුවණින් යුත් මහණකු විසින් ශ්රාවක පාරමී ඥානයාගේ උපරිම තලයට පැමිණීමට නො හැක්කේ ය. මහා ප්රාඥයකු විසින් ම හැකියේය. මහාප්රාඥ බැවින් සැරියුත් ස්ථවිරයන් වහන්සේ ඒ තනතුරට පැමිණියහ. ප්රඥාවෙන් ඒ තෙරුන් හා සමානයෙක් නැත. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඒ ස්ථවිරයන් ඒතදග්රයෙහි තැබූ සේක. එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො