මාරතජ්ජනිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං මාර තජ්ජනික සූත්‍රයයි. එහි කොට්ඨ මනු පවිට්ඨො කුසට පිවිස අතුනුබහන් ඇතුළත පක්වාසය ස්ථානයේ හුන්නේ ගරුගරු විය. මහත් බරක් මෙන්, තද වූ ගල් රැසක් මෙන් වූයේ මාසාවිතං මඤ්ඤෙ උඳු බත් කෑ අයකුගේ කුස මෙන්, උඳු පිරූ මල්ලක් මෙන්, තෙත් උඳු යනුවෙන් ද අරුත් දක්වයි. විහාරං පවිසිත්‍වා වැළඳූ ආහාරවල දොසින් මේ බර බව ඇතිවී නම් අභ්‍යවකාශයේ සක්මන් කරන්නට නො හැකි නිසා සක්මනින් බැස පන්සලට පිවිස ස්වභාවයෙන් ම පනවා තිබූ ආසනයෙහි හිඳගත්තේය. පච්චත්තං යොනිසො මනසිකාසි මේ කිමෙක්දැයි ආවර්ජනය කරමින් තමන් විසින් උපායෙන් හොඳ සිහියෙන් මෙනෙහි කළේය. තෙරුන් වහන්සේ තමන්ගේ ශීලය ආවර්ජනය කරමින් ඊයේ හෝ පෙරේදා වැළඳූ නොදිරවූ යමක් ඇත්නම් හෝ වෙනත් කිසියම් විෂභාග දෝෂයක් ඇත්නම් හෝ ඒ සියල්ල පහසුවෙන් දිරවාවයි අතින් කුස පිරිමැද්දහ. පාපී මාරයා සැඟවී යන්නේ ය. නැවත තෙරුන් වහන්සේ එසේ නො කොට උපායයෙන් මෙනෙහි කළහ.
මා තථාගතං විහෙසි යම්සේ දරුවන් වෙහෙස කළ කල්හි මවුපිය දෙදෙන වෙහෙස වෙද්ද, වෙහෙසනු ලබද්ද, සද්ධිවිහාරික, අන්තේවාසිකයන් වෙහෙස කළ කල්හි ආචාර්ය උපාධ්‍යාය යෝ වෙහෙසට පත්වෙද්ද, ජනපදය වෙහෙසූ කල රජතුමා වෙහෙසට ලද්දේද, එපරිද්දෙන් තථාගත ශ්‍රාවකයකු වෙහෙසූ කළ තථාගතයන් වෙහෙසවන ලද ලද්දේමය. මා තථාගතං විහෙසි යන්න එහෙයින් කියන ලදී.
පච්චග්ගලෙ අට්ඨාසි දොර කවුළුවෙහි සිටියේය. අග්ගල යනුවෙන් කවුළුවද ගැනේ. මුඛයෙන් උඩට නැගී පන්සලෙන් නික්ම ජනේලය අසල සිටියේය යන අදහසයි.
භූතපුබ්බං පාපිමා කුමක් හෙයින් මේ දේශනාව ආරම්භ කළේද, ස්ථවිරයෝ මෙසේ සිතූහු. අහසේ සිටින දෙවියන්ට යොදුන් සියයක් දුරින් සිටි මිනිසකුගේ ගඳ පීඩා කරයි. යොජන සත ඛො රාජඤ්ඤ මනුස්ස ගන්‍ධො දෙවෙ උබ්බහති යන්න එහෙයින් කියන ලදී. එහෙත් මේ මාර නම් වූ, සියුමැලි හාත්පසින් පිරිසිදු වූ මහේශාක්‍ය වූ, ආනුභාව සම්පන්න වූ දෙවි රජෙක් මගේ කුසට පිවිස අතුනු ඇතුළත පක්වාසය පිහිටි කුඩා ඉඩකඩෙහි හුන්නේ ඉතාම දුෂ්ට වූවෙක් වන්නේ ය. මෙවැනි පිළිකුල් කටයුතු වූ විපරීත වූ පෙදෙසක සිටින්නට හැකි වූ මොහුට කළ නො හැක්කේ වෙන කුමක්ද, වෙනත් කුමකින් ලජ්ජා වන්නේ ද, නුඹ මගේ නෑයෙක් වන්නේ යයි කී කල්හි මොළොක් ගතියට නො පැමිණෙන්නාහු නම් නැත. එබැවින් ඔහුට නෑයෙකැයි අවබෝධ කරවා මෘදු වූ උපායකින්ම ඔහු පළවා හරිමියි සිතා මේ දේශනාව ආරම්භ කළහ.
සො මෙ ත්‍වං භාගිනෙය්‍ය හොසී එකල්හි නුඹ මගේ බෑනා කෙනෙකු වූයේය. පරම්පරාව වශයෙන් බලා මෙය කියන ලදී. දෙව්ලොව මගේ පිතු වංශයයි. මුත්තාගේ වංශයයි. රජ කරන්නෙක් නම් නැත. පින්කම්වල ශක්තියෙන් දෙව්ලොව දෙව්රජව ඉපදී. ආයු ඇති තෙක් දෙව් සැප විඳ එයින් චුත වෙයි. එතැන් සිට වෙනත් කෙනෙක් තමන් විසින් කරන ලද කුශලයන්ගේ විපාක අනුව එතැන රජවෙයි. මෙසේ මේ මාරයාද එකල ඉන් චුතව නැවත කුසල් කොට මෙකල මෙහි අධිපතිව උපන්නේ යයි දතයුතු.
විධුරො විධුරො විගතධර වූයේ, අන්‍යයන් හා සමග අසමාන වූයේ, අප්පකසිරෙන නිදුකින් පසුපාලකා එළු බැටළුවන් රක්නාහු, පථාවිනො මගට පිළිපන්නාහු, කායෙ උපචිනිත්‍වා හාත්පසින් සෑයක් බැඳ, අග්හිං දත්‍වා පක්කමිංසු මෙතෙකින් ශරීරය විනාශයට යන්නේ යයි චිතකයාගේ පමණ සලකා, සිව් දිසාවන්හි ගිනි දී නික්ම ගියහ. චිතකය පහන් සිළුවක් මෙන් දැල්විනි. තෙරුන්ට දිය ළෙනකට බැස සිටින කලක් මෙන් විය. චීවරානි පප්ඵොටෙත්‍වා සමවතින් නැගිට පහවගිය දුම් ඇති, කෑලමල් පැහැ ඇති, ගිනි අඟුරු මඩිමින් සිවුරු උන්වහන්සේගේ සිරුරේ උණුසුමක් පමණකුදු නො වීය. සිවුරෙහි කොණක්වත් නො දැවිනි. සමාපත්ති බලය නම් වේ.
අක්කොසථ දශ ආක්‍රෝශ වස්තුවෙන් බනිවු. පරිභාසථ වචනයෙන් පරිභව කරවු. රොසෙථ ගටවු. විහෙසෙථ වෙහෙකරව්. දුක් ඉපදවව්. මේ සියල්ල වචනයෙන් පහර දීමට නම් ය. යථා තං දුසිත මාරෝ යම් සේ මොවුන්ට දුසීමාර තෙම, ලභෙථ ඔතාරං සිදුරක් ලබානම්, කෙලෙස් ඉපදීමට අරමුණක් ලබන්නේ නම් යන අර්ථයි.
මුණ්ඩකා ආදියෙහි මුඩු වූවන්ට ‘මුණ්ඩ’ යයි ද, ශ්‍රමණයන් ට ‘සමණ’ යයි ද කියන්නට වටී. මොව්හූ නැවත මුණ්ඩකා සමණකා යයි කීහ. ඉබ්භා ගෘහපතියෝ කිණ්හා කළු වූවෝ, බන්‍දුපාදා පච්ච මෙහි බන්දු යනෙන් බ්‍රහ්මයා අදහස් කරයි. බමුණෝ ඔහු මුත්තා යයි ව්‍යවහාර කරති. පාදාපච්චා බඹහුගේ පිටිපත්ලෙන් උපන්, පාදයන්ගේ දරුවෝ යන අදහසයි. බමුණෝ මහබඹුගේ පිටිපත්ලෙන් උපන්, පාදයන්ගේ දරුවෝ යන අදහසයි. බමුණෝ මහ බඹුගේ මුවින් ඉපදුනාහුය. ක්‍ෂත්‍රියයෝ ළයින්, වෛශ්‍යයෝ නැබින්, ශුද්‍රයෝ දණින් ශ්‍රමණයෝ පිටිපසින් නික්මුණාහු යයි