මහාඅස්සපුර සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යනු මහා අස්සපුර සූත්රයයි. එහි අංගෙසු අංග ජනපදයේ රාජ කුමාරයෝ, ඔවුන් පදිංචිව සිටි එක් ජනපදයක්. ‘අංග’ යයි ව්යවහාර කරයි. ඒ අංග ජනපදයෙහි අස්සපුර නාම අංගානං නිගමො අස්සපුර යන නමින් හඳුන්වන එක් නියම්ගමකි. එය ගොදුරුගම් කොට වාසය කරයි යන අදහසයි. භගවා එතදවොච මේ අය සමණා සමණාති භික්ඛවෙ ජනො සඤ්ජානාති. මහණෙනි, ඔබලා ශ්රමණයෝ ශ්රමණයෝ යයි ජනයා විසින් හඳුන්වනු ලැබේ යයි වදාළ සේක.
[missing trans]
මෙසේ මේ අය ලජ්ජීහුය. සුපේශල ශික්ෂාකාමීහුය. උදාර ගුණ ඇත්තාහු වෙති. භික්ෂු සංඝයාගේ ගුණම කියති. කුඹුරෙන් හේනෙන් අවුත් රාත්රී කෑම ගත් පසුවද, ගෙදර ඉන්දදී ද නින්දට යනතෙක්ම භික්ෂු සංඝයාගේම ගුණ කියත්. භාග්යවතුන් වහන්සේ ඒ මිනිසුන්ගේ යටහත් පහත් ගති පැවතුම් දැන භික්ෂු සංඝයා පිඬුසිඟා යාමෙහි යොදවා මෙසේ වදාළ සේක.
මෙසේ මේ අය ලජ්ජීහුය. සුපේශල ශික්ෂාකාමීහුය. උදාර ගුණ ඇත්තාහු වෙති. භික්ෂු සංඝයාගේ ගුණම කියති. කුඹුරෙන් හේනෙන් අවුත් රාත්රී කෑම ගත් පසුවද, ගෙදර ඉන්දදී ද නින්දට යනතෙක්ම භික්ෂු සංඝයාගේම ගුණ කියත්. භාග්යවතුන් වහන්සේ ඒ මිනිසුන්ගේ යටහත් පහත් ගති පැවතුම් දැන භික්ෂු සංඝයා පිඬුසිඟා යාමෙහි යොදවා මෙසේ වදාළ සේක.
යෙ ධමමා සමණ කරණාච බ්රාහ්මණ කරණාච යම් ධර්ම කෙනෙක් සමාදන්ව පුරන ලද්දාහු සමිතපාප ශ්රමණයකුත් බාහිතපාප බ්රාහ්මණයකුත් කෙරෙත් ද යන අර්ථයි. ‘ශ්රමණයා විසින් කළයුතු ධර්මයෝ මෙහි කියන ලදී. මහණෙනි, ශ්රමණයා විසින් කටයුතු තුනෙකි. කවර තුනක්ද යත්, අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්රඥා ශික්ෂා සමාදානය යන තුනයි. ඔහු ශ්රමණ කරණයෝ වෙත්මැයි. මෙහි වනාහි හිරි ඔතප් ආදී වශයෙන් දේශනාව විස්තර කරන ලදී.
එවං නො අයං අම්හාකං යන මෙහි නො යනු නිපාත මාත්රයකි. අපගේ යන අර්ථයි. මහප්ඵලා මහානිසංසා යන දෙකම අර්ථ වශයෙන් එක සමානය. අවඤ්ධා නොසිස් වූවාහු සඵලා ඒ පදයේම අර්ථයි. යමකගේ ඵලයක් නැද්ද, ඕ වඳ වූවා නම් වේ. සඋද්රයා වැඩීම් සහිත වූවා ඒ සඵලයන්ගේම සමාන වචනයි. එවංහි ඛො භික්ඛවෙ සික්ඛිතබ්බං මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතුය. මෙසේ භාග්යවතුන් වහන්සේ මේ මෙතෙක් කරුණුවලින් ලජ්ජා භය ආදී ධර්මයන්ගේ ගුණ වදාළ සේක.
කුමක් හෙයින් ද වචන මාර්ගය පසිඳිනා පිණිසය. ඉදින් පැවිදි වූ නොබෝ කල් ඇති කිසි බාල භික්ෂුවක් මෙසේ කියන්නේ නම් ‘භාග්යවතුන් වහන්සේ හිරි ඔතප් ආදී ධර්මයන් සමාදන්ව පවතීවයි වදාරති. ඒ ධර්මයන් සමාදන් වී පැවැත්මේ අනුසස් කවරේදැයි (අසති) ඔහුගේ වචන මග පසිඳිනා පිණිස මේ මේ ආනිසංස වේයයි (කීය) මේ ධර්මයෝ සමාදන්ව පුරන ලද්දාහූ සමිතපාප ශ්රමණයකු බාහිතපාප බ්රාහ්මණයකු යයි නම් කරති. සිව්පස ලාභය උපදවති. ප්රත්ය දායකයන්ට මහත්ඵල ආනිශංස ලබා දෙති. පැවිද්ද නො වඳ වූ සඵල වූ වැඩීම් සහිත වූවක් කෙරෙතියි ගුණ වදාළහ. මෙහි මෙය කෙටියෙන් කියන ලදී. විස්තර වශයෙන් කථාව සතිපට්ඨාන සූත්රයේ ආ පරිදිම දතයුත්තේය.