ඉමස්මිං සති ඉදං හොති මේ අවිද්‍යා ආදී ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාර ආදී ඵලය වේ. ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ ඉපදීමෙන් මේ සංස්කාරාදී ඵලය උපදී. යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා -පෙ- සමුදයො හොති යනු එහෙයින් වදාළහ.
මෙසේ වෘත්තය දැන් විවෘත්තය දක්වන්නේ අවිජ්ජායත්‍ථෙව අසෙස නිරොධා යනාදිය කීහ. එහි අවිජ්ජා යත්‍ථෙව නැවත අවිද්‍යාවගේම අසෙස විරාග නිරොධා විරාග සංඛ්‍යාත මාර්ගයෙන්........නිරුද්ධ කිරීමෙන්, සංඛාර නිරොධො සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය වෙයි. යළි මෙසේ නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙයි. විඥානාදීන්ගේ නිරෝධයෙන් නව රූපාදීහු නිරුද්ධ වූවාහුම වෙති. එය දක්වන්නට, සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො යනාදිය වදාරා එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස නිරොධො හොති යන්න වදාරණ ලදී. එහි කෙවලස්ස සියලු නොහොත් සුද්ධ වූ, සත්ත්ව විරහිත වූ යන අර්ථයි. දුක්ඛක්ඛන්‍ධස්ස යනු දුක් රාශීහුගේ, නිරොධො හොතීති අනුත්පාද වෙයි.
ඉමස්මිං අසති යනාදිය කියන ලද්දට විරුද්ධ ලෙස දතයුතුයි.
මෙසේ වෘත්තය ද විවෘත්තය ද දක්වා දැන් මේ දොළොස් ආකාර ප්‍රත්‍යය වෘත්තය විදර්ශනා ඤාණ සහිත මාර්ගයෙන් දන්නහුගේ යම් පසු දීමක් ප්‍රහීණ වේද, ඒ ධාවනයාගේ අභාවය විචාරන්නේ අපි නු තුම්හෙ භික්ඛවෙ ආදිය කීහ. එහි එවං ජානන්ත යනු මෙසේ විදර්ශනා සහිත මාර්ගයෙන් දන්නාහූ. එවං පස්සන්තා යනු ඊටම සමාන වචනයි. පුබ්බත්තං පළමු කොටස අතීත ස්කන්ධ ධාතු ආයතනයන් යන අර්ථයි. පටිධාවෙය්‍යතා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ප්‍රතිධාවනය කරවුද, සබ්බාසව සූත්‍රයේ විස්තර කර ඇත.
දැන් මොවුන්ගේ එහි නිශ්චල බව විමසන්නේ අපිනු තුම්හෙ භික්ඛවෙ එවං ජානන්තා එවං පස්සන්තා එවං වදෙය්‍යාථ, සත්‍ථානො ගරු යනාදිය වදාළහ. එහි ගරූ බරක් වූයේ, නො කැමැත්තෙන් අනුව පැවතිය යුත්තේ, සමණො බුද්ධශ්‍රමණ අඤ්ඤං සත්‍ථාරං උද්දිසෙය්‍යාථ මේ ශාස්තෲ තෙම අපගේ කාර්යය ඉටු කරන්නට අසමත් වෙයි. නොහැකි වෙයි. කිම මෙසේ අදහස් කොට අනෙක් බාහිර ශාස්තෲ කෙනෙක් උදෙසා වසවුද? පුථු සමණ බ්‍රාහ්මණානං බොහෝ වූ තීර්ථක ශ්‍රමණයන්ගේ ද බ්‍රාහ්මණයන්ගේ ද, වත කුතුහල මංගලානි, ව්‍රත සමාදානයේ ද, දෘෂ්ටි කුතුහලයෝ ද, දුටු, ඇසූ, කෑ මංගලයෝ ද, තානි සාරතො පච්චා ගච්ඡෙය්‍යාථ ඔවුන් සාර යයි හැඟීම් ඇතුව නැවත ගනියි ද, මෙසේ හරනා ලද්දාවූත් නැවත ගනියිද, යන අර්ථයි. සාමං ඤාතං තමන් විසින් නුවණින් දන්නා ලද, සාමං දිට්ඨං තමන් විසින් නුවණින් දක්නා ලද, සමං විදිතං තමන් විසින් ප්‍රකට කරන ලද, උපනීතා ඛො මෙ තුම්හෙ මහණෙනි, මා විසින් තෙපි මේ සන්දිට්ඨිකාදී ස්වභාව ඇති ධර්මයන් පමුණුවන ලද්දාහූ යන අර්ථයි. සන්‍ධිට්ඨිකො යනාදියෙහි අරුත් විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. ඉදමෙතං පටිච්ච වුත්තං මේ වචනය තොප විසින් ස්වයං ඤාතාදී භාවය සඳහා වදාරණ ලදී.
තිණ්ණං ඛො පන මෙ තුම්හෙ යනු කුමක් හෙයින් ආරම්භ කළ සේක්ද, යට වට්ට විවට්ට වශයෙන් දේශනා මුදුන් පමුණුවද්දී, එසේ පමුණුවන ලදී. මේ වූ කලී වෙනම අනුසන්ධියකි. මෙහි ලෝවැසි සත්ත්ව සමූහයා ප්‍රතිසන්ධියෙන් විශේෂයෙන් මෝඩය. එබැවින් ඔවුන්ගේ මුලාවන තැන නිසා ප්‍රකට කරන්නෙමි යි මේ දේශනාව ආරම්භ කළහ.
[missing trans]
එහි සන්තිපාතා සමවධානයෙන් පිඬු බැවින් ගබ්භ ගැබ උපදනා සත්ත්වයාගේ අවක්කන්ති හොති ඉපදීම වේ. තව ද සමහර තැනක ‘ගබ්භ’ මව්කුස කියන ලදී.
සත්ත්ව තෙමේ රැයක් මුළුල්ලෙහි පළමුකොට පිළිසිඳි කෙණෙහි මව්කුස වෙසේද, මරණයට අභිමුඛව නැගී සිටියේම ඒ මානවයා යයි මය. හෙතෙම යන්නේ ඇසිල්ලකුදු නො නවතී.
කිසිතැනක ගර්භයෙහි උපදනා සත්ත්වයා වදාළේය. ‘ආනන්ද, යම් සේ අන්‍ය ස්ත්‍රීහූ නව මසක් හෝ දස මසක් දරුගැබ කුසින් දරා වදත්, ‘මෙහි සත්ත්වයාටම අදහස් කරන ලදී. ගබ්භස්ස අවක්කන්ති හොති යනු ඒ සඳහා කියන ලදී.
ඉධ මේ සත්ත්ව ලෝකයෙහි මාතා ච උතුනී හොති මෙය ඍතු කාලය සඳහා කියන ලදී. ස්ත්‍රී ගේ යම් අවකාශයක දරුවා උපදීද, එහි මහත් වූ ලේ පිළාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වෙයි. වස්තුව පිරිසිදු වූ කල්හි සත් දවස තෙක් එයට සුදුසු කාලය වෙයි. කෙත වෙයි. ඒ කාලය තුළ අත් ගැනීම් හිසකේ ගැනීම් ආදී ශරීර පරාමර්ශයෙන් ද දරුවන් හටගනී. ගන්‍ධබ්බො එහි එළඹෙන සත්ත්වයා පච්චුපට්ඨිතො හොති ළඟ සිටියේ ම නො වේ. කර්මය නමැති යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වූ එක් සත්ත්වයෙක් ඒ අවකාශයෙහි උපදනේ වෙයි යන්න මෙහි අදහසයි.
සංසයෙන මා නිරෝගී වන්නෙම් ද, නැතිනම් මගේ දරුවා නිරෝගී වන්නේද, මහත් වූ ජීවිත සැකයෙන්, ලෝහිතං හෙතං භික්ඛවෙ එකල එතැනට පැමිණි මවගේ ලේ දරු සෙනෙහසින් පඬෙර වේද එහෙයින් මෙසේ වදාළහ. වංකකං දරුවන්ගේ කෙළිබඩු, කුඩා නගුල ඝටිකා දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාව, (කල්ලි ගැසීම) මොක්ඛවිකං හාත්පස පෙරළෙන ක්‍රීඩාව, දණ්ඩක් ගෙන අහසෙහි තබා හෝ හිසපිට තබා යට උඩ වශයෙන් පෙරළෙන ක්‍රීඩාව, විංගුලකං තල් කොළ ආදියෙන් කළ සුළං වැදීමෙන් කරකැවෙන චක්‍රය (හුළං පෙත්ත) පත්තාළ්හ තං කොළ නැළිය කියයි. එයින් වැලි ආදිය මනිමින් සෙල්ලම් කරති. රථකං කුඩා රථය ධනුකං කුඩා දුන්න,