මහාසච්චක සූත්ර වර්ණනාව
එවම්මෙසුතං මහා සච්චක සූත්රයයි. එහි එකං සමයං යන්න ද තෙනඛොපන සමයෙන යන්න ද පුබ්බණ්හසමයං යන්න ද මේ පද තුනම එකම වකවානුව කාලය කියන ලදී. භික්ෂූන් වහන්සේලා වත්පිළිවෙත් කොට මුව සෝදා පා සිවුරු ගෙන සෑය වැඳ කවර ගමකට යන්නමෝදැයි විතර්ක කරමින් සිටි කාලය වේ. එබඳු කල භාග්යවතුන් වහන්සේ රක්ත වර්ණ දෙපට අඳනය ඇඳ, කාය බන්ධනය (පටිය) බැඳ පාංශුකූල චීවරය ඒකාංශ කොට පවිසිතු කාමො පිඬු පිණිස වැඩිය යුතු යයි සනිටුහන් ඇතිව (සච්චක තෙමේ භාග්යවතුන් වෙත එළඹියේය) කවර හෙයකින් පැමිණියේද, වාදාරෝපණය කරන අදහසිනි. ඔහුට මෙසේ සිතුණේල. පළමුව මම නොවියත් බැවින් විශාලා මහනුවරින් මහ සෙනග පිරිවර ගෙන ශ්රමණ ගෞතමයන් වෙත ගොස් මතු වූයෙමි. ලජ්ජාවට පත් වූයෙමි. දැන් එසේ නොකොට හුදෙකලාවම ගොස් වාදාරෝපණය කරන්නෙමි. ඉදින් ශ්රමණ ගෞතමයන් පරදවන්නට හැකි වන්නෙම් ද, එකල මාගේ ලබ්ධිය ප්රකාශ කොට ජය ලබන්නෙමි. ඉදින් ශ්රමණ ගෞතමයන් ජය ගත්තේ නම් එකල අඳුරේ රඟපෑ නාඩගමක් මෙන් කිසිවෙක් නො දන්නේ යයි සිතා නිද්රා ප්රශ්නය නම් ප්රශ්නයක් ගෙන වාද කිරීමේ අදහසින් වෙත එළඹියේය.
අනුකම්පං උපාදාය සච්චක නිගණ්ඨ පුත්රයාට අනුකම්පා පිණිස ආනන්ද තෙරුන්ට මෙසේ සිතීල. ‘භාග්යවතුන් වහන්සේ මොහොතක් හෝ වැඩහුන් කල බුද්ධ දර්ශනය ද ධර්මශ්රවණය ද ලැබෙන්නේ එය ඔහුට දිගු කලක් හිතසුව සඳහා පවතින්නේය’ එහෙයින් භාග්යවතුන් වහන්සේ අයැද පාංශුකූල චීවරය සතරට නවා අසුන් පනවා වැඩහුන මැනවැයි ඇරයුම් කළේය. භාග්යවතුන් වහන්සේ ද ආනන්ද තෙරුන් වැදගත් දෙයක් ඉදිරිපත් කරන්නේ යයි පැනවූ අසුනෙහි වැඩහුන් සේක්’
භගවන්තං එතදවොච යම්කිසි ප්රශ්නයක් කලින් සිතාගෙන සාරය කොටගෙන ආයේ ද, එය තබා පසෙකින් ගෙන හැසිරෙමින් මේ සන්තිගොතම ආදී වචන කීහ.
ඵුසන්ති හි භො ගොතම යනු ඒ මහණ බමුණේ සිරුරෙහි උපන් ශාරීරික දුක් වේදනාව ස්පර්ශ කරති. ලබති. විඳිති යන අර්ථයි. ඌරුක්ඛම්හො කකුල් තද වී සෙලවිය නො හැකි බව, ඌරුස්තද්ධ බව යන අර්ථයි. මෙහි විෂ්මයාර්ථ වශයෙන් භවිස්සති අනාගත තාල වචනයෙන් දක්වන ලදී. කායත්වයං හොති යනු කය අනුව ගියේ, ශරීරය වශයෙන් පවතිනුයේ,
කායභාවනා යනු විදර්ශනාව කියනු ලැබේ. එයින් චිත්ත වික්ෂේපයට පැමිණෙන්නෙක් නම් නැද්ද, එහෙයින් නිගණ්ඨ තෙමේ යමක් අවිද්යමාන ද අභූත ද, නැත්තේ ද එයම කීය. චිත්තභාවනා යනු සමථය කියයි. සමාධියෙන් යුත් පුද්ගලයාට කකුල් පණ නැතිවීමක් නැත. මෙසේ නිගණ්ඨයා අභූතයක්ම කීහ. යම්සේ ‘භූතපුබ්බං’ කියා, ‘ඌරුක්ඛම්හො නාම භවිස්සති’ ආදිය කියන්නහුට අනාගත රූපය නො සම වේ. සුදුසු නොවේ. එසේ අර්ථය ද සම නො වෙයි. සිදුනොවන දෙයක් නො ඇසූ දෙයක් නැති දෙයක් කීය.
නො කාය භාවනං - පඤ්චතාප තැවීම් ආදී වූ අත්තකිලමථානු යෝගය සඳහා කීය. මේ ඔවුන්ගේ කාය භාවනා නම් වේ. කුමක් හෙයින් ඔහු මෙසේ කියත් ද, හේ වනාහි දිවා කාලයේ විහාරයට එයි. එ සමයෙහි භික්ෂූන් පාසිවුරු සකස්කොට තබා, තමන්ගේ රාත්රීස්ථාන දිවාස්ථානයන්හි සමාධියට පැමිණෙති. හෙතෙම ඒ සමාධියට පැමිණෙන්නවුන් දැක, මොව්හූ චිත්තභාවනා මාත්රයක යෙදෙති. එහෙත් මොවුන්ට කාය භාවනාවක් නැතැයි සිතා මෙසේ කීය.
එකල භාග්යවතුන් වහන්සේ ඔහු මෙහෙයවමින් කිත්තිපන තෙ අග්ගි වෙස්සන කාය භාවනා සුතා යි වදාළහ. හේ එය විස්තර කරමින් සෙය්යථිදං නන්දො වච්ඡො ආදිය කීහ. එහි නන්දො යනු ඔහුගේ නමයි. වච්ඡො යනු ගෝත්රයයි. කිසො යනු නමයි, සංකිච්චො යනු ගෝත්රයයි. මක්ඛලි ගෝසාලො පළමු ආයේමය. එතෙ මේ තුන් දෙන, කිලිටි තපස් පිළිබඳව මුදුන්පැමිණි අය වූහ. උළාරානි උළාරානි ප්රණීත ප්රණීත වූ ගාහෙන්ති නාම බලය ගන්වති නමි. බ්රෑහෙන්ති වඩති. මෙදෙන්ති හටගත් මේදස් ඇති කෙරෙති. පුරිමං පහායති පළමු දුෂ්කර ක්රියාව හැර, පච්ඡා උපවිනන්ති පසුව ප්රණිත කෑම් බීම්වලින් සන්තර්පණය වෙති. ආචයා පචයො හොති වැඩීම ද නො වැඩීම ද වෙයි. මෙසේ මේ කාලයාගේ වැඩීම් පිරිහීම් පමණක්ම පෙනේ. කාය භාවනාව වූ කලී නො පෙනේයයි දක්වා චිත්ත භාවනාව විචාරන්නේ කිත්ති පන තෙ අග්ගි වෙස්සන චිත්ත භාවනා සුතා යයි වදාළහ. සකස්කොට කියන්නට නො හැකි විය. බාල පෘථග්ජනයෝ එසේය.
කුතෙ පන ත්වං යම්බඳු තෙපි මෙසේ ඕළාරික වූ දුවල භාවනාව නො දනීද, ඒ තෙපි කෙළෙසක නම් සිලිටු වූ චිත්ත භාවනාව දැන ගන්නෙහි ද, මෙතැන්හි වනාහි ශොණරවිය තෙරුන් වහන්සේ ‘මේ පදය බුද්ධ වචනය නොවේ යයි’ විජිනිපත තබා නික්ම ගියහ. ඉක්බිති ඔහුට ‘මහාසිව’ තෙරුන් වහන්සේ මෙසේ කීහ. ‘දිස්සති භික්ඛවෙ ඉමස්ස චාතුම්මහා භූතිකස්ස කායස්ස ආචයොපි අපචයොපි ආදානම්පි නික්ඛමනම්පි’ මහණෙනි සතරමහා භූතමය වූ මේ කායයාගේ වැඩීම ද නැසීම ද ඉපදීම ද චුතවීම ද දක්නා ලැබේ. ඒ අසා ඕලාරික ශරීරය පරිග්රහ කරන්නවුන්ට උපන් විදර්ශනාව ඕදාරික කියන්ට වටීයයි සැළකීය.
සුබ සාරාගී සැපයෙන් බහුළ රාගයෙන් සමන්විත වූයේ, සුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති, දුක්ඛා වෙදනා අනතුරුව නො උපදී. සැපදුක් දෙදෙනාගේ අනන්තර ප්රත්යභාවය පට්ඨානයෙහි දක්වා ඇත. යම්හෙයකින් සැපය නිරුද්ධ නොවූ කල්හි දුක නූපදී. එහෙයින් මෙහි මෙසේ කියන ලදී. පරියාදාය තිට්ඨතීති, ගෙවා ග්රහණය කොටගෙන සිටී. උභතො පක්ඛං සැපය එක් (පසෙකය) එක් පැත්තකය. දුක එක් පැත්තකය. මෙසේ දෙපැත්තක් ව,