මහාසාරොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු මහා සාරෝපම සූත්‍රයයි. එහි අචිරපක්කන්තෙ සංඝ භේදය කොට, ලේ සෙලවීමේ කර්මය කොට නික්ම ගිය කෙටි කලකින් ස්ව ලිංගයෙන්ම වෙන් වූ කල්හි
ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො අසවල් කුලපුත්‍රයා යයි නියම නො කරන ලද, එහෙත් දේවදත්ත සඳහාම කියන ලද බව දතයුතුයි. හෙතෙමේ අසම්භින්න වූ මහා සම්මත පරපුරේ ඔක්කාක වංසයේ උපන් ජාතිකයෙකි. ඔකිණ්ණෙ යමෙකුගේ ජාතිය ඇතුළත පිවිසියේද, සේ ජාතියෙන් අවතීර්ණ නමි. ජරාදියෙහි ද මේ ක්‍රමයමැයි.
ලාභ සත්කාර ආදියෙහි ලාභො සිව්පසය සක්කාරො ඔවුන්ගේම මනාකොට ඇලීම, සිංලොකො ගුණ කීම අභිනිබ්බත්තෙති උපදවයි. අප්පඤ්ඤතානි දෙදෙනෙකු සිටින තැන නො පැනේ. බත් ආහාර පමණකුදු නො ලබති. අප්පෙ සක්ඛා මද පිරිවර ඇත්තාහු, ඉදිරියෙන් පසුපසින් යන්නකු නො ලැබ,
සාරෙන කර කරණීයං ගස් අරටුවෙන් කළයුතු බොස්ගෙඩි, රෝද, නගුල් ආදී යම්කිසිවක් සාඛා පලාසං අග්ගහෙසි බ්‍රහ්මචරියස්ස මාර්ගඵල අරටුව කොට ඇති ශාසන බ්‍රහ්ම චරියාවගේ සිව්පසය අතු කොළ, නම් එය ගත්තේ ය. තෙනච වොසානං ආපාදී එයින් මෙතෙක්ම ප්‍රමාණවත්ය. මා විසින් සාරය ලබන ලදැයි කෙළවරට පැමිණියේ වෙයි.
ඤාණදස්සනං ආරාධෙති දෙව්දත් පංච අභිඥා ලද්දේය. දිවැසද පංචාභිඥාවන්ගේ මතුයෙහි සිටියේය. එය මේ සූත්‍රයේ ඤාණදස්සන යයි කියන ලදී. අජානං අපස්සං විහරන්ති කිසි සියුම් රූපයක් නොදන්නාහු යටත් පිරිසෙයින් පාංශු පිසාචාදියෙකු ද නො දකිමින්ම වෙසෙති.
අසමය විමොක්ඛං ආරාධෙතී මේ ‘සමය විමොක්ඛය කවරේද, සිව් අරී මගයි. සතරවිධ ශ්‍රමණ ඵලයයි. නිවනයි. මේ අසමය විමොක්ඛ නම් වේ’ මෙසේ කී කල්හි නව ලොව්තුරු දහම ආරාධනය කෙරෙයි. සම්පාදනය කෙරෙයි. ලබයි. ලෞකික සමාපත්තීන්හි සමවන් සමවන් අවස්ථාවන්හි දී ම, විරුද්ධ ධර්මයන්ගෙන් මිදෙත් ද, එහෙයින් ‘සමය විමොක්ඛය’ නම් කවරේ ද, සතර ධ්‍යාන, අරූප සමාපත්ති සතර, මේ සමය විමොක්ඛ’ නම් වේ. මෙසේ සමය විමොක්ඛය කියන ලදී. ලෝකෝත්තර ධර්ම වනාහි කලින් කල නො මිදෙති. වරක් විමුක්ත වූ මාර්ග ඵලයෝ විමුක්ත වූවාහුම වෙති. නිර්වාණය අත්‍යන්තයෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ වෙයි. මේ නව ධර්මයෝ අසමය විමොක්ඛ යයි කියන ලදී.
අකුප්පා චෙතො විමුත්ති අර්හත්ඵල විමුක්තියයි. මේ සඳහා රහත්ඵලය සඳහා මේ බඹසර වෙයි. එතදත්‍ථං මෙය වනාහි බ්‍රහ්මචරියාවගේ ප්‍රයෝජනයයි කියන ලදී. එතං සාරං මේ අර්හත්ඵලය බ්‍රහ්මචරියාවගේ සාරයයි. එතං පරියොසානං මේ අර්හත්ඵලය බ්‍රහ්ම චරියාවගේ අවසානයයි. මේ කෙළවරයි. මෙයින් මත්තෙහි පැමිණිය යුත්තක් නැත. යථානුසන්ධි වශයෙන් දේශනාව නිමවිය.
මහා සාරෝපම සුත්‍ර වර්ණනාව නිමියේය.
චූළසාරොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං චූළ සාරොපම සූත්‍රයයි. එහි පිංගලකොච්ඡො ඒ බ්‍රාහ්මණ තෙමේ පිඟුවන් ශරීර වර්ණ ඇත්තේය. කොච්ඡො කොච්ඡ යනු ඔහුගේ නමයි. ඒ නිසා පිංගල කොච්ඡ නම් වූයේය. සංඝිනො ප්‍රව්‍රජිත සංඝ සමුහයක් මොහුට ඇත්තේනුයි සංඝිනො නම් වේ. ස්වකීයමය වූ එම ගණය මොහුට ඇති නිසා ගණිනො නම් වේ. ආචාර - ශික්‍ෂා ආදී වශයෙන් ඒ සමූහයාගේ ආචාර්යවරයා වශයෙන් ගණාචරිය නම් වේ. ඤාතා යනු ප්‍රසිද්ධ වූවාහු ප්‍රකට වූවාහු යන අර්ථයි. අල්පේච්ඡ බව, සතුටෙන් සිටීම, අපිස් වූ බැවින් වස්ත්‍රයකුදු නොහඳියි. ආදී වශයෙන් උස්ව නැගෙන කීර්තිය මොහුට ඇතිනුයි යසස්සිනො නම් වේ. තිත්‍ථකරා ලබ්ධි ඇතිකරන්නාහු සාධු සම්මතා මේ අය සාධුවරුය, සුන්දරය, සත්පුරුෂයෝය. මෙසේ සම්මත බැවින් බහුජනස්ස ඇසූ පිරූ තැන් නැති. අන්ධබාල පෘථග්ජනයා විසින්,
දැන් ඔවුන් දක්වමින් සෙය්‍යථිදං, පූරණො ආදිය කීහ. එහි පූරණො ශාස්තෲයයි හඳුන්වන ඔහුගේ නමයි. කස්සපො යනු ගෝතයයි. හේ එක්තරා කුලයක දාසයන් එකුන්සියය පුරවමින් උපන්නේල. එයින් ඔහුට පූරණ යන නම ලැබිණ. තව ද මංගලදාස වූ බැවින් ඔහු විසින් කරන ලද නොකටයුතු දේ හෝ නොකරන ලද්ද නොකරන ලදැයි කියන්නේ හෝ නැත. හේ කුමට මම මෙහි වෙසෙන්නෙම්දැයි පලා ගියේය. ඉක්බිති එකල්හි සොරු ඔහුගේ වස්ත්‍රය පැහැර ගත්තාහුය. හේ පාත්‍රයෙන් හෝ තෘණවලින් විලි වසන්ටද නො දන්නේ උපන් අයුරින්ම එක් ගමකට පිවිසියේය. මිනිස්සු ඔහු දැක ‘මේ මහණ රහත්ය, අල්පේච්ඡය. මොහු හා සමානයෙක් නැතැයි’ ආහාර කැවුම් බත් ආදිය රැගෙන ඔහු වෙත එළඹියාහුය. ඔහු ද මා විසින් සළුවක් නොහැඳි බැවින් මේ සත්කාර උපනැයි, එයින් පසු සළුපිළි ලැබුනද නොහඟියි. එයම පැවිද්ද කොට ගත්තේය. ඔහු සමීපයේ වෙනත් පන්සියයක් මිනිස්සු පැවිදි වූහ. පූරණ කස්සපො යන්න ඔහු සඳහා කීහ.
මක්ඛලී යනු ඔහුගේ නමයි. ගවහලක උපන් බැවින් ගොසාලක යනු ඔහුගේ දෙවෙනි නමයි. මඩ සහිත බිම තෙල් කළයක් ගෙන යන ඔහුට ස්වාමියා ‘දරුව, නො පැකිල’ කීයේල. හේ පැකිල වැටී ස්වාමියාට බියෙන් පලාගියහ. ස්වාමියා එළවාගෙන ගොස් රෙදි කොනින් ඇල්ලුවේය. හේ සළුව දමා ‘හෙළුවෙන්ම’ පලා ගියේය. ඉතිරිය පූරණ හා සමානය.