චූළහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චූලහත්‍ථිපදොපම සූත්‍රයයි. එහි සබ්බසෙතෙන වළභිරත්‍ථෙන යනු සර්වාංයම සුදු වූ වෙළඹුන් සතරදෙනෙක් යෙදූ රථයෙන්, සුදු රථය, සුදෙන් සැරසුනු පිරිවර, සුදු රැස්වලින් යුත්, සුදු සැරයටියෙන් (වේවැලින්), සුදුකුඩ, සුදු ශීර්ෂය, මුදුන, සුදු වස්ත්‍ර, සුදු පාවහන්, සුදු වල් විදුනාවන්, මෙසේ සිදු වූ රථයට මුළු සිරුරම සිදු වූ වෙළඹුන් සතර දෙනෙකු යොදා.
රථය වූ කලී දෙපරිදිය. යෝධ රථ හා අලංකාර රථ වශයෙන්, එහි යෝධ රථය නම් සිව්රැස් සටහන් ඇත්තේ වෙයි. ඉතා මහත් නො වෙයි. දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට හා හැකි වෙයි. අලංකාර රථය නම් මහත් විශාල වෙයි. දිගින් හා පුළුලින් සමන්විතය. එහි (ඡත්තග්ගාහක) සේසත් දරන්නා, සෙමෙර වල්ග දරන්නා, තල්වැට දරන්නා, ආදී වූ අට දෙනෙකුට හෝ දස දෙනෙකුට සතර ඉරියව්වලින් ම සිටීමට හැකිවෙයි. මෙය අලංකාර රථයයි. එහි සියල්ල රෝද, කූඩුව, ඒරියා කඳ ආදී සියල්ල රිදීයෙන්ම කරන ලද්දේ වෙයි. වෙළඹහු ස්වභාවයෙන්ම සුදු වූවෝ වෙති. ඔවුන්ගේ ආභරණ ද රිදීයෙන් නිමවා ඇත. රැහැන් ද, කෙවිටද රිදීමය වෙති. බ්‍රාහ්මණයා ද සුදු වස්ත්‍ර හැඳ සුදු වස්ත්‍රයක් පොරවා, සුදු විළවුන් තවරා, සුදු මල් පැළඳ සිටී. ඇඟිලිවල මුදු ද, කන්වල කුණ්ඩලාභරණ ද, ආදී වූ සියලු දෙයම සුදු පැහැ රිදීයෙන්ම බබළති. බමුණාගේ පිරිවර ජනයා ද මෙසේම තනි සුදෙන් හැඳ පෙරව, සුදු පැහැ විලවුන්, මල්දම්, ආදියෙන් අලංකාරව සැරසුනෝ වෙති. සබ්බ සෙතෙන වළභිරතෙන යන්න එහෙයින් කියන ලදී.
සාවත්‍ථියා නීත්‍යාති යනු ඔහු සෑම සයමසකටම එක් වරක් මේ අන්දමින් නුවර පැදකුණු කෙරේ. මෙයින් මෙතෙක් දිනකින් අසවල් දින නුවර පැදකුණු කරන්නේ යයි නගරය පුරා ප්‍රචාරය කරති. එය අසා නගරවැසියෝ යමෙක් නගරයෙන් පිටත නො ගියාහු ද ඔහු නොයති. නගරයෙන් පිටත ගියාහු නැවත නගරයට පිවිසෙති. යම්කිසි දවසක බමුණා නගර ප්‍රදක්‍ෂිණා කෙරේද එදින උදයේ නගරයේ පාරතොට හැමද සුදුවැලි ඉස, ලදපස්මල් හාත්පස විසුරුවා පුන්කලස් තබා, කැන් සහිත කෙසෙල්ගස් සිටුවා, කොඩිසේසත් නංවා, මුළු නගරය පුරා සුවඳදුම් අල්ලා සුගන්ධවත් කෙරෙති. බ්‍රාහ්මණයා උදේම හිස නා පෙරබත් අනුභවකොට පළමු කී ක්‍රමයෙන් සුදෙන්ම සැරසී ප්‍රාසාදයට පිවිස රථයට නගී. සුදෙන්ම සැරසුණු පිරිවර ජනයා සේසත් ගෙන ඔහු පිරිවරා ගනී. ඉක්බිති මහා ජනයා රැස්කිරීම සඳහා පළමුව තරුණ දරුවන්ට ඵලාපල විසුරුවති. ඊට අනතුරු ද මසුරන් ද කහවණු ද විසුරුවති. මහාජනයා රැස්වෙති. ඔල්වර හඬ ද, ප්‍රීතිඝෝෂා ද හිසවටා රෙදි කරකැවීමි. පිළි සිසෑරුම් පවත්වති. ඉක්බිතිව බමුණා ද ආශිර්වාද ගී ජයමගුල් ගී ගයද්දී මහත් වූ සම්පත්තියෙන් යුතුව නගරයේ සැරිසරයි. ධනවත් මිනිස්සු උඩුමහල් තලවලට නැගී දොරජනෙල් විවෘතකොට බලති. බමුණා ද තමන්ගේ යසඉසුරු ශ්‍රී සම්පත්තීගෙන් නගරය උතුරවමින් දකුණු දොරටුවට මුහුණ ලා පැමිණේ. සාවත්‍ථියා නීත්‍යාති යන්න එහෙයින් කියන ලදී.
දිවාදිවස්ස දෙවෙන් දවාලේ, මධ්‍යාහ්න කාලයේ පිලොතිකං පරිබ්බාජකං ස්ත්‍රීලිංග නාමයෙන් නම් ලද පිරිවැජියා ඒ පිරිවැජි තෙමේ තරුණ වූයේ පළමු වයම්සේ සිටියේ, රන්වන් වූයේ බුදුනට උවැටන් කරන්නෙක්ල, උදෑසනම බුදුනට ද, මහතෙරවරුනට ද උපස්ථාන කොට, වක් තුනක් වූ දණ්ඩ හා පැන්කෙණ්ඩිය ආදී සිය උපකරණ, පිරිකර රැගෙන දෙව්රමින් නික්ම නගරයට මුහුණ ලා නික්මුණෝය. මෙතෙම සමීපයේ එන බමුණා දුටුවේය.
එතදවොච යනු පිළිවෙළින් සමීපයට පැමිණියාහු හැඳින, හන්‍දකුතො නු භවං වච්ඡායනො ගෝත්‍ර නාමයෙන් අමතා මේ වචන කීය. පණ්ඩිතො මඤ්ඤෙ යනු පින්වත් වාත්ස්‍යායනය, ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් නුවණැත්තෙක් යයි සිතන්නේ ද? නැතහොත් එසේ නො සිතන්නේද, මෙසේ ඇසීය යන අර්ථයි.