ලොකෙ උපපජ්ජති යන මෙහි ලෝකය වනාහි අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකයයි තෙපරිදිය. මෙහි සත්ත්වලෝකය අදහස් කරන ලදී. තව ද සත්ත්ව ලෝකයෙහි උපදනා වූ තථාගතයන් වහන්සේ දෙලොව නූපදිති. බඹලොව නූපදිති. මිනිස්ලොවෙහිම උපදිති. මිනිස් ලොව ද අන් සක්වල නූපදිති. මේ සක්වළ ම උපදිත්. එහි ද සෑම තැනෙකම නූපදිත්. පෙරදිග කජංගල නම් නියම්ගමක් වේ. එයට පසුභාගයේ මහාසාලයෝ ද එයින් මත්තෙහි ප්රත්යන්ත ජනපදයෝ වෙති. මෙයින් මධ්යයේ ගිනිකොණ දිසාවෙහි සල්ලවතී නම් නදිය වෙයි. එයින් මත්තෙහි ප්රත්යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්යයෙහි දකුණු දෙස සේත කර්ණිකා නම් නියම්ගම වෙයි. එයින් මත්තෙහි ප්රත්යන්ත ජනපදයෝ වෙති. මෙයින් මත්තෙහි පැසුළු දෙසෙහි (බටහිර) ථූන නම් බ්රාහ්මණ ගම පිහිටියේ ය. ඔබින් මත්තෙහි ප්රත්යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්යයෙහි උත්තර දිසාවේ උසිරද්වාජ පර්වතය පිහිටියේය. එයින් මත්තෙහි ප්රත්යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්යයෙහි, යොදුන් තුන්සියයක් දිගින් වූ, පළලින් දෙසිය පනස් යොදුන් වූ, හාත්පස නවසියයක් යොදුන් වූ, මැදුම් පියසෙහි උපදියි. හුදෙක් තථාගතයන්ම පමණක් නොවෙති. පසේබුදුවරු, අග්රශ්රාවකවරු, අසූමහා ශ්රාවකවරු, බුදු පියා, බුදුමව, සක්විති රජු, අනෙක් මහා භෝග සම්පත් ඇති බ්රාහ්මණ ගෘහපතියෝ ද එහිම උපදිති.
එහි තථාගත තෙමේ සුජාතාව විසින් දුන් මිහිරි කිරි ආහාරයේ පටන්, යම්කිසි දිනක රහත් මගට පත්වේද, ඒ තාක් උපදීනම් රහත්ඵලය පැමිණි කල්හි උපන්නේ නම්, මහාභිනිෂ්ක්රමණයේ පටන් රහත්මග තෙක් හෝ තුසිත භවනයේ පටන් රහත්මග තෙක් හෝ දීපංකර පාදමූලයේ පටන් රහත්මග තෙක් හෝ යම්තාක් වේ ද, ඒ තාක් උපදී නම් රහත්ඵලය උපන්නේ නම් මෙහි සියල්ලට පළමු උපන් බව සඳහාම උපපජ්ජතී යන්න කියයි. තථාගතයෝ ලොව උපන්නේ ය යන අර්ථයි.
සො ඉමං ලොකං යනු ඒ භාග්යවත්හු මේ ලෝකය මෙවිට කිවයුත්ත නිදර්ශනය කෙරෙයි. සදෙවකං දෙවියන් සහිත වූයේ සදේවක නම් වේ. එසේ මාරයා සහිත වූයේ සමාරකං වේ. බ්රහ්මයන් සහිත වූයේ සබ්රහ්මකං වේ. ශ්රමණ බමුණන් සහිත වූයේ සස්සමණිං බ්රාහ්මණිං වේ. උත්කෘෂ්ට අන්දමින් උපන් බැවින් පජං නම් වේ. දෙව් මිනිසුන් සමග යන අරුතින් සදෙව මනුස්සං වේ. එහි සදේවක යන වචනයෙන් කාමාවචර පහේ දෙවිවරුන් ගැනේ. ‘සමාරකෙ’ යන වචනයෙන් සදෙව්ලොව කාමාවචර දෙවිවරුන් ගැනේ. ‘සබ්රහ්මක’ යන වචනයෙන් බ්රහ්මකායිකාදී බ්රහ්ම සමූහයා ද, ‘සස්සමණ බ්රහ්මණී’ යන වචනයෙන් ශාසනයට විරුද්ධ පසමිතුරු මහණ බමුණන්ගේ ගැනීම හා සමිතපාපී බාහිතපාපී මහන බමුණන්ගේ ගැනීමද වෙයි. ‘පජා’ යන වචනයෙන් සත්ත්ව ලෝකය ගැනීමද ‘සදෙව මනුස්ස’ වචනයෙන් සම්මුති දෙවියන් හා අවසේස මිනිසුන් ගැනීමද වේ. මෙසේ මෙහි පද තුනෙන් අවකාශ ලෝකය සමග සත්ත්ව ලෝකය, දෙපදයකින් ප්රජා වශයෙන් සත්ත්ව ලෝකයම ගන්නා ලදී.
වෙනත් ක්රමයකින් ද විස්තර කර ඇත - ‘සදෙව ගහණෙන’ යන්නෙන් අරූපාවචර ලෝකය ගත්තේය. ‘සමාරක ගහණෙන’ යන වචනයෙන් කාමාවචර දිව්ය ලෝක සයද, ‘සබ්රහ්මක ගහණො’ යන වචනයෙන් රූපී බ්රහ්ම ලෝකය ද ‘සස්සමණ බ්රහ්මණාදී’ යන වචනයෙන් සිව් පිරිස වශයෙන් සම්මුති දෙවිවරුන් හෝ සමග මිනිස්ලොව ද, ‘අවසෙස සියලු සත්ත්වලෝක හෝ ගන්නා ලදී.
මෙහි සදෙවක වචනයෙන් උඩත් පිරිසෙයින් සියලු ලොව පසක් කළ බව කියයි. නැවත යම් කෙනෙකුන්ට මාරතෙම මහානුභාව ඇත්තෙක. කාමාවචර ලෝක සයට අධිපතිය. ‘වසවර්තීය’ යන සිතක් වීද හෙතෙමේත් මොහු විසින් පසක් කරන ලදැයි විමතිය දුරුකරමින්, සමාරකං යනු වදාළහ. නැවත යම් අයකුට ‘බ්රහ්මතෙම මහානුභාව ඇත්තෙක. එක් ඇඟිල්ලකින් දස දහසක් සක්වළ ආලෝකය පතුරුවයි. නිරුත්තර වූ දැහැන් සමවත් සුවය ද විඳියි. කිම හෙතෙමේත් පසක් කරන ලදදැයි සිතක් වීද? ඔවුන්ගේ විමතිය දුරුකරනු සඳහා සබ්රහ්මකං යන්න වදාළහ. නැවත යමෙක් තුමූ මෙසේ සිතහුද? බොහෝ මහණ බමුණෝ ශාසනයට විරුද්ධ වූවාහු වෙති. කිම ඔවුහුත් පසක් කරන ලදද? ඔවුගේ විමතිය දුරු කරමින් සස්සමණ බ්රාහ්මණිං පජං යන්න වදාළහ. මෙසේ විශිෂ්ට වූවන්ගේ පසක් කළ බැව් ප්රකාශ කොට නැවත සම්මුති දෙවියන් ද සෙසු මිනිසුන් ද ගෙන විශිෂ්ට බෙදීම් වශයෙන් සෙසු සත්ත්ව ලෝකයා ගේ සාක්ෂාත් කළ බැව් ප්රකාශ කරමින් සදෙව මනුස්සං යනු වදාළහ. මේ මෙහි භවයන්ගේ අනුපිළිවෙළයි.
පුරාණාචාර්යයෝ වනාහි මෙසේ කීහ. සදෙවකං යනු දෙවියන් සහිත අවසේස ලෝකය, සමාරකං යනු මාරයා සහිත ඉතිරි ලෝකයයි. සබ්රහ්මකං යනු බ්රහ්මයන් සමග ඉතිරි ලෝකයයි. මෙසේ සියලු තුන් භවයට පැමිණි සත්ත්වයන් තුන් ආකාරයෙක්හිලා තුන්පදයෙක්හි ඇතුළත් කොට නැවත දෙපදයකින් ඇතුළත් කොට ගන්නාහු. සස්සමණං බ්රාහ්මණි පජං සදෙවමනුස්සං යනු කීහ. මෙසේ පස් පදයකින් හා ඒ ඒ ආකාරයෙන් තුන් ලෝකයම ඇතුළත් කළෝය.