මධුපිණ්ඩික සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු මධුපිණ්ඩික සූත්‍රයයි. එහි මහාවනං හිමවත සමග එකට බැඳුනු, රෝපණය නොකොට තෙමේ ම හටගත් ස්වාභාවික වනය විසාලාවෙහි රෝපණය කොට හැදුණු හා ස්වයංජාතව හැදුණු මිශ්‍ර වනය මෙන් නොවේ. දිවා විහාරායාති දහවල් දවස සමවතින් විසීම පිණිස බෙලුවලට්ඨිකාය තරුණ බෙලි ගසේ දණ්ඩපාණි, ජරාවෙන් දුබලවීමෙන් දඬුගත් අත් ඇත්තේ නොවේ. මොහු තරුණ වියේ ප්‍රථම වයම්සේ සිටියේය. එහෙත් සැරයටියක් ගෙන ඇවිදීමේ කැමැත්ත නිසා රන්වන් වූ සැරයටියක් ගෙන හැසිරෙති. එහෙයින් දණ්ඩපානී යයි කියන ලදී. ජංඝා විහාරං කෙණ්ඩ විඩාව දුරලනු පිණිස, ශරීර සුවය සඳහා ඇවිදීමෙන් අනුචංකමානො අනුවිචර මානො ආරාම, වන, පර්වත ආදිය දැකීම සඳහා ඔබමොබ හැසිරෙන මෙතෙම, නිතර නික්මීම් ඇති හෙයින් එක් දිනක මෙසේ නික්ම ගියේලු. දණ්ඩමොලුබ්භා කෝටුව (සැරයටිය) ඉදිරියට දිගුකරගෙන යන ගොපලු දරුවකු මෙන්, සැරයටිය ඉදිරියෙහි තබා ඒ මත දෙඅත් පිහිටුවා පිටිඅත්ල හක්කෙන් විකා එකත්පස්ව සිටියේය.
කිං වාදී කවර දෘෂ්ටි ඇත්තේද? කිමක්ඛායී කුමක් කියන්නේද? මේ රජු භාග්‍යවතුන් වහන්සේට නොවැඳ, පිළිසඳර පමණක් මැ කොට ප්‍රශ්න විචාරයි. කුමක් හෙයින්ද? දේවදත්ත පාක්ෂිකයෙක් නිසාය. දෙව්දත්හු තමන් හමුවට පැමිණෙන්නන් තථාගතයන් කෙරෙහි බිඳුවයි. හේ මෙසේ කියත්ල. ශ්‍රමණ ගෞතමයෝ අපගේ කුලය සමගින් වෛරය, අපගේ කුලයේ වැඩීම දියුණුව නො ඉවසයි. සක්විත්තෙකු විසින් පරිභෝග කටයුතු මගේ නැගණියය ද අත්හැර දමා, මෝ නසීවායි නික්ම ගොස් පැවිදි විය. මාගේ බෑනා ද සක්විති බීජයකැයි දැන, අපගේ කුලයාගේ වැඩීම සංවර්ධනය නො රුස්සන්නේ, ඔහු ද විනාශ වේවා යි සිතා ළදරු කාලයේ ම පැවිදි කරවීය. මා වූ කලී ඔවුන්ගෙන් වෙන්ව පවතින්නට නොහැක්කේ පසුව පැවිදිවීමි. එසේ පැවිදි වූ දින පටන් මා පිළිබඳව සෘජු ඇස්වලින් නො බලයි. පිරිස් මැද කථා කරන්නේ ද මහා පොරවකින් පහර දෙන්නාක් මෙන් දෙව්දත් අපායේ උපදිනෙකි යනාදිය කියමිනි. මේ ආදී වශයෙන් මේ රජු ද දෙව්දතුන් විසින් බිඳවන ලද්දකි. එහෙයින් එසේ නොවැඳ සිටියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ මේ රජ මගෙන් ප්‍රශ්න විචාරන්නේ පිළිතුරු නොදී සිටියේ යයි කියන්නට ඔහුට නුපුළුවන් වේද? යම්සේක් දෙන ලද පිළිතුරෙහි අර්ථය මොහුට නො වැටහේද? එසේ සුදුසු කොට කිය යුතු යයි සිතා යථාවාදි ඛො ආදිය වදාළේය.
එහි න කෙනචි ලොකෙ විග්ගය්හ ලොවෙහි කිසිකෙනෙකු සමග විරුද්ධ ග්රහණයෙන් යුත් කථාවක් නො කෙරේද? විවාද නො කෙරේද? තථාගතයෝ ලෝකයා සමග විවාද නො කෙරෙති. එසේ ජනයාද තථාගතයන් අනිත්‍යයයි කී කල, නිත්‍ය යයි කියමින් ද, දුක් ය, අනාත්මය, අශුභය කී කල සුවය, ආත්මය, ශුභය යයි කියමින් විවාද කෙරෙති. එහෙයින් වදාළහ. නාහං භික්ඛවෙ ලොකෙන විවදාමි ලොකො ච ඛො භික්ඛවෙ මයා විවදති මහණෙනි, මම ලෝකයා සමග විවාද නො කරමි. එහෙත් ලෝකයා මා සමග විවාද කෙරේ. න භික්ඛවෙ! ධම්මවාදී කෙනචි විවදති - අධම්මවාදී ච ඛො භික්ඛවෙ විවදති මහණෙනි, ධර්මාදී තෙම කිසිවකු සමග විවාද නො කෙරෙයි. මහණෙනි, අධර්මවාදීහු විවාද කෙරේ. යථා යම් කරුණෙකින් කාමෙහි වස්තු කාමයගෙන් ද, ක්ලේශ කාමයන්ගෙන් ද, තං බ්රාහ්මණං ඒ ක්ෂීණාශ්රව බ්‍රාහ්මණයා අකථං කථිං සැක රහිත වූවහු ඡින්න කුක්කුච්චං විපිළිසර කුකුස හා අත් පා කුකුසද, සිඳිනා ලද බැවින් පහ වූ සැක ඇත්තාහු, භවා භවෙ නැවත නැවත භවයෙහි, නොහොත් හීන ප්‍රණීත භවයෙහි, ප්‍රණීත වූ භවය වෘද්ධියට පැමිණියේ ‘අභව’ යයි කියයි. සඤ්ඤා ක්ලේස සංඥා, ක්ලේශයෝම මෙහි ‘සඤ්ඤා’ නාමයෙන් කියන ලද්දේය. එහෙයින් යම් කරුණකින් කාමයන්ගෙන් වෙන් වී වාසය කරන්නා වූ, ලෝකයෙහි විවාද රහිත වූ ඒ ක්ෂීණාශ්රව බ්‍රාහ්මණයා කෙරෙහි ක්ලේශ සංඥාවෝ නො නැගෙත් ද නො පිබිදෙත් ද ඒ කාරණය මම දනිමි යනු මෙහි අදහසයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ක්ෂීණාශ්ර භාවය දැක්වූ සේක.
නිල්ලොත්වො බැහැර කොට, ක්‍රීඩා කරවා, තිවිසාධං රේඛා තුනක් ඇති, නළාටිකං නළල රැළිගන්වා, නළලෙහි ඉරි තුන දක්වමින් දණ්ඩ මොලබ්භ සැරයටිය පෙළා, තදින් සැරයටිය පොළවේ ඇන ගියේය යන අදහසයි.