අනුමාන සූත්ර වර්ණනාව
එවම්මෙසුතං යි අනුමාණ සූත්රයයි. එහි භග්ගෙසු එනම් ජනපදයෙහි, මෙහි වචනාර්ථය කී අනුසාරයෙන්ම දතයුතු. සුංසුමාරගිරෙ එනම නගරයෙහි, ඒ නගර වස්තුව ගන්නා දිනයෙහි, නොදුරු තන්හි දිය විලක කිඹුලෙක් ශබ්ද කළේල. වචන කීයේල. එකල නගර නිර්මාණය කරන කල්හි ‘සුංසුමාරගිර’ යයි එයට නම් කළාහුය. භෙසකලා වනෙ භෙසකලා නම් වනයෙහි ‘භෙසකලා වනෙ’ යනු ද පාඨයි. මිගදායෙ ඒ පෙදෙස මුව පක්ෂීන්ට අභය දුන් තැන පිහිටියේය. එහෙයින් මිගදාය යයි කියනු ලැබේ.
පවාරෙති කැමති කරවයි. වදන්තු අවවාද අනුශාසනා වශයෙන් කියත්වා! අවවාද කෙරෙත්වා. අනුශාසනා කෙරෙත්වා! යන අර්ථයි. සොච හොති දුබ්බචො හෙතෙමේ ද දුකසේ කියයුතු වූයේ වෙයි. කියන ලද්දේ නොඉවසයි. දොවචස්ස කරණෙහි දුර්වච බව කරන්නා වූ, මත්තෙහි ආ සොළොස් ධර්මයන්ගෙන් අප්පදක්ඛිණග්ගාහි අනුසාසති යම්හෙයකින් යමක් කියන්නේ තෙපි මට කුමක් හෙයින් කියවුද? මම තමාහට කැප අකැප වරද නිවරද වැඩ අවැඩ දනිමියි කියාද, මෙතෙම අනුශාසනාව දකුණින් නො ගනීද, වමතින්ම ගනීද, එහෙයින් ‘අප්පදක්ඛිණග්ගාහී’ යයි කියනු ලැබේ.
පාපිකානං ඉචඡානං ලාමක වූ අසත් සම්භාවන ප්රාර්ථනාවන්ගේ පටිප්ඵරති ප්රතිවිරුද්ධව සතුරුව සිටී. අපසාදෙති බාල වූ, අව්යක්ත වූ තොප විසින් කියන ලද්දේ කුමක්ද? තෙපිද කිය යුතුයයි සිතූයෙහි යයි මෙසේ ගැටුම් ඇතිකරයි. පච්චාරොපෙති ඔබත් මෙනම් ඇවතට පැමිණියේ වෙහි පළමු කොට එයට පිළියම් කරවයි මෙසේ පෙරළා ආරෝපණය කෙරෙයි.
අඤ්ඤෙන අඤ්ඤං පටිචරති අනිත් කරුණකින් හෝ වචනයකින්, අනෙක් කරුණක් හෝ වචනයක් වසයි. ‘ඇවතට පැමිණියෙහි’ කී කල්හි කවරෙක් පැමිණියේද? කුමකට පැමිණියේද? කොහි පැමිණියේද? කවරෙකුට කියවුද? කුමක් කියයිදැයි කියයි. මෙබඳු වූ කිසිවක් තා විසින් දක්නා ලදදැයි කී කල්හි නො අසමියි කන හෝ එළවයි. බහිද්ධා කථං අපනාමෙති මෙනම් ඇවතට පැමිණියේ වෙහිද?යි විචාරන ලද්දේ පැළලුප් නුවරට ගියෙමියි කියා, යළිත් තොපගේ පැළලුප් නුවර ගමන නො විචාරමි. ඇවත විචාරමු කියන ලද්දේ එයින් රජගෙදරට ගියෙමියි කියයි. රජ ගෙදරට හෝ බමුණු ගෙදරට යව, ඇවතට පැමිණියේ වෙහි යි. එහිදී ඌරුමස් ලද්දේය යනාදිය කියමින් කථාව බැහැර විසුරුවයි.
අපදානෙ තමාගේ චරිතයෙහි න සමපායති ඇවැත්නි, ඔබ කොහි වෙසෙහිද? කවරක් නිසා වෙසෙයිද? හෝ මා විසින් ඇවතට පැමිණෙන්නා වූ මෙතෙම දක්නා ලදැයි’ තෙපි යමෙකුට කීයෙහිද? මෙතෙම කුමක් කෙරේද? එකල්හි තෙපි කුමක් කෙරෙහිද? යළි තෙපි කොහි වූයෙහිද? මෙතෙමේ කොහි වූයේද? හෝ මේ ආදී වශයෙන් චරිතය විචාරන ලද්දේය. සකස්කොට කියන්නට නොහැකි වෙයි.
තත්රාවුසො ඇවැත්නි, ඒ සොළොස් ධර්මයන්හි අත්තනාව අත්තානං එවං අනුමිතිතබ්බං මෙසේ තමන් විසින්ම තෙමේ ම ප්රමාණ කළයුතු, තුලනය කළයුතු, තීරණය කළයුතු
පච්චවෙක්ඛිතබ්බා ප්රත්යවේක්ෂා කළයුතු, අහො රත්තානු සික්ඛිනා දවල් ද, රෑද හික්මෙන්නාහු විසින්, රෑ ද දවල්ද කුසල්දහම්හි හික්මෙන්නාහු විසින් ප්රීති ප්රමෝදයම ඉපදවිය යුතුය යන අර්ථයි.
අච්ඡෙ වා උදපත්තෙ ති පැහැදිළි දිය බඳුනෙක හෝ මුඛ නිමිත්තං මුව පිළිබිඹුව, රජං ආගන්තුක දූවිලි, අංගණං එහි හටගත් තිලකයක් හෝ කැළලක් (ගඩුවක්) හෝ සබ්බෙපි මෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීණෙ මෙයින් සියළු ප්රහාණය වදාළහ. කෙසේද මෙතෙක් අකුසල ධර්මයෝ පැවිද්දා සුදුසු නොවෙති. ප්රත්යවේක්ෂාව උපදවන්නහුට ප්රත්යවේක්ෂා ප්රහාණය වදාරන ලද්දේය. ශීලය පදස්ථාන කොටගත් කිසුණු පිරියම් ආරම්භ කර ධ්යාන සමවත් උපදන්නහුට (විෂ්කම්භන ප්රහාණය) ධ්යාන ලැබීමෙන් පංච නීවරණ දුරුකිරීම වදාරන ලදහ. සමාපත්තිය මූලාරම්භය කොට විදර්ශනා වඩන්නහුට තදංග ප්රහාණය කියන ලදී. ඵලයට පැමිණි පැමිණි කල්හි පටිප්පස්සද්ධි ප්රහාණය (සතර ශ්රාමණ්යඵල මාර්ගයෙන් කෙලෙස් ප්රහීණ කිරීම) කියන ලදී. නිවනට පැමිණි කල්හි නිස්සරණ ප්රහාණය ද මෙසේ මේ සූත්රයෙන් සියළු ප්රහාණයන් කියන ලද්දේය.
මේ සූත්රය භික්ෂු ප්රාතිමෝක්ෂය යයි පෞරාණිකයෝ කියති. මෙය දවසට තුන්වරක් ප්රත්යවේක්ෂා කටයුතුය. උදෑසන වසන තැනට පිවිස හුන්නහු විසින් මේ මෙපමණ කෙලෙස් මට ඇත්ද නැත්දැයි සිහියෙන් කල්පනා කළ යුතුය. ඉදින් ඇතැයි දක්නේ නම්, ඔවුන්ගේ දුරලීම සඳහා වෑයම් කළ යුතුය. ඉදින් නොදකී නම් මනා පැවිද්දෙක්මි යි සතුටුවිය යුතුය. බක්කිස නිමවා රාත්රීස්ථානයෙහි හෝ දිවාස්ථානයේ හිඳ ප්රත්යවේක්ෂා කටයුතුය. සවස් යාමයේ වසන තැන සිට ප්රත්යවේක්ෂ කටයුතුය. තෙවරක් නොහැක්කේ නම්, දෙවරක් හෝ දෙවරක් නොහැක්කේ නම් එක්වරක් වත් අවශ්යයෙන්ම ප්රත්යවේක්ෂා කළ යුතුය. ප්රත්යවේක්ෂා නොකරන්ට නොවටීමයි. සෙස්ස සියලු තන්හි කියන ලද පරිද්දෙන්ම නොගැඹුරු අර්ථ ඇති වේ.