චුළදුක්ඛක්ඛන්ධ සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු චූල දුක්ඛක්ඛන්‍ධ සූත්‍රයයි. එහි සක්කෙසු එනම් ජනපදයෙහි, ඒ ජනපදය ශාක්‍යරාජ කුමාරවරුන්ගේ වාසස්ථාන වූ බැවින් ‘සක්ක’ යයි ප්‍රසිද්ධියට පත්විය. ශාක්‍යයන්ගේ උත්පත්ති කථාව අම්බට්ඨ සූත්‍රයේ ආයේමැයි. කපිලවත්‍ථුස්මිං එනම් නගරයෙහි එය වනාහි කපිල සෘෂීහුගේ නිවාසස්ථානයේ කළ බැවින් ‘කපිලවත්‍ථු’ යයි කියන ලදී. එය ගොදුරු ගම්කොට නිග්‍රෝධාරාමෙ නිග්‍රොධ නම් ශාක්‍යයෙකි. හෙතෙම ඥාති සමාගම් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩමකළ කල්හි තමන්ගේ නගරයට නුදුරුව රෝපණය කළ උද්‍යානයෙහි විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පිදීය. එම විහාරයේ වාසය කරන සේක යන අර්ථයි.
මහානාමො අනුරුද්ධ ස්ථවිරයන්ගේ සහෝදරයාය. බුදුන්වහන්සේගේ සුළුපියාගේ පුතාය. සුද්ධෝදන, සුක්කොදන, සක්කොදන, ධොතොදන, අමිතොදන යන පස්දෙන සහෝදරයෝයි. අමිතා නම් දේවිය ඔවුන්ගේ නැගනියයි. තිස්ස තෙර ඇගේ පුත්‍රයාය. තථාගතයන්ද නන්ද ස්ථවිරයන් ද, සුද්ධෝදන රජුගේ පුත්‍රයෝය. මහානාම රජුද අනුරුද්ධ ස්ථවිරයන්ද සුක්කොදන ගේ පුත්‍රයෝය. ආනන්ද ස්ථවිරයන් අමිතෝදනගේ පුත්‍රයාය. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට බාලය, මහානාමට වැඩිමහල්ය. සකෘදාගාමී ආර්ය ශ්‍රාවකයෙකි.
දීසරත්තං මාගේ සකෘදාගාමී පැමිණිම පටන් බොහෝකල් දනිමියි දක්වයි. ලොභධම්මා ලෝභ සංඛ්‍යාත ධර්මයෝ නානාවිධ ලෝභය සඳහාම කියයි. ඉතිරි දෙතැන්හි ද මෙම ක්‍රමයයි. පරියාදාය තිට්ඨන්ති ක්‍ෂය කොට සිටිත්. මේ ‘පරියාදානය’ නම් ‘සබ්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා, සබ්බං අස්සකායං, සබ්බං රථකායං, සබ්බං පත්තිකායං පරියාදියිත්‍වා ජීවන්තං යෙව න අග්ගහෙසි’ යන මෙහි ගැනීමෙහි ආයේය. ‘අනිච්ච සඤ්ඤා භික්ඛවෙ! භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදියති’ යන මෙහි ක්‍ෂය කිරීමෙහිය. මෙහි ද ක්‍ෂය කිරීම අදහස් කර ඇත. එයින් කියන ලදී. ‘පරියාදියිත්‍වාති ඛෙපෙත්‍වා’ යනු
යෙන මෙ එකදා ලොභ ධම්මාපි යම් කරුණකින් එක් කලෙක ලෝභ සංඛ්‍යාත ධර්මයෝ ද මාගේ සිත ක්‍ෂය කොට සිටිත්දැයි විචාරයි. මේ රජතෙම වනාහි සකෘදාගාමී මාර්ගයෙන් ලෝභ, ද්වේෂ, මෝහයෝ නිරවශේෂ වූවාහු ප්‍රහීණ වූ සංඥා ඇත්තේ විය. හෙතෙම මාගේ කෙලෙස් ප්‍රහීණ වූයේ ඇතැයි ද දනී. අප්‍රහීණ වූ නිසා ප්‍රහීණ වූයේ මුත් පෙරළා එන්නේ යයි හැඟීම් ඇත්තේ වේ. ආර්ය ශ්‍රාවකයන්ට මෙසේ සැකයක් උපදින්නේ ද යත්, එසේය උපදී. කවර හෙයින් ද? ප්‍රඥප්තියෙහි අදක්‍ෂ හෙයිනි. මේ ක්ලේශයෝ අසවල් මගින් නැසිය යුතු යයි මේ ප්‍රඥප්තියෙහි අදක්‍ෂ වූ ආර්ය ශ්‍රාවකයාට මෙසේ සැක උපදී. කිම, ඔහුට ප්‍රත්‍යවේක්‍ෂා නැත්ද? ඇත. එසේ වුවත් සියල්ලන්ටම එය සම්පූර්ණ වූයේ නොවෙයි. සමහරු ප්‍රහීණ වූ දේශයම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. එකක් අවශේෂ වූ ක්ලේශයමය. එකක් මාර්ගයම ය. එකක් ඵලයමය. එකක් නිර්වාණයමය. එසේ වුවත් මේ පංච ප්‍රත්‍යවේක්‍ෂාවන් අතුරෙන් එකක් හෝ දෙකක් නොලබන්නට නොවටී. මෙසේ යම් කෙනෙකුන්ට ප්‍රත්‍යවේක්‍ෂාව පරිපූර්ණ වූයේ නොවේද, ඔහුගේ මාරවධ්‍ය වූ ක්ලේශ ප්‍රඥප්තියෙහි අදක්‍ෂ භාවයෙන් මෙසේ වේ.
සො එව ඛො තෙ එම ලෝභයද, ද්වේෂය ද, මෝහය ද තොපගේ සන්තානයෙහි, අප්‍රහීණය. ඔබ වනාහී ප්‍රහීණය යන හැඟීම් ඇත්තේ යයි දක්වයි. සොච හි තෙ ඒ තොපගේ ලෝභ ද්වේෂ මෝහ ධර්මය කාමෙ දෙපරිදි වූ කාමයන් පරිභෝග නොකරන්නෙහි නම්, අප මෙන් පැවිදි වන්නෙහි යයි දක්වයි.
අප්පස්සාදා මද වූ සුව ඇත්තාහු, බහුදුක්ඛා මෙලොවදී ලබන ඵලය හා පරලොවදී ලබන ඵලය වූ දුක් රැසම මෙහි බොහෝය. බහුපායාසා මෙලොව හා පරලොවදී ලබන ඵලයන් වූ උපද්‍රවම මෙහි බොහෝය. ආදීනවො මෙලොව හා පරලොව උපද්‍රවයන් එත්‍ථ භීය්‍යො මේ කාමයන්හි ආදීනව මෙහි බොහෝය. ආස්වාදය වූ කලී හිමවත නිසා අබ ඇටයක් මෙන් අල්පය. මද වේ. ඉති චෙපි මහානාම මහානාමය, මෙසේත් ආර්ය ශ්‍රාවකයා විසින්, යථාභූතං, තත් වූ පරිදි ස්වභාව වූ, සම්මා මනාකොට න්‍යායයෙන් කාරණයෙන්, පඤ්ඤාය ප්‍රඥාවෙන් මොනවට දක්වන ලද වේයයි දක්වයි. එහි පඤ්ඤාය විදර්ශනා ප්‍රඥාවෙන් - අනාගාමී, අරහත් මාර්ග දෙකින් යන අර්ථයි.
සොච ඒ දෙමගින් දුටු කාමාදීනව ඇති ආර්ය ශ්‍රාවක තෙමේ පීති සුඛන්ති මෙයින් සප්පීතික වූ ඤාණයන් දෙක දක්වයි. අඤ්ඤං වා සතො සත්ත තරන්ති ඒ ධ්‍යාන දෙකට හෝ වඩා අතිශයින් ශාන්ත වූ, අනෙක් මත්තෙහි ධ්‍යාන දෙකද මාර්ග දෙකද, නෙව තාව අනාවට්ඨි කාමෙසු හොති ඒ දෙමග පිළිබඳ සිටියා වූ ද, ආර්ය ශ්‍රාවක තෙම චතු ධ්‍යානයන්ට හෝ මාර්ගයන්ට හෝ නො පැමිණි බැවින් ඒ තාක් කාමයන්හි නොවැටෙනසුලු වූයේ නොම වෙයි. අනාවර්තන වූයේ අනොභෝග වූයේ නොවෙයි. ආවර්තත සහිත වූයේ ආභෝග සහිත වූයේම වෙයි. කවර හෙයින්ද? සතර ධ්‍යානයෙන් විෂ්කම්භන ප්‍රහාණයාගේ ද අභාවය වන හෙයිනි.