චතුයොනිවණ්ණනා
චතස්සො ඛො ඉමෙ සාරිපුත්ත යොනියො මෙහි යොනි යනු ස්කන්ධ කොට්ඨාශයකට ද, කාරණයට ද, ප්‍රසව මාර්ගයට ද නමකි. චතස්සො නාගයොනියො චතස්සො සුපණ්ණ යොනියො ආදී තැන්වල ස්කන්ධ කොට්ඨාශයෝම යෝනි නම් වේ. යෝනි හෙසා භූමිජ ඵලස්ස අධිගමාය යන මෙහි කාරණයයි. නවාහං බ්‍රාහ්මණ බ්රෑමි යොනිජං මත්ති සම්භවං මෙහි ප්‍රසව මාර්ගය ‘යොනි’ යයි අදහස් කෙරේ. එහි බිජුවටෙහි උපන්නාහු අණ්ඩජ නම් වෙති. දළබුවෙහි උපන්නාහු ජලාබුජ නම් වෙති. වැදෑමසෙහි උපන්නාහු සංසෙදජ නම් වෙති. මේ හැර උපදින්නාහු ඕපපාතික නම් වෙති. අභිනබ්භිජ්ජ ජායන්ති බිඳ නික්මීම් වශයෙන් උපදිත්. පූති කුණාපෙවා යනාදීහු වනාහි අනිෂ්ට වූවාහුම දක්වන ලදී. එතකුදු වුවත් ඉෂ්ට වූ ද ගිතෙල් තලතෙල් - මීපැණි ආදීන්හි සත්ත්වයෝ උපදිත්මැයි.
දෙවා යනාදියෙහි චාතුර්මහා රාජිකයෙහි පටන් මත්තෙහි දෙවිවරු ඕපපාතික වෙති. භූමාටු දෙවියෝ වනාහි සිව්යෝනි වෙති. එකච්චෙව මනුස්සා මිනිසුන් අතුරෙන් කිසිවෙක්ම ඕපපාතික වෙති. මොව්හු වනාහි බොහෝසෙයින් ජලාබුජයෝමය. කුන්තක පුත්‍ර වූ දෙබෑ තෙරුන් මෙන් අණ්ඩජයෝ ද වෙත්. පියුම්ගැබ උපන් පොක්ඛරසාති බ්‍රාහ්මණ හා පද්මාවතී දේවී ආදීන් මෙන් සංසේදජයෝ ද වෙත්. විනිපාතිකයන් අතුරෙහි නිජ්ඣාම තන්භික ප්‍රේතයෝ නිරිසතුන් මෙන් ඕපපාතිකයෝමයි. සෙස්සෝ සිව්යෝනි ඇත්තාහු ද වෙති. ඔවුන් යම්සේ ද යක්ෂයෝ ද සියලු සිවුපාවුන්, පක්ෂි ජාති - දීර්ඝ ජාති ආදී වූ සියල්ලෝ සතරයෝනි ඇත්තාහුමය.
පඤ්චගතිවණ්ණනා
පංච ඛො ඉමා සාරිපුත්තගතියො යන මෙහි මනාව කළ කර්ම හා නපුරුකොට කළ කර්ම වශයෙන් යා යුතු වන්නේ යයි ගති නම් වේ. තවද ගති ගති, පවත්නා ගති, අධ්‍යාශය ගති, විභව ගති, නිෂ්පත්ති ගති යයි ගතිය බහුවිධ වන්නීය. එහි කං ගතිං පෙච්චගච්ඡාමියි ද, යස්ස ගතිං න ජානත්ති දෙවා ගන්ධබ්බ මනුස්සා යි ද, මොව්හූ ‘ගති ගති’ නමි. ඉමෙසං ඛො අහං භික්ඛුනං සීලවන්තානං නෙව ජානාමි ගතිං වා ආගතිං වා යන මොව්හූ ‘නිබ්බන්ති ගති’ නමි. එවම්පි ඛො තෙ අහං බ්‍රහ්ම ගතිඤ්ච පජානාමි චුතිඤ්ච පජානාමි යන මොව්හූ අජ්ඣාසයගති’ නමු. විභවො ගති ධම්මානං නිබ්බානං අරහතො ගති යන මොව්හු ‘විභව ගති’ නමු. දෙව එව ගතියො භවන්ති අනඤ්ඤා යන මොවුහු ‘නිපවත්තිගති’ නමු. ඔවුනතුරෙන් මෙහි ‘ගති ගති’ය අදහස් කරන ලදී.
නිරයො යනාදියෙහි ආශාවන් නැති අර්ථයෙන් ද, ආශ්වාද රහිත අර්ථයෙන් ද ‘නිරය” නම් වේ. සරසට ගියේනුයි ‘තිරච්ඡාන’ නම් වේ. ඔවුන්ගේ යෝනිය තිරච්ඡාන යෝනි වේ. ප්රේතභාවයට පැමිණියවුන්ගේ විෂයනුයි. පෙත්ති විසය නම් වේ. මනසින් උත්සන්න බැවින් මනුස්සා නම් වේ. පංචකාමයන් නිසා ද තම තමන්ගේ ආනුභාවයෙන් ද ක්‍රීඩා කෙරෙත්නුයි ද්වෙ නම් වේ. නිරයඤ්චාහං සාරිපුත්ත යනාදියෙහි නිරයො යනු අවකාශය සමග ස්කන්ධයෝයි. තිරච්ඡාන යොනිඤ්ච ආදියෙහි මෙම න්යායමැයි. මග්ගං පටිපදං යන දෙකින් ම ඒ ඒ ගතිය පිණිස පවත්නා වූ කර්මයම දක්වයි. යථා පටිපන්නො යම් මාර්ගයකින් යම් ප්‍රතිපදාවකින් පිළිපන්නේ යයි දෙකම එකක් වශයෙන් ගෙන දක්වයි. අපායං යනාදියෙහි වැඩීම් වශයෙන් හෝ සුව විදීම් වශයෙන් අයයෙන් පහවූ බැවින් අපාය නම් වෙයි. දුකට ගතිය පිළිසරණනුයි දුග්ගති නමි. දුෂ්කර කාර්යයන් මෙහි විවසව වැටෙත්නුයි විනිපාත නමි. නිබ්බාණඤ්චාහං යන මෙහි හුදෙක් ගතියම නොවේ. ගති නිස්සරණය (ගතියෙන් වැළකීම) වූ නිවන ද දනිමියි දක්වනු පිණිස වදාළහ. මෙහි මග්ගො, පටිපදා යන දෙකින්ම ආර්ය මාර්ගයම කියන ලද්දේය.
ඤාණප්පවත්තාකාරවණ්ණනා
දැන් කියන ලද ස්ථානයන්හි තමන්ගේ ඤාණය පවත්නා ආකාරය දක්වන්නේ ඉදානි සාරිපුත්ත ආදිය කීහ.
එහි එකන්ත දුක්ඛාති නිත්‍යයෙන් දුක් වූ නිරන්තරයෙන් දුක් වූ තිප්පා බහුල වූ, කටුකා රළු වූ සෙය්යථාපි යනාදිය සමානකම දැක්වීම පිණිස වදාරණ ලදී. එහි කාසූ යන්නෙන් වළඳ රැස ද කියනු ලැබේ.
කින්නු සන්තර මානොව - කාසු බණසි සාරථි
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං කාසුයා කරිස්ස සි
පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං කාසුයා කරිස්ස සි
එම්බා රියැදුර, කුමක් හෙයින් වළ සාරයිද? යහළුව, වළෙන් ඔබට කවර ප්‍රයෝජනයක් දැයි අසන මට පිළිතුරු දෙනු මැනවි.
මෙහි කාසු නම් ආවාටයයි වළයි.
අංගාර කාසුං අපරෙ පුණන්ති, නරා රුදන්තා පරිදඩ්ඪ ගත්තා
අනෙක් මිනිස්සු හඬන්නාහු හාත්පසින් දැවුණු සිරුරු ඇත්තාහු අඟුරු රැස විසුරුවත්.
එහි ‘කාසු’ නම් රාශියයි. මෙහිද ආවාට ‘වළ’ අදහස් කරනු ලැබේ. එහෙයින් කියන ලදී. සාධික පොරිසං පුරංගාරානං යනු අධිකයක් සහිත වූ පුරුෂ ප්‍රමාණය මොහුට ඇත්තේනුයි සාධික පොරිසං පුරංගාරානං යනු වේ. අතිරේක වූ පස්රියනක් යනු අර්ථයි. විච්චිකානං වීතධුමානං යන මෙය පරිදාහයේ බලවත් බව දැක්වීම පිණිස කියන ලදී. ගිනිසිල හෝ දුම ඇති කල්හි වාතය හටගනී. එහෙයින් පරිදාහය බලවත් නොවේ. සම්ම පරතො ග්‍රීෂ්මය අනුව ගියේ තසිතො යනු හටගත් තෘෂ්ණා ඇත්තේ, පිපාසිතො දිය බොනු කැමැත්තේ, එකාසනො මග්ගො නාති එකම මගකින්ම. පිළිවෙළින් යා යුතු වූ දෙපැත්තෙන්ම නිරතුරුවම කටු රුක්වලින් ගහණ වූ පණිධායා අඟුරුවල ප්‍රාර්ථනාවක් නැත්තේම ය. අඟුරුවළ අරභයා ඉරියව් පිහිටවන ලද බැවින් මෙසේ කියන ලදී.