2. ආහාර වාරය
සාධාවුසො ති ඛො -පෙ- ආගතො ඉමං සද්ධමමං යනු මෙසේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ කුසලාකුසල මුඛයෙන් කළ චතුරාර්ය සත්‍ය දේශනාව අසා, ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ එම දෙසුම සාධාවුසො යන වචනයෙන් ඒ භික්‍ෂූහු අභිමුඛව පිළිගෙන මෙම වචනයාගේම හේතුවෙන් හටගත් සිතින් අනුමෝදන්ව වචනයෙන් පිළිගෙන, සිතින් ද ප්‍රියකොට යයි කියන ලද වෙයි. දැන් යම්හෙයකින් තෙරුන්වහන්සේ සිවුසස් දෙසුම් දෙසන්ට සමර්ථ වේද, වදාළේ මැනො. සාරිපුත්තො භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්‍ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං යනුවෙන්, නැතහොත් මත්තෙහිද දේශනා කරනු කැමතිව එත්තාව තාපි ඛො යයි වදාළාහුද, එහෙයින් වෙනත් ක්‍රමයකින් සත්‍ය දේශනාව අසනු කැමති වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන් මත්තෙහි ප්‍රශ්න විචාළාහුය. එහෙයින් තමන් වහන්සේම විචාර විසඳූ ප්‍රශ්නයන් මත්තෙහි සියා ඛො පනාවුසො අඤ්ඤොපි පරියායො අනෙකුදු කරුණක් වන්නේ දැයි මේ ක්‍රමයෙන් අන්‍ය වූ අතිරේක වූ ප්‍රශ්නයක් විචාළාහුය. නොහොත් පළමු ප්‍රශ්නයට මතු භාගයෙහි විචාළාහු යයි කියන ලද්දේ වෙයි.
ඉක්බිති ඔවුන්ට ප්‍රකාශ කරන්නා වූ තෙරණුවෝ සියා ආවුසො ආදිය වදාළහ. එහි මෝ අනුත්තාන (අප්‍රකට) පද වර්ණනාවයි. ආහාරං, ප්‍රත්‍යය, යම්හෙයකින් ප්‍රත්‍ය තෙමේ තමාගේ ඵලය එලවාද එහෙයින් ‘ආහාර’ යයි කියනු ලැබේ.
භූතානං වා සත්තානං යනාදියෙහි භූතා යනු හටගත්තාහු උපන්නා වූ. සම්භවෙසීනං යමෙක් තුමූ සම්භවය ජාතිය නිෂ්පත්තිය සොයත් ද ගවේෂණය කෙරෙත් ද එහි සිව්යෝනින් අතුරෙහි අණ්ඩජ ජලාබුජ සත්ත්වයෝ අණ්ඩකෝෂය ද වස්ති කෝෂය ද යම්තාක් නොබිඳිත් ද ඒතාක් සම්භවෙසි නම් වෙති. අණ්ඩ කෝෂය ද වස්ති කෝෂය ද බිඳ පිටත නික්මුණාහු භූතයෝ නම් වෙති. සංසේදජයෝ ද ඕපාතිකයෝ ද පළමු චිත්තක්‍ෂණයෙහි සම්භවෙසි නම් වේ. දෙවන චිත්තක්‍ෂණයේ සිට භූත නම් වේ. යමෙක් හෝ යම් ඉරියව්වකින් උපදිත්ද යම්තාක් එම ඉරියව්වෙන් අන් ඉරියව්වකට නොපැමිණෙත් ද ඒ තාක් සම්භවෙසි නම් වෙති. එයින් මත්තෙහි භූත නම් වෙති.
නොහොත් භූතා යනු හටගත්තා වූ උපන්නා වූ යමෙක් තුමූ හටගත්තාහුම වෙත්ද, නැවත නොහට ගන්නාහු යන සංඛ්‍යාවට යෙත්ද, ඒ ක්‍ෂීණාශ්‍රවයන්ටද මේ නමකි. සම්භවය එෂණය කෙරෙත්නුයි සම්භවෙසි නම් වෙති. ප්‍රහීණ නොකළ කෙලෙස් ඇති බැවිනි. භව සංයෝජන ඇති බැවිනි. මත්තෙහි සම්භවය සොයන්නා වූ සෙඛ - පුථුජ්ජනයන්ට මේ නමකි. මෙසේ මේ දෙපදයෙන් සර්වප්‍රකාරයෙන්ම සියලු සත්ත්වයන් ඇතුළත්කොට ගනිති. මෙහි වා ශබ්දයද, සම්පිණ්ඩනාර්ථය එහෙයින් භූතයන්ගේ ද සම්භවෙසීන්ගේ දැයි මේ අර්ථ දතයුතු.
ඨිතියා, ඨිතිය (නැවතී සිටීම පිණිස අනුග්ගහාය අනුග්‍රහය පිණිස උපකාරය පිණිස මෙහි වචන භේදයම වෙයි. අර්ථය වූ කලී දෙපදයාගේ එකක්මය. නැතහොත් ඨිතියා, ඒ ඒ සත්ත්වයා හට උපන් ධර්මයන් අනුව බැඳීම් වශයෙන් නොසිඳීම පිණිස, අනුග්ගහාය නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස මේ දෙකම භූතයන්ගේ පැවැත්ම හා අනුග්‍රහය පිණිස ද, සම්භවෙසීන්ගේ පැවැත්ම හා අනුග්‍රහය පිණිසදැයි මෙසේ දෙතැන්හි (අර්ථය) දතයුතුයැ.
කබළිංකාර ආහාරය
කබළිංකාරො ආහාරො යනු කැබලිකොට ගිලිය යුතු ආහාරය. බත් කැවිලි ආදිය වස්තුකොට ඇති ඕජාවට මේ නමකි. ඔදාරිකො වා සුබුමො වා වස්තූන්ගේ ඕලාරික බැවින් ඕලාරික වූ වස්තූන්ගේ සියුම් බැවින් සියුම් වූ, එතකුදු වුවත් ස්වභාවයෙන්ම සියුම් රූපයට ඇතුළත් බැවින් කවලාකාර ආහාරය සියුම්ව වෙයි. එබැවින් ඕජා තොමෝ ද ඒ වස්තූන්ගේ ඕලාරික බවද සියුම් බවද පිළිවෙලින් ගෙන දතයුත්තීය.
ඒ එසේමැයි. කිඹුලන්ගේ ආහාරයට සමාන කරන විට මොනරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහි ගල් ගිලිති. ඒවා ඔවුන්ගේ කුසට පැමිණියේ දියවී යයි. මොනරු සර්ප ගෝනුසු ආදී ප්‍රාණින් කත්. මොනරුන්ගේ ආහාරය හා සමාන කරනවිට වලසුන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු හැරදමන ලද තුන් අවුරුදු වූ ද හැරදමන ලද අං හා ඇට කත්, ඔවුන්ගේ කෙලවලින් තෙමුණු ඇසිල්ලෙහි අල මුල් මෙන් මෘදුවෙත්. වලසුන්ගේ ආහාරය හා සමාන කරනවිට ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු වනාහි නොයෙක් රුක් අතු කති. ඇතුන්ගේ ආහාරය හා සමාන කරනවිට ගවර, ගෝණ, මුව ආදීන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු නිසරු වූ නොයෙක් ගස්වල කොල ආදිය කති. ඔවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ඒ ගවයෝ අමු වූද, වියලුණා වූද තණ කති. ඔවුන්ගේ ආහාරයට වඩා සාවුන්ගේ ආහාරය සියුම් වේ. සාවුන්ගේ ආහාරයට වඩා පක්‍ෂීන්ගේ ආහාරය සියුම් වෙයි. පක්ෂීන්ගේ ආහාරයට වඩා පසල්වැසියන්ගේ ආහාරය සියුම් වෙයි. පසල්වැසියන්ගේ ආහාරයට වඩා ගම්මුදලින්ගේ ආහාරය සියුම් වෙයි. ඔවුන්ගේ ආහාරයට වඩා රජමහ ඇමතියන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුගේ ආහාරය සියුම් වෙයි. සක්විති රජුගේ ආහාරයට වඩා බූමාටු දෙවියන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා චාතුර්මහාරාජිකයන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා මෙසේ පරනිර්මිත වසවර්තීන්ගේ ආහාරය දක්වා විස්තර කටයුතුයැ. ඔවුන්ගේ ආහාරය වනාහි සියුම් යයි කියාම මෙය නිමාවට පැමිණියේ වෙයි.