15. අවිජ්ජා වාරය
අවිජ්ජා වාරයෙහි, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සත්ය විෂයෙහි නොදැනීමයි. මෙය මෝහයට නමකි. සමුදයේ අඤ්ඤාණං යනාදි තන්හි මෙම ක්රමයමයි. ඔවුනතුරෙහි කරුණු සතරකින් දුක්ඛ සත්යයෙහි නොදැන්ම දතයුතුයි. ඇතුළත් වීම් වශයෙන් ද වස්තු වශයෙන් ද අරමුණු වශයෙන්ද වැසීම් වශයෙන්දැයි කියායි. ඒ එසේමැයි. එම දුක්ඛයෙහි නොදැනීම දුක්ඛ සත්ය පරියාපන්න බැවින් දුක්ඛ සත්යයෙහිම ඇතුළත් වේ. දුක්ඛ සත්යද ඊට නිශ්රය ප්රත්ය වශයෙන් වස්තු වෙයි. ආරම්මණ ප්රත්යභාවයෙන් අරමුණු වෙයි. දුක්ඛයෙහි එය පටිච්ඡාදනය කෙරෙයි. එය දුක්ඛයාගේ අවිරීත වූ ලක්ෂණ ප්රතිවේධය වැළකීම් වශයෙන් ඒ දුක්ඛයෙහි ඤාණයාගේ පැවැත්මද නොදීම් වශයෙන් ද වේ.
සමුදය සත්යයාගේ නොදැන්ම කරුණු තුනකින් දතයුතුය. වස්තු වශයෙන් ද, අරමුණු වශයෙන් ද, පටිච්ඡාදන වශයෙන්දැයි කියායි. නිරෝධ සත්යයෙහි ද, මාර්ග සත්යයෙහි ද නොදැනී පටිච්ඡාදන වශයෙන් එකම කරුණකින් දතයුතුයැ. නිරෝධ මාර්ගයන්ගේ පටිච්ඡාදනයම නොදැනීම වෙයි. ඒ නිරෝධ මාර්ගයන්ගේ අවිපරීත වූ ලක්ෂණ ප්රතිවේධය වැළකීම වශයෙන් ද නිරෝධ මාර්ගයන්හි ඥානයාගේ පැවැත්ම නොදීම් වශයෙන් ද වෙයි. එම අඤ්ඤාණය එහි ඇතුළත් වූයේ නොවෙයි. එම සත්ය දෙකෙහි අපරියාපන්න බැවිනි. එම නොදැන්මම එම සත්ය දෙක වස්තු වූයේ නොවෙයි. සහජාත නොවූ බැවිනි. අරමුණු වූයේ නොවෙයි. එම සත්ය දෙක අරභයා නොපවත්නා බැවිනි. පශ්චිම වූ නිරෝධ-මාර්ග සත්ය දෙක ගම්භීර බැවින් දක්නට දුෂ්කර වෙයි. එහි අන්ධ වූ නොදැක්ම නො පවතී. පූර්ව වූ (දුක්ඛ-සමුදය) සත්ය දෙක, විරුද්ධාර්ථයෙන් ස්වභාව ලක්ෂණ තමා දැකීමට දුෂ්කර බැවින් ගම්භීර වෙයි. එහි විපර්යාස ග්රාහ වශයෙන් (නොදැනීම) පවතී.
තව ද දුක්ඛ යයි මෙතෙකින් සංග්රහ වශයෙන් ද, වස්තු වශයෙන්ද වස්තු වශයෙන් ද, ආරම්මණ වශයෙන් ද කෘත්ය වශයෙන්දයි අවිජ්ජාව දත්වන ලදීය. දුක්ඛ සමුදයෙ යයි මෙතෙකින් වස්තු වශයෙන් ද ආරම්මණ වශයෙන් ද, කෘත්ය වශයෙන් ද (අවිජ්ජාව) දක්වන ලද්දීය. දුක්ඛ නිරෝධෙ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය යයි මෙතෙකින් කෘත්ය වශයෙන් (අවිජ්ජාව) දක්වන ලදී. අවිශේෂයෙන් වනාහි අඤ්ඤාණං යන මෙම වචනයෙන් ස්වභාව වශයෙන් (අවිජ්ජාව) දක්වන ලද්දීයයි දතයුත්තීය. ආසව සමුදයා යන මෙහි කාමාසව, භවාසවයෝ සහජාතාදීන්ගේ වශයෙන් අවිජ්ජාවට ප්රත්ය වෙයි. අවිජ්ජාසවය උපතිස්සය වශයෙන් ප්රත්ය වෙයි. තව ද මෙහි පළමු උපන් අවිජ්ජා තොමෝ අවිජ්ජාසවයයි දතයුත්තීයැ. ඕ තොමෝ පසුව පසුව උපන් අවිජ්ජාවට උපනිස්සය ප්රත්ය වෙයි. සෙස්ස කියන ලද ක්රමයමැයි.
16. ආසව වාරය
අවිජ්ජා සමුදයා යන මෙහි, අවිජ්ජා තොමෝ කාමාසව, භවාසවයන්ට සහජාතාදීන්ගේ වශයෙන් ප්රත්ය වෙයි. අවිජ්ජාසවයට උපතිස්සය වශයෙන් ප්රත්ය වෙයි. තව ද මෙහි පසුව උපන් අවිජ්ජා තොමෝ අවිජ්ජාව නම් වේ. පළමු උත්පත්ති අවිජ්ජාවමයි. ඕ තොමෝ පසුව උපන් අවිද්යාශ්රවයට උපනිශ්රය ප්රත්යය වෙයි. සෙස්ස කී නයමැයි.
මේ ආසව වාරය තෙම පටිච්ච සමුප්පාදයෙහි ප්රධාන වූ අවිජ්ජාවක් වන්නීද ඒ අවිජ්ජාවගේද ප්රත්යය දැක්වීම් වශයෙන් වදාරණ ලද්දේය. මෙසේ වදාල මේ වාරය හේතුකොට සංසාරයාගේ නොදත හැකි අග්රය ඇතිබැව්, පැහැදිලි වූවා වෙයි. කෙසේද යත්, ආසව සමුදයෙන්ම අවිජ්ජා සමුදය වෙයි. මෙසේ ආසවයෝ අවිජ්ජාවට ද අවිජ්ජාව ආසවයන්ට ද ප්රත්යය වේයයි දක්වා අවිද්යාවන්ගේ පූර්වකෝටිය නොපැනෙයි. එම පූර්වකෝටිය නොපෙනෙන බව නිසා සංසාරයාගේ නොදතහැකි අග්ර ඇති බව සිද්ධවූවා වෙයි.
මෙසේ මෙම සූත්රයෙහි මේ සියල්ලම කම්මපථ-ආහාර-දුක්ඛ-ජරා මරණ-ජාති-භව-උපාදාන-තණ්හා-වෙදනා-ඵස්ස-සළායතන-නාමරූප-විඤ්ඤාණ-සංඛාර-අවිජ්ජා සහ ආසව යනුවෙන් සොළොස් වාරයක් වදාළහ.
එක එක වාරය සංඛෙප, විත්ථාර යයි දෙපරිද්දකින් සිටි බැවින් දෙතිස් තැනක් වෙයි. මෙසේ මේ සූත්රයෙහි දෙතිස් තන්හි චතුරාර්ය සත්යය වදාරණ ලද්දාහුය.
මොවුන්ගේ විස්තර වශයෙන් වදාළ සොළොස් තන්හි රහත් බව වදාරණ ලදී. තෙරුන් වහන්සේගේ බුද්ධියෙන් දෙතිස් තන්හිම චතුරාර්ය සත්යය ද සතර මගද වදාරණ ලදහ. මෙසේ හෙයින් සියලුම පංච නිකායෙහි සංග්රහ කරන ලද චතුරාර්ය සත්යයන් දෙතිස් වරක් රහත් බවත් වදාරණ ලදද, මේ සම්මා දිට්ඨි සූත්ර හැර එබඳු සූත්රයක් නැත්තේය.
ඉදමවොචායස්මා සාරිපුත්තො යනු දෙතිසක් චතුසචච පරියායන්ගෙන් ද, දෙතිස් රහත්ඵල පරියායන්ගෙන් ද සූසැට කරුණකින් සරසා සැරියුත් තෙරණුවෝ මේ සම්මා දිට්ඨි සූත්රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු සැරියුත් තෙරුන්ගේ භාෂිතය අනුමෝදන් වූවාහුය. මොනවට පිළිගත්තාහුය.
සම්මා දිට්ඨි සූත්ර වර්ණනාව නිමි.
සතිපට්ඨාන සූත්ර වර්ණනාව
එවං මෙසුතං යනු සතිපට්ඨාන සූත්රයයි.
කුරු ජනපදය
කුරුසු විහරති, කුරුනම් දනව් වැසි රාජ කුමාරයෝයි. ඔවුන්ගේ නිවාස වූ එක් ජනපදයක්ද රූඪී (අන්වර්ථ නොවූ ශබ්ද වශයෙන් කුරු යයි කියනු ලැබේ. එම කුරු ජනපදයෙහි යන අර්ථයි. අටුවා ඇදුරෝ වූකලී මෙසේ කීහ. මන්ධාතු රජුගේ කාලයෙහි පූර්ව විදේහ ආදි වූ තුන් දිවයින්හි මනුෂ්යයෝ-දඹදිව නම් බුදු-පසේබුදු-මහසවු-සක්විති ආදි වූ උතුම් පුරුෂයන්ට උත්පත්ති භූමි වූ උතුම් දිවයිනකි යිද ඉතා සිත්කළු යයි අසා සත්රුවන් පෙරටුකොට සතර දිවයින්හි පිළිවෙලින් හැසිරෙන්නා වූ මන්ධාතු සක්විති රජු සමග පැමිණියාහුය. ඉක්බිති රජතුමා පරිණායක රත්නය විචාළේය.