ආකඞ්ඛෙය්ය සූත්ර වර්ණනාව
එවං මෙසුතං යනු ආකංඛෙය්ය සූත්රයයි. එහි සම්පන්නසීලා යනු සම්පන්නය ත්රිවිධ වෙයි. පරිපුණ්ණ, සමංගි, මධුර වශයෙනි. එහි
සම්පන්නං සාලිකෙදාරං සුවාභුඤ්ජන්ති කොසිය
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නං වාරෙතු මුස්සහෙ’ති
පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නං වාරෙතු මුස්සහෙ’ති
(කොසියගෝත්ර ඇත්ත, පරිපූර්ණ වූ හැල්කෙත ගිරවූ කති. බ්රාහ්මණය, තට දන්වමි. එය වලක්වන්ට උත්සාහ නොකරමි.)
මෙය පරිපුණ්ණ සම්පන්න නම් වේ. ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතොහොති, සමුපෙතො උපාගතො සමූපාගතො උප්පන්නො සම්පන්නො, සමන්නාගතො යනු මෙය සමංගි සම්පන්න නම් වෙයි.
ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්යථාපි ඛුද්දං මධුං අනෙලකං එවමස්සාදං යනු මෙහි මධුර සම්පන්න නම් වේ. මෙහි වනාහි පරිපුණ්ණ සම්පන්නය ද සමංගි සම්පන්නයද වටී. එහෙයින් සම්පන්නසීලා යනු පිරිපුන් සිල් ඇත්තාහු වූවාහු යයි ද, සීලයෙන් සමන්විත වූවාහු යයිද මෙහි අර්ථය දතයුතුය. සීලං යනු කිනම් අර්ථයෙන් සීල නම් වේද? සීලනාර්ථයෙන් සීලනම් වේ. මෙහි විස්තර කථාව විසුද්ධි මාර්ගයෙහි කියන ලදීය.
එහි පරිපුණ්ණසීලා, පරිපූර්ණ සිල් ඇත්තාහු යන අර්ථයන් ක්ෂේත්රදෝෂ පහවී යාමෙන් ක්ෂෙත්රයාගේ පිරීම මෙන් සීල දෝෂ පහවී යාමෙන් ශීලයාගේ පිරීම කියන ලද්දේ වෙයි. එය එසේමැයි. බීජඛණ්ඩ, වප්පඛණ්ඩ, උදක ඛණ්ඩ, ඌසඛණඩ යන සතර දෝෂයන්ගෙන් යුත් කෙත අසම්පූර්ණ වූයේ වෙයි.
එහි බීජ ඛණ්ඩය නම් යම්තැනක අතරින් අතර බීජයෝ නැසුනාහු හෝ කුණු වූවාහු වෙත් ද එහි බීජ යම්තැනෙක වැටෙත් ද ශස්යය නොනගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
වප්පඛණ්ඩය නම් යම්තැනක අදක්ෂයෙක් තෙම බීජ ඉසින්නේ, අතරින් පතර නොහෙළාද, මෙසේ කල්හි සියලු තැන ශස්ය නොනගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
උදක ඛණ්ඩ නම්, යම්කිසි තැනක ජලය බොහෝ වූයේ වේද, නොවූයේ හෝ වේද, එහිද ශස්යයෝ නොනගිති. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
ඌසඛණ්ඩ නම්, යම් කෙතක ගොවිතෙම කෙතෙහි කිසි පෙදෙසක් නගුලෙන් සතර පස්වරක් සාන්නේ ඉතා ගැඹුරු කෙරේ ද? එහෙයින් කරමැටි උපදීද එහි ශස්ය නො නගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි. එබඳු කෙතද මහඵල වූයේ නොවෙයි. මහත් ආනිශංස ප්රයෝජන) ඇත්තේද නොවේ. එහි වනාහි බොහෝ වපුරා ස්වල්පයක් ලබති. මෙම සතර දෝෂයන්ගෙන් මිදුන කෙත පරිපුණ්ණ වූයේ වෙයි. එවන් කෙත මහත් ප්රතිඵල ඇත්තේ වෙයි. මහත් ප්රයෝජන ඇත්තේ වෙයි.
සීල දෝෂ
මෙපරිද්දෙන් ඛණ්ඩ, ඡිද්ද, සබල, කම්මාස යන සතර දෝෂයන් සහිත සීලය අපරිපූර්ණ සීලය වේ. එවැනි සීලය මහත්ඵල මහානිසංස නොවේ. මෙම සතර දෝෂයන්ගේ පහව යාමෙන් සීලය පරිපූර්ණ වූයේ වෙයි. එවැනි සීලය මහත්ඵල මහානිශංස ඇත්තේ වේ.
සීලසමංගිනො යන මේ අරුතින් සීලයෙන් සමන්විත වූවාහු රැස්වීමට ගියාහු, සමන්නාගත වූවහු වී වාසය කරවු යන මෙය කියන ලද්දේ විය. එහි කරුණු දෙකක් නිසා සීලයෙන් සම්පූර්ණ බව වෙයි. සීල විපත්තියේ ආදීනව දැකීමෙන් ද, සීල සම්පත්තියේ ආනිශංස දැකීමෙන්ද යන කරුණු දෙකෙනි. මෙම දෙකරුණම විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලදි.
එහි සම්පන්නසීලා යන මෙතෙකින් භාග්යවතුන් වහන්සේ චතුපාරිසුද්ධි සීලය උදෙසා පාතිමොක්ඛ සංවර සංවුතො යන මෙයින් එහි ජ්යෙෂ්ඨ සීලය විස්තර කොට දැක්වූ සේකැයි දීපවිහාරවාසී සුම්ම ස්ථවිර තෙම කීය. උන්වහන්සේගේ අතවැසි වූ ත්රිපිටක ‘චූලනාග’ ස්ථවිර තෙම මෙසේ කීය. දෙතැන්හිම භාග්යවතුන් විසින් ප්රාතිමෝක්ෂ සංවරය වදාරණ ලද්දේය. ඒ එසේමයි. ප්රාතිමෝක්ෂ සංවරයම සීලයයි. අන්ය වූ (ඉන්ද්රිය සංවර ආදි) තුන සීලය යයි කී තැනෙක්නම් ඇතැයි නොපිළි ගනිමින් මෙසේ කීය. ඉන්ද්රිය සංවරය නම් සදොර රැකීම පමණක්මයි. ආජීව පාරිසුද්ධිය දැහැමෙන් සෙමෙන් ප්රත්යය ඉපදවීම, පමණි. ප්රත්ය සන්නිශ්රිතය ලැබූ ප්රත්යයන් මේ පිණිස යයි පස්විකා පරිභෝග කිරීම පමණය. නිස්පර්යායයෙන් වෙනස් නොකළ හැකි අර්ථයෙන් ප්රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. යමෙකුගේ ඒ ප්රාතිමෝක්ෂ සංවර සීලය බිඳුනේ ද, හිස සුන් පුරුෂයෙකු සෙසු හස්තපාදයන් රකින්නේ යයි නොකිය යුත්තේය. යමෙකුගේ ප්රාතිමෝක්ෂ සංවරය නිරුපද්රිතද මෙතෙම නොසුන් හිස් ඇති පුරුෂයෙකු මෙන් ජීවිතය ද සෙසු අවයවද ප්රකෘතිමත් කොට රකින්නට සමර්ථ වෙයි. එහෙයින් සම්පන්න සීලා යන මෙයින් ප්රාතිමොක්ෂ සංවරය උදෙසා සම්පන්න පාතිමොක්ඛා යි ඊටම පර්යාය වචන වදාරා එය විස්තරකොට දක්වන්නාහු පාතිමොක්ඛ සංවර සංවුතා යනාදිය වදාළ සේක.
එහි පාතිමොක්ඛ සංවර සංවුතා ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූවාහු, ආචාර ගොචර සම්පන්නා ආචාරයෙන් ද ගෝචරයෙන් ද යුක්ත වූවාහු, අණුමත්තෙසු අල්පමාත්ර වූ, වජ්ජෙසු අකුසල ධර්මයන් භයදස්සාවි භය දක්නා සුළු වූවාහු සමාදාය, මනාකොට ගෙන, සික්ඛථ, සික්ඛාපදෙසු ශික්ෂාපද අතුරෙහි ඒ ඒ ශික්ෂාපද සමාදන්ව, හික්මෙවු. යළිදු, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යන කිසියම් ශික්ෂාපදයන්හි, ශික්ෂාපද කොට්ඨාශයන්හි හික්මිය යුතුය. කායික හෝ වාචසික හෝ ඒ සියල්ල මනාව ගෙන හික්මෙවු යනු මෙහි සංක්ෂෙප යයි. විස්තර වශයෙන් පාතිමොක්ඛ සංවර ආදි පදයන් විසුද්ධි මග්ගයෙහි කියනු ලද්දාහු වෙති.
ආකංඛෙය්ය චෙ යනු කුමක් හෙයින් අරඹන ලද්දේද? සීලානිශංස දක්වනු පිණිසය. ඉදින් අළුත පැවිදි වූවන්ට හෝ නැණ හීනයන්ට හෝ මෙබඳු සිතක් වන්නේ නම් භාග්යවතුන් වහන්සේ සිල් පුරවු සිල් පුරවා යයි වදාරති. සිල් පිරීමෙහි අනුසස් කවරේද, විශේෂය කවරේද, වැඩීම කවරේද, ඔවුන්ගේ සත්තරස (දාහතක්) ආනිශංස දක්වන්ට මෙසේ වදාළහ. මෙපරිද්දෙන් සබ්රම්සරුන්ට ප්රියමනාපතාදී ආශ්රවයන් නැතිකිරීම අවසන්කොට ඇති, අනුසස් අසාද සිල් පුරන්නාහු නම් ඉතා මැනවැයි කියායි. විෂකණ්ටක වානිජයා මෙනි (විසකණ්ටක=උක්සකුරු)