සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව
එවං මෙසුතං යනු සතිපට්ඨාන සූත්‍රයයි.
කුරු ජනපදය
කුරුසු විහරති, කුරුනම් දනව් වැසි රාජ කුමාරයෝයි. ඔවුන්ගේ නිවාස වූ එක් ජනපදයක්ද රූඪී (අන්වර්ථ නොවූ ශබ්ද වශයෙන් කුරු යයි කියනු ලැබේ. එම කුරු ජනපදයෙහි යන අර්ථයි. අටුවා ඇදුරෝ වූකලී මෙසේ කීහ. මන්ධාතු රජුගේ කාලයෙහි පූර්ව විදේහ ආදි වූ තුන් දිවයින්හි මනුෂ්‍යයෝ-දඹදිව නම් බුදු-පසේබුදු-මහසවු-සක්විති ආදි වූ උතුම් පුරුෂයන්ට උත්පත්ති භූමි වූ උතුම් දිවයිනකි යිද ඉතා සිත්කළු යයි අසා සත්රුවන් පෙරටුකොට සතර දිවයින්හි පිළිවෙලින් හැසිරෙන්නා වූ මන්ධාතු සක්විති රජු සමග පැමිණියාහුය. ඉක්බිති රජතුමා පරිණායක රත්නය විචාළේය.
මිනිස්ලොවට වඩා ඉතා රමණීය තැනක් ඇත්දෝහෝයි කියා
දේවයිනි කුමක් හෙයින් මෙසේ කියහුද,
[incorrect trans]
මොවුන්ගේම වාසස්ථානය වූ සිව්මහරජය, මීට වඩා රමණීය වූයේ නොවේදැයි
රජතුමා සත්රුවන පෙරටුකොට එහි ගියහ. සතරවරම් රජදරුවෝ මන්ධාතු මහරජ තෙමේ ආයේයයි අසාම, හෙතෙම මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති රජෙක යුද්ධයෙන් පිටු දක්නට නොහැකි වන්නේ යයි සිය රජය පාවා දුන්හ.
හෙතෙම එම රජය ගෙන නැවතත් මේ ස්ථානයට වඩා රමණිය තැනක් ඇත්දැයි විචාළේය. එවිට ඔහුට තව්තිසා දෙව්ලොව මීට වඩා රමණීය බැව් කීවාහුය. දේවයන් වහන්ස, තව්තිසා භවන අතිශයින් සිත්කලු වෙයි. එහිදී සක්දෙව් රජහට සතරවරම් දෙවිවරු පිරිවර වූවාහුය. දොරටුපල් තන්හි සිටිති. ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම මහත් සෘද්ධි ඇත්තේ ද මහත් ආනුභාව ඇත්තේ ද වෙයි. ඔහුගේ උපභෝග ස්ථානයෝ මෙසේය. යොදුන් දහසක් උස වූ වෛජයන්ත නම් පහයෙක් වෙයි. පන්සියයක් යොදුන් උස් වූ සුධර්මා නම් දේව සභාවක් වූවාය. එකසිය පනස් යොදුන් උස වෛජයන්ත නම් රථයක් වෙයි. එබඳු වූම ඓරාවණ නම් ඇතෙක් වෙයි. කප්රුක් දහස් ගණනින් සැදුම් ලත් ‘නන්‍දන’ වනයද, ‘චිත්‍රලතා’ වනයද, ‘ඵාරුසක’ වනයද, ‘මිශ්‍රකව’ වනයද වෙයි. එසේම සියක් යොදුන් උස් වූ ‘පාරිච්ඡත්තක කොවීදුර වෘක්‍ෂය වෙයි. ඒ පරසතු රුකයට පණ්ඩුකම්බල නම් ශෛලමය අසුන වෙයි. එය මෘදුය. ඒ හේතුවෙන් එහි හිඳත්තා වූ සක්දෙවිඳුගේ කයේ අඩක් ඇතුළට පිවිසියේද වෙයි. එබඳු වූ සැටයොදුන් දිග, පනස් යොදුන් පළල පසළොස් යොදුන් උස බඳු වදමල් පැහැති පඬුඅඹුල් අසුනක් ද වේයයි.
ඒ අසා රජතුමා එහි යනු කැමැත්තේ සත්රුවනට පැන් වැඩීය. එවිට සත්රුවන සිවුරඟසෙනග සමග අහසට පැනනැග දෙව්ලොව මැදින් සත්රුවන බැස පරිනායක රත්නය පෙරටුකොට ඇති සිව්රඟ සෙනග සමග පොළොවෙහි පිහිටියේය. රජතුමා තනියම තව්තිසා භවනට ගියහ. සක්දෙව්රජ මන්ධාතු රජ ආයේයයි අසා ඔහුට පෙරගමන්කොට, මහරජ ඔබට ස්වාගතය රජය ඔබ සතුය. මහරජ අනුශාසනා කළ මැනවයි කියා නළුවන් සහිත රජය දෙකට බෙදා එක් භාගයක් රජුට දුනි. තව්තිසා භවනට පැමිණි ඇසිල්ලකින් රජුගේ මිනිස් බව පහව ගියේය. දෙවි බව පහළ විය.
ශක්‍රයා සමග පඬුපුල් අස්නෙහි හුන්නාහු ඔහුගේ ඇසිපිය හෙලීම පමණකින්ම නානත්‍වය පෙනේ. ඒ නානත්‍වය නොසලකන්නා වූ දෙවියෝ ශක්‍රයාගේ ද, ඔහුගේ ද නානත්‍වයෙහි මුලාවෙති. හෙතෙම එම තව්තිසා භවනෙහි දෙව්සැප වළඳමින්, යම්තාක් සතිස් ශක්‍ර කෙනෙක් ඉපිද චුත වූවාහුද, එතෙක් කල් රජය කරවා පඤ්චකාමයෙන් තෘප්තියකට නොපැමිණියේ එයින් ගිලිහී සිය උයනෙහි වැටුනේ අවු සුළඟින් පහළ කර ඇත්තේ කලුරිය කළේය.