ඛීණාසව වාර
මෙසේ පඨවි ආදි වස්තු විෂයෙහි සේඛ පුද්ගලයාගේ තතු දක්වා දැන් ඛීණාසවයන් වහන්සේගේ තතු දක්වමින් “යොපි සො භික්ඛවෙ, භික්ඛු අරහං” යනාදිය වදාළහ. එහි යො පි යනු සම්පිණ්ඩණාර්ථයෙහිය. මෙහි උභය සභාගත්වය ලබයි. සෙඛ අරිය පුග්ගල බැවින් බීණාසවයන් වහන්සේ සමග සභාග වෙයි. එහෙයින් පුද්ගලයන්ගේ සමාන බව ලැබෙයි. ආරමණ සභාගතාවය කී අයුරුම වේ.
අරහං යනු වෙන්වූ කෙලෙස් ඇත්තේ දුරුවූ කෙලෙස් ඇත්තේ, ප්රහීණ වූ කෙලෙස් ඇත්තේ යන අර්ථයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. “කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරහං හොති, ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයති ජාති ජරා මරණීයා එවං ඛො භික්ඛවෙ භික්ඛු අරහං හොති” යනුවෙන්
(මහණෙනි, කෙසේනම් මහණතෙම අරහං වේද, කිලුට ඇති කරන්නා වූ දුක්සහිත වූ දුක්විපාක සහිත වූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නා වූ ලාමක අකුසල ධර්මයෝ දුරුවූවාහු වෙත් ද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම අරහං නම් වේ.
ඛීණාසවො යන්නෙහි ආසවයෝ සතර දෙනෙකි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුයි. රහත්හු විසින් මේ සතර ආසවයෝ ක්ෂය කරන ලද්දාහුය. ප්රහීණ කරන ලද්දාහුය. සහමුලින් සිඳින ලද්දාහුය. සංසිඳවන ලද්දාහුය. උපතට නොසුදුසු කරන ලද්දාහුය. එහෙයින් ඛීණාසව යයි කියනු ලැබේ.
වුසිතවා, ගුරු සංවාසයෙහි වාසය කළේය. හාත්පසින් වාසය කළේය. වැස නිමවන ලද (බඹසර) ඇත්තේය. හාත්පසින් වැස නිමවන ලද්දේය. හෙතෙම වැස නිමවන ලද ගුරුසංවාස ඇත්තේ පුරුදු කරන ලද චරණ ඇත්තේනුයි වුසිතවා නම් වේ.
“කතකරණියො” යනු කල්යාණ පෘථග්ජනයාගේ පටන් සත්වැදෑරුම් සෙඛයෝ සතර මගින් කළයුත්ත කෙනෙක් නම් වේ. බීණාසවයන් වහන්සේගේ කළයුතු සියල්ල කරන ලද්දාහු වෙති. අවසන් කරන ලද්දාහුය. ඔහුට මත්තෙහි රහත්ඵලය පිළිබඳ කළයුතු දෙයක් නොමැති හෙයින් කතකරණීය නම් වේ. මෙසේද වදාරණ ලද්දේය.
තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො
කතස්ස පතිචයො නත්ථි කරණීයං නවිජ්ජති යනුවෙන්
කතස්ස පතිචයො නත්ථි කරණීයං නවිජ්ජති යනුවෙන්
(මනාකොට කෙලෙසුන් කෙරෙන් මිදුන, සංසිඳුනු සිත් ඇති, ඒ භික්ෂුව හට කරන ලද්දහුගේ නැවත රැස්කිරීමක් නැත. සිවු මගින් කළයුතු දෙයක් ඇත්තේ නොවේ.)
“ඔහිත භාරො” යනුවෙන්, භාරයෝ තිදෙනෙක් වෙති. ඛන්ධභාරකිලෙසකාර, අභිසංඛාර කියා. එම බීණියව තෙම මෙම ත්රිවිධ භාරයන් හරන ලද්දේය. බහාතබන ලද්දේය. හෙලන ලද්දේය. එබැවින් ඔහිතභාර යයි කියනු ලැබේ.
“අනුප්පත්ත සදත්තො” පැමිණි ස්වාර්ථය ඇත්තේ යයි කියන ලද්දේ වේ. මෙහි “ක” කාරයට “ද” කාරය කරන ලද්දේ වෙයි. (සකත්ත > සදත්ත) සකත්ත යයි ද කියන ලද්දේ වෙයි. මෙහි සදත්ත යනුවෙන් රහත්බව දතයුතුයැ. එම රහත්බව තමා කෙරෙහි උපනිබන්ධන (=ළංවූ සම්බන්ධය) යන අර්ථයෙන් ද තමා අත් නොහරින අර්ථයෙන් ද තමාගේ උත්තමාර්ථය යන අරුතින් ද, තමාගේ අර්ථය බැවින් සකත්ථ යයි කියනු ලැබේ.
පරික්ඛීණ භව සංයොජනා යනුවෙන් මෙහි සංයෝජනයෝ නම් දසදෙනෙක් වෙති. කාමරාග, පටිඝ, මාන, දිටඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, භවරාග, ඉස්සා, මච්ඡරිය, අවිජ්ජා යනුයි. මොවුහු වනාහි සත්ත්වයින් භවයන්හි සංයෝජනය කෙරෙත් භවය හෝ ළංකොට බන්ධනය කෙරෙත්. භවය සමග සංයෝග කෙරෙත් නුයි, එහෙයින් භව සංයෝජනයෝ යයි කියනු ලැබෙත්. මේ භව සංයෝජනයෝ රහත්හු විසින් ප්රහීණ කරන ලද්දාහුය. ඥාන නැමැති ගින්නෙන් දවන ලද්දාහුය. එහෙයින් පරික්ඛීණ භව සංයොජනො යනුවෙන් කියනු ලැබේ.
සම්මදඤ්ඤා විමුත්තො (සම්මා+අඤ්ඤාය) මෙහි සම්මදඤ්ඤා යන්නෙන් මනාව දැනයයි කුමක් කියන ඛන්ධයන්ගේ රාසි ඇරුත, ආයතනයන්ගේ ආයතන අරුත, ධාතූන්ගේ ධාතු අරුත, දුක්ඛයාගේ පීඩන අරුත, සමුදයාගේ උප්පාදක අරුත, නිරෝධයාගේ ශාන්ත අරුත, මග්ගයාගේ දස්සන අරුත, සියලු සංඛාරයෝ අනිත්යයෝය, යන මේ ආදි භේද හෝ මනාකොට තත්වූ පරිද්දෙන් අවබෝධකොට දැන තීරණයකොට තුලනය කොට විභාවනය කොට විභූතකොට යන අරුත් වේ.
විමුත්තො. විමුත්ති දෙකකි. චිත්ත විමුත්තිය සහ නිවනයි. රහත්තෙම සියලු කෙලෙසුන්ගෙන් මිදුනු සිත් ඇති බැවින් චිත්ත විමුත්තියෙන් ද මිදුනේය. නිවනෙහි ඇලුනු බැවින් නිවනෙහි ද විමුත්ත හෙයින් සම්මදඤ්ඤා විමුත්තො යයි කියනු ලැබේ.
පරිඤ්ඤාතං තස්ස, රහතුන් වහන්සේ ඒ පරිඤ්ඤා වස්තූන් ත්රිවිධ පරිඤ්ඤාවෙන් පිරිසිඳ දන්නා ලදී. එහෙයින් හෙතෙම ඒ පරිඤ්ඤා වස්තූන් තණ්හා ආදි පරිඤ්ඤාවෙන් නොසිතයි. ඒ මඤ්ඤනාවන් මඤ්ඤනා නොකරත් යයි කියන ලද්දේ වෙයි. සෙස්ස කී අයුරින් දතයුතුය.
නිබ්බාන වාරයෙහි ඛයා රාගස්ස යනු තුන්වාරයක් කියන ලද්දේ වෙයි. මේ පරිඤ්ඤාත වාරයන් නිබ්බාන වාරයෙහි විස්තර කළයුත්තේය. විස්තර කරන්නහු විසින්ද, පරිඤ්ඤාතං තස්ස යනු සියලු පදයන් සමග යොදා නැවත. ඛයාරාගස්ස වීතරාගත්තා යනුවෙන් දෙස මෝහයන්හිද මේ ක්රමය මැයි. සෙස්සෙහි ද මේ ක්රමයමැයි. දේශනාව වනාහි එක්තැනක කියන ලද්ද සියලු තන්හිම කියන ලද්දේ වෙයි යි කෙටි කරන ලද්දේ වෙයි.
ඛයා රාගස්ස වීතරාගත්තා යනුවෙන් මෙහි යම්හෙයකින් ශාසනයෙන් බැහැර වූ වීතරාගී තෙම රාගයාගේ ක්ෂය කිරීමෙන් වීතරාග නොවූයේ ද රහත්හු වනාහි රාගය නැතිකිරීමෙන්ම වීතරාග වූවහුද, එහෙයින් වදාරණ ලදී. ඛයාරාගස්ස වීතරාගත්තා යනුවෙන්. දෝස මෝහයන්හි ද මේ ක්රමය මැයි.
යම්හෙයකින් පරිඤ්ඤාතං තස්සාති වදාමි යයි කී කල්හිද, පිරිසිඳ දත්හෙයින් හෙතෙම ඒ වස්තූන් හෝ ඒ මඤ්ඤනා හෝ නොසිතයි යන අර්ථය වේද, එපරිද්දෙන් මෙහි ද පහ වූ රාග ඇති බැවින් ඒ රහත් තෙම ඒ වස්තුව හෝ ඒ මඤ්ඤනාව හෝ නොසිතා යයි දත යුතුයැ.
මෙහිද, පරිඤ්ඤාතං තස්ස යන මේ වාරය මාර්ග භාවනාවේ පිරිපුන් බව දැක්වීම පිණිස දේශනා කරන ලද්දේ වෙයි. අන්යවාර, ඵල පසක් කිරීම පිළිබඳ සම්පූර්ණ බව දැක්වීම පිණිස වදාරණ ලද්දේ යයි දතයුත්තේය. නැතහොත් කරුණු දෙකකින් රහතුන් වහන්සේ මඤ්ඤනා වශයෙන් නොසිතයි. පඨවි ආදි වස්තු පිරිසිඳ දත් බැවින් ද අකුසල මූලයන් මුල්සිඳ ලූ බැවින් ද යන මේ කරුණු දෙක නිසාය. එහෙයින් පරිඤ්ඤාත වාරයෙන් ඔහුගේ වස්තු පරිඤ්ඤානය දක්වයි. සෙසු වරයන්ගෙන් අකුසල් මුල් සිඳීම දක්වාලයි. ඒ වාරයන් අතුරෙන් පශ්චිම වාර තුනෙහි මේ විශේෂතා දතයුතුය. තෙවැදෑරුම් දෝෂයන් අතුරෙන් රාගයෙහි ආදීනව දැක දුක්ඛානුපස්සීව වාසය කරන්නේ අප්රණිහිත විමෝක්ෂයෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනේ රාගයාගේ ප්රහාණයෙන් වීතරාග වේද, ද්වේෂයාගේ ආදිනව දැක අනිචචානුපස්සීව වාසය කරන්නේ අනිමිත්ත විමෝක්ෂයෙන් මිදුනේ ද්වේෂයාගේ ප්රහාණයෙන් වීත දෝෂ වේ ද, මෝහයෙහි ආදිනව දැක අනත්තානුපස්සීව වාසය කරන්නේ ශුන්යතා විමොක්ෂයෙන් විමුක්ත වූයේ මෝහයාගේ ප්රහාණයෙන් වීතමෝහ වේද,