ආපො වාර
සිවු වැදෑරුම් ආප් ධාතු (ආපෝ ධාතුව):- ආපං ආපතො, යන මෙහි ද, ලක්ඛණ සසම්භාර, ආරම්මණ, සම්මුති යනුවෙන් ආප් ධාතුව සිව්වැදෑරුම් වේ.
ඔවුන් අතුරෙහි, තත්‍ථ කතමා අජ්ඣත්තිකා ආපෝ ධාතු, යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධනත්තං රූපස්ස අජ්ඣත්තං උපාදිණ්ණං යනාදි තන්හි වදාරණ ලදුයේ ලක්ඛණ ආපයයි.
ආපො කසිණං උග්ගණ්හන්තො ආපස්මිං නිමිත්තං ගණ්හාති යනාදි තන්හි වදාරණ ලද්දේ සසම්භාර ආපයයි.
සෙසු සියල්ල පඨවි වාරයෙහි කියන ලද්දට සමාන වේ ම ය. හුදෙක් යෝජිත ක්‍රමයෙහි පිත්තං සෙම්හං යනාදි ක්‍රමයෙන් දක්වන ලද දොළොස් කොටසකින් යුක්ත වූයේ අධ්‍යාත්මික ආප් ධාතුවයි. “තත්‍ථ කතමා බාහිර ආපොධාතු යං බාහිරං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං ඛන්‍ධත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං සෙය්‍යථිදං මූලරසො ඛන්‍ධරසො තචරසො පන්නරසො පුප්ඵරසො ඵලරසො ඛීරං දධි. සප්පි නවනීතං තෙලං මධුඵාණීතං භුම්මානි වා උදකානි, අන්තලික්ඛානි වා” යනාදි තන්හි වදාරණ ලද්දේ බාහිර ආපෝධාතුව යයි දතයුතු යැ.
චතුර්විධ තේජෝ ධාතුව :- තෙජං තෙජතො, යන තේජෝවාරයෙහි, කලින් කී නියායෙන්ම දතයුත්තේය. මෙම යෝජනා ක්‍රමයෙහි “යෙනච සන්තප්පති යෙනච ජරීයති, යෙනච පරිඩය්හති යෙන ච අසිත පීත ඛායිත සායිත සම්මා පරිණාමං ගච්ඡති” යනුවෙන් මෙසේ වදාරණ ලද චතුර්විධ ප්‍රභේදයෙන් යුතු වූයේ අජ්ඣත්තික තේජෝ ධාතුවයි. “තත්‍ථ කතමා බාහිරා තෙජො ධාතු, යං බාහිරං තෙජො තෙජො ගතං උස්මා උස්මාගතං උසුමං උසුම ගතං බහිද්ධා අනුපාදිණ්ණං සෙය්‍යථිදං, කට්ඨග්ගි, සකලිකග්ගි, තිණග්ගි ගොමයග්ගි ථුසග්ගි, සංඛාරග්ගි, ඉන්‍දග්ගි, අග්ගි සන්තාපො, සුරියසන්තාපො. කට්ඨසන්නිචය සන්තාපො, තිණ සන්නිචය සන්තාපො, ධඤ්ඤ සන්නිචය සන්තාපො, භණ්ඩ සන්තාපො”, යයි මෙසේ වදාරණ ලද්දේ බාහිර වූ තේජෝ ධාතුව යයි දතයුත්තේය.
වායෝ ධාතුව:- වායං වායතො යන මේ වායුවාරයෙහි යෝජනා නය වනාහි උද්ධං ගමා වාතා, අධොගමාවාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨාසයා වාතා, අංගමංගානු සාරිනො වාතා, සත්‍ථකාවාතා, ඛුරකා වාතා, උප්පලකා වාතා, අස්සායො පස්සායො යනුවෙන් මෙසේ වදාරණ ලද්දේ අජ්ඣත්තික වායෝ ධාතුව නම් වේ.
කත්‍ථ කතමා බාහිරා වායො ධාතු යං බාහිරං වායො වායොගතං ථම්භිතත්තං රූපස්ස බහිද්ධා අනුපාදින්නං සෙය්‍යථිදං, පුරත්‍ථිමා වාතා,, පච්ඡිමාවාතා උත්තරා වාතා දකඛිණා වාතා සරජා වාතා, අරජා වාති, සීතාවාතා උණ්හා වාතා පරිත්තා වාතා අධිමත්තා වාතා කාලා වාතා වෙරම්බ වාතා පක්ඛවාතා තාලවණ්ට වාතා විධූපන වාතා යනුවෙන් මෙසේ වදාරණ ලද්දේ බාහිර වායෝ ධාතුව යයි ද දතයුත්තීය. සෙස්ස කී නයමැයි. මෙතෙකින් යම් මේ (නය ක්‍රමයක් වේ.)
වුත්තම්හි එකධමෙම යෙ ධම්මා එකලක්ඛණාතෙන
වුත්තා භවන්ති සබ්බෙ ඉති වුත්තො ලක්ඛණො හාරො
(එක් ධර්මයක් කී කල්හි, ඒ ධර්මය හේතුකොටගෙන සමාන ලක්‍ෂණ ඇති යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියලු ධර්මයෝ කියන ලද්දාහු වෙති. ලක්‍ෂණාහාරය තෙම මෙසේ කියන ලද්දේය.)
මෙසේ නෙත්තිප්‍රකරණයෙහි ලක්ඛණ නම් හාර කියන ලද්දේ වෙයි. එහි දැක්වෙන පරිදි සතර මහා භූතයන් ගත් කල්හි උපාදාය රූපයන් ගන්නා ලද්දේම විය. රූප ලක්‍ෂණය නොඉක්ම වූ හෙයිනි. එහෙයින් අශ්‍රැතවත් පුහුදුන් ජනතෙම පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ. ධාතුව, වායෝ ධාතුව (තණ්හා වශයෙන්) මඤ්ඤනය කෙරේයයි (හඟීයයි) වදාරණ බුදුරදුන් විසින් අර්ථ වශයෙන් රූපය ආත්ම වශයෙන් දකියයි වදාරණ ලද්දේ වෙයි. පඨවි ධාතුවෙහි, ආපෝ ධාතුවෙහි, තේජෝ වායෝ ධාතුවෙහි නිත්‍ය ආත්මයක් වෙයි කියා හඟීයයි වදාරන්නහු විසින් රූපයෙහි ආත්මයක් ඇතැයි දකීයයිද, වදාරණ ලද්දේ වෙයි. පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවේ තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පිටත එය ඇසුරුකොට මගේ ආත්මය ඇතැයි කියා හඟීයයි වදාරණ ලද්දාහු විසින් රූපයෙන් අන්‍ය වූවක් ආත්මය යයි සිද්ධ හෙයින් ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය වෙයි හෝ දකී යයිද වදාරණ ලද්දේ වෙයි. මෙසේ දැක්වූ මොවුහු සිව්දෙන රූපවත්‍ථුක සක්කාය දිට්ඨි මඤ්ඤනාවෝ වෙති.
ඔවුන් අතුරෙන් එකක් උච්ඡෙද දිට්ඨි නමි. තුනක් සස්සත දිට්ඨි නම් වේ. දෘෂ්ටීහු දෙකක්ම වෙත්නුයි මෙහි විශේෂය දතයුත්තේය.
භූත වාර
මෙසේ රූපද්වාරයෙන් සංඛාර වත්‍ථුකි මඤ්ඤනාව කියා දැන් යම් සංඛාර කෙනෙක් උපාදානය කොට සත්‍ව කෙනෙක් පනවනු ලබත්ද, ඒ සත්ත්වයන් අතුරෙහිද පුහුදුන් ජනතෙම තණ්හා වශයෙන් මඤ්ඤණය කෙරේද එහෙයින් එම සත්ත්වයන් නිර්දේශ කරනසේක් “භූතෙ, භූතතො සඤ්ජානාති”.
භූත ශබ්දය
එහි භූත ශබ්දය, පඤ්චස්කන්‍ධය, අමනුෂ්‍ය, ධාතුය, විද්‍යමානය, ක්‍ෂීණාශ්‍රව, සත්‍ව, වෘක්‍ෂ යනාදි අර්ථයන්හි වේ.
“භූත මිදන්ති භික්ඛවෙ, සමනුපස්සථ” යනාදි තන්හි භූත ශබ්දය “පඤ්චස්කන්ධය” යන අර්ථයෙහි වේ.
“යානීධ භූතානි සමාගතානි” මෙහි අමනුෂ්‍ය යන අරුත්හි යෙදී ඇත.
“චත්තාරො ඛො භිකඛු මහාභූතා හෙතු” යන මෙහි ධාතු යන අර්ථයෙහි යෙදී ඇත.
“භූතස්මිං පාචිත්තියං” යනාදීන්හි විද්‍යාමාන යන අර්ථයෙහිය.
“යොච කාලඝසො භූතො” යන මෙහි බීණාසව යන අර්ථයෙහි වේ.
“සබ්බෙව නිකඛිපස්සනති භූතා ලොකෙ සමුස්සයං” යන මෙහි සත්ත්වයන් යන අරුතෙහිය.
“භූතගම පාතව්‍ය තාය” යන මෙහි වෘක්‍ෂ යන අරුතෙහි යෙදී ඇත. මෙය මෙහි සත්ත්වයන් කෙරෙහිදු වැටෙයි. එහෙත් අවිශේෂයෙන් නොවේ. චාතුර්මහාරාජිකයන්ගෙන් යට භාගයෙහි සත්‍වයෝම මෙහි භූත යන්නෙන් අදහස් කරන ලද්දාහු වෙති.