4. සුවණ්ණවිමාන වර්ණනා
සොවණ්ණමයෙ පබ්බතස්මිං යනුවෙන් සුවණ්ණ විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ අන්ධක විනයෙහි වාසය කරන සේක. එසමයෙහි ශ්රද්ධාවන්ත වූ පැහැදුණා වූ භෝග සම්පත්තියෙන් යුක්ත වූ එක්තරා උපාසකවරයෙක් ඒ ගමට නුදුරෙහි මුඩු බිමක් වූ එක්තරා පර්වතයෙහි සර්වාකාරයෙන්ම සම්පූර්ණ වූ භාග්‍යවතුන් වහන්සේට වාසයට යෝග්‍ය වූ ගඳකිළියක් කරවා එහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරවමින් සකසා උවටැන් කළේය. තමා ද නිත්‍ය සීලයෙහි පිහිටියේ පිරිසිදු සීල සංවරයෙන් යුක්ත වී සිට කලුරිය කොට තව්තිසා භවනයෙහි උපන්නේය. ඔහුගේ කර්මානුභාවය දක්වන්නා වූ නා නා රත්නයන්ගේ රශ්මීන් සමූහයෙන් බබලන්නා වූ විසිතුරු වේදිකාවකින් වට වූ නන්වැදෑරුම් මහත් අලංකාරයන්ගෙන් හොබනා වූ මනාව බෙදා වෙන් කළ බිත්ති කුළුණු හා සෝපාත (පඩිපෙළවල්) සහිත වූ වනරොදින් රමණිය වූ විමනක් රත්තරන් පර්වතය මුදුනෙහි පහළ විය. දිව්‍යාලෝක චාරිකාවේ යෙදෙන මහ මුගලන් තෙරණුවෝ එය දැක මේ ගාථාවන් මගින් ප්‍රශ්න කළහ.
ස්වර්ණමය පර්වතයෙහි හැම අයුරින්ම බබලන විමානය රන්දැලකින් ආවරණය වූයේ ද කිකිණි දැලකින් සුන්දර වූයේ ද විය.
වෛධූර්ය මැණික්වලින් ද රත්රනින් ද පලිඟු හා රිදීයෙන් ද මැසිරිගල් නම් වූ මැණික්වලින් ද රතුමැණික්වලින් ද (එම විමානය සැදී ඇත.)
විසිතුරු වූ මනරම් වූ විමාන භූමියෙහි දූවිලි මද නොවේ. කහ පැහැයෙන් යුත් ගොනැස් නම් පරාලවලින් දරාගෙන සිටිනා ලෙස වහලවල්හි මුදුන් නිර්මාණය වී ඇත.
සිවු දෙසින් නිර්මාණය කර ඇති හිණිපෙළ සතර නිසා සැදුන විවිධ රත්නයන්ගෙන් යුත් කාමර සහිත විමානය සූර්යයා මෙන් බබලයි.
එහි වෙන්කොට බෙදා ඇතිව වේදිකා සතර හාත්පසින් සතර දෙසින් දීප්තිමත් වෙමින් බබලයි.
ඒ උතුම් විමානයෙහි මහත් ප්‍රභාවයෙන් යුත් දිව්‍යපුත්‍රයා උදාවන්නා වූ සූර්යයා මෙන් වර්ණයෙන් අතිශයින් බබලයි.
ඔබගේ එම (පුණ්‍ය) ඵලය දන්දීමක හෝ නොයෙක් සිල් රැකීමකින් හෝ එසේත් නැතහොත් වන්දනා කිරීමක ඵලයක් ද යන බව මා විසින් ප්‍රශ්න කරනු ලබන ඔබ මට කියන්න.
ඒ දිව්‍යපුත්‍ර තෙමේ උන්වහන්සේට මේ ගාථාවලින් පිළිතුර ප්‍රකාශ කළේය.
ප්‍රීතියට පත් වූ මුගලන් මහ තෙරණුවන් විසින් ප්‍රශ්න කරනු ලැබූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ මෙය කවරනම් (පුණ්‍ය) කර්මයේ ඵලයක් ද යන බව ප්‍රකාශ කළේය.
එම අන්ධක වින්දයෙහි සූර්ය බන්ධු වූ ශාස්තෲ වූ බුදුන්වහන්සේට ප්‍රසන්න සිතින් යුතුව සියතින්ම විහාරයක් කරවීමි.
සුවඳ ද්‍රව්‍ය ද මල් ද ප්‍රත්‍යයන් ද විලේපනයන් ද ප්‍රසන්න වූ සිතින් යුතුව එහි වූ ශාස්තෲන් වහන්සේ පිදුවේය. ඒ පින්කමින් මා විසින් ලබන ලද මේ පුණ්‍ය ඵලය සතුටින් යුතුව පරිභෝග කරමි.
නොයෙක් ශක්ති සමූහයෙන් යුතු වූ රම්‍ය වූ නන්දන නම් වූ උතුම් උයනෙහි අප්සරාවන් විසින් පෙරටු කරනු ලබමින් නෘත්‍ය ගීත ආදියෙන් සතුටින් වෙසෙමි.
එහි විස්තර සබ්බතොපභං හැම අයුරින්ම බබළන්නා වූ, ප්‍රභාවය, විහිදවන්නා වූ. කිංකිණිජාල කප්පිතං සරසන ලද කිකිණිදැල් ඇති.
සබ්බෙ වෙළුරියාමයා වෛදූර්ය මාණික්‍යයෙන් කළ සියළු කුළුණු එහි වනාහි එකමෙකාය අංසියා පැති අටක් බැගින් ඇති කුළුණුවල එක් අංශයෙක්හි බැගින් රතනාසත්ත නිම්මිතා සත්රුවනින් කළ (සැරසිලි) කම්වලින් නිම වූ එක් එක් අංශය සත්රුවනින් කරන ලද්දේය යන අර්ථයයි.
වෙළුරිය සුවණ්ණස්ස යන ආදියෙන් විවිධ රත්නයන් දැක්වේ. වෙළුරියා සුවණ්ණස්සා වෛදූර්ය මැණික්වලින් හා රත්රනින් නිම්මිතා විසිතුරු කරන ලද්දේය යන අදහසයි. මෙය (සුවණ්ණ+ස්ස යන්න) කරණ අරුතෙහි සම්බන්ධ විභක්ති වචනයකි. එලිකා රුපියස්සච මෙහිදී එම පිළිතුරුම වේ. මසාරගල්ලමුත්තාහි මිශ්‍ර වර්ණයෙන් යුත් මැණික් වර්ගයකින් ද ලොහිතංගමණිහිච රතු මැණික්වලින් ද (යුක්ත වූ)
න තත්ථුද්ධංසතී රජො මාණික්‍යමය භූමියක් වන බැවින් එම විමානයෙහි දූවිලි මද නොවේ. ගොපානසිගණාති වක්රාකාර වූ යටලී සමූහයා පීතා කහපාට සහිත රනින් කරන ලද්දා වූ ද පුෂ්පරාගී ආදී මැණික්වලින් කරන ලද්දා වූ ද යන අර්ථයයි. කුටං ධාරෙන්ති සත්රුවනින් සැදු කැණිමඬල (වහලක් නැති උන් මුදුන) දරාගෙන සිටිත්.
නානාරතන ගබ්භෙහි විවිධ රත්නයන්ගෙන් සාදන ලද කාමරවලින් වෙදියා වේදිකාව. චතස්සො සතර දිශාවන්හි යන අරුතින් චතස්සොයි යෙදේ. එහෙයින් සමන්තා චතුරො දිසා යයි කියන ලදී.
මහප්පභො මහත් දීප්තියක් ඇති. උදයන්තො මතුවෙන්නා වූ. භානුමා සූර්යයා.
සෙහි පාණිහි කය යොදාගෙනම කරන බැවින් හරවත් පිනක් සිදුකරනුයේ තමාගේ අත්වලින් ඒ ඒ කාර්යය කරනුයේ (ඒ නිසා) විහාරං සත්ථු කාරෙසිං ශාස්තෲන් වහන්සේට විහාරයක් කළෙමි යයි කියන ලදී. එසේ නැතහොත් සෙහි පාණිහී යනු තත්ථ අන්ධකවින්දස්මිං ගන්ධඤ්ච මාලඤ්ච පච්චයඤ්ච විලෙපනඤ්ච ඒ අන්ධක වින්දයෙහි සුවඳ ද මල් ද ප්‍රත්‍යය ද විලවුන් ද පූජා කිරීම වශයෙන් කෙසේද යත්, විහාරඤ්ච විප්පසන්නෙන චෙතසා සත්ථුනො අදාසිං පූජා කෙළෙමි. භාර කෙළෙමි යනුවෙන් මෙසේ මෙහි දී අදහස් කෙරේ යයි දතයුතුය.