නිගමන කථා
දෙවිවරුන්ගේ විමාන ආදී සම්පත් ද ඒ සම්බන්ධව හේතු වූ කරුණු ද සත්ත්වයන් හට ප්රකාශ කරමින්,
සිත නමැති කෙතෙහි සම්පත් යෙදීමෙන් සුළු වූ හෝ ක්රියාවන්ගේ උදාර ඵල ලබන මුළු ලොවටම යහපත සලසන යම් දේශනාවක් ප්රකට වෙමින් පවතීද,
යහපත් අවබෝධයට හේතුවන කුසලතා දක්වන යම් කථාවස්තු සංග්රහයක් වේ නම්, ඒවා මහා සෘෂිවරු විමානවත්ථු යනුවෙන් සංග්රහ කළහ.
ඒ විමාන වත්ථුවේ අර්ථය ප්රකාශ කිරීම පිණිස පුරාණ අර්ථ කථා අටුවා න්යාය ඇසුරුකොට අර්ථ වර්ණනාවක් මා විසින් ආරම්භ කරන ලදී.
ඒ විමාන වත්ථුවේ පරමාර්ථවලට ඒ ඒ සියලු තන්හි සුදුසු වන සේ පරමත්ථ දීපනී යන නමින් යම් අර්ථ ප්රකාශනයක් නිරවුල් විනිශ්චයෙන් යුතුව සතළොස් බණවරකින් පාලියෙන් රචිත වීද එය අවසානයට පැමිණියේය.
එසේ එම අර්ථ වර්ණනාව කරන්නා වූ මා විසින් යම් ඒ පිනක් ලබන ලද්දේ ද, ඒ පිනේ ආනුභාවයෙන් ලෝකනාථ ස්වාමීන් වහන්සේගේ ශාසනයට බැස, පිරිසිදු වූ ශීලාදී ප්රතිපත්තියෙන් යුක්ත වී සියලු සත්ත්වයෝ විමුක්ති රසයෙහි කොටස්කරුවෝ වෙත්වා.
ලෝකයෙහි සම්මා සම්බුද්ධ ශාසනය දිගුකල් පවතීවා. නිරන්තරයෙන් සියලු ප්රාණීහු ඒ ශාසනයෙහි නිතර ගෞරව සහිත වූවෝ වෙත්වා.
කලට වැසි වසීවා. භූමිපලක රජ තෙමේ සද්ධර්මයෙහි නිරත වී ධර්මයෙන්ම ලෝකය පාලනය කෙරේවා.
මෙසේ ඛදිරතිත්ථ විහාරවාසී ආචාර්ය ධම්මපාල ස්ථවිරයන් වහන්සේ
විසින් කරන ලද පරමත්ථදීපනි නම් වූ ඛුද්දක අට්ඨකථාවෙහි විමානවත්ථු අර්ථ වර්ණනාව නිමියේය.
විසින් කරන ලද පරමත්ථදීපනි නම් වූ ඛුද්දක අට්ඨකථාවෙහි විමානවත්ථු අර්ථ වර්ණනාව නිමියේය.