3. පල්ලඞ්කවිමාන වර්ණනා
පල්ලංක සෙට්ඨෙ මණිසොණ්ණ චිත්තෙ පල්ලංක විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයේ වැඩවාසය කරන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා උපාසක කෙනෙකුගේ දුවක් කුල ප්‍රදේශාදියෙන් සමාන වූ ඒ ගම එක්තරා කුල පුත්‍රයකුට විවාහ කර දෙන ලද්දීය. ඕ තොමෝ වනාහි ක්‍රෝධ නො කරන්නා වූ ශීලාචාර සම්පන්න වූ සැමියා දෙවියකු ලෙස සලකන්නා වූ, පන්සිල් සමාදන්ව රකින්නා වූ තැනැත්තියක වූවාය. පොහෝ දිනයෙහි මනාකොට පෙහෙවස් සිල් රකින්නීය. ඇය පසුකලෙක කළුරියකොට තව්තිසාවෙහි උපන්නීය. ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ යට කියන ලද පරිදිම දිව්‍යලෝක චාරිකාවේ සැරිසරණ සේක් ඇය දැක ඇයගෙන් මෙසේ විචාළේය.
පල්ලංක සෙට්ඨෙ මණි සොණ්ණ චිත්තෙ
පුප්ඵාභි කිණ්ණෙ සයනෙ උළාරෙ
තත්‍ථච්ඡසී දෙවි මහානුභාවෙ
උච්චාවචා ඉද්ධි විකුබ්බමානා
ඉමාච තෙ අච්ඡරායො සමන්ත තෙ
නච්චන්ති ගායන්ති පමොදයන්ති
දෙවිද්ධිපත්තාසි මහානුභාව
මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානු භාවං
වණ්ණොච තෙ සබ්බදිසා පභාසති
මහානුභාව සම්පන්න දේවතාවියනි, ඔබගේ නොයෙක් විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් නොයෙක් රැස් විහිදෙමින් පවත්නා වූ උදාරතර වූ පර්යංකය මැණික්වලින් හා රන්වලින් විසිතුරු කරන ලද්දේය. මල් අතුරන ලද අගනා එම සයනයෙහි සිටින බව මහත් වූ සෘද්ධි බලයක් දක්වමින් සිටින්නීය.
ඔබගේ පිරිවර වූ අප්සරාවෝ හාත්පසින් නටමින් ගයමින් වයමින් ප්‍රමෝදයට පත් කරත්. ඔබේ ශරීර වර්ණයද සියලු දිසාවන් බබුළුවයි. සෘද්ධිමත් වූ මහානුභාව සම්පන්න වූ දේවතාවිය, ඔබ මිනිස් දුවකව සිටි කාලයේ කුමන පින්කමක් කොට මෙම සම්පත්වලට හිමිකාරියක් වූයේද?
මුගලන් හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ශ්‍රී තොමෝ ද ගාථාවලින් පිළිතුරු දුන්නාය.
මම මිනිස් ලොවදී මිනිස් දුවක වූවා ධනවත් කුලගෙයක ලේලියක වීමි. ක්‍රෝධ නොකරන්නා වූ ස්වාමියාගේ අදහස් අනුව වාසය කළා වූ, පෙහෙවස් රැකීමෙහි අප්‍රමාදී වූ තැනැත්තියක් වීමි.
මම පෙර භවයෙහි මිනිස් දුවක් වූයෙමි. පව් නො කරන කාරුණික අයෙකු වූයෙමි. ප්‍රසන්න සිත් ඇතිව සැමියා සතුටු වන සේ වාසය කළෙමි. දිවා රාත්‍රී ප්‍රිය උපදවන ලෙස හැසිරෙමින් සිල්වත් තැනැත්තියක වූයෙමි.
මම පෙර භවයෙහි ප්‍රාණඝාතයෙන් තොරව, සොරකමින් තොරව පිරිසිදු කාය කර්මයෙන් යුතුව සැමියා හැරුණුවිට බ්‍රහ්මචාරීව, මත්පැනින් වෙන්ව, මුසාබස් නොකියමින්, ශික්‍ෂා පදයන් සම්පූර්ණ කරන්නියක් වීමි.
මම පෙර භවයෙහි පැහැදුනු සිත් ඇතිව අවපසෙහි ද පෙර පසෙහිද, අටවක තුදුස්වක පසළොස්වක දිනයන්හි අෂ්ටාංග ශීල ධර්මයන්හි හැසිරෙමින් ප්‍රීතියෙන් යුතුව පෙහෙවස් සමාදන්ව වාසය කළෙමි.
සුව ගෙන දෙන්නා වූ ආර්යමය අෂ්ටාංගයෙන් යුක්ත වූ කුසල් සමාදන් වී ස්වමියා කෙරෙහිද යටහත්ව, පැවතෙමින් පෙර භවයේ දී සුගතයන් වහන්සේගේ උපාසිකාවක් වීමි.
මම පෙර භවයෙහි ජීවත් වූ ලෝකයේ දී මෙබඳු කුසල කර්මයන් සිදුකොට මරණින් පසුව විශේෂ දිව්‍ය සම්පත්තියක් ලබාගෙන සුගතියට පැමිණ ඍද්ධිමත් දෙවඟනක් බවට පත්වීමි.
මනරම් වූ උතුම් වූ විමාන ප්‍රාසාදයෙහි අප්සරාවන් සමූහයා විසින් පිරිවරන ලදුව, වාසය කරමි. ස්වකීය ප්‍රභාවයෙන් බබළන එම දිව්‍ය අප්සරාවන් සමූහය දීර්ඝායු සහිත වූ දිව්‍ය විමානයට පැමිණ වූ මා ප්‍රීතියට පත්කරත්.
එහි පල්ලංක සෙට්ඨෙ උතුම් වූ ආසනයෙහි, එහි උතුම් බව දැක්වීම සඳහා මණි සොණ්ණ චිත්තෙ යන්න කියන ලදී. විවිධ රත්නයන්ගේ රශ්මි සමූහයෙන් බබළන මැණික්වලින් ද, රත්රනින් විසිතුරු වූ යන අර්ථයි. තත්‍ථ යනුවෙන් ද, සය නො යනුවෙන් ද කියන ලද සයනය කළ හැකි තැනක් වූ උතුම් පර්යංකයේ දී
තෙ ඔබගේ, නොහොත් ඔබට සමන්තතො පමොදයන්ති යන පද අපේක්‍ෂා කොට ඊට පෙර කී තෙ යන පදය තං යනුවෙන් විභක්ති වෙනස්කොට දැක්විය යුතු වේ. පමොදයන්ති යනුවෙන් හෝ පමොදං කරොන්ති යනුවෙන් එම පද යෙදිය හැකිය. ඔබට ප්‍රීතිය උපදවත් යන අර්ථයයි.
දහරාස පාපිකා යනු කාරුණික වූයෙමි. ‘දහරාසු ආපිකා’ යනුවෙන් ද පාඨයක් වේ. (පෙර කියූ අර්ථයමය.) දහරස්ස පාපිකා යනුවෙන් ද සමහරු කියති. තරුණ ස්ත්‍රිය ස්වාමියා වෙනුවෙන් පවින් තොරව ජීවත් වීමය. උපස්ථාන කිරීමෙන් ද, සැමියා ඉක්මවා නො හැසිරීමෙන් ද යහපත් තැනැත්තියක්ය යන අර්ථයි. ඒ නිසා පසන්න චිත්තා යයි කියන ලදී. අභිරාධයිං සතුටට පත් කළෙමි. රත්තො රාත්‍රියෙහි