2. උච්ඡුදායිකා විමාන වර්ණනා
ඔභාසයිත්වා පඨවි සදෙවකං යනුවෙන් දැක්වෙන කථාව උදායිකා විමාන වස්තුව වේ. එහි උත්පත්ති කථාව කවරේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වාසය කරන සේක යනාදී සියල්ල ආසන්න විමාන වස්තුවෙහි කියන ලද පරිද්දෙන් වේ. වෙනස නම් මෙයයි. මෙහිදී උක්ගසක් පූජා කරන ලදී. නැන්දනිය විසින් පුටුවකින් පහර දෙන ලද්දීය. ඒ පහරින්ම මරණයට පත්වූ ඕ තොමෝ තව්තිසා දෙව්ලෝ උපන්නාය. ඒ රාත්‍රියේම මුළු ගිජුකුළු පව්වම ආලෝකමත් කරමින් සඳු මෙන් ද හිරු මෙන් ද බබුළුවමින් මහතෙරුන් වහන්සේට උපස්ථානය පිණිස පැමිණ වැඳ බඳැදිලිව නමස්කාර කරමින් එකත්පස්ව හුන්නාය. එකල්හි තෙරුන් වහන්සේ ඇයට මෙසේ වදාළහ.
දෙව්ලොව සහිත මහපොළව බබුළුවා බ්‍රහ්මයෝ ද, ඉන්දක සහිත වූ තිදස්පුර දෙවියෝ ද, ශ්‍රීයෙන් වර්ණයෙන් යසසින් හා තේජසින් යටපත්කොට, සඳ හිරු මෙන් බබළන්නෙහිය.
රත්තරන් වැනි සමකින් වැසුනු සිරුරක් ඇති අලංකාර වූ උතුම් වස්ත්‍ර දරා සිටින, මා වෙත වඳින්නා වූ සොඳුරු දේවතාවියනි, තී කවරෙක්දැයි පිළිවිසිමි.
පෙර භවයෙහි මිනිස් දුවක වූ ඔබ, පූර්වයෙහි දී කවර අන්දමේ කුසල කර්මයක් කළේද? යසසින් යුක්ත වූ දේවතාවියනි, මනාව පුහුණු කරන ලද දන් දීම ශීලයෙන් සංයමයට පත්වීම ආදී කවර හේතුවකින් සුගතියට පැමිණියෙහි ද? දේවතාවියනි, මා විසින් ප්‍රශ්න කරන ලද මෙය කවර නම් කුශල කර්මයක ඵලයක් දැයි කියන්න.
එහි ඔභාසයිත්වා පඨවිං සදෙවකං යනු මහාමේරු පර්වතයේ එක් පසෙකින්, නික්මී ආලෝකය විහිදුවන්නා වූ චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ රශ්මීන් මිශ්‍ර වී බැබලීමෙන් ආකාශයේ දෙවියන් හා සහභාගයට ගියා වූ) යන අරුතින් සදෙවකං යි යෙදේ. ආලෝකය පැමිණි බිම් කොටසක් වූ පොළව බබුළුවා, එකම ආලෝකයක් එකම දීප්තියක් බවට පත්කොට යන අදහස වේ. අතිරොචයී අන් අය යටපත්කොට බබළන්නෙහිය. ඒ අධික බැබලීම කුමක් මෙන් කෙසේ සිදුවීද සිරියා යන ආදිකොට ඇති - ගාථා පදයෙන් කියවේ. සිරියා - සෞභාග්‍යය ආදී ශෝභා විශේෂයෙන්, තෙජසා තමාගේ ආනුභාවයෙන්, ආවෙළිනී - රනින් කළ මල්දම් පැළඳ ගත්,
මෙසේ තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව, දේවතා තොමෝ පහත සඳහන් පරිදි (ගාථාවලින්) පිළිතුරු දුන්නාය.
ස්වාමීනි, පෙරදින ඔබවහන්සේ මේ ගමේම අපගේ නිවසට පිඬු පිණිස වැඩමවූයෙහිය. එහිදී ඔබවහන්සේට අසමාන ප්‍රීතියෙන් උක්දඬු කැබැල්ලක් දාන චේතනාවෙන් පූජා කළෙමි.
මගේ නැන්දනිය, පසුව මා අනුගමනය කරනු ඇතැයි මම සිතුවෙමි. යෙහෙළියනි, උක්ගස කොතැනක ඉවත දමන ලද්දයි ඈ මගෙන් ඇසුවාය. මා විසින් ඉවතලන ලද්දේ නොවේ. කන ලද්දේ ද නොවෙයි. ශාන්ත වූ භික්ෂූන් වහන්සේ නමකට පූජා කළෙමියි කීවෙමි.
මේ දේපල ඔබේ මගේද, අසමින් නැන්දනිය මට නින්දා කළාය. පුටුවක් ගෙන මට පහර දුන්නාය. ඒ පහරින් මා කළුරියකොට එතැනින් මම චුත වී දෙව්ලොව දේවතාවිය වී උපන්නෙමි.
මා විසින් කරන ලද්දේ ඒ කුසල ඒ කුසල කර්මයයි. මම දැන් ඒ යහපත් කුශල කර්ම විපාකය විඳගනිමි. දෙවිවරුන් සමග සැප විඳිමි. පංචකාම ගුණයන්ගෙන් සුව විඳිමි. සතුටට පත් වේ.
මා විසින් කරන ලද්දේ ඒ කුසල කර්මයම වේ. මම දැන් යහපත් වූ කර්ම විපාක විඳ ගනිමි. දෙව්රදුන් විසින් ආරක්ෂා කරනු ලැබ තිදස්පුර වාසීන් විසින් පිරිවරන ලැබ. පංචකාම ගුණයන්ගෙන් යුතුව වෙසෙමි.
මම දෙවිවරුන් සමග සැප විඳීමි. පංචකාම ගුණයන්ගෙන් සතුටට පත්වීමි. මා විසින් දෙන ලද උක්දඬු දානයේ විපාකයෙන් ලැබුණු අනල්ප වූ පුණ්‍යඵලය මෙබඳු වේ.
දෙවිවරුන් විසින් ආරක්ෂා කරන ලදුව, තිදස්පුර වාසීන් විසින් පිරිවරන ලදුව නන්දන වනයෙහි ශක්‍රයා ලෙසින් වෙසෙමි. මා විසින් දෙන ලද උක්දඬු දානයෙන් ලැබුණු මහා තේජස් සම්පන්න වූ අනල්ප වූ පුණ්‍යඵලය මෙබඳු වේ.
ස්වාමීනි, කාරුණික වූ ප්‍රඥාවන්ත වූ, ඔබවහන්සේ වෙත එළඹ වන්දනා කළෙමි. සුවදුක් ද විමසීමි. ඉන්පසු පැහැදුනු සිතින්ද ඉමහත් ප්‍රීතියෙන් ද, යුතුව ඔබවහන්සේට උක්දඬු කෑල්ලක් පිදුවෙමි.
එහි ඉදානි ආසන්නව පෙර දිනය ඊයේ දිනය බැවින් මෙසේ කීය. දැන් යනු පදයේ අර්ථයයි. ඉමමෙව ගාමං මෙම ගමෙහිම රජගහනුවර සඳහා කියන ලදී. ගම ද නියම්ගම ද නගරය ද ගම යනුවෙන් හැඳින්වෙයි. කියන ලද්දේය. මෙය භූමිය යන අර්ථයෙහි ද යෙදේ. උපාගමී - පැමිණියේ මෙහි අතුලායා සමාන නොවන හෝ ප්‍රමාණ රහිත වූ.