9. පළමු දබ්බ සූත්ර වර්ණනාව
නවවැන්නෙහි, ආයස්මා යනු ප්රිය වචනයකි. දබ්බො යනු එම තෙරුන්ගේ නාමයයි. මල්ල පුත්තො යනු මල්ල රජුගේ පුතු එම ආයුෂ්මත් තෙමේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ පාද මූලයෙහි කරන ලද, ප්රාර්ථනා ඇතියේ, කල්ප ලක්ෂයක් රැස්කළ පින් රාශියක් ඇතියේ, අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මල්ල රාජ දේවියගේ කුසෙහි උපන්නේ කරන ලද ප්රාර්ථනා ඇතියේ, උපතින් සත්හැවිරිදි කලමැ, මව්පියන් කරා එළැඹැ, පැවිද්ද ඉල්වී. ඔව්හුද පැවිදිවැ ආචාර ධර්මයන්හි හික්මේවා. ඉදින් එය සිත් නො අලවන්නේ නම් මෙහිම එන්නේ යැයි (එනු මැනවැයි) අනුදත්හ. හෙතෙම ශාස්තෲන් වහන්සේ කරා එළැඹැ පැවිද්ද ඉල්වී. ශාස්තෲන් වහන්සේද ඔහුගේ පූර්වහේතු සම්පත් බලා පැවිද්ද අනුදත් සේක. ඔහුට පැවිදිවන වේලාවෙහි දුන් අවවාදයෙන් භවත්රයය ගිනිගත්තාක් මෙන් වැටහින. ඔහුද විදර්ශනා පිහිටුව හිස මුඩුකරන අවස්ථාවෙහිම අර්හත්වයට පැමිණියේය. ශ්රාවකයෙකු විසින් පැමිණිය යුතු ත්රිවිද්යා, සිව් පිළිසිඹියා, ෂඩභිඥා, නවලොවුතුරු ධර්මය යන මේ ආදී සියල්ල අවබෝධ කොට අසූමහ ශ්රාවකයින් අතරට ඇතුළත් වූයේය. එම ආයුෂ්මතුන් විසින් යූ.සේයි -
මා විසින් වනාහි උපතින් සත්වසින් අර්හත්වය සාක්ෂාත් කරන ලදි. ශ්රාවකයෙකු විසින් පැමිණිය යුතු යමක් ඇත්ද, මවිසින් එම සියල්ලට පැමිණෙන ලදි ආදිය.
යෙන භගවා තෙනුපසංකමි යනු එම ආයුෂ්මත් තෙමේ එක් දිනක් රජගහ නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ, භාග්යවතුන් වහන්සේට වත් දක්වා දිවා ස්ථානයට ගොස් කලයෙන් දිය ගෙන පා ගල්වා සිරුර සිසිල්කෙට, සම්කඩ පනවා හුන්නේ කල් පිරිසිඳීම කොට සමවතට සම වනි. පිරිසිඳි කාලය අනුව සමවතින් නැගිට තම ආයු සංස්කාර බැලීය. එහි ඒවා ක්ෂීණය. කිහිප මොහොතක් කලැයි වැටහින. හෙතෙම යම් ආකාර වූ මම ශාස්තෲන් වහන්සේට සැල නොකොට, සබ්රම්සරුන් විසින් නොදතුයේ, හුන් අයුරින්ම මෙහි පිරිනිවෙන්නෙමි යන එය සුදුසු නොවේයයි සිතීය. ශාස්තෲන් වහන්සේ කරා එළැඹ පිරිනිවීම අනුමත කරවාගෙන ශාස්තෲන් වහන්සේට වත් දක්වා සස්නෙහි නෛර්යාණික බව දැක්වීම සඳහා මාගේ සෘධ්යානුභාවය ප්රකාශ කරනුයේ අහස්හි හිඳ තේජෝ ධාතු සමවතට සමවැද පිරිනිවෙන්නේ නම් ඉතා යෙහෙකැයි සිතීය. එසේ ඇතිකල්හි යමෙක් මා කෙරෙහි අශ්රද්ධාවත්, අප්රසන්න වූවාහු වෙත්ද, ඔවුන්ටද පැහැදීම උපදින්නේය. එය ඔවුන්ට දීර්ඝ කාලයක් හිතසුව සඳහා පවත්නේය. එම ආයුෂ්මත් තෙමේ මෙසේද සිතා භාග්යවතුන් වහන්සේ කරා එළැඹ, ඒ සියල්ල එසේම කළේය. එහෙයින්, අථඛො ආයස්මා දබ්බො මල්ල පුත්තො යෙන භගවා තෙනුපසංකමි ආදිය යූ.සේයි.
එහි පරිනිබ්බාන කාලො මෙ යනු භාග්යවතුන් වහන්ස, මාගේ අනුපාදිසෙස පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවෙන කාලය එළැඹියේය. ඒ මම භාග්යවතුන් වහන්සේට සැලකොට පිරිනිවෙන්ට කැමැත්තෙමි යි දක්වයි. සමහරු කීහු. තෙරහු එපමණ ජරාජීර්ණ වූයේ නැත. ගිලන් වූයේද නැත. පිරිනිවීම සඳහා ශාස්තෲන් වහන්සේ විචාරයි. මෙහි හේතුවක් නැත. මෙත්තිය භුම්මජක භික්ෂූහු පෙර මා හට, ප්රධාන හේතුවක් නොමැති, පාරාජිකාවෙන් දුර්වලකළහ. එහි විනිශ්චය සන්සිඳුනේද, ආක්රොශ කෙරෙත්මය. ඔවුන්ගේ වචන විශ්වාසකොට අන් පෘථග්ජනයෝද, මා කෙරෙහි, අගෞරව, පරිභව කෙරෙත් යයි. මෙම දුක්බර නිරර්ථකව උසුලා කවර ප්රයෝජනද? එහෙයින් මම දැන් මම පිරිනිවෙන්නෙමියි සනිටුහන් කොට ශාස්තෲන් වහන්සේ විචාරයි. එය නොකෙරුණි. රහත්හු ආයු සංස්කාර ක්ෂය නුවූ කල්හි අන්යයන්ගේ අපවාදාදියට බියෙන් පිරිනිවීම සඳහා නොසිතත්. උත්සාහ නොකෙරෙත්. අන්යයන්ගේ ප්රසාද හේතුවෙන් බොහෝ කලක් නොසිටිත්. තවද ස්වාභාවිකවම තමා ආයු සංස්කාරයෙහි ක්ෂය වීම බලාපොරොත්තු වෙති. දෙසූ පරිදි,
නාභි කංඛාමි මරණං - නාභි කංඛාමි ජීවිතං
කාලඤ්ච පති කංඛාමි - නිබ්බෙසං භතකො යථා
කාලඤ්ච පති කංඛාමි - නිබ්බෙසං භතකො යථා
මරණය අපේක්ෂා නොකරමි. ජීවිතය අපේක්ෂා නොකරමි. වැටුප් සහිත කම්කරුවකු මෙන් කාලය ගැන බලාපොරොත්තු වෙමි. (සැක කරමි.)
භාග්යවතුන් වහන්සේද ඔහුගේ ආයු සංස්කාරය බලා ක්ෂය වූ බව දැන යස්සදානි ... [missing trans]
වෙහාසං අබ්භුග්ගන්ත්වා යනු අහසට මනාව නැගී, අහසට ගොස් යයි අර්ථයි. අභි ශබ්ද යෝගයෙන් මෙය ද්විතියා වචනයි. අර්ථය වනාහි සත්තමී වශයෙන් දතයුතුය. අහසට පැන නැග කුමක් කළෙහිදැයි කීය. ආකාසෙ අන්තලික්ඛෙ පල්ලංකෙන නිසීදිත්වා යන ආදියයි. එහි තෙජො ධාතුං සමාපජ්ජිත්වා යනු තේජෝ කසිණ චතුර්ථ ධ්යාන සමවතට සමවැද, තෙරහු එකල්හි භාග්යවතුන් වහන්සේ වැඳ, තෙවරක් ප්රදක්ෂිණා කොට, එකත්පස්ව සිටියේ, භාග්යවතුන් වහන්ස, කල්ප ලක්ෂයක්, ඔබතුමන් සමග ඒ ඒ තන්හි වසමින් පින් කරනුයේ මෙම කරුණ සඳහා කෙළෙහිය. එම කරුණ අද මස්තකප්රාප්ත වූයේය. මෙය අවසන් දර්ශනය යැයි කීයේය. එහි යම් පෘථග්ජන භික්ෂූහු වෙත්ද, ඔවුන්ද සෝවන්, සකෘදාගාමීහුද යන මොවුනතර ඇතමුන්ට මහත් කරුණාවක් වූයේය. ඇතැම්හු හැඬීම් ප්රාප්ත වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඔහුගේ සිතෙහි හැසිරීම දැන, එසේනම් දබ්බය මා හටද, බික් සඟනටද සෘද්ධි ප්රාතිහාර්ය දක්වවයි වදාළ සේක. ‘එකෙණෙහිම සියලු බික් සඟ රැස්විය. ඉක්බිති ආයුෂ්මත් දබ්බ එකෙක්ව බොහෝ වේ ආදී ක්රමයෙන් ආවා වූ ශ්රාවක සාධාරණ සියලු ප්රාතිහාර්යයන් ප්රදර්ශනය කොට, නැවතද භාග්යවතුන් වහන්සේ වැඳ අහසට නැග, අහසෙහි පෘථුවියක් නිර්මිතකොට, එහි පර්යංකයෙන් වැඩහුන්නේ, තේජෝ කසිණ සමවතෙහි පිරියම්කොට, සමවතට සමවැද නැගිට සිරුර ආවර්ජනාකොට, නැවත සමවතට සමවැද ශරීරය දවන තේජෝ ධාතුව අධිෂ්ඨාන කොට පිරිනිවියෝය. අධිෂ්ඨානය සමග සියලු ශරීරය ගින්නෙන් ඇවිලුනේ විය. ක්ෂණයකින්ම එම ගින්න, කල්ප විනාශ ගින්නක් මෙන් ස්වල්ප මාත්ර වූද සංස්කාර ගතයක් දැලි (අලු) මාත්රයක් ද එහි කිසිවක් ශේෂ රහිතව අධිෂ්ඨාන බලයෙන් දවා නිවුණි. එහෙයින් අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො යන ආදිය යූ.සේයි. එහි වුට්ඨහිත්වා පරිනිබ්බායි යනු සෘද්ධි සිතින් නැගිට භවංග සිතින් පිරිනිවියෝය.