10. දෙවන දබ්බ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි, තත්‍ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමැත්ත ඇතිතාක් කල් වාසයකොට, දනව් සැරිසරනුයේ පිළිවෙලින්ම සැවතට පත්ව, දෙව්රමැ වාසය කරනුයේ, යම් යම් භික්‍ෂූන්ට ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රගේ පිරිනිවන ප්‍රත්‍යක්‍ෂ නොවීද, ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂ කොට දක්වන්ට, යම් ආකාර වූ, මෙත්තිය භුම්මජකයන් විසින් කරන ලද අභූත අසත්‍ය දෝෂාරෝපණයෙන්, තෙරුන් කෙරෙහි, ගෞරව රහිත පෘථග්ජනයෝ වෙත්ද, ඔවුන්ට තෙරුන් කෙරෙහි බුහුමන් ඉපදවීම සඳහා ද ආමන්ත්‍රණය කළ සේක. එහි තත්‍ර යනු වචන හැඟවීමේ නිපාත මාත්‍රයයි. ඛො යනු අවධාරණාර්ථයෙහිය. එහි තත්‍ර යන මෙයින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කෙළේයයි එම පදයන්ගෙන් කියනු ලබන්නම බබලවයි. ඛො යන මෙයින් ආමන්ත්‍රණය කෙළේමය. ඇමතීමෙහි ලා භාග්‍යවතුන් වහන්සේට කිසි අනතුරක් නුවූයේ යයි යන මෙකරුණ දක්වයි. නොහොත් තත්‍ර යනු එම අරම්හි, ඛො යන වදන් ලකර නිපාතයි. ආමන්තෙසි යනු වදාළේය. කවර හෙයින් වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ම ආමන්ත්‍රණය කළ සේක්ද? ජ්‍යෙෂ්ඨ හෙයින්, ශ්‍රේෂ්ඨ හෙයින්, ආසන්න හෙයින් හැම කලැ තැන්පත් කරන ලද හෙයින්, ධර්ම දේශනාවට විශේෂයෙන් බඳුනු වූ හෙයින්ද වේ.
භික්ඛවො යනු ඔවුන්ට ආමන්ත්‍රණය කිරීම් ආකාර වචනයයි. භදන්තෙති යනු ආමන්ත්‍රිත භික්‍ෂූන්ගේ, ගෞරවයෙන් ශාස්තෲන් වහන්සේට පිළිවදන් දීමයි. භික්ඛවොයි කියන්නා වූ භාග්‍යවතුන් වහන්සේ එම භික්‍ෂූන් අමතයි. භදන්තෙ යි ස්වාමීනියි කියන්නා වූ ඔව්හු පසු අමතති. තවද භික්ඛවො යන මෙයින් කරුණායෙන් පැතිරුණ සෞම්‍ය හෘදය නසන නිපාත පූර්වාංගම වචනයෙන් ඒ භික්‍ෂූහු කමටහන් මෙනෙහි කිරීම් ධර්ම ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් ආදියෙන් නවත්වා තම මුව අබිමුව කරයි. භන්තෙ යි මෙයින් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ආදර බුහුමන් ගෞරව දැක්වීම් වචනයෙන් එම භික්‍ෂූහු තමාගේ මනා ශ්‍රවණතාවය, අවවාද පිළිගැනීම් ගෞරව භාවයද දන්වති. භගවතො පච්චස්සොසුං යනු එම භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිවදන් දුන්හ. ශ්‍රමණ කාම්‍යතාවය ජනනය කළහ. එතදවොච යනු භාග්‍යවතුන් වහන්සේ දැන් දේශනා කරනු ලබන සියලු සූත්‍රය දේශනා කළ සේක. දබ්බස්ස භික්ඛවෙ මල්ල පුත්තස්ස ආදිය අනතුරු සූත්‍රයෙහි කියන ලද අර්ථමය. එතමත්‍ථං යන ආදීන්හිද පෙර නොකී විරූවක් නැත. අනතුරු සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
ගාථාවන්හි වනාහි අයොඝන හතස්ස යනු එයින් යකඩය පහරනුයි අයොඝනයි. ලොකුරුවන්ගේ යකුළද, යකඩ මිටියද, එම කුළු ගෙඩියෙන් නසන ලද පහර දෙන ලද, සමහරු වනාහි අයොඝන හතස්ස යනු ඝන යකඩ ගුලිය පහරන කලැයි අර්ථ කියති. මෙහි එව ශබ්දය නිපාත මාත්‍රයකි. ජලතො ජාතවෙදසො යනු දිලියෙන ගින්නෙහි (ගේ) එය අනාදරාර්ථයෙහි ෂෂ්ටීයි. අනුපුබ්බූස සන්තස්ස යනු අනුක්‍රමයෙන් සන්සුන් වූ, නිවුනා වූ, නිරුද්ධ වූ යථා නඤායතො ගති යනු යම්සේ එහි යාම නොපැනේද, මෙය යූ.සේයි. යකඩ, මිටි, කුළු ආදියෙන් පහරන ලද, යකුළෙන් පහරන ලද, මනාව පහරන ලද, ලොහො බඳුන් ආදියට ගිය ජල මානය ගින්නෙන් විනාශ වන්නාක් මෙන් එසේ උපන්නා වූ හෝ ශබ්දය අනුක්‍රමයෙන් සන්සුන් වූයේ මනාව සන්සුන් වූයේ දස දිසාවන්හි කිසිතැනෙක්හි පැවැත්මෙක් නොපැනේ. ප්‍රත්‍යය නිරෝධයෙන් අප්‍රතිසන්ධිකව නිරුද්ධ වූ හෙයිනි.
එවං සම්මා විමුත්තානං යනු මනා හේතුවෙන්, න්‍යායෙන්, තදංග, විෂ්කම්භන විමුක්ති පූර්වංගම ආර්ය මාර්ගයෙන්, සිව් උපාදානයන්ගෙන් ද ආශ්‍රවයන්ගෙන්ද මනාව මිදුනවුන්ගේ, එයින්ම, කාය ප්‍රබන්ධ සංඛ්‍යාත කාමෝඝ භව ඕඝ ආදී භේද වූ ඉතිරි ඕඝයන්ද තරණයකොට සිටි හෙයින්, කාම බන්‍ධොගතාරිනං මනාව සන්සිඳවන ලද සියලු කෙලෙස් කම්පා වූ හෙයින්, කෙලෙස් රැස් කිරීම් වාතයන්ගෙන් ද කම්පා නොවන හෙයින්, නොසැලෙන අනුපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත සියලු සංස්කාර සන්සිඳීමට පැමිණි අවබෝධ කළ ක්‍ෂීණාශ්‍රවයන්ගේ ගති දිව්‍ය මනුෂ්‍ය ආදී භේද වූ උත්පත්තීන්හි මෙනම් අයෙකැයි පැනවිය යුත්තෙහි අභාව හෙයින් පඤ්ඤාපෙතුං නත්‍ථි නොලබයි. කියන ලද ගින්න මෙන් අප්‍රඥප්තික භාවයටම ඔහු ගියේ යයි අර්ථයි.