නිගමනකථා
මෙතෙකින් -
සුවිමුත්ත චිත්තවොදාන - දෙව දානව මානිතො
පච්ඡින්න තණ්හා සන්තානො - පීති සංවෙග දීපනො
මනාව මිදුණු, සිත පිරිසිදු කරන සුරාසුර පූජිත, සිය සිත් සතන්හි සුන් තෘෂ්ණා සහිත වූ ප්‍රීතිය හා සංවේගය දක්වන්නා වූ,
සද්ධම්මදාන නිරතො - උපාදානක්ඛයා වහො
තත්‍ථ තත්‍ථ උදානෙන - උදානෙසි විනායකො
උපාදානක්‍ෂය එළවන, සදහම් දන්හි නිරත වූ ශ්‍රේෂ්ඨ නායකයාණෝ, ඒ ඒ තන්හි හටගත් ප්‍රීතියෙන් ප්‍රීති වාක්‍යයන් පහළ කළ සේක.
තෙ සබ්බෙ එකතො කත්‍වා - ආරොපෙන්තහි සංගහං
උදානමිති සංගීතං - ධම්ම සංගාහකෙහි යං
එම සියල්ල එකතුකොට, සංග්‍රහ කොට එළවන්නා වූ, ධර්ම සංග්‍රාහකයින් විසින් යමක් උදානයැයි සංගෘහිතද,
තස්ස අත්‍ථං පකාසෙතුං - පොරණට්ඨ කථානයං
නිස්සාය යා සමාරද්ධා - අත්‍ථ සංවණ්ණනාමයා
එහි අර්ථ ප්‍රකාශ කරන්ට, පුරාණ අර්ථකථා ක්‍රමය ඇසිරිකොට, මා විසින් අර්ථ සංවර්ණනාවක් මනාව අරඹන ලදද?
සා තත්‍ථ පරමත්‍ථානං - සුත්තන්තෙසු යථාරහං
පකාසනා පරමත්‍ථ දීපනී නාම නාමතො
එහි සූත්‍රාන්තයන් හි, උතුම් අර්ථයන්ගේ, සුදුසු පරිදි, ප්‍රකාශනය නමින් පරමත්‍ථ දීපනී නම් වේ.
සම්පත්තා පරිනිට්ඨානං - අනාකුල විනිච්ඡයා
චතුත්තිංස පමාණාය - පාලියා භාණවාරතො
පෙළෙහි බණවර වශයෙන්, ප්‍රමාණයෙන් සූතිසක් වූ නිරවුල් විනිශ්චයෙහි නිමවීමට සම්ප්‍රාප්ත විය.
ඉති තං සංඛරොන්තෙන - සං තං අධිගතං මයා
පුඤ්ඤං තස්සානුභාවෙන - ලොකනාථස්ස සාසනං
මෙසේ එය සකසන්නා වූ, මවිසින් යමක් ලබන ලදද, එම පුණ්‍යානුභාවයෙන් ලෝකනාථයාණන් වහන්සේගේ සස්න,
ඔභාසෙත්‍වා විසුද්ධාය - සීලාදි පටිපත්තියා
සබ්බෙපි දෙහිනො හොන්තු - විමුත්ති රසභාගිනො
පිරිසිදු සීලාදී ප්‍රතිපත්තියෙන් බබළවා සියලු දේහධාරීහු, විමුක්ති රසයෙහි කොටස්කරුවෝ වෙත්වා.
චිරං තිට්ඨතු ලොකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං
තස්මිං සගාරවා නිච්චං - හොන්තු සබ්බෙපි පාණිනො
ලොවැ, සම්මා සම්බුදු සසුන චිරකල් පවතීවා. සියලු ප්‍රාණීහු එහි නිතර ගෞරව සහිත වෙත්වා.
සම්මා වස්සතු කාලෙන - දෙවොපි ජගතීපතී
සද්ධම්ම නිරතො ලොකං - ධම්මෙනෙව පසාසතුති
වර්ෂාවද මනාව කල්හි වසීවා. භූපති තෙමේ දහම්හි නිරත ලෝකයා දැහැමින්ම පාලනය කෙරේවා.
ඛදරතීර්ථ වෙහෙස වැසි ආචාර්ය ධර්මපාල තෙරහු විසින් කරන ලද,
උදානයෙහි අර්ථ කථාව සමාප්තයි.