8. විශාඛා සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි විසාඛාය මිගාර මාතුයා නත්තා කාලං කතා හොති යනු විසාඛා මහ උපාසිකාවගේ, පුතුගේ දූ කුමරිය කළුරිය කරන ලද්දේ වේ. ඕ වත් සම්පන්නව සස්නෙහි මනාව පැහැදුනේ, මහ උපාසිකාවගේ ගෙට පිවිසි භික්ෂූන්ටද භික්ෂුණීන්ටද තමා විසින් කළයුතු වතාවත් හා පෙරබත් හා පසුබත්ද අප්‍රමාදව කළාය. තම මිත්තණියගේ අදහස්වලට අනුකූලව පිළිපැද්දාය. එහෙයින් විසාඛාව ගෙයින් පිටත නික්මෙනුයේ සියල්ල ඇයටම භාරකොට යයි. රුවින්ද, දර්ශනීය ප්රසාදවහ හෙයින් ඕ ඇයට විශේෂයෙන් ප්‍රියමනාව වූයේය. ඕ රෝගයෙන් මැඩුනී කළුරිය කළාය. එහෙයින් තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත්තා කාලකතා නෙ හොති පියා මනාපායි යූ.සේයි. ඉක්බිති මහ උපාසිකාව ඇයගේ මරණයෙන් සෝකය දරන්ට නොහැකි වූයේ, දුක් වූයේ නොමනා සිත් ඇත්තී සිරුර බහා තැබීම (භූමදානය) කරවා ශාස්තෲන් වහන්සේ සමීපයට ගියකල්හි චිත්තාශ්වාදයක් ලබන්නේ ඉතා යෙහෙකැයි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එහෙයින් අථඛො විසාඛා මිගාර මාතා ආදිය යූ.සේයි. දිවා දිවස්ස යනු දවසෙහි දවල්, මධ්‍යාහ්න කාලයෙහි,
භාග්‍යවතුන් වහන්සේ විසාඛාවගේ සසර වෘතයෙහි ඇල්ම දන්නේ උපායෙන් සෝකය තුනී කිරීම සඳහා, “විසාඛ නුඹ කැමැති වන්නෙහිදැ”යි ආදිය වදාළහ. එහි යාවතිකා යම් පමණ, එකල්හි වනාහි සත්කෝටියක් ජනයා සැවැත්නුවර වාසය කෙරෙත්. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ, විසාඛාව සැවැත්නුවර කොපමණ බහුතර ජනතාවක්, දෙවසිකං දිනපතා කළුරිය කෙරෙත්දැයි විචාල සේක. විසාඛාව ස්වාමීනි, දස දෙනෙක් යනාදිය කීය. එහි තීණි යනු තුනයි. මෙයම හෝ පාඨයි. අවිවිත්තා යනු නොසිස්,
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තම අදහස් ප්‍රකාශ කරනුයේ එසේනම් නුඹ කිසිකලෙකත්, කිසි විටෙකත්, නොතෙත් වස්ත්‍ර හෝ නොතෙත් කෙස් ඇතිවනු හැක්කහු වන්නෙහිදැයි විචාල සේක. මෙසේ ඇතිකල්හි ඇයගේ සියලු කාලය, සෝකයෙන් මැඩුනේ මළ පුත්රාදීන්ගේ අවමංගල සමීප ක්‍රියා වශයෙන් දියෙහි බැසීමෙන්, තෙත් වස්ත්‍රයෙන්, තෙත් කේශයෙන්ම විය යුතුයයි දක්වයි. උපාසිකාව එය අසා සංවේග හටගත්තී, ස්වාමීනි, එය එසේ නොවේයයි ප්‍රතික්ෂේප කොට, ප්‍රිය වස්තු විපිලිසරින් තම සිත හැරුණු බව ශාස්තෲන් වහන්සේට සැළ කරනුයේ, “ස්වාමීනි, එපමණ බොහෝ දූ පුතුන් හා මුනුබුරු මිනිබිරියන්ගෙන් මට කම් නැතැ”යි කීවාය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇයට, “එම දුක නම් ප්‍රිය වස්තු හේතුවෙනි. ප්‍රිය වස්තු යම්පමණද, දුක්ඛයන්ද එපමණය. එහෙයින් සුව කැමැති, දුක් පිළිකුල් කරන්නහු විසින්, සර්වප්රකාරයෙන් ප්‍රිය වස්තුවෙන් සිත වෙන් කළ යුතුයැ”යි ධර්මය දේශනා කරනුයේ, යෙසං ඛො විසාඛෙ සතං පියානි සතං තෙසං දුක්ඛානියි ආදිය වදාළහ. එහි සතං පියානි ප්‍රිය කළයුතු වස්තු සියයකි. සතං පියන්තියි සමහරු කියවති. මෙහිද එකෙහි පටන් දහය දක්වා සංඛ්‍යාව ගණන් කිරීම ප්‍රධානව පවතියි. එහෙයින් යම් කෙනෙකුට ප්‍රිය වස්තු දහයක් වේද, ඔහුට දුක් දහයකි. ආදී වශයෙන් පාලියෙහි ආයේය. සමහරු වනාහි යෙසං දස පියානං දසතෙසං දුක්ඛානං ආදී ක්‍රමයෙන්ද කියවති. එය යහපත් නොවේ. විස්සෙහි පටන් සියය දක්වා සංඛ්‍යාව ගණන් කිරීම ප්රධානවය. එහිද ගණන් කිරීමෙහි ප්රධානත්වයම ගෙන යෙසං ඛො විසාඛෙ සතං පියානි සතං තෙසං දුක්ඛානි විසාඛාවෙනි, යම් කෙනෙකුන්ට ප්‍රිය වස්තු සියයක් වේද, ඔහුට දුක් සියයකි ආදි ක්‍රමයෙන් පාලියෙහි ආයේය. හැමතන්හි යෙසං එකං පියං එකං තෙසං දුක්ඛංයි පාඨයි. දුකට නොවේ. එම පක්ෂයෙහි එක රසත්වය හා එක් අදහස් භාවය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව වේ. කියන ලද ක්‍රමයෙන්ම පාලිය දතයුතුය.
එතමත්ථං විදිත්වා යනු සෝක, පරිදේව ආදී චෛතසික කායික දුක, ප්‍රිය වස්තු නිමිතිකොට ප්‍රිය වස්තු ඇති කල්හි වේ. නොමැති කල්හි නොවේයයි එම කරුණ සර්වප්රකාරයෙන් දැන, එකරුණ මනාව දැක්වීමට මෙ උදන් ඇනූ සේක.