5. චුන්ද සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි මල්ලෙසු යනු මෙනම් දනව්වෙහි මහතා භික්ඛු සංඝෙන යනු ගුණ මහත්වයෙන් හා සංඛ්‍යා මහත්වයෙන් මහත් වූ, එම බික්සඟන සීලාදී ගුණ විශේෂ යෙදීමෙන්ද එහි සියල්ලන්ට පසුව වූවහුගේ සෝවාන් භාවය හෙයින්ද මහත් වූයේ. (යටත් පිරිසෙයින් අන්තිමයා සෝවාන් වූයේය.) නොපිරිසිඳි ගණන් හෙයින් සංඛ්‍යා මහත්වයෙන්ද මහත්ය. ආයු සංස්කාර අත්හැරීමෙහි පටන් පැමිණි පැමිණි භික්‍ෂූහු ආපසු හැරී නොගියහ. චුන්‍දස්ස යනු එම නමින් යුක්තහුගේ, කම්මාර පුත්තස්ස චුන්‍දස්ස යනු එම නමින් යුත්තහුගේ, කම්මාර පුත්තස්ස රන්කරු පුතුගේ, හෙතෙම ධනාඪ්‍ය මහ කෙළෙඹියෙකි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම දර්ශනයෙන්ම සෝවාන්ව තම අඹ වනයෙහි ශාස්තෲන් වහන්සේට සුදුසු ගඳකිළියක්ද බික්සඟනට රාත්‍රීස්ථාන, දිවාස්ථාන, උපස්ථාන ශාලා, කුටි මණ්ඩප, සක්මන්මලු ආදියෙන්ද යුතුව සම්පාදනය කොට පවුරුවලින් වටකරන ලදුයේ දොරකොටු යුත් වෙහෙරක් කොට බුද්ධප්‍රමුඛ සංඝයාට භාර දුන්නේය. ඒ සඳහා තත්‍රසුදං භගවා පාවායං විහරති චුන්‍දස්ස කම්මාර පුත්තස්ස අම්බවනෙයි යූ.සේයි.
පටියාදාපෙත්‍වා යනු සම්පාදනය කොට යන අර්ථයි. සූකර මද්දවං යනු ඌරාගේ මෘදු සිනිඳු ත්‍රිකෝටි පරිශුද්ධ මද්දවං යනු ඌරුමස් නොවේ. ඌරන් විසින් තලා පොඩිකර දමන ලද උණ ගොබයැයි කියති. අනෙක් අය ඌරන් විසින් මඬනා ලද පෙදෙසෙහි හටගත් බිම්මල් (හතු) යැයි කියති. තවත් සමහරු සූකර මද්දව එක් රසායනයකැයි ගත්හ. චුන්‍දකර්මාර පුතු අද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ යයි අසා, එය අනුභවකොට, බොහෝ කලක් ජීවත්ව සිටින්නේ නම් ඉතා යෙහෙකැයි ශාස්තෲන් වහන්සේගේ චිර ජීවන අපේක්‍ෂායෙන් දිනියැයි ද කියති.
තෙන මං පරිවිස යනු ඉන් මා අනුභව කරව. කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක්ද යත්, අන් අය කෙරෙහි අනුන් කෙරෙහි කරුණාව හේතුවෙනි. එම කරුණ පෙලෙහි යූ.සේමය. ඔහු විසින් එළවන ලද භික්‍ෂාවෙන් අනෙකා පරිභෝග කරවීම නුසුදුසු හෙයිනැයි එසේ කියන්ට සුදුසුයැයි දක්වන ලද්දේ වේ. එම සූකර මද්දවයෙහි දෙදහසක් දිවයින් පිරිවර ඇති සිව්මහා දිවයින්හි දේවතාවෝ දිව්‍යඕජස් බහාලූහ. එහෙයින් එය අන්කිසිවෙකුට මනාව දිරවන්ට නොහැකි වේ. එකරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අන්‍ය දොස් කීම්වලින් මිදීම සඳහා නාහන්තං චුන්‍ද පස්සාමි යි ආදියෙන් සිහනද නද කළ සේක. යම් ආකාර අන්‍යයන් විසින්, තමා විසින් අනුභවකොට වූ ඉතිරිය භික්‍ෂූන්ට අන් මිනිසුනටද නුදුන්නේය. වලක් හාරවා විනාශ කළේ යයි දොස් කියන්නාහුය. ඔවුන්ගේ කීමට අවකාශයක් නොවේවායි අන්‍ය දොස් කීම්වලින් මිදීම සඳහා සිහනද නද කළ සේක.
එහි සදෙවකෙ යනාදීන්හි දෙවියන් සහිත වූයේ නුයි සදෙවකොයි. මාරයා සමග වූයේනුයි සමාරකො යි බ්‍රහ්මයා සමග වූයේනුයි සබ්‍රහ්මකොයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූයේ නුයි සස්සමණ බ්‍රාහ්මණි යි. ප්‍රජාවට අයිති හෙයින් පජායි. දෙවි මිනිසුන් සහිත වූයේනුයි සදෙව මනුස්සායි. තස්මිං සදෙවකෙ ලොකෙ -පෙ- සදෙව මනුස්සාය, එහි සදෙවක වචනයෙන් පස්වැදෑරුම් කාමාවචර දේවග්‍රහණයයි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේව ග්‍රහණයයි. සබ්‍රහ්මක වචනයෙන් බ්‍රහ්ම කායිකාදී බ්‍රහ්ම ග්‍රහණයයි. සස්සමණ බ්‍රාහ්මණී වචනයෙන් සස්නට සතුරුපස මිතුරු මහණ බමුණන්ගේ ග්‍රහණයයි. සංසිඳවූ පව් ඇති, බහා තැබූ පව් ඇති මහණ බමුණන්ගේ ග්‍රහණයයි. පජා වචනයෙන් සත්ත්ව ලෝක ග්‍රහණයයි. සදේව මනුස්ස වචනයෙන් සම්මුති දෙවිවරු හා සෙසු මනුෂ්‍ය ග්‍රහණයයි මෙසේ මෙහි තෙපදයන්ගෙන් අවකාශ ලෝක වශයෙන් ද, දෙපදයකින්, ප්‍රජා වශයෙන් ද සත්ත්ව ලෝකය ගන්නා ලදැයි දතයුතුය. වෙනත් ක්‍රමයක්, සදේවක වචනයෙන් අරූපාවචර ලෝකය ගන්නා ලදි. සමාරක වචනයෙන් ෂට් කාමාවචර දේවලෝකයන්, සබ්‍රහ්මක වචනයෙන් රූපී බ්‍රහ්ම ලෝකයන්, සස්සමණ බ්‍රාහ්මණ ආදී වචනයෙන් සිව් පිරිස් වශයෙන් සම්මුති දෙවිවරු සහිත මිනිස්ලොව, සෙසු සත්ත්ව ලෝකය හෝ ගන්නා ලදැයි දතුයුතුය.
භුත්තා විස්ස යනු අනුභව කළහුට ඛරො යනු ඵරුෂ, ආබාධො යනු විසභාග රෝගයක්, බාල්හා යනු බලවත් වූ, මාරණන්තිකා යනු මරණය සමීපයට පැමිණවීමට සමත්, සතො සම්පජානො අධිවාසෙසි යනු සිහිය මනාව පිහිටුවීම කොට නුවණින් පිරිසිඳ ඉවසූ සේක. අවිහඤ්ඤමානො යනු වේදනාව අනුව පැවතීම් වශයෙන්, නොසලකා සිටින ස්වභාව මෙන්, ඔබිනොබ පෙරැළීම් නොකරනුයේ, නොපෙළනු ලබනුයේ මෙන් දුක් පීඩා නොවන්නාක් මෙන් ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේට බේලුව නම් කුඩා ගමෙහිදීම එම වේදනාව උපන්නේය. සමවත් බලයෙන් මැඩ පවත්වන ලදුයේ, පිරිනිවන් දිනය දක්වා එය නොඉපදුනහ. දිනෙන් දින සමාපත්තීන්ගෙන් යටපත් කිරීමෙනි. එදින වනාහි පිරිනිවෙනු කැමැතියේ, කෝටි ලක්‍ෂයක් හස්තීන්ගේ බල දරන්නා වූ, එකට බැඳි දියමන්ති සමාන ශරීර ඇති ප්‍රමාණ රහිත කාලයක් රැස්කළ පුණ්‍ය රාශීන් ඇතියහුටද, භවය ඇති කල්හි මෙබඳු වේදනා පවතිත්. අනෙක් අය ගැන කියනුම කවරේදැයි සත්ත්වයින්ට සංවේග හටගැන්වීම සඳහා සමවතට සම නොවැදි සේක. එහෙයින් වේදනාව කර්කෂව පැවතුනහ. ආයාම යනු එව යමු.