7. පපඤ්චඛය සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පපඤ්ච සඤ්ඤා සංඛා පහානං යනු පමා කෙරෙත්. යම්තැනෙක්හි තමහට උපන් එම කෙලෙස් සිතිවිලි පරම්පරාව පතුරුවති. කලක් තබත්නුයි පපඤ්චයි. ක්ලේශයෝය. විශේෂයෙන් රාග, ද්වේෂ, මෝහ, දෘෂ්ටි, මාන ආදීන්ය. එසේම යූ.සේයි -
රාග පපංචය, ද්වේෂ පපංචය, මෝහ පපංචය, දෘෂ්ටි පපංචය, තෘෂ්ණා පපංචය, මාන පපංචයැයි.
තවද කිලිටි අර්ථය ප්රපංචාර්ථයයි. කසල අර්ථය ප්රපංචාර්ථයි. එහි රාග ප්රපංචයට සුභ සංඥාව නිමිත්තයි. ද්වේෂ ප්රපංචයට ක්රෝධය වස්තුවයි. මෝහ ප්රපංචයට ආශ්රවයෝය. තෘෂ්ණා ප්රපංචයට වේදනාවයි. දෘෂ්ටි ප්රපංචයට සංඥාවයි. මාන ප්රපංචයට විතර්කය නිමිත්තයි. එම ප්රපංචයන් සමග එකට යෙදුණ සංඥාව ප්රපඤ්ච සංඥාවයි. ප්රපංච සංඥාවන්ගේ සංඛ්යාව, භාග, කොටස් ප්රපඤ්ච සංඥා සංඛායි. අර්ථ වශයෙන් වනාහි නිමිත්ත සමග වූ, එම ක්ලේශයට පක්ෂ වූ කෙලෙස් සමූහයයි. මෙහි සංඥා ග්රහණය ඒවා සාධාරණ හේතු භාවයෙහි (ප්රපංච සංඛ්යාවෝ සංඥා උත්පත්ති හේතුකොට ඇතැයි යූ.සේයි.) ඒවාහි ප්රහාණයයි. ඒ ඒ මාර්ගයෙන් රාගාදී කෙලෙසුන්ගේ නැසීම යයි අර්ථයි.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ අතීත නොයෙක් කෝටි ලක්ෂ සංඛ්යාත තම උත්පත්තීන්හි අනර්ථයට හේතු වූ කෙලෙස් මෙම අවසන් භවයෙහි ආර්ය මාර්ගයෙන් බෝමැඩ මුල්හිදී අනුසහිත කෙලෙස් ප්රහීණ කල්හි ප්රත්යවේක්ෂා කොට කෙලෙස් චරිත සත්ව සන්තානයන්ද, රාගාදී කෙලෙසුන්ගෙන් කිළිටි වූයේ, කැඳ පිරුණු ලබුගෙඩියක මෙන් ද, මෝරු පිරුණු සැළියක් මෙන්ද, චුරුණු තෙල් පොඟවන ලද කඩමාල්ලක් මෙන්ද නිදහස් කිරීම ඉවත්කිරීම දුෂ්කර බව දැක, මෙසේ මෙම ග්රහණය නම් කෙළවරක් නොමැති කාලයක සිට භාවිතා කරන ලද මාගේ කෙලෙස් වට ශේෂ රහිතව ප්රහීණ වූයේ විශ්මයකි. මනාව ප්රහීණ වූයේ යයි උපන් ප්රීති ප්රමෝද්ය ඇත්තේ උදන් ඇනූ සේක. එහෙයින් අථඛො භගවා අත්තනො පපඤ්ච සඤ්ඤා සංඛා පහානං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසියි යූ.සේයි.
එහි යස්ස පපඤ්චා ඨිතිචනත්ථි යනු යමෙකුට යැයි භාග්යවතුන් වහන්සේ තමාම අනෙකා මෙන් කොට නිර්දේශ කරයි. යම් අග්ර පුද්ගලයෙකුගේ කියන ලද ලක්ෂණ ඇති ප්රපංච ඔවුන් විසින් නොකරන ලදද, සසරෙහි සිටීමද නැත. නෙත්තියෙහි වනාහි ඨිති නම් අනුසය යැයි යූ.සේයි. අනුසයද භව පැවැත්මෙහි මූලය. සත්ත්වයින් සසර ප්රමාද කෙරෙත්නුයි පපංචයි. පපංචඨිතියිද පාඨයි. එහි අර්ථය, පපංචයන්ගේ සිටීම, විද්යමානත්වය මාර්ගයෙන් නොසිඳීම ප්රපංච සිටීමයි. ප්රපංචයම හෝ ඉතිරි කුසල්, අකුසල් විපාකයන්ගේ පැවැත්මෙහි හේතු භාවයෙන් වෘත්තයෙහි සිටීම හෝ පපංචයිතියි. එය යම් පුද්ගලයෙකුට නැද්ද? බන්ධානං පලිඝංච වීතිවත්තො යනු යමෙක් බන්ධනාර්ථයෙන් බන්ධනයක් හා සමාන හෙයින් බන්ධයැයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීහු නිර්වාණ නගර ප්රවේශය වළක්වන හෙයින් බාධා කිරීම් සමාන හෙයින් බාධා සංඛ්යාත අවිද්යාවද ඉක්මවන ලදුයේ ඉතා සියුම් වූද කෙලෙස් ප්රහාණයෙන්, විශේෂයෙන් ඉක්මවන ලදුයේ, සමහරු වනාහි ක්රෝධය යැයිද කියති. එය නොගත යුතුය. එය වනාහි අනෙකා කෙරෙහි ඇලේයයි කියන ලද හෙයිනි.
තං නිත්තණ්හං මුනිං චරන්තං යනු හැම අයුරින්ම තෘෂ්ණා අභාවයෙන් තෘෂ්ණා රහිත වූයේ දෙලෝ මනින හෙයින් තමාගේ හා අනෙකාගේ යහපත මනින හෙයින් ද මුනි තෙම ඒකාන්තයෙන්ම සියලු සත්ත්ව හිත පිණිස සිව් ඉරියව්වෙන්ගෙන් නොයෙක් සමවත්හි හැසිරීම්වලින් අනෙකා හා සාධාරණ නුවූ ඥාන චාරයෙන් හැසිරෙන්නාහු, නව ජානාති සදෙවකොපි ලොකො යනු දෙවියන් සහිත, බ්රහ්මයින් සහිත උපත් සහිත සියලු සත්වලෝකයා කිසිකලෙකත් අවමන් නොකරයි. පරිභව නොකරයි. ඉක්බිති මොහුම ලෝකයෙහි අග්රය. ශ්රේෂ්ඨය. උතුම්ය. පවර යැයි ගරුකරනුයේ සකස්ව පූජා සත්කාරයෙහි නිරත වේ.
සත්වන සූත්ර වර්ණනාව නිමියේ ය.
8. කච්චාන සූත්ර වර්ණනාව
අටවැන්නෙහි අජ්ඣත්තං යන මෙහි මෙම අජ්ඣත්ත ශබ්දය ඡ අජ්ඣත්තිකානි ආයතනානි ආදීන්හි අජ්ඣත්තජ්ඣයෙහි ආයේය. අජ්ඣත්තා ධම්මා අජ්ඣත්තංවා අජ්ඣත්තංවා කායෙ කායානුපස්සී යනාදීන්හි ස්වකීය අධ්යාත්මයෙහි, සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති ආදීන්හි විෂයධ්යාත්මයෙහි ඓශ්වර්යය ස්ථානයෙහි යැයි අර්ථයි. ඵල සමවත් වනාහි බුදුවරුන්ගේ ඓශ්වර්ය ස්ථාන නමැ. තෙනාන්ද භික්ඛුනා තස්මිං යෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං ආදීන්හි ගොචරධ්යාත්මයෙහිම දතයුතුය. මෙහිද ගෝචරධ්යාත්මයෙහිම දතයුතුය. එහෙයින් අජ්ඣත්තං යනු ගෝචරධ්යාත්ම වූ කමටහන් අරමුණෙහි යැයි යූ.සේයි. පරිමුඛං යනු අබිමුව සුපට්ඨිතාය යනු මනාව එළවන ලද කය අනුව ගිය සිහියෙන්, මෙහි සති ශීර්ෂයෙන් ධ්යානය යූ.සේයි. මෙය යූ.සේයි. අධ්යාත්ම කය අනුව බැලීම් සිහිය පිහිටුවීම් වශයෙන් මනාව ලබන ලද උදාර ධ්යානයට සමවැද