6. තණ්හාක්ඛය සූත්ර වර්ණනාව
සවැන්නෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මෙහි කොණ්ඩඤ්ඤ යනු එම ආයුෂ්මත්හුගේ ගෝත්රයෙන් පැමිණි නාමයයි. ශ්රාවකයින් අතර සියල්ලට ප්රථම ආර්ය සත්යයන් ප්රතිවේධ කළේනුයි භාග්යවතුන් වහන්සේ විසින් ‘පින්වත්නි, ඒකාන්තයෙන් කොණ්ඩඤ්ඤ දැනගත්තේය’යි දේශිත උදාන වචන වශයෙන්ද, තෙරහු සස්නෙහි අඤ්ඤා කොණ්ඩඤ්ඤ යයිම පැනුනහ. තණ්හා සංඛය විමුත්ති යනු තෘෂ්ණාව ගෙවී යයි. ප්රහීණ වේ. මෙහිනුයි තණ්හා සංඛයොයි. නිර්වාණයයි. එම තෘෂ්ණා ප්රහාණයෙහි විමුක්තිය තෘෂ්ණාව හෝ ගෙවයි. ප්රහීණ වේ. එය කරණකොට ගෙනනුයි තෘෂ්ණා සංඛයොයි. ආර්ය මාර්ගයයි. එයට ඵලය වූ කෙළවර වූ හෝ විමුක්ති යනුයි තණ්හා සංඛය විමුක්තිය. වෙනස් නොකළ හැකි ආකාරයෙන් අර්හත්ඵල සමවතයි. එය ප්රත්යවේක්ෂා කරමින් හුන්නේ වේ. මෙම ආයුෂ්මත් තෙමේ වනාහි බහුලව ඵලසමවතට සමවදියි. එහෙයින් මෙහිද එසේ කළේය.
එතමත්ථං විදිත්වා යනු එම අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ මාර්ගඵල ප්රත්යවේක්ෂණය දැන, එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි යස්සමූල ඡමානත්ථි යනු යම් ආර්ය පුද්ගලයෙකුට ආත්මභාව නමැති වෘක්ෂයට මුල් වූ අවිද්යාවද එහි පිහිටීමට හේතු වූ ආශ්රව නීවරණ නුනුවණින් මෙනෙහි කිරීම් සංඛ්යාත භූමියද, පෘථුවියද නැත්ද, අග මගින් මුලිනුපුටා දමන ලද හෙයිනි. පණ්ණා නත්ථි කුතො ලතා යනු වැල් නැත. එසේනම් කොළ කොයින්දැයි පද සම්බන්ධයයි. මාන අතිමානාදී ප්රභේද වූ, අතු, කුඩා අතු සංඛ්යාත වැල්ද නැත. මද ප්රමාද, මායා, සාඨෙය්ය ආදී කෙසේවත් නොලැබේ යන අර්ථයි. නොහොත් ‘කොළ නැත. වැල් කොයින්ද?’ යන රුක් අංකුරයක් (කුඩා පැලයක්) වැටෙනකල්හි පළමුව කොළ වැටෙත්. පසුව අතු කුඩා අතු සංඛ්යාත වැල් යයි කොට යූ.සේයි. එහි යමෙකුට ආර්යමාර්ග භාවනාවගේ නොමැති කල්හි ඉපැත්මට සුදුසු වූ, ආත්මභාව වෘක්ෂයාගේ ආර්ය මාර්ගයෙන් වඩන ලද හෙයින්, යම් අවිද්යා සංඛ්යාත මුලක් වේද, එහි පිහිටීමට ස්ථාන වූ ආශ්රවාදිය නැත්ද? මෙහි මුල ග්රහණයෙන්ම මුල් කරුණෙහි ඇති අවිද්යාවගේ පිහිටීමෙන් වන කර්මයද, එය නොමැති කල්හිද ගන්නා ලද්දේමයයි දතයුතුය. කර්ම බීජයන් නොමැති කල්හිද එයට හේතු වූ විඤ්ඤාණංකුරයද, විඤ්ඤාණාංකුර හේතුවෙන්, නාමරූප සලායතන සංඛ්යාත කොළ, සාඛාදීහුද නූපදින්නාහුම වෙති. එහෙයින් යමෙකු හට අත්බවට මුල් වූ භූමියක් නැද්ද? කොළ නැද්ද, වැල් නැද්දැයි යූ.සේයි.
තං ධීරං බන්ධනා මුත්තං යනු ඒ සිව්වැදෑරුම් යහපත් ප්රධන් වීර්ය යෝගයෙන් දිනූ මරහු හෙයින් නුවණැත්තා එයින්ම සියලු කෙලෙස් අභිසංස්කාර බන්ධනයන්ගෙන් මිදුණේය. කොතං නින්දිතුමරහති මෙහි තං යනු නිපාත මාත්රයයි. මෙසේ සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ, සීලාදී උතුම් ගුණයෙන් යුක්ත වූ, කවර නම් ප්රාඥ ස්වභාව ඇත්තෙක්, නින්දා කරන්ට ගර්හා කරන්ට සුදුසු වේද, නින්දාවට භාජන විය යුතු කරුණු නොමැති හෙයිනි. දෙවාපි නං පසංසන්ති යනු ඒකාන්තයෙන් දිව්ය ශක්ර ආදී ගුණ විශේෂ දන්නා අය (අපි ශබ්දයෙන්) මනුෂ්යයෝ ද, ක්ෂත්රිය පණ්ඩිතාහුද පසසති. වැඩිපුර කවර කථාද? බ්රහ්මුනාපි පසංසිතො මහා බ්රහ්මයා විසින්ද. අනෙකුත් බ්රහ්ම, නාග, යක්ෂ, ගාන්ධර්වාදීන් විසින්ද ප්රශංසිතය. ස්තුති කරන ලද්දේමය.
සවන සූත්ර වර්ණනාව නිමියේ ය.
7. පපඤ්චඛය සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පපඤ්ච සඤ්ඤා සංඛා පහානං යනු පමා කෙරෙත්. යම්තැනෙක්හි තමහට උපන් එම කෙලෙස් සිතිවිලි පරම්පරාව පතුරුවති. කලක් තබත්නුයි පපඤ්චයි. ක්ලේශයෝය. විශේෂයෙන් රාග, ද්වේෂ, මෝහ, දෘෂ්ටි, මාන ආදීන්ය. එසේම යූ.සේයි -
රාග පපංචය, ද්වේෂ පපංචය, මෝහ පපංචය, දෘෂ්ටි පපංචය, තෘෂ්ණා පපංචය, මාන පපංචයැයි.
තවද කිලිටි අර්ථය ප්රපංචාර්ථයයි. කසල අර්ථය ප්රපංචාර්ථයි. එහි රාග ප්රපංචයට සුභ සංඥාව නිමිත්තයි. ද්වේෂ ප්රපංචයට ක්රෝධය වස්තුවයි. මෝහ ප්රපංචයට ආශ්රවයෝය. තෘෂ්ණා ප්රපංචයට වේදනාවයි. දෘෂ්ටි ප්රපංචයට සංඥාවයි. මාන ප්රපංචයට විතර්කය නිමිත්තයි. එම ප්රපංචයන් සමග එකට යෙදුණ සංඥාව ප්රපඤ්ච සංඥාවයි. ප්රපංච සංඥාවන්ගේ සංඛ්යාව, භාග, කොටස් ප්රපඤ්ච සංඥා සංඛායි. අර්ථ වශයෙන් වනාහි නිමිත්ත සමග වූ, එම ක්ලේශයට පක්ෂ වූ කෙලෙස් සමූහයයි. මෙහි සංඥා ග්රහණය ඒවා සාධාරණ හේතු භාවයෙහි (ප්රපංච සංඛ්යාවෝ සංඥා උත්පත්ති හේතුකොට ඇතැයි යූ.සේයි.) ඒවාහි ප්රහාණයයි. ඒ ඒ මාර්ගයෙන් රාගාදී කෙලෙසුන්ගේ නැසීම යයි අර්ථයි.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ අතීත නොයෙක් කෝටි ලක්ෂ සංඛ්යාත තම උත්පත්තීන්හි අනර්ථයට හේතු වූ කෙලෙස් මෙම අවසන් භවයෙහි ආර්ය මාර්ගයෙන් බෝමැඩ මුල්හිදී අනුසහිත කෙලෙස් ප්රහීණ කල්හි ප්රත්යවේක්ෂා කොට කෙලෙස් චරිත සත්ව සන්තානයන්ද, රාගාදී කෙලෙසුන්ගෙන් කිළිටි වූයේ, කැඳ පිරුණු ලබුගෙඩියක මෙන් ද, මෝරු පිරුණු සැළියක් මෙන්ද, චුරුණු තෙල් පොඟවන ලද කඩමාල්ලක් මෙන්ද නිදහස් කිරීම ඉවත්කිරීම දුෂ්කර බව දැක, මෙසේ මෙම ග්රහණය නම් කෙළවරක් නොමැති කාලයක සිට භාවිතා කරන ලද මාගේ කෙලෙස් වට ශේෂ රහිතව ප්රහීණ වූයේ විශ්මයකි. මනාව ප්රහීණ වූයේ යයි උපන් ප්රීති ප්රමෝද්ය ඇත්තේ උදන් ඇනූ සේක. එහෙයින් අථඛො භගවා අත්තනො පපඤ්ච සඤ්ඤා සංඛා පහානං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසියි යූ.සේයි.