5. ලකුණ්ටකභද්දිය සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි, සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරහු එක් දිනක් බොහෝ භික්ෂූන් සමග කුඩා ගමක පිඬු පිණිස හැසිර කරන ලද බත්කිස ඇත්තේ, දිය රහිත කොට පසුම්බියෙහි බහා උරහිසෙහි එල්වා සිවුර නවා එයද වම් උරහිසෙහි තබා ප්රසාදජනක ඉදිරියට යාම් ආපසු යෑම්, ඉදිරිය බැලීම්, වටපිට බැලීම්, අත්පා වකුටු කිරීම් දිගහැරීම් යට බලන ලද ඇස් ඇති, මනා ඉරියව්වලින් යුක්ත වූයේ තමාගේ ස්මෘති, ප්රඥාවන්ගේ මහත්භාවය ප්රකාශ කරන්නාක් මෙන්, සිහිය හා මනා නුවණ මනාව පිහිටුවා සමාහිත සිතින් පියවරින් පියවර තබනුයේම යේ. යනුයේද එම භික්ෂූන් හා අසම්මිශ්රව එම භික්ෂූන්ගේ පසුපසින් යේ. කුමක් හෙයින්ද යත්, මිශ්රනොවී වාසය කිරීම සඳහාය. තවද එම ආයුෂ්මතුන්ගේ රුව නින්දා ලබන ලදුයේ, පරිභවයට සුදුසු වූයේ පෘථග්ජනයා හෙළා දකිති. තෙරහු එය දැන මොව්හු මා නිසා අකුසලයක් රැස් නොකෙරෙත්වායි පසුපසින් යයි. මෙසේ එම භික්ෂූහුද තෙරහුද සැවැතට පැමිණ වෙහෙරට පිවිස භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි එළැඹෙත්. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා ලකුණ්ටක භද්දියො යි ආදිය යූ.සේයි.
එහි දුබ්බණ්ණං යනු විරූපී, එයින් ඔහුගේ වර්ණ සම්පත්තියෙහිද, පෙනීම් සම්පත්තියෙහිද අභාවය දක්වයි. දුද්දසිකං යනු ප්රසාදවහ නොවන දැකුම් ඇති. එයින් ඔහුගේ අනුව්යඤ්ජන සම්පත්තියෙහිද, පෙනීම් සම්පත්තියෙහිද අභාවය දක්වයි. ඔකොටිමකං යනු මිටි. මෙයින් ශාරීරික වැඩීම් සම්පත්තියෙහි අභාවය දක්වයි. යෙභුය්යෙන හි භික්ඛූනං භික්ඛූනං පරිභූත රූපං යනු පෘථග්ජන භික්ෂූන් විසින් හෙළා දකින ලද රූප ඇතියේ. ඇතැම් ෂට් වර්ගීය ආදී පෘථග්ජන භික්ෂූහු එම ආයුෂ්මත්හුගේ ගුණ නොදන්නාහු, අත්, කන්, හිස්මුදුනේ කොණ්ඩය ආදීන් ගන්නාහු, ස්පර්ශ කරන්නාහු ක්රීඩා කරන්නාහු පරිභව කෙරෙත්. ආර්යයෝ හෝ කල්යාණ පෘථග්ජනයෝ එසේ නොකරති.
භික්ඛු ආමන්තෙසි යනු කවර හෙයිාන් අමතන ලදද යත්, තෙරුන්ගේ ප්රකාශ කිරීමට, මෙම භික්ෂූහු මපුත්ගේ මහානුභාවත්වය නොදනිත්. එහෙයින් ඔහුට පරිභව කරත්. එය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. එහෙයින් මම මොහුගේ ගුණ භික්ෂූන්ට ප්රකාශකොට පරිභවයෙන් ඔහු මුදවන්නෙමියි භාග්යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් වූයේය.
පස්සථ නො දක්නහුද, න ච සා සමාපත්ති සුලභ රූපායා තෙන භික්ඛුනා අසමාපන්ත පුබ්බා යනු රූප සමවත්, අරූප සමවත්, බ්රහ්මවිහාර සමවත්, නිරෝධ සමවත්, ඵල සමවත් යන මෙබඳු ප්රභේද ඇති, ශ්රාවක සාධාරණ වූ යම්කිසි සමවත්හු වේද, ඒවා අතර එක් සමවතක් හෝ සුලභ රූප නොවේ. දුර්ලභය. එම ලකුණ්ටක භද්දිය භික්ෂුව විසින් නොසමවන් විරූ එබඳු සමවතක් නොමැතිමය. එයින් ඔහුට මහිද්ධිකො මහානුභාවොයි යමක් යූ.සෙයිද, එහි මහර්ධිකතාවය ප්රකාශ කරයි. දැන් මහානුභාවතාවය ප්රකාශ කරන්ට යස්සත්ථාය ආදිය වදාළහ. එය යට යූ.සේමය. මෙහිද භාග්යවතුන් වහන්සේ ‘එසො භික්ඛවෙ භික්ඛු’ යනාදියෙන්, මහණෙනි, මෙම භික්ෂුව මෙතෙම නොමනා පැහැ ඇත්තේය. නොමනා දැකුම් ඇත්තේය. අඟුටුමිටිය. භික්ෂූන්ගේ පිටුපසින් එයි යයි එතෙකින් හෙළා නොදැකිය යුතුය. තවද ශ්රාවකයෙකු විසින් පැමිණිය යුතු යම්කිසිවක් ඇත්ද, ඒ සියල්ල ඔහු විසින් අනුප්රාප්තය. මහත් සෘද්ධි ඇත. මහානුභාව ඇත. එහෙයින් ඔහු ගල් කුඩයක් මෙන් ගරුකොට බලන්නේය. එය ඔබලාට බොහෝකලක් හිත පිණිස, සුව පිණිස වන්නේ යයි දක්වයි.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් ලකුණ්ටක භද්දියගේ මහර්ධිකතා, මහානුභාවතා ආදී භේද වූ ගුණ රැස සර්වාකාරයෙන් දැන, එකරුණ දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි නෙලග්ගො යනු දොස ඵලයයි කියයි. ඔහුට දොසක් නැත්තේනුයි නෙලයි. එය කිමෙක්ද? සුපිරිසිදු සීලයයි. එය වනාහි නිර්දෝෂාර්ථයෙන් ඵලයක් නැතැයි අදහස් කරන ලදි. එම නෙලයට ප්රධාන වූ අග්ර මාර්ගය ඔහුටනුයි = නෙලග්ගොයි. එය යමක් රථයයැයි කියයිද? එය හා සම්බන්ධයි. එහෙයින් සුපිරිසිදු සීලග්ග යැයි අර්ථයි. මෙහි අර්හත්ඵල සීලයයි. සුදු වැස්ම එයටනුයි සෙත පච්ඡාදොයි. පච්ඡාදො යනු රථය මතුයෙහි ඇතිරිය යුතු කම්බිලි ආදියයි. එය වනාහි ඉතා පිරිසිදු සුදු භාවයෙන් සුදු හෝ රත් නිල් ආදීන් අතර එක්තරා එකක් වේ. මෙහි වනාහි අර්හත්ඵල විමුක්තිය අදහස් කරන ලද හෙයින් සුපිරිසිදු බව අරබයා සෙත පච්ඡාදොයි යූ.සේයි. අන් තන්හි ‘රථො සෙත පරික්ඛාරොයිද යෙදේ. එක් සිහිය නමැති අරය ඔහුටනුයි එකාරොයි වත්තති යනු පවතියි. රථො යනු තෙරුන්ගේ ආත්මභාවය සඳහා කියයි.