4. දෙවෙනි සක්ත සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි අන්ධීකතා යනු කාමයෝ නම් අන්ධනු වූ අයද අන්ධ කෙරෙත්.
දෙසූ පරිදි,
ලුද්ධො අත්ථං න ජානාති - ලුද්ධො ධම්මං න පස්සති
අන්ධන්තමං තදාහොති - යං ලොභො සහතෙ තරංන්ති
අන්ධන්තමං තදාහොති - යං ලොභො සහතෙ තරංන්ති
ලෝභියා යහපත නොදනියි. ලෝභියා ධර්මය නොදකියි. යම් පුද්ගලයෙකු ලෝභය ඉවසයිද එකල්හි අඳුර හා අන්ධභාවය වේ.
එහෙයින් කාමයෙන් අන්ධ නුවූ අය අන්ධ කරන ලද්දේනුයි අන්ධීකතායි. සෙස්ස අනතුරු සූත්‍රයෙහි යූ.සේමැයි. එහි මිනිසුන්ගේ පැවැත්ම භික්ෂූන් විසින් දැක භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. මෙහි භාග්‍යවතුන් වහන්සේ තමන්ම දක්නා ලදි යන මෙයම විශේෂයයි. ශාස්තෲන් වහන්සේ සැවතින් නික්ම දෙව්රමට වැඩම කරනුයේ අතරමග අචිරවතී නදියෙහි මත්ස්‍ය බන්ධකයන් විසින් අටවන ලද, කෙමිනට පිවිස ඉන් පිටවීමට නොහැකි බොහෝ මසුන් දිටි සේක. ඉන් මඳ වේලාවකට පසු එක් කිරිබොන වස්සෙක් ගවහඬ කොට ලුහුබැඳ, තනකිරි පිපාසාවෙන් ග්රීවය දිගුකොට මවගේ කලවා අතරත මුව එළවන්නහු දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට පිවිස පා ගල්වා, පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ හුන්නේ, පශ්චිම වස්තු ද්වයය, පළමුවැන්නට උපමා භාවයෙන් ගෙන මෙ උදන් ඇනූ සේක.
එහි කාමන්ධා යනු වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් අන්ධ වූවාහු, ඇස් නොපෙනෙන සේ කළාහු, ජාල සඤ්ජන්නා යනු අන්‍ය ආත්මභාවයන්හි ස්වකීය ආත්මභාවයන්හිද, අධ්‍යාත්මික බාහිර ආයතනයන්හිද, ඒ හා ආශ්රිත ධර්මයන්හිද අතීත ආදී වශයෙන් භේද භින්න වූ, යට මතු වශයෙන් ඔබිනොබ ඉපැත්මෙන් ඇතුලත් භවයන්ට, අනර්ථ ගෙනඑනුයේම දැලක් වූ තෘෂ්ණාවෙහි සියුම් සිදුරු සහිත දැලෙන් පිරිවරන ලද, දියවිල වැසුනාහු, ගැටගැසුනාහු වසා පැතිර සිටියාහු වෙති. තණ්හා ඡදන ඡාදිතා යනු විලෙහි දිය දියසෙවෙල්වලින් වසා තබන ලද්දාක් මෙන් තෘෂ්ණාවෙන් වසන ලදුයේ, පද ද්වයයෙන්ම කාමච්ඡන්ද නීවරණයෙන් වළක්වන ලද කුසල් සිතෙහි වැළැක්ම දක්වයි.
පමත්ත බන්ධුනා බද්ධා යනු කෙලෙස් මාරයා විසින්ද දේවපුත්‍ර මාරයා විසින්ද බඳනා ලද යම්තැනක පටන් ක්ලේශමාරයා විසින් බඳනා ලදුයේද, එතැන් පටන් දේවපුත්‍ර මාරයා විසින්ද බඳනා ලදුයේ නම් වෙති. යූ.සේයි.
අන්තලික්ඛචරො පාසො - ය්වායං චරති මානසො
තෙන තං බාධයිස්සාමි - න මෙ සමණ මොක්ඛසීති
තෙන තං බාධයිස්සාමි - න මෙ සමණ මොක්ඛසීති
අහසෙහි සරණ යම් මළපුඩුවක් මනසෙහි සරයිද? ඉන් ඔබ පෙළන්නෙමි. ශ්‍රමණය ඔබ මාගෙන් නොමිදෙන්නෙහිය.
නමුචි, කණ්හ, පමත්තබන්ධු යන ත්‍රයය මාරයාගේ නාමයන්ය. දේවපුත්‍ර මාරයා වනාහි, ක්ලේශ මාරයා මෙන් අනර්ථයෙන් පමා වූ සත්ත්වයින් බන්ධනය කෙරේනුයි පමත්තබන්ධුයි. පමත්ත බන්ධනෙ බද්ධාතියි කියවති. එහි බන්ධනෙ යනු කාමගුණ බන්දනයෙහි යයි අර්ථයි. බද්ධා යනු සන්ධි නොකළ කුමක් මෙන්ද යත්, මච්ඡාව කුමිනා මුඛෙ යනු මත්ස්‍ය බන්ධකයා විසින් අටවන ලද, කෙමිනෙහි මුවින් පිවිසි මත්ස්‍යයෝ ඉන් බැඳුනාහු මරණයට එති. පැමිණෙති. එපරිද්දෙන්ම මාරයා විසින් අටවන ලද කාමගුණ බන්ධනයෙන් බන්ධනයට පත් මෙම සත්ත්වයෝ ජරා මරණයට පැමිණෙත්. වච්ඡො ඛීර පකොව මාතරං යනු යම්සේ කිරිබොන තරුණ වසුපැටියෙක් තම මව අනුව එයි. අනුව යේ. අනෙකෙක් එසේ නොඑයි. මෙසේ මාර බන්ධනයෙන් බැඳුනා වූ සත්ත්වයෝ සසර කැරකෙන්නාහු මරණයටම අනුව එති. අනුව යෙති. අජර වූ අමෘත නිර්වාණයට නොයෙතියි අදහසයි.
සිව්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
5. ලකුණ්ටකභද්දිය සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, සම්බහුලානං භික්ඛූනං පිට්ඨිතො පිට්ඨිතො යනු ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරහු එක් දිනක් බොහෝ භික්ෂූන් සමග කුඩා ගමක පිඬු පිණිස හැසිර කරන ලද බත්කිස ඇත්තේ, දිය රහිත කොට පසුම්බියෙහි බහා උරහිසෙහි එල්වා සිවුර නවා එයද වම් උරහිසෙහි තබා ප්රසාදජනක ඉදිරියට යාම් ආපසු යෑම්, ඉදිරිය බැලීම්, වටපිට බැලීම්, අත්පා වකුටු කිරීම් දිගහැරීම් යට බලන ලද ඇස් ඇති, මනා ඉරියව්වලින් යුක්ත වූයේ තමාගේ ස්මෘති, ප්‍රඥාවන්ගේ මහත්භාවය ප්‍රකාශ කරන්නාක් මෙන්, සිහිය හා මනා නුවණ මනාව පිහිටුවා සමාහිත සිතින් පියවරින් පියවර තබනුයේම යේ. යනුයේද එම භික්ෂූන් හා අසම්මිශ්‍රව එම භික්ෂූන්ගේ පසුපසින් යේ. කුමක් හෙයින්ද යත්, මිශ්‍රනොවී වාසය කිරීම සඳහාය. තවද එම ආයුෂ්මතුන්ගේ රුව නින්දා ලබන ලදුයේ, පරිභවයට සුදුසු වූයේ පෘථග්ජනයා හෙළා දකිති. තෙරහු එය දැන මොව්හු මා නිසා අකුසලයක් රැස් නොකෙරෙත්වායි පසුපසින් යයි. මෙසේ එම භික්ෂූහුද තෙරහුද සැවැතට පැමිණ වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි එළැඹෙත්. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා ලකුණ්ටක භද්දියො යි ආදිය යූ.සේයි.