8. ගණිකා සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි ද්වෙපූගා යනු කණ්ඩායම් දෙකක්, අඤ්ඤතරිස්සා ගණිකාය යනු එක්තරා නගරසෝභිනියක් කෙරෙහි, සාරිත්තා යනු තදින් ඇලුණාහු, පටිබද්ධචිත්තා යනු කෙලෙස් වශයෙන් බැඳුනු සිතැතියේ, රජගහ නුවර එක්තරා උත්සව දිනයෙක බොහෝ ධූර්ත පුරුෂයෝ සමූහ (කණ්ඩායම් වශයෙන්) බන්ධනයෙන් හැසිරෙන්නාහු එකිනෙකාට එක් එක් වෙසඟනක් බැගින් ගෙනවුත් උයනට පිවිස සැණකෙළි කෙළියහ. නැවත වෙනත් සැණකෙළි දිනෙකැ අනෙක් ධූර්ත සමූහයක්, එසේම සැණකෙළි කෙළිනු කැමැතියේ, වෙසඟනුන් ගෙන එන්නාහු, පළමු ධූර්තයන් විසින්, පෙර ගෙන එන ලද, එක් වෙසඟනක් ගෙන එන්නී, අනෙක් අය ඇය දැක මෝ අපටද අයත් යයි කීහ. ඔව්හු ද එසේම කීහ. මෙසේ අපට අයත්ය. අපට අයත් යැයි ඩබර වර්ධනය කොට අත්වලින් පහරදීම් ආදිය කළහ. එහෙයින් තෙන ඛො පන සමයෙන රාජගහෙ ද්වෙ පූගායි ආදිය යූ.සේයි. එහි උපක්කමන්ති යනු පහරති. මරණම්පි නිගච්ඡන්ති යනු බලවත් උපක්‍රමයන්ගෙන් මරණයට එළැඹෙති. අනෙක් අය වනාහි මරණ මත්තං යනු මරණය ප්‍රමාණ දුකට පැමිණෙති.
එතමත්‍ථං විදිත්‍වා යනු එම කාමයන්හි ගිජුබව, විවාදමූලික සියලු අනර්ථයන්ට මුලයැයි සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු අන්ත ද්වයයෙහිද, මධ්‍යම ප්‍රතිපදාවෙහිද ආදීනව හා අනුසස් පැහැදිලි කිරීමට මෙ උදන් ඇනූ සේක.
එහි යඤ්ච පත්තං යනු යම් ආකාර වූ අභිමුවප්‍රාප්ත රූපාදී පංචකාම ගුණ සමූහයෙහිලා - කාමයන්හි දොසක් නැත යන දෘෂ්ටිය පෙරටුකොට හෝ පෙරටු නොකොටැ වත්මනැ ලැබ අනුභව කරනු ලබන. යඤ්ච පත්තබ්බං යනු කාමගුණ සමූහයම ‘කාමයෝ අනුභව, කටයුත්තාහ. කාමයෝ පරිභෝග කටයුත්තාහ. කාමයෝ සේවනය කළයුත්තාහ. කාමයෝ නැවත නැවත සේවනය කළයුත්තාහ. යමෙක් කාමයන් පරිභෝග කරයිද? ඔහු ලොව වඩයි. යමෙක් ලෝකය වර්ධනය කරයිද? ඔහු බොහෝ පින් රැස්කරයි යයි දෘෂ්ටිය ඇසුරුකොට එය අත්නොහැර කරන ලද කර්මයෙන් අනාගතයෙහි පැමිණිය යුතුය. අනුභව කළයුතුය. උභයමෙතං රාජානුකිණ්ණං යනු මෙම පැමිණි හා පැමිණිය යුතු යන ද්වයය රාග රජස් ආදීන්ගෙන් විසුරුවන ලද්දේය. වස්තුව පැමිණි කල්හි අනුභව කරනුයේ රාජ රජසින් ගැවසී ගත්තේ වේ. ඔහුගේ කිලිටි සිතට ඵලයන් මතු පැමිණි කල්හි දොම්නස් ඉපැත්මෙහි දොම්නස් රජසින් ගැවසී ගත්තේ වේ. කවරෙකුට වනාහි එම රජස් විසුරුවන ලද්දේ දැයි කීයේය. ආතුරස්සානුසික්ඛතො යනු කාම ප්‍රාර්ථනා වශයෙන් ක්ලේෂාතුරයාට ඔහුගේ ඵලයෙන් ද, දුක්ඛාතුරයාගේ දෙඅයුරින්මද, වැඩිදියුණු කරන අභිලාෂයෙන් ක්ලේශඵලයන්හි අනුව හික්මෙනුයේ,
එසේම යඤ්ච පත්තං යනු නිර්වස්ත්‍ර වෘත ආදී වශයෙන් රෝගප්‍රාප්තව ආත්මය මනාකොට තැවීම, යඤ්ච පත්තබ්බං යනු යම් ආකාර වූ මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වීම් හේතුවෙන් අපායයන්හි පැමිණිය යුතු ඵල, උභයමෙතං රාජානුකිණ්ණං යනු එම ද්වයයම දුක් රජස්වලින් ගැවසී ගත්තේය. ආතුරස්ස යනු ශාරීරික පීඩනයෙන් දුකින් පීඩා වූවහුට, අනුසික්ඛතො යනු මිථ්‍යාදෘෂ්ටිය එහි සමාදන්වන පුද්ගලයන් ද අනුව හික්මෙනුයේ වේ.
සික්ඛාසාරා යනු යම් කෙනෙකුන් විසින් සමාදන් වූ පරිදි, සීලව්‍රතාදී සංඛ්‍යාත ශික්‍ෂාව සාර වශයෙන් ගෙන මෙයින් සංසාරයෙහි ශුද්ධිය වේයයි ඔව්හු කීහ. එහෙයින් සීලබ්බතං ජීවිතං බ්‍රහ්ම චරියං උපට්ඨානං සාරායි යූ.සේයි. එහි යමක් නොකරමියි නිශ්චලව සිටීද එය සීලයයි. විෂබොජුන් දුක් සහිත හැසිරීම් වෘත නමැ, සාක භක්‍ෂක ජීවිතය ද වාතයට අයත්ය. මෛථුනයෙන් වැළැක්ම බ්‍රහ්මචර්යාවයි. ඒවා අනුව සිටීම එළඹ සිටීමයි. අමනුෂ්‍යයින්ට බත්පිඬු දීම්, එම භූමිවල ගොම මැටි ගෑම ආදී වශයෙන්, ස්කන්ධ ශිව ආදී දෙවිවරුන්ට ආවතේව කිරීම් වශයෙන් එළැඹීම. මෙසේ එම කියන ලද ආකාර ඇති සීලාදියෙන් සංසාර ශුද්ධිය වේයයි, ඒවා හර වශයෙන් ගෙන සිටි මහණ බමුණෝ සික්ඛාසාරා සීලබ්බතං ජීවිතං බ්‍රහ්මචරියං උපට්ඨානං සාරායි දතයුත්තාහ. අයමෙකො අන්තො යනු මේ සීලබ්බත පරාමාස වශයෙන්, අත්තකිලමථානුයෝග සංඛ්‍යාත මධ්‍යම ප්‍රතිපදාවෙහි වැරදි මාර්ගය වූ ලාමකාර්ථයෙන් ද වූ එක් අන්තයක් අයං දුතියො අන්තො යනු මේ කාම සුඛල්ලිකානු යෝගය කාමයන්හි හෙළීම් වශයෙන් ප්‍රාප්ති සංඛ්‍යාත දෙවන අන්තය.
ඉච්චෙතො උභො අන්තො යනු කාම සුඛල්ලිකානු යෝගය - අත්තකිලමථානුයෝගයද යන මෙම දෙඅන්තයන්, ඒවාද වනාහි වත්මනැ පැමිණි හා මතු පැමිණිය යුතු වූද කෙලෙස් දුක් රජස් ගැවසී ගත්තේ කාමගුණයන්හි තමා තැවීමෙහි ද, එකට ඇලුණු කෙලෙස් දුකින්, මැඩුන ඒ අනුව හික්මෙන, තෙමේද, තමා කෙලෙස් දුකින් පීඩා වූවන් සමග පිළිපැදිය යුතු හෙයින් ලාමක වූ වැරදි මාර්ගය වූයේ නුයි අන්තයි. කටසි වඩ්ඪනා යනු අන්ධ පෘථග්ජනයින් විසින් කැමැති විය යුතු අර්ථයෙන් ‘කටසි’ සංඛ්‍යාත තෘෂ්ණා, අවිද්‍යාවන්ගේ අභිවෘද්ධිය ඇතිකරන්නාහු, කටසියො දිට්ඨි වඩ්ඪෙන්ති යනු එම කටසීහු නොයෙක් ආකාර වූ දෘෂ්ටි වඩත්. වස්තුකාමයන්හි ආශ්වාද අනුව බලනවුනට වනාහි ඒවා අත්හරින්ට නොහැකි වනුයේ තෘෂ්ණා අවිද්‍යා එකට ක්‍රියා කිරීම කරුණ ලැබ ‘නත්‍ථි දින්නං’ ආදියෙන් නාස්තික දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටියද ගන්වත්. ආත්ම තපනයෙහි නියුක්ත වූවහුට අවිද්‍යා තෘෂ්ණා යන සමග ක්‍රියාකරන කරුණ ලැබ, සීලයෙන් ශුද්ධිය, වාතයෙන් ශුද්ධිය ආදියෙන් ආත්ම ශුද්ධිය කීමෙන් සීලබ්බත පරාමාස දෘෂ්ටිය ගන්වත්. සක්කාය දෘෂ්ටියෙන් වනාහි ඒවාට ප්‍රත්‍යයභාවය ප්‍රකට වූයේමය. මෙසේ අන්ත ද්වයය හේතුකොට තෘෂ්ණා අවිද්‍යාවන්ගේ හා දෘෂ්ටීන්ගේ වැඩීම් ස්වභාවය දතයුත්තාහ. සමහරු වනාහි ‘කටසි’ යනු පංචස්කන්ධයන්ට විශේෂ නාමයකැයි කියති. ඒවාට යම්තැනක පටන් එම අන්තද්වයයෙන් සංසාර ශුද්ධිය නොවේද? එතැන් පටන් එම උපාදානස්කන්ධයන් වර්ධනය වේයයි අදහසයි. අනෙක් අය වනාහි කටසිවඩ්ඪ යන පදයට භවයෙන් භවය නැවත නැවත ජරා මරණයන්ගෙන් සොහොන් වැඩීම යයි කියති. එම අන්ත ද්වයයන් සංසාර ශුද්ධියට හේතුභාවය හා අභාවය යූ.සේයි. කටසියෙන් වර්ධනය කරන බව කිවයුතුය.