5. ද්විතීයනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, සස්සතො අත්තාච ලොකොච යනු රූපාදීන් අතර එක්තරා එකක්, ආත්මයැයිද, ලෝකය යැයිද සංග්‍රහකොට එය ශාස්වතය. නිත්‍යයැයි ද, අනෙක්වාද එසේ ගන්නාහු වහරත්. යම්සේ වනාහි -
රූපය ආත්මයැයි ද ලෝකය යැයි ද, ශාස්වත යැයි ද තමා ද ලෝකය ද පණවත්. එසේම, වේදනාව, සංඥාව, සංස්කාරයන්, විඤ්ඤාණය ආත්මය යැයි ද ලෝකය යැයි ද පණවත්.
නොහොත් අත්තා යනු මම යන හැඟීමයි. ලොකො යනු මගේය යන හැඟීමයි. යමක් තමාට අයත් යයි කියයි ද එයයි. තෙමේ ආත්මයැයි සලකා හෝ අනෙකා ලෝකයැයි කියා හෝ සැලකීම, පංච උපාදාන ස්කන්ධයන්හි එක් ස්කන්ධයක් ආත්මයැයි අනෙක්වා ලෝකය යැයි ද, සවිඤ්ඤාණක ස්කන්ධ පැවැත්ම ආත්මයැයි කියා හෝ අවිඤ්ඤාණක ස්කන්ධ පැවැත්ම ලෝකය යැයි කියාද, මෙසේ ආත්මයැයි, ලෝකය යැයි යන්න තම දැක්ම පරිදි, දෙයාකාරයෙන් ගෙන, එම ද්වයය නිත්‍යය. තිරය ශාස්වතයැයි සිත පිහිටුවා වහරත්. ඉන් සිව් ශාස්වත වාද දක්වන ලදහ. අසස්සතො යනු සත්වැදෑරුම් උච්ඡේද වාද දක්වන ලදහ. සස්සතොච අසස්සතොච යනු ඇතැමෙක් ලෝකයද, ආත්මයද ශාස්වත යැයි ද ඇතැමෙක් අශාස්වතයැයිද මෙසේ ශාස්වතද, අශාස්වත දැයි අර්ථයි. නොහොත් එයම ආත්මයද ලෝකයද, ආත්ම භංග දෘෂ්ටිකයින්ගේ මෙන් ශාස්වතද අශාස්වතද වන්නේය. ශාස්වතයැයි යන මෙහි අර්ථය මෙසේ දතයුතුය. සබ්බථා යන මෙයින් ඇතැම් ශාස්වත වාදය දක්වන ලදි. නෙව සස්සතො නාසස්සතො මෙයින් අමරා වික්‍ෂෙපවාදය දක්වන ලදි. ඔවුහු විසින් ශාස්වත වාදයෙහිද අශාස්වත වාදයෙහිද දොස් දැක, ආත්මයද ලෝකයද ශාස්වත නොවේය. අශාස්වත නොවේයයි වික්‍ෂේප කරන්නාහු හැසිරෙති.
සයංකතො යනු තමා විසින් කරන ලද, යම්සේ ඒ ඒ සත්ත්වයින්ගේ ආත්මයද, තමාගේ ධර්මයට අනුව කටයුතු කොට සුවදුක් විඳියි. මෙසේ තමා විසින් තමාටද, ඔහුටද පරිභෝග කළයුතු පළිබෝධ සංඛ්‍යාත කිසිවක් නොමැති ලෝකයක් කරයි. අභිනිම්මිනාති යනු ආත්ම ලබ්ධිය මෙන් මෙයද ඔවුන්ගේ ලබ්ධියයි. පරකතො යනු අන්‍යයා විසින් කරන ලද, අර්ථ වශයෙන් වනාහි අන්‍යයා විසින්, ඊශ්වර දෙවියා විසින්, පුරුෂයෙක් විසින් බ්‍රහ්මයා විසින්, කාලය විසින්, ප්‍රකෘතියෙන් හෝ ආත්මයද, ලෝකයද කරන ලදි. නිර්මිත යැයි අර්ථයි. සයංකතො පරකතො වා යනු ආත්මයද ලෝකයද නිර්මාණය කරන්නා වූ ඊශ්වරාදීහු හුදෙක් තෙමේම නිර්මාණය නොකරත්. තවද, ඒ ඒ සත්ත්වයින්ගේ ධර්මාධර්මයන්ද කරුණු නොකරුණුද ලැබ නිර්මාණය කරති. එහෙයින් ආත්මයද ලෝකයද තමා විසින් කරන ලදුයේද අනෙකා විසින් කරන ලදුයේ යැයිද ඇතැමුන්ගේ ලබ්ධියයි. අසයංකාරො අපරංකාරො යනු එයට ස්වයංකාරයක් නැත්තේනුයි අසයංකාරයි. එයට අන්‍යකාරකයක් නැත්තේනුයි අපරංකාරොයි. අනුනාසිකාගමනය කොට අපරංකාරොයි යූ.සේයි. මෙතෙමේ දෙතැන්හිම දොස් දැක ද්වයයම පිළිකෙව් කරයි. එසේ කල්හි කෙසේ උපන්නේදැයි කියයි. අධිච්ච සමුප්පන්නො යනු කැමැත්ත පරිදි හටගත්, කිසි හේතුවකින් තොරව හටගත්තේනුයි අධිච්ච සමුප්පන්නවාදය දක්වන ලදි. ඉන් අහේතුක වාදයද සංග්‍රහ කරන ලදුයේ වේ.
දෘෂ්ටි ගතිකයෝ සුවදුක් ආත්මය මෙන්ද, එයට වැඩි වූද ස්වල්ප වූද සියල්ල ශාස්වතාදී වශයෙන් පිහිටුවා වහරති. ඔවුන්ගේ එම වාදය දක්වන්ට, සන්තෙකෙ සමණ බ්‍රාහ්මණ ආදිය යූ.සේයි. එය යූ.සේමය.
එතමත්‍ථං විදිත්‍වා යන මෙහි ජාත්‍යන්‍ධොපමාවෙන් නොපැමිණි හෙයින් එය හැර යට කියන ලද ක්‍රමයෙන්ම අර්ථය යෙදිය යුතුය. එහි ගාථායෙහි
අන්තරාව විසීදන්ති - අප්පත්‍ථාව තමොගධං මේ විශේෂයයි. මෙසේ දෘෂ්ටිගතයන්හි, දෘෂ්ටි නිශ්‍රයයන්හි ගැටෙන්නා වූ දෘෂ්ටිගතිකයෝ කාමොඝාදී වූ සතර ඕඝයන්ගේ හෝ සංසාර මහා ඕඝයාගේම අතරත - මධ්‍යයෙහිම, යම් ආකාර වූ ඔවුන්ගේ වාද අභාවයෙන් පිහිටීම් අර්ථයෙන් හෝ බැසගැනීම් සංඛ්‍යාත නිර්වාණය හෝ එය අවබෝධයට උපාය වූ ආර්ය මාර්ගය හෝ යන මෙයින් එකකට හෝ නොපැමිණම අවබෝධ නොකරම ගිලාබසියි. ගැලෙයි. එයින් මෙහි බසිත්. පිහිටත්නුයි ඔගධයි. ආර්ය මාර්ගයද නිර්වාණයද වේ. මෙහි ඔගාධයන් හ්‍රස්වකොට ඔගධං යි යූ.සේයි. තං+ඔගධං = තමොගධංයි පද බෙදීමයි.
පස්වන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
6. තෘතීයනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි සියල්ල යට කියන ලද ක්‍රමයමය. ඉමං උදානං යන මෙහි දෘෂ්ටි, තෘෂ්ණා මානයන්හි දොස් දැක ඒවා දුරදීම අත්හැර සංස්කාරයන් තත්වාකාරයෙන් දක්නේද එහි ආදීනව නොවන ආකාරයෙන් දක්වන ලද හෙයිාන්, වැරදි අයුරින් සිත පිහිටවූ තත්වාකාරයෙන් නොදක්නහුට, ක්‍රමානුකූලව සසරින් ඉක්මවා යාම්, නොඉක්මවා යාම් ආදිය දැක්වීමට මෙ උදන් ඇනූ සේකැයි අර්ථය යෙදිය යුතුය.
එහි අහංකාර පසුතා අයං පජා යනු ආත්මයද, ලෝකයද ස්වයංකෘත යැයි මෙසේ කියන ලද, මවිසින් කරන ලදැයි එසේ පැවැති දෘෂ්ටියෙහි පසුතා අනුයුක්ත වූවාහු, අයංපහි යනු මිථ්‍යාවන්හි සිත පිහිටුවා ගත් සත්ත්ව සමූහය පරංකාරූප සංහිතා යනු අන්‍ය ඊශ්වරාදීහු සියල්ල කරයි යයි මෙසේ පැවති කාරකයා අනෙකා ලෙස පවත්නා දෘෂ්ටිනිශ්‍රිත ඒ හා යෙදුනේනුයි පරංකාර උපසංහිතායි. එතදෙකෙ නාබ්භඤ්ඤිංසු යනු එම දෘෂ්ටි ද්වයය ඇතැම් මහණ බමුණෝ දොස් දක්නාවී නොඅනුදත්හ. කෙසේද? සිහිය ස්වයංකාර වූයේ ක්‍රියා කරනුයේ සත්ත්වයින්ට යහපතක්ම විය යුතුය. අනිෂ්ඨයෙන් නොවිය යුතුය. කිසිවෙකුත් තම දුක නොකැමැති වේ. නොකැමැති තත්ත්වයන්ද සිදුවේ. එහෙයින් සයංකාරය නොමැනවි. පරංකාරයෙහිද ඉදින් ඊශ්වර හේතුක වේද, ඒ මෙම ඊශ්වරයා ආත්මාර්ථය හෝ පරාර්ථය කරන්නේය. එහි ඉදින් ආත්මාර්ථය සඳහා වනවිට, නොසිදුවූ දෑ ඉටුවන හෙයින් තමා විසින් නොකළ කෘත්‍යය වන්නේය. නොහොත් පරාර්ථයෙහි සියල්ලන්ගේ හිතසුවයම නිපැයෙන්නේ ය. අහිතක්, දුකක් නො නිපැයේ. එහෙයිාන් ඊශ්වර වශයෙන් පරංකාරය සිදුවේ යයිද, තවද ඊශ්වර සංඛ්‍යාත අනෙකක් නිරපේක්‍ෂ වූයේ, නිත්‍යයෙන්ම කරුණු පැවැත්මෙහි වන්නේය. කර්මයෙන් උපත් නොවන්නේය. කරුණු සන්නිශ්‍රිත හෙයින් සියල්ලම එක තැනක ඉපදිය යුතුය. ඉක්බිති ඔහුට අන්‍ය වූද සමග කරන කරුණක් කැමැති වේද, එයම වේවා. ඊශ්වරගෙන් කවර ප්‍රයෝජනද, නොනිමි හැකියාවෙන් පරිකල්පිතයෙන් ඊශ්වර හේතුක පරංකාරය සිදු නොවේද? මෙසේ මැවුම්කරු පුරිස, ප්‍රකෘති, බ්‍රහ්මකාල ආදී හේතුවෙන් සිදු නොවේ. ඒවාහිද සිදුනොවූ හෙයින් කියන ලද දොස් නොඉක්මවන හෙයින්ද වේ. එහෙයින් එතදෙකෙ නාබ්භඤ්ඤංසුයි යූ.සේයි. කියන ලද පරිදි - සයංකාර, පරංකාරයන් නොඅනුදන්නවුන්ද, ආත්මයද, ලෝකයද හේතුවක් නොමැතිව හටගත්තේ යයි පණවත්. ඔව්හුද නනං සල්ලන්ති අද්දසුං යනු හේතුවක් නොමැතිව හටගත්තේ යයි කියන්නෝද වැරදි සිත පිහිටුවා ගැනීම් නොඉක්මවනුයේ තත්වාකාරයෙන් නොදන්නාහු එම දෘෂ්ටිගතය ඒ ඒ තන්හි දුක් උපදවන හෙයින් විදීම් අර්ථයෙන් හුලෙකැයි නොදුටුහ.