4. ප්‍රථමනානාතීර්ථක සූත්‍ර වර්ණනාව
සිව්වැන්නෙහි, නානා තිත්‍ථියා සමණ බ්‍රාහ්මණ පරිබ්බාජකා යන මෙහි එය කරණකොට සංසාර නමැති සැඩ පහර තරණය කෙරෙත්නුයි තිත්‍ථංයි. නිර්වාණ මාර්ගයි. මෙහි වනාහි විපරීත විපර්යාස වශයෙන් දෘෂ්ටි ගතිකයින් විසින් එසේ ගන්නා ලද දෘෂ්ටි තීර්ථයයි අදහස් කරන ලදි. එම ශාස්වතාදී නොයෙක් ආකාර තීර්ථයෙහි නියුතු - නොයෙක් තීර්ථකයෝ, නග්න, නිඝණ්ඪාදී ශ්‍රමණයෝද කඨ කලාපාදී බ්‍රාහ්මණයෝද, පොක්ඛරසාති ආදී පරිබ්‍රාජකයෝද, ශ්‍රමණ, බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝයි. නොයෙක් තීර්ථකයෝම එම සමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝයි.
ආත්මයද, ලෝකයද ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් දකිති. එය කරණකොටගෙන තෙමේ හෝ දකියි. එසේ දර්ශන මාත්‍රයම හෝ දෘෂ්ටියි. වැරදි ඇලීම්වලට එය විශේෂ නාමයකි. ශාස්වතාදී වශයෙන් නොයෙක් ආකාර දෘෂ්ටීහු ඔවුන්ටනුයි නානා දිට්ඨිකායි. ශාස්වතාදී වශයෙන්ම ඉවසීම ඛන්තියි. කැමැතිවීම රුචි යි. අර්ථ වහයෙන් වනාහි ආත්මයද ලෝකයද ශාස්වතයැයි ආදී ක්‍රමයෙන් පැවැති චිත්ත විපර්යාසය, හැඟීම් විපර්යාසයද එසේ වූ නොයෙක් ක්‍ෂාන්තීහු ඔවුන්ටනුයි නානා ඛන්තිකායි. විවිධ රුචීහු ඔවුන්ටනුයි නානා රුචිකායි. දෘෂ්ටි ගතිකයෝ වනාහි පූර්ව භාගයෙහි ඒ ඒ අයුරින් සිත රුචි කරවා ක්‍ෂමා කරවා පසුව, මෙයම සත්‍යය අනෙක්වා හිස්යයි සිත පිහිටුවති. නොහොත් අනිත්‍යය නිත්‍යය යන ආදී වශයෙන් ඒ ඒ දර්ශන වශයෙන් දෘෂ්ටියි. ඉවසීම් වශයෙන් ක්‍ෂාන්තියි. රුචි කිරීම් වශයෙන් රුචියි. මෙසේ පදත්‍රයයෙන්ම දෘෂ්ටියම යූ.සේයි. නානා දිට්ඨි නිස්සය නිස්සිතා යනු ශාස්වතාදී ෂට් කල්පන වශයෙන් විවිධාකාර වූ දෘෂ්ටියට හේතුකාරණා වූ දෘෂ්ටි සංඛ්‍යාත වූම නිශ්‍රය නිශ්‍රිත වූවාහු ඇලුනාහු, තැවරුනාහු, එළැඹියාහු අත්නොහැර සිටියේ යයි අර්ථයි. දෘෂ්ටීහුම දෘෂ්ටිගතිකයින්ට ඇලීම් ආකාරයෙන් නිශ්‍රය වෙති.
සන්ත යනු තිබේ. විද්‍යමාන වෙති. ලබත්. එකෙ යනු ඇතැම්හු. සමණ බ්‍රාහ්මණා යනු ප්‍රවෘජ්‍යාවට එළැඹීමෙන් ශ්‍රමණයෝ. උපතින් බමුණෝ හෝ ලෝකයා විසින් ශ්‍රමණයැයි හෝ බ්‍රාහ්මණ යැයි හෝ මෙසේ ගන්නා ලද, එවං වාදිනො යනු මෙසේ දැන් කිවයුතු ආකාරයෙන්ම කියත්නුයි එවං වාදිනොයි දැන් කිවයුතු ආකාරයෙන් පවත්නා දෘෂ්ටි ඔවුන්ටනුයි එවං දිට්ඨිනො යි. එහි දෙවැන්නෙන් දෘෂ්ටි ගතිකයින්ගේ වැරදි දෘෂ්ටි පිහිටුවීම දක්වන ලදි. පළමුවැන්නෙන් ඔවුන්ගේ පිහිටුවීමෙහිදී පිහිටුවීම් ප්‍රදේශ වශයෙන් ව්‍යවහාරයයි.
සස්සතො ලොකො ඩදමෙව සච්චං මොඝමඤ්ඤං යන මෙහි ලොකො යනු ආත්මයයි. එය වනාහි දෘෂ්ටිගතිකයින් විසින් ලෝකයට අයත් සේ සලකයි. මෙහි පින් පවා හා එහි විපාක තෙමේ හෝ කාරකාදී භාවයෙන් යොදවන්නවුන් විසින් ලෝකයට ඇතුලත් කෙරේනුයි ලෝකයයි අදහස් කරන ලදි. ඒ මේ ලෝකය ශාස්වතය. අමරය. නිත්‍යය. ස්ථිරය. යම් ආකාර වූ අපගේ දර්ශනයක් වේද, මෙයම සත්‍යය. වෙනස් නොවේ. අනෙක් දෑ වනාහි අශාස්වතයැයි ආදි කොටස් දැක්වීම හිස්ය. මිථ්‍යාය යන අර්ථයි. එම සතරින්ම ශාස්වත වාදය දක්වන ලද්දේ වෙති. අසස්සතො යනු ශාස්වත නොවූයේ අනිත්‍යය තිර නොවේ. චුත වන ස්වභාව ඇත්තේය යන අර්ථයි. අශාස්වතැයි ශාස්වත අභාව ප්‍රතික්‍ෂේපයෙන්ම නැවත නොඉපදී ම දක්වන ලදැයි සත්වැදෑරුම් වූද, උච්ඡේද වාදය දක්වන ලද්දේ වෙති.
අන්තවා යනු කෙළවර සහිත රවුම් පිරිසිඳි ප්‍රමාණය, සියල්ල ඉවත් කළේයයි අර්ථයි. ඉන් පාද ප්‍රමාණ ඇඟිලි ප්‍රමාණ යව ප්‍රමාණ, පරමාණු ප්‍රමාණ ආත්මයැයි දක්වන ලද්දේ වෙති. න අන්තවා යනු කෙළවර රහිත වූයේ සියල්ල ඇතුලත් වූයේ යයි අර්ථයි. ඉන් කපිල, කණාද[කපිල - කණාද ආදී වාද යන්නෙන් සාඛ්‍යෙ දර්ශනයත්, වෛශෙෂික දර්ශනයත් අදහස් කෙරේ.] ආදී වාදයන් දක්වන ලදුයේ වේ.
තංජීවං තං සරීරං යනු යම් ආකාර ශරීරයක් වේද එයම ජීව සංඛ්‍යාත වස්තුවයි. යම් ජීව සංඛ්‍යාත වස්තුවක් වේද, එයම ශරීරයැයි ද, ජීවයද ශරීරයද දෙකක් නොවන සේ බලයි. ඉන් ආජීවකයන්ගේ මෙන් රූපය ආත්මයැයි යන මේ වාදය දක්වන ලද්දේ වේ. අඤ්ඤං පීවං අඤ්ඤං ශරීරං යනු මෙයින් ආත්මය අරූපී යයි යන මේ වාදය දක්වන ලද්දේ වේ.
තථාගතො පරම්මරණා යන මෙහි තථාගතො යනු ආත්මයයි. එය වනාහි දෘෂ්ටිගතික තෙමේ කාරක වේදිකාදි සංඛ්‍යාත, නිත්‍ය-තිර ආදී සංඛ්‍යාත හෝ එබඳු ස්වභාවයට ගියේනුයි තථාගතයි ව්‍යවහාර කරයි. හෙතෙම මෙහි මරණයෙන් ශරීරයාගේ භේදයෙන් මත්තෙහි ඉහළ වේ. හොති තිබේ. විද්‍යමාන වේයයි අර්ථයි. ඉන් ශාස්වත ග්‍රාහී මුඛයෙන් සොළොස් සංඥී වාදයන්ද, අට අසංඥීවාදයන්ද අටවැදෑරුම් නෙවසංඥී නාසංඥී වාදයන්ද දක්වන ලද්දේ වෙති. නහොති යනු නොමැත. නොලබයි. එයින් උච්ඡේදවාද දක්වන ලද්දේ වේ. හොතිච න හොති යනු තිබේද, නොතිබේද යන එයින් ඇතැම් ශාස්වත වාදයන්ද, සප්තසංඥී වාදයන්ද දක්වන ලද්දේ වේ. නෙව හොති න නහොති යන මෙයින් අමරා වික්‍ෂෙපවාදය දක්වන ලද්දේ වේ.
මෙම දෘෂ්ටිගතිකයෝ නන්දෙසින් අවුත් සැවැත්නුවර වසන්නාහු, එක්කලෙක (දිනක) සමය ප්‍රවාදකයින් රැස්ව තම තමන්ගේ වාද දැඩිව ගෙන අන් වාද ගරහන්නාහු විවාදාවතීර්ණ වූහ. එහෙයින් තෙ භඬනජාතා ආදිය යූ.සේයි.