3. ප්රත්යාවෙක්ෂණ සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ යනු ලෝභ, ද්වේෂ, මෝහ විකෘති මෙනෙහි කිරීම්, පවට ලජ්ජා නොවීම, පවට බිය නොවීම, ක්රෝධය, වෛරය, ගුණමකු බව, දුෂ්ටකම, ඊර්ෂ්යාව, මසුරුකම, මායාව, කපටිකම, කණුවක් මෙන් සිටීම, එකටෙක කිරීම, මානය, අතිමානය, මත්වීම, ප්රමාදය, තෘෂ්ණා, අවිද්යා, ත්රිවිධ අකුසල මූලයන්, දුශ්චරිත, කිලිටිකර ධර්මයන්ට මුල්වූ විකෘති සංඥා, විතර්ක, ප්රමාද, චතුර්විධ විපර්යාසයන්, ආශ්රව, ඕඝ, යෝග, ඡන්දයෙන් අගතියට යාම, තෘෂ්ණා උපාදාන පංචවිධ චෙතොඛිලයන්, පස්වැදෑරුම් චිත්ත විනිබන්ධයන් නීවරණයන්ට සතුටුවීම, ෂට් විවාද මූලයන්, ෂට් තෘෂ්ණා කායයන්, සප්තානුසයන් අෂ්ඨ මිච්ඡත්තයන්, නව තෘෂ්ණා මූලකයන්, දශ අකුසල කර්මපථයන්, දෙසැටක් දෘෂ්ටිගතයන් අටසියයක් තෘෂ්ණා විචරිතාදී ප්රභේදයන්, තම සතන්හි අනාදිමත් කල්පටන් පවත්නා යෙළදහස් පන්සියයක් කෙලෙස් ඒ හා යෙදුනා වූ නොයෙක් පාපී ලාමක, අදක්ෂතාවයෙන් හටගත් යන අර්ථයෙන් වූ අකුසල ධර්මයන් සේස රහිතව අතීත ප්රවණතා සහිතව, බෝමැඩදීම ප්රහීණ කරනු ලදුයේ ආර්ය මාර්ගයෙන් මොනවට සිඳින ලදුයේ ප්රත්යවේක්ෂා කරනුයේ මාගේ මෙම කෙලෙස්ද ප්රහීණය. මෙම කෙලෙස් ද ප්රහීණයැයි වචනයක් පාසා මනාව බැලීමෙන් ප්රත්යවේක්ෂා කරමින් භාග්යවතුන් වහන්සේ වැඩහුන්නේ වේ.
අනෙකෙ පිච කුසලෙ ධම්මෙ යනු සීල, සමාධි, ප්රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන, සිව්සීවටන්, සීව් සම්මප්පධන්, සිව් සෘද්ධිපාද සිව් ආර්ය මාර්ග, සිව්ඵලයන් සිව්පිළිසිඹියා, සිව්යෝනි පිරිසිඳ දන්නා ඥානය, සිව් ආර්ය වංශයන් සිව් වෛසාරද්ය ඥානයන්, පස් ප්රධානියංග, පංචාංගික සම්යක් සමාධිය, පංචංගික සම්යක් සමාධිය, පංචෙන්ද්රියයන්, පංචබලයන්, පංච නිස්සරණීය ධාතූන්, පංච විමුක්තායතනයන්, පංච විමුක්ති පරිපාචනීය සංඥාවන්, ෂට් අනුස්සතිඨානයන්, ෂට් ජාගරයන්, ෂට් නිස්සරණ ධාතූන්, ෂට් සප්ත විහාරයන්, ෂට් අනුත්තරියයන්, ෂට් නිර්වේධභාගී ප්රඥාව, ෂට් අභිඥාවන්, ෂට් අසාධාරණ ඥානයන් සප්ත අපරිහානිය ධර්මයන් සප්ත ආර්ය ධනයන්, සප්ත බොජ්ඣංගයන්, සප්ත සත්පුරුෂ ධර්මයන්, සප්ත නිජිර වස්තූන්, සප්ත සංඥාවන්, සප්ත දක්ෂිණාර්භ පුද්ගල දේශනාවන්, සප්ත ක්ෂීණාශ්රව බල දේශනාවන්, අෂ්ට ප්රඥා ප්රතිලාභ හේතු දේශනාවන්, අෂ්ට සම්මතයන්, අෂ්ට ලෝකධර්ම ඉක්මවීම, අෂ්ට සාරම්භ වස්තූන්, අෂ්ටක්ෂණ දේශනාවන්, අෂ්ටමහා පුරුෂ විතර්ක, අෂ්ට අභිභායතනයන්, අෂ්ට විමෝක්ෂයන්, නව යෝනිසෝ මනසිකාර මූලක ධර්මයන්, නව පාරිශුද්ධි පධානියංගයන්, නව සත්ත්වාස දේශනාවන්, නව ආඝාත පටිවිනයන්, නව සංඥාවන්, නව නානත්තයන්, නව අනුපූර්ව විහාර දේශනාවන්, නව නාථකරණ ධර්මයන්, දස කසිණායතනයන්, දස කුසල කර්මපථයන්, දස ආර්යවාසයන්, දස අශෛක්ෂ්ය ධර්මයන්, දස තථාගත බලයන්, එකොළොස් මෙත්තානිසංස දොළොස් ප්රත්යතාවයන්, තෙළෙස් ධුතංග ගුණයන්, තුදුස් බුද්ධඥානයන්, පසළොස් විමුක්ති පරිපාචනීය ධර්මයන්, සොළොස් ආකාර අනාපාන සතිය, සොළොස් අමෘත පරියාය ධර්ම, සතළොස් චිත්තක්ෂණ ඥානය, අටළොස් මහා විදර්ශනාව, අටලොස් බුද්ධ ධර්මයන්, එකුන්විසි ප්රත්යවේක්ෂා ඥානයන්, සිව්සාලිස් ඥාන වස්තූන්, පණස් උදයව්යය ඥානයන්, පනහකට වැඩි කුසල් දම්, සත් සැත්තෑවක් ඥාන වස්තූන් විසිහතර කෝටි ලක්ෂයක් සමවත්, මහාප්රඥා වජ්රඥානයත්, අනන්ත නය සමන්තපට්ඨාන විෂය වූ ප්රත්යවේක්ෂණ දේශනා ඥානයන්, එසේම අනන්ත ලෝකධාතූන්හි අනන්ත සත්ත්වයින්ගේ, ආසය අනුසයයන් පැහැදිලි කරන ඥානයන්දැයි යන මේ ආදී වූ නොයෙක් තම කුසල්හි නිරවද්ය ධර්මයන් කෙළවරක් නොමැති කල්, පාරමී භාවිතයෙන්ද, මාර්ග භාවනාවෙන්ද පරිපූර්ණත්වයට වෘද්ධියට ගියකල්හි මේ ආකාර වූ නිරවද්ය ධර්මයන් මා කෙරෙහි විද්යමාන වෙත්. මෙම නිරවද්ය ධර්මයන්ද මා කෙරෙහි විද්යමාන වෙතියි කැමැති වීම් වශයෙන් මෙනෙහි කිරීම් අභිමුව බුදුගුණ වර්ග වශයෙන්, රාශි රාශි වශයෙන් ප්රත්යවේක්ෂා කරමින් හුන්නේ වේ. එයද වනාහි සියල්ල ඇතුලත් වන ලෙසින් සියල්ල ඇතුලත් නොවන ලෙසින් නොවේ. සියලු බුද්ධ ගුණයන් පදයක් පාසා ශේෂරහිතව මෙනෙහි කරන්නට භාග්යවතුන් වහන්සේ විසින්ද නොහැකිය. එය අනන්ත අපරිමාන හෙයිනි.