2. ජටිල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි, බහිද්වාර කොට්ඨකෙ යනු ප්‍රාසාද දොර කොටුවට පිටත, විහාර දොරකොටුවෙහි නොවේ. එම පහය ලෝහ පහයක් මෙන් හාත්පස සිව් දොරකොටු පිරිවරන ලදුයේ පවුරෙන් වටකරන ලද්දේය. ඒවා අතර නැගෙනහිර දොර කොටුයෙහි පිටත පහ සෙවනෙහි නැගෙනහිර ලෝදා බලමින් පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන්නේ වේ. ජටිලා යනු ගෙතුණු හිසකෙස් ඇතියහු, තවුස් වෙස්ධාරීහු, නිගණ්ඨා යනු ශ්වේත වස්ත්‍ර හැඳි නිර්ග්රන්ථ (කෙලෙස් ගැට නැති) රූපාධාරීහුද, එකසාටකා යනු ඒකසාටක නිගණ්ඨයන් මෙන්, එක් දිරූ රෙදිකඩක් අතෙහි බැඳ එහි එක් කෙළවරකින් ශරීරයෙහි ඉදිරිපස වසා සරණාහු, පරූළ්හ කච්ඡනඛ ලොමා යනු වැඩුණු කිසිලි ලොම්ද, වැඩුණු නියද, වැඩුණු සෙසු ලොම්ද, කිසිලි ආදීන්හු දිග ලොම් දිග නිය යයි අර්ථයි. ඛාරිං විවිධ මාදාය යනු විවිධාකාර උර - නානාප්‍රකාර පැවිදි පිරිකර පොදි රැගෙන, අවිදූරෙ අතික්කමන්ති යනු විහාරයට නුදුරු මගින් නුවරට පිවිසෙති.
රාජාහං භන්තෙ පසෙනදි කොසලො යනු ස්වාමීනි, මම ප්රසේනජිත කොසොල් රජ වෙමි. මාගේ ඔබතුමන් දන්නහුද? කවර හෙයින් වනාහි රජු ලොවැ අග්‍ර පුද්ගලයාගේ සමීපයෙහි හුන්නේ මෙබඳු නග්න ගොත්‍ර නිශ්රිතයින්ට ඇඳිලි බැඳීද? සංග්‍රහ කිරීම සඳහාය ඔහුට මෙසේද අදහසක් විය. ඒ මම මෙපමණ තරම් දෙයක් නොකරන්නෙම් නම්, අප අඹුදරුවන් අත්හැර මොහුගේ වැඩ සඳහා දුබොදුන් දුශ්සයනයන් අනුභව කරමු. මේ තෙමේ අපට සමීප වීම් මාත්‍රයක් හෝ නොකරයි. එය කළ කල්හි අප නීච පැවතුම් ඇත්තෝ යයි ජනයා ගණන් නොගෙන නිසිමග පිළිපන් ප්රවෘජිතයෝම යයි හඳුනන්නාහ. කිමෙක්ද මොහුගේ ස්වාභාවික තත්ත්වය කියමුයි, තමා විසින් දුටු, ඇසූ දෙය වසා දමා නොකියන්නාහුද? එසේ කළ කල්හි නොසඟවා කියන්නාහ. තවද ශාස්තෲන් වහන්සේගේ අදහස දැනගැනීම සඳහාද මෙසේ කළේය. රජුද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙනුයේ ද ටික කලක් සම්‍යක් සම්බෝධිය නොඇදහීය. එහෙයින් ඔහුට මෙබඳු සිතක් විය. මවිසින් මොවුන්ට ගෞරව කිරීම්කොට මොව්හු රහතුන් යයි කී කල්හි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ සියල්ල දනීද, නොඅනු දන්නේය. ඉදින් මා හා එකඟ වී එය අනුමත කරන්නේද? ඔහුට සර්වඥතාවයක් කොයින්දැයි මෙසේ හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අදහස් දැනගැනීම සඳහා එසේ කළේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි සෘජුවම මොව්හු ශ්‍රමණයෝ නොවේ. නීච පැවතුම් ඇත්තෝ යයි කී කල්හි ඉදින් රජු අදහාද? මහජනයා වනාහි එකරුණ නොදන්නේ නොඅදහන්නේය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, රජුට තම කථාව ශ්‍රවණය කෙරේයයි යම්කිසි කටට ආවක් කියයි යයි කියන්නේය. එය ඔහුට බොහෝකලක් අහිත පිණිස දුක් පිණිස පවත්නේය. රජුගේද සැඟවුණ ක්‍රියාව ප්‍රකට කරන ලදුයේ වන්නේය. රජු තෙමේම ඔවුන්ට අවවාද දෙන බව කියන්නේ යයි දැන දුජ්ජානං ඛො එතං ආදිය වදාළහ.
එහි පුත්ත සම්බාධ සයනං යනු පුත්‍රයන්ගෙන් හටගන්නා පීඩා සහිත සයනය, මෙහිද පුත්‍ර ශීර්ෂයෙන් අඹුවගේ ග්රහණයද වේ. අඹුදරුවන් කෙරෙහි සත්‍යයක් මෙන් පෙනෙන ඔවුන් කෙරෙහි පවත්නා රාගාදී හේතුවෙන් සෝකයෙන් මැඩීම් ආදී සිතෙහි කිළිටිවීම් ආදිය දක්වයි. කාම භොගිනො යන මෙයින් රාගයෙන් සිත මැඩ පැවැත්වීම, දෙකරුණින්ම වික්ෂිප්ත චිත්තභාවය දක්වයි. කාසික චන්දනං යනු සියුම් සඳුන්, කසී වස්ත්‍රද සඳුන්ද යන අර්ථයි. මාලා ගන්ධ විලෙපනං යනු වර්ණ හා සුවඳ සඳහා මල් ද සුවඳවත් භාවය සඳහා සුවඳ ද, හම වර්ණවත් කිරීම සඳහා විලවුන් දරන්නහු විසින්, ජාතරූප රජතං යනු රන් රිදී හා ඉතිරි ධනය සාදියන්තෙන යනු පිළිගන්නහු විසින් සියල්ලෙන්ම කාමයන්හි අතිශයින් ගිජුබවම ප්‍රකාශ කරයි.