10. පන්ථක සූත්ර වර්ණනාව
දසවැන්නෙහි චූලපන්ථකො යනු මහාපන්ථක තෙරුන්ගේ බාල සොහොවුරු හෙයින්ද, මාර්ගයෙහි උපන් හෙයින්ද, ළදරුකල්හි ලද භාවිතයෙන්, පසුකල්හිද, මේ ආයුෂ්මත් තෙමේ චූලපන්ථකයැයිම ප්රකට විය. ගුණ විශේෂයන්ගෙන් වනාහි ෂට් අභිඥා හා විශේෂ විභාගයට පත් ප්රතිසම්භිදා ඇතියේ ‘මහණෙනි, මාගේ ශ්රාවක භික්ෂූන් අතර මනෝමය ශරීර නිර්මාණය කරන්නවුන් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද, ඵල සමවත් සමවැදීම්හි දක්ෂයින් අතර යම් ආකාර වූ චුල්ලපන්ථකයෙක් වේද ඔහුම අග්රය. දෙතන්හි භාග්යවතුන් වහන්සේ එතදග්රස්ථානයෙහි තබන ලදුයේ අසූමහ ශ්රාවකාභ්යන්තරගත විය.
හෙතෙම එක් දිනක් පසුබත්හි පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ තම දිවාස්ථානයෙහි දිවා විහරණ සඳහා හුන්නේ නොයෙක් සමාපත්තීන්ගෙන් දිවා භාගය කල්යවා සවස්කල්හි උපාසකයින් ධර්මශ්රවණයට නොපැමිණි කල්හිම වෙහෙර මැදට පිවිස භාග්යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් කල්හි භාග්යවතුන් වහන්සේ උවටැන් සඳහා එළඹෙන්ට තවම නොකල්යයි ගඳකිළි ඉදිරියෙහි එක්පසෙක පර්යංකයක් බැඳ හුන්නේය. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා චූලපන්ථකො භගවතො අවිදූරෙ නිසින්නො හොති. පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වායි යූ.සේයි. හෙතෙම එකල්හි කාලය බෙදීම කොට සමවතට සමවැද හුන්නේය.
එතමත්ථං විදිත්වා යනු එම ආයුෂ්මත් චූලපන්ථකගේ කාය චිත්තයන්ගේ, මනාව පිහිටුවන ලද බැව් සංඛ්යාත අර්ථය දැන, ඉමං උදානං යනු අන්ය වූ ද යම් සන්සුන් සියලු ඉරියව්හි එළැඹ සිටි සිහි ඇති තැන්පත්, එම භික්ෂුවගේ උපාදාන රහිත නිවන කෙළවර කොට ඇති විශේෂාධිගමයෙහි පහළවීම දැක්වීමට මෙ උදන් ඇනූ සේක.
එහි ඨිතෙන කායෙන යනු කායද්වාරික අසංවරයාගේ ප්රහාණයෙන් නොකිරීමෙන් මනාව තබන ලද, පිරිසිදු කරන ලද ශරීරයෙන්, එසේම චක්ෂු ආදී ඉන්ද්රියයන්ගේ ආශ්වාද වින්දන තොර බව කිරීමෙන් මනාව තබන ලද පංචද්වාරික කයින්. අසංවර අත් පා ශරීර කුකුස් ආදීන්ගේ අභාවයෙන් නොවෙවුලමින් සිටියා වූ කරජකයෙන්දැයි, සංක්ෂේපයෙන් සියලුම ශරීරයෙන් වෙනස්වීමක් නොමැති නිශ්චල භාවයෙන්, එයින් ඔහුගේ සීල පාරිශුද්ධිය දක්වන ලදි. මෙය මෙසේ වූයේය යන ලක්ෂණයෙහි කරන විභක්තියි. ඨිතෙන චෙතසා යනු සිතෙහි ස්ථිති දැක්වීමෙන් සමාධි සම්පත දක්වයි. සමාධිය සිතෙහි සිටීමයයි කියයි. එහෙයින් සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් එකඟබව ඇතිකල්හි සිත අරමුණෙහි එකඟබවට පැමිණීමෙන් සිටියේ නම් වේ. අන් අයුරෙකින් නොවේ. මෙම කියන ලද ආකාර ඇති කාය චිත්තයන්ගේ තැබීම, තැන්පත් කිරීම සියලු කල්හි සියලු ඉරියව්හි කැමැති විය යුතුයැයි දක්වනුයේ තිට්ඨං නිසින්නො උදවා සයානොයි කීයේය. එහි වා ශබ්දය අනියමාර්ථයෙහිය. එයින් සිටිනුයේ හිඳනුයේ, සයනය කරනුයේ හෝ එයින් අන්ය ඉරියව්වක් හෝයි මෙම අර්ථය දක්වන ලද්දේ වේයයිද, සක්මන් කරන්නහුගේද ඉරියව්ව මෙහි ඇතුලත් කරන ලදැයි දතයුතුය.
එතං සතිං භික්ඛු අධිට්ඨහානො යනු කල් ඇතිවම පිරිසිදු හැසිරීම් ඇති, කයෙහි හා සිතෙහි නොමනා කාමුක ස්වභාව සන්සිඳීමෙන් කයෙහි හා සිතෙහි දාහ නැතිකොට, ලබන ලද නිරවද්ය සුව නිශ්චයෙන් කය හා සිත සන්සිඳීම් වශයෙන්, සිත සැහැල්ලු මෘදු කර්මණ්යභාවයට පත්කොට මනාව තබනුයේ එක්තැන් කරනුයේ කමටහන් මනාව වඩයි. මස්තක ප්රාප්තියද කරයි. එම කමටහන්හි යෙදීමෙන් ආදි මධ්ය පර්යවසානයන්හි බොහෝ උපකාර වූ සිහිය, භික්ෂුව ස්ථිර ලෙස පිහිටුවනුයේ, සිල් පිරිසිදු කිරීම මුල්කොට, විශේෂාධිගමය තෙක් ඒ සඳහා එහි සිත ස්ථිර ලෙස පිහිටුවයි යන අර්ථයි. ලභෙථ පුබ්බාපරියං විසෙසං යනු හෙතෙම මෙසේ සිහියෙන් රැකි සිත් ඇතියේ කමටහන් මතු මතු වඩන්නේ වැඩිදියුණු කරනුයේ පෙර පසු, පෙර පසුවත් බවට පත් කළේ, පෙර පසු කොටසින් පැවැති, උදාර, අති උදාර ආදී භේදයන් ලබන්නේය.