6. පිණ්ඩොල සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි පිණ්ඩොල භාරද්වාජ යන් බත් පිඬු සිඟනුයේ, සොයමින් පැවිදි වූයේ නුයි පිඬොලොයි. හෙතෙම වනාහි පිරිහී ගිය භෝග ඇති බ්‍රාහ්මණයෙක්ව බික් සඟනට දෙන මහත් වූ ලාභ සත්කාර දැක බත් පිඬු සඳහා ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වේ. හෙතෙම විශාල ඉබි හෝ කැස්බ පොත්තෙන් සෑදූ පාත්‍රයක් ගෙන හැසිරේ. එම පාත්‍රය පුරවා කැඳ බොයි. බත් අනුභව කරයි. කැවුම් හා කැවිලි ද කයි. ඉක්බිති ඔහුගේ මෙම ස්වභාවය බුදුරදුන්ට සැල කළහ. ශාස්තෲන් වහන්සේ ඔහුට පාත්‍ර පසුම්බියක් නො අනුදත් සේක. ඇඳ යට පාත්‍රය යටිකුරු කොට තබයි. හෙතෙම තබනුයේ ද ගටමින්ම නමා තබයි. ගනුයේද ගටමින්ම ඇද ගනියි. එයද කල්ගතවන කල්හි ගැටීමෙන් ගෙවී ගොස් නැලියක් පමණ බත් ගන්නා ප්‍රමාණයට පත්විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේට සැල කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට පාත්‍ර පසුම්බියක් අනුදැන වදාළ සේක. තෙරුන් වහන්සේ පසුකලැ ඉන්‍ද්‍රිය භාවනාව වඩනුයේ අග්‍රඵලය වූ අර්හත්වයෙහි පිහිටියේය. හෙතෙම මෙසේ පෙර ආමිෂය සොයමින් පිඬු පිණිස යේනුයි පිඬොල නම් විය. ගෝත්‍රයෙන් වනාහි භාරද්වාජ යන දෙක එකතුකොට පිඬොල භාරද්වාජ යැයි කියයි.
ආරඤ්ඤකො යනු ග්‍රාමාන්ත සෙනසුන් ප්‍රතික්‍ෂේපයෙන් අරණ්‍යයෙහි විසීම වන්නේනුයි ආරඤ්ඤකොයි. ආරණ්‍යක ධුතංගය සමාදන්ව පවතින්නහුට එය නාමයයි. එසේම භික්‍ෂා සංඛ්‍යාත වූ ආමිෂ පිණ්ඩයන්ගේ වැටීම පිණ්ඩපාතයයි. අනුන් විසින් දෙන ලද පිණ්ඩයන්ගේ පාත්‍රයෙහි වැටීමයයි අර්ථයි. පිණ්ඩපාතය සිඟයි. ඒ ඒ කුලවලට එළඹෙමින් සොයතියි පිණ්ඩපාතිකොයි. පිඬුවල වැටෙන්ට හෝ හැසිරෙන්ට වන ක්‍රියාව ඔහුටනුයි පිණ්ඩපාතියි. පිණ්ඩපාතීව පිඬපාතිකොයි. කසල ගොඩවල් ආදීන්හි පස් මතුයෙහි සිටි හෙයින් උස්ව උස්ව නැගි අර්ථයෙන් පංසුකූලංයි. පස් මෙන් පිළිකුල් බවට පත්වේ. යේනුයි පංසුකූලංයි. පංසුකූලයාගේ දැරීම හෝ පංසුකූලය හේ වන ස්වභාවය ඔහුටනුයි පංසුකූලිකොයි. දෙපට සිවුර - උතුරු සලුව, අඳනය සංඛ්‍යාත චීවරත්‍රයය තිචීවරංයි. තිචීවර ධාරණය හෝ තිචීවර ස්වභාවය ඔහුටනුයි තෙචීවරිකොයි. අප්පිච්ඡො ආදීන්ගේ අර්ථය යට යූ.සේයි.
ධුතවාදො යනු කම්පා කළ කෙලෙස් ඇති පුද්ගලයා ධුතයැයි කියයි. කෙලෙස් කම්පා කරන ක්‍රියාව හෝ එහි ධුතයක් ඇත. ධුතවාදයක් නැත. ධුතයක් නැත. ධුතවාදයක් ඇත. ධුතයක්ද නැත. ධුතවාදයක්ද නැත. ධුතයක්ද ඇත. ධුතවාදයක්ද ඇත. යන මෙම චතුෂ්කය දතයුතුය. ඒවා අතර යමෙක් තෙමේ ධුත ධර්මයන් සමාදන්ව (සිටී.) පවතී. අන්‍යයා ඒ සඳහා සමාදන් නො කරවයි. (නො යොදවයි) මේ පළමුවැන්නයි. යමෙක් තෙමේ ධුත ධර්මයන් සමාදන්ව නො පවතී. අන්‍යයා ඒ සඳහා යොදවයි. මේ දෙවැන්නයි. යමෙක් දෙ අයුරින්ම තොරද මේ තෙවැන්නාය. යමෙක් දෙ අයුරින්ම යුක්තද මේ සිව්වැන්නාය. ආයුෂ්මත් පිඬොල භාරද්වාජ හිමිපාණන් මෙබඳු ආකාර වේ. එහෙයින් ධුතවාදී යැයි යූ.සේයි. එක් දෙයක් ගැනීමෙන් ඒ හා සමානව යෙදෙන අනෙක් සියල්ලම ගැනීම වශයෙන් මෙම නිර්දේශයයි. රූපං යන්න මෙනි.
අධිචිත්ත මනුයුත්තො යනු මෙහි අටසමවත් සම්ප්‍රයෝගයෙන්, අර්හත් ඵල සමවත් සම්ප්‍රයෝගයෙන් හෝ සිතෙහි අධිචිත්ත භාවය දතයුතුය. මෙහි අර්හත් ඵල සිතයි. ඒ ඒ සමවත්හි සමාධියම අධිචිත්තයයි මෙහි වනාහි අර්හත්ඵල සමාධිය දතයුතුය. සමහරු වනාහි ‘මහණෙනි, අධි චිත්තයෙහි යෙදුන භික්‍ෂුව විසින් කලින් කල නිමිති ත්‍රයයක් මෙනෙහි කළ යුතුය’ එම අධිචිත්ත සූත්‍රයෙහි මෙන් සමථ විදර්ශනා චිත්තය අධිචිත්ත යැයි මෙහි අදහස් කරන ලදැයි කියති. එය නොමනාය. පළමු අර්ථයම ගතයුතුය.
එතමත්‍ථං විදිත්‍වා යනු එම ආයුෂ්මත් පිඬොල භාරද්වාජ තෙරුන්ගේ පරිෂ්කාරාධිෂ්ඨාන සම්ප්‍රදා සම්පන්නතාවය, අධි චිත්තයෙහි යෙදීම් සංඛ්‍යාත අර්ථය සර්වප්‍රකාරයෙන් දැන මෙසේ අධි චිත්තයෙහි යෙදීම් සංඛ්‍යාත අර්ථය සර්වාකාරයෙන් දැන මෙසේ අධි චිත්තයෙහි යෙදීම මාගේ සස්නයැයි දක්වනුයේ මෙම උදන් ඇනූ සේක.
එහි අනූපවාදො යනු වචනයෙන් කිසිවෙකුට උපවාද නොකිරීමද, අනූපසාතො යනු කයින් කිසිවෙකුට පීඩා නොකිරීමද, පාතිමොක්ඛො යන මෙහි පාතිමොක්ඛ යන පදයට අර්ථය යට නොයෙක් ආකාරයෙන් යූ.සේයි. එහි ප්‍රාතිමෝක්‍ෂයෙහි, සත්වැදෑරුම් ආපත්ති ස්කන්ධයන්ගේ නොඉක්මවීම් ලක්‍ෂණය සංවරයයි. සංවරොයි මත්තඤ්ඤුතා යනු ප්‍රතිග්‍රහණ, පරිභෝග වශයෙන් පමණ දැනීමයි. පන්‍ථඤ්ච සයනාසනං යනු ජනශූන්‍ය ගැටුම් විරහිත සෙනසුන්, අධිචිත්තෙව ආයොගො යනු අෂ්ඨ සමාපත්තීන්ගේ අධිගමය සඳහා භාවනාවෙහි යෙදීමයි.
වෙනත් ක්‍රමයක් අනුපවාදො යනු කෙනෙකුට විනාශකාරී වචන නොකීමයි. එයින් සියලුම වාචසික සීලය ඇතුලත් කරයි. අනුපඝාතො යනු කයින් කිසිවෙකු නැසීමට අන්‍යයා වෙහෙසීමට ක්‍රියා නොකිරීමයි. ඉන් සියලුම කායික සීලය සංග්‍රහකරයි. යම් ආකාර වූ මේ ද්වයය වනාහි බුදුවරුන්ගේ සාසනයන්ට ඇතුලත් වේ. එය දැක්වීමට ‘පාතිමොක්ඛෙච සංවරො’යි යූ.සේයි. ච ශබ්දය නිපාත මාත්‍රයකි. පාතිමොක්ඛෙච සංවරො යනු විනාශකාරී වචන නොකියනුයේ, අනුන් නසන ක්‍රියා නොකරනුයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූයේ යයි අර්ථයි.
නොහොත් පාතිමොක්ඛෙ යනු හේත්වර්ථයෙහි සත්තමීයි. ප්‍රාතිමෝක්‍ෂයෙහි නිශ්‍රය වූ සංවරයයි. එය කිමෙක්ද? විනාශකාරී වචන නොකීම, කයින් අන්‍යයෙකු පීඩාවට පත් නොකිරීම, විශේෂයෙන් උපසම්පදා වේලාවෙහි ප්‍රාතිමෝක්‍ෂ සීලය සමාදන් වූයේ නම් වේ. එම ප්‍රාතිමෝක්‍ෂ සීලයෙහි පිහිටියහුට ඉන් මත්තෙහි උපවාද, උපඝාතයන්ගේ නොකිරීම් වශයෙන් සංවරය වේ. එය අනුපවාද, අනුපඝාත යැයි යූ.සේයි.
නොහොත් ප්‍රාතිමෝක්‍ෂයෙහි, නිපදවිය යුත්තෙහිා යයි සත්තමීයි. යම්සේ සිතෙහි නොසන්සුන්කම නුනුවණින් මෙනෙහි කිරීම ආසන්න කරුණනුයි එම ප්‍රාතිමෝක්‍ෂයෙන් අනුපවාදය, අනූපඝාතය සම්පූර්ණ කරගත යුතුය. අනූපවාදය - අනූපඝාතය ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි සංග්‍රහ කරන ලද්දේම යැයි අර්ථයි. සංවරොච යන මෙයින් වනාහි සති, ඥාන-ක්‍ෂාන්ති, වීර්යය යන මෙම සංවර සතරෙහි ග්‍රහණයයි. මෙම සංවර චතුෂ්කය ප්‍රාතිමෝක්‍ෂ සංවර සාධකයි.