5. නාග සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි කොසම්බියං යනු කුසුම්බ නමැති සෘෂිවරයා විසින් වසන ලද තන්හි මවන ලද හෙයින් කොසම්බි යැයි මෙසේ ලද නමැති නගරයෙහි. ඝොෂිතාරාමෙ යනු ඝොෂිත සිටුහු විසින් කරවන ලද අරම්හි, භගවා ආකිණ්ණො විහරති යනු භාග්‍යවතුන් වහන්සේ තදබදයෙන් පීඩාවට පත්ව වැඩවසන සේක. කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේට පීඩාවක් හෝ ආශ්‍රයක් තිබේද? නැත. භාග්‍යවතුන් වහන්සේගේ අකමැත්තෙන් එළඹෙන්ට කිසිවෙකුට නොහැකිය. භාග්‍යවත් බුදුවරු හැමතැන නොතැවරුණු හෙයිනි. සත්ත්වයින් කෙරෙහි හිතවත් භාවයෙන් අනුකම්පා උපදවා, මිදුනේ මුදවන්නෙමියි යන ප්‍රතිඥානුරූපව සිව් ඕඝයන්ගෙන් එතෙරවීම සඳහා අටපිරිස්වලට තම සමීපයට එළැඹීම ඉවසයි. තමන් වහන්සේද මහා කරුණාවෙන් මනාව උත්සාහවත් වූයේ කල් දැන එහි වැඩම කරවති. මෙය සියලු බුදුවරුන්ට පුරුදු ක්‍රියාවකි. මේ මෙහි ආකීර්ණ විහරණයැයි අදහස් කරන ලදි.
මෙහි වනාහි කොසඹෑ නුවර කළහ හටගත් භික්‍ෂූන්ට ශාස්තෲන් වහන්සේ, දීඝිතිස්ස කොසොල් රජුගේ වස්තුව ගෙනහැර දක්වා ‘නහ වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනං’, වෛරයෙන් වෛරය කිසිකලෙක නොසන්සිඳේ ආදියෙන් අවවාද දුන් සේක. එදින ඔවුන්ගේ කලහය කරන්නාහුම රැය පහන් විය. භාග්‍යවතුන් වහන්සේ දෙවන දිනයෙහිද එම වස්තුව වදාළ සේක. එදිනද ඔවුන්ගේ කළහය කරන්නාහුම රැය පහන් විය. තෙවන දිනයෙහිද භාග්‍යවතුන් වහන්සේ එම වස්තුවම වදාළ සේක. ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, අල්පෝත්සාහීව, ඉහාත්ම සුව විහරණයෙහි අනුයුක්තව වාසය කරන සේක්වා. අප එම කලහ කිරීමෙන්, කලහයෙන්, කෝලාහලයෙන්, විවාදයෙන් ප්‍රසිද්ධියට පත්වන්නෙමුයි මෙසේ කීවේය. ශාස්තෲන් වහන්සේ, මෙම හිස් පුරුෂයෝ මඬනා ලද සිතැත්තාහුය. දැන් මොවුන්ට සත්‍යය හැඟවීමට නොහැක. මෙහි හැඟවිය යුත්තක් (අවබෝධ කරවිය යුත්තක්) නැත. මම හුදෙකලා චාරිකා වාසයෙහි වසන්නේ නම් ඉතා යෙහෙකි. මෙසේ මෙම භික්‍ෂූහු කලහයෙන් පහත් වන්නාහු යයි සිතූ සේක. මෙසේ එම කලහකාරක භික්‍ෂූන් සමග එක් වෙහෙරෙහි වාසය තුළ හික්මවිය යුතු කිසිවක් නොමැති හෙයින් උපාසකාදීන්ගේ එළැඹීමද සම්බාධක විහාරයැයි සලකා, යූ.සේයි. තෙන ඛොපන සමයෙන භගවා ආකිණ්ණො විහරති ආදිය.
එහි දුක්ඛං යනු සුව නොවේ. සිත් ඇඳබැඳ නොගත් හෙයින් මනාප නොවේ යන අර්ථයි. එහෙයින් න ඵාසු විහාරාමි යි යූ.සේයි. වූපකට්ඨො යනු කෙලෙස්වලින් දුරු වූයේ - දූරිභූත වූයේ, එසේ සිතා භාග්‍යවතුන් වහන්සේ උදෑසනම සිරුර පිළිදැගුම්කොට කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර, කිසිවෙක් නොඅමතා හුදෙකලාව, දෙවැන්නක් නොමැතිව ගොස් කොසොල් රටැ පාරිලෙය්‍යක වනලැහැබෙහි සොඳුරු සල්රුක මුල විසූ සේක. එහෙයින් අථඛො භගවා පුබ්බණ්හ සමයං -පෙ- භද්දසාලමූලෙයි යූ.සේයි. එහි සාමං යනු තෙමේ. සංසාමෙත්‍වා යනු තැන්පත් කොට, පත්තචීවර මාදාය යනු මෙහිද ආසන්න පදය ගෙන යෙදිය යුතුය. උපට්ඨාකෙ යනු කොසඹෑ නුවර වැසි ඝෝසිත සිටු ආදී වූ, උපස්ථායකයින්ද, විහාරයෙහි අග්‍රෝපස්ථායක ආයුෂ්මත් අනඳ තෙරුන්ද නො අමතා,
මෙසේ ශාස්තෲන් වහන්සේ වැඩමකළ කල්හි පන්සියයක් භික්‍ෂූහු, ඇවැත් ආනන්දයෙනි, ශාස්තෲන් වහන්සේ හුදෙකලාවම වැඩි සේක. අපි පසුපස්සේ යන්නෙමුයි ආයුෂ්මත් අනඳ තෙරුන්ට කීහ. ඇවැත්නි, යම්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ තෙමේ සෙනසුන තැන්පත්කොට පාසිවුරු ගෙන නො අමතා, උපස්ථායකයින් බික්සඟ නොබලා දෙවැන්නක් නොමැතිව වැඩම කෙරේද, එකල්හි තනිව හැසිරෙන්ට කැමැත්ත භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි. (උසස් තත්ත්වයට පැමිණි) ශ්‍රාවකයෙක් විසින් නම් කළයුතු වන්නේ ශාස්තෲන් වහන්සේගේ අදහසට අනුව පිළිපැදීමයි. එසේ පිළිපැදිය යුතුය. එහෙයින් මෙම දිනවල භාග්‍යවතුන් වහන්සේ අනුගමනය නොකළ යුතුයයි වැළැක්වීය. තෙමේද අනුව නොගියේය.
අනුපුබ්බෙන යනු අනුක්‍රමයෙන්, ගම් නියම්ගම් පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙනුයේ පළමුව හුදෙකලාව වසන භික්‍ෂුවක් බලන්නෙමියි බාලකලොණකාරාමයට වැඩමකොට එහි භගු තෙරුන්ට මුළු සවස්වරුවද, තුන්යම් රාත්‍රියද හුදෙකලා වාසයෙහි අනුසස් වදාරා, දෙවන දින ඔහු පසුගමන් යන ශ්‍රමණයෙක්ව පිඬු පිණිස හැසිර ඔහු එහිම නතර කරවා සමගි විසුමක වසන තෙකුලපුතුන් දකින්නෙමියි ප්‍රාචීන වංශ මිගදායට වැඩමකොට, ඔවුන්ට, මුළු රැය පුරා, සමගි විසුමෙහි අනුසස් වදාරා, ඔවුහු එහිම නතර කරවා හුදෙකලාවම පාරිල්‍යෙ ගමට සම්ප්‍රාප්ත වූ සේක. පාරිලෙය්‍ය ගම්වාසීහු පෙරගමන්කොට භාග්‍යවතුන් වහන්සේට දන් දී පාරිලෙය්‍ය ගමට නුදුරෙහි (රාජ්‍ය) රක්‍ෂිත නම් වනලැහැබක් තිබේ. එහි භාග්‍යවතුන් වහන්සේට පන්සලක් කරවා, මෙහි භාග්‍යවතුන් වහන්සේට වසන සේක්වායි ආයාචනා කොට වාසය කරවූහ. භද්දසාලො යනු එහි එක් මන වඩන සිත්කලු සල්රුකෙකි. භාග්‍යවතුන් වහන්සේ එගම ඇසිරිකොටැ වනලැහැබ්හි පන්සල ආසන්නයෙහි එම රුක් මුලැ වාසය කළ සේක. එහෙයින් පාරිලෙය්‍යක විහරති රක්ඛිත වන සණ්ඩෙ භද්දසාලෙ මූලෙයි යූ.සේයි.
හත්‍ථිනාගො යනු මහ ඇතා රැලේ ප්‍රධානියා, හත්‍ථි කලභෙහි යනු ඇත් නාම්බන්, හත්‍ථිච්ඡාපෙහි යනු කිරි බොන ළපටි ඇත්පොව්වන්, යම්කෙනෙක් භිංකායැයි ද කියති. ඡින්නග්ගානි යන ඉදිරියෙන් ඉදිරියෙන් යන එම ඇත් ආදීන් විසින් සුන් අග ඇති කා ඉතිරි වූ කනු හා සමාන තෘණ කයි. බභග්ගො භග්ගං යනු ඒ ඇත් රජු විසින් උස් තැන්වලින් බිඳ බිඳ හෙළන ලද. අස්ස සාඛා භංගං යනු ඔහු සතු බිඳින ලද අතු උන් කති. ආවිලානි යනු ඔව්හු පළමුව බැස පානය කරන කල්හි කැළඹුණු හෙයින්, කැළඹුණු මඩ මිශ්‍රිත දිය බොයි. මගාහා යනු කොටින් ඔගාහං යනුද පාලියි. අස්ස යනු ඇත් රජුගේ. උපනිසංසන්තියො යනු ගැටෙන්නියෝ. ගැටෙනු ලබන්නේ ද තම උදාරභාවයෙන් නොකිපේ. එහෙයින් ඈලා ඌ ගටත්මය. යූථා යනු ඇත්රළෙහි,