10. ලොකව්යවලෝකන සූත්ර වර්ණනාව
දසවැන්නෙහි බුද්ධ චක්ඛුනා යනු මෙහි ආසයානුසය ඤාණය හා ඉන්ද්රිය පරොපරියත්ත ඤාණය බුදු ඇස නමැයි. දෙසූ පරිදි -
‘භාග්යවතුන් වහන්සේ බුදු ඇසින් ලෝකය බලනුයේ අල්පරජස්ක, මහා රජස්ක, තීක්ෂණ ඉන්ද්රියයන් ඇති මෘදු ඉන්ද්රියයන් ඇති සත්ත්වයින් දුටු සේක යනාදියයි.
ලොකං යනු අවකාශ ලෝකය, සංස්කාර ලෝකය, සත්ත්ව ලෝකය යැයි ලෝකත්රයයකි. එහි
යාවතා චන්දිම සුරියා පරිහරන්ති - දිසා භන්ති විරොචනා
තාව සහස්සධා ලොකො එත්ථ තෙ වත්තතී වසො
තාව සහස්සධා ලොකො එත්ථ තෙ වත්තතී වසො
යම් පමණ පෙදෙසක් සඳ හිරු කැරකෙමින් ගමන් කරත්ද? බැබලීමෙන් දිසා කම්පිත වේද? මෙහි ඔබගේ වසඟය ලෝකය තුල දහස් ආකාරයකින් පවතී.
ආදීන්හි අවකාශලෝකය යූ.සේයි. එක් ලෝකයකි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් පවතින්නාහ. ලෝක ද්වයයකි. නාමය හා රූපයයි. ලෝකත්රයයකි. ත්රිවිධ වේදනාවෝ සිව්ලෝකයකි. සිව් ආහාර පංච ලෝකයකි. පංච උපාදාන ස්කන්ධ - ෂට් ලෝකයකි. ෂට් ආධ්යාත්මික ආයතන සප්ත ලෝකයකි. සප්ත විඤ්ඤාණාස්ථිති. අෂ්ඨ ලෝකයකි. අටලෝදම් නව ලෝකයකි. නව සත්තාවාස දස ලෝකයකි. දස ආයතන දස ලෝකයකි. දොළොස් ආයතන දොලොස් ලෝකයකි. අටලොස් ධාතූහුය යනාදීන්හි සංස්කාර ලෝකයයි. ‘සස්සතො ලොකො අසස්සතො ලොකො යනාදීන්හි සත්ත්වලෝකය යූ.සේයි. මෙහි සත්ත්වලෝකය දතයුතුය.
එහි ලෝකයට අයත් වූයේනුයි විසිතුරු ආකාරයෙන් දිස්වේනුයි චක්රවාට සංඛ්යාත ලෝකය ඔකාස ලෝකයි. සංස්කාර විනාශ වේ. පලුදු වේනුයි ලෝකයි. මෙහි පින් පව් හා එහි විපාක ලෝකයට අයත් වේනුයි සත්ත්ව ලෝකයයි. ඒවා අතර, භාග්යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අනුකම්පා කරනුයේ, සසර දුකින් මුදවනු කැමැත්තේ සත්ත්වලෝකය බැලූ සේක. කවර සත්දිනක් ඇවෑමෙන් බැලූ සේක්ද? පළමු සත්දිනයාගේය. භාග්යවතුන් වහන්සේ වනාහි පළමු සප්තාහයේ කෙළවර පසුයම අවසානයෙහි, යදාහවෙ පාතු භවන්ති ධම්මා - ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස විධූපයං තිට්ඨති මාරසෙනං - සුරියොව ඔභාසය මන්තලික්ඛෙ “යම්කලෙක්හි කෙලෙස් තවන වීර්ය ඇති ධ්යාන වඩන බ්රාහ්මණයාට, චතුරාර්ය සත්ය ධර්මයන් ස්ව සන්තානයෙහි පහළ වෙත්ද, එකල්හි ඔහු අහස ආලෝකමත් කරන සූර්යයා මෙන්, කෙලෙස් මරසෙනග විනාශ කරමින් සිටී” යයි මෙම ආර්යමාර්ග ආනුභාව දක්වන උදන් අනා, මම පළමුව මෙසේ තරණයට දුෂ්කර, සසර මහ සැඩපහර, මෙම දම්නැවෙන් එතෙරවැ, නිවන් පරතෙර සිටියේ, එබැවින් දැන් ලෝකයාද එතෙර කරවන්නෙමියි ලෝකවාසීහු කවරාකාරදැයි ලෝවැස්සා බැලීමි. ඒ සඳහා, අථඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධ චක්ඛුනා ලොකං වොලොකෙසියි යූ.සේයි.
එහි වොලොකෙසි යනු විවිධාකාරයන්ගෙන් ලෝකය බැලූ සේක. අත්තල තැබූ, නෙල්ලි ගෙඩියක් මෙන් තම ඤාණයෙන් ප්රත්යක්ෂ කළ සේක. අනෙකෙහි සන්තාපෙහි ආදිය බැලූ ආකාරය දැක්වීමයි. අනෙකෙහි සන්තාපෙහි යනු නොයෙක් ආකාරයන්ගෙන් දුක වනාහි තැවීම්, පීඩා කිරීම් අර්ථයෙන් සන්තාපයයි කියයි. දෙසූ පරිදි දුකෙහි පීඩා කිරීම් අර්ථය, ප්රත්යයකින් හටගත් අර්ථය තැවීම් අර්ථය වෙනස්වීම් අර්ථය යයි සතරාකාරයකි. එයද, දුක්ඛ දුක්ඛාදි වශයෙන්ද, ජාති ආදී වශයෙන්ද නොයෙක් ආකාරය එහෙයින් අනෙකෙහි සන්තාපෙහියි යූයේයි. නොයෙක් දුක්ඛයන්ගෙන් තවනු ලබන කල්හි පීඩාකරනු ලබන කල්හි, බාධා කරනු ලබන කල්හි පරිළාහෙහි යනු සතැව්ලියෙන් තැවෙන කල්හි, ගින්නෙන් ඉන්ධන මෙන් හාත්පස දැවෙන කල්හි, රාගජෙහි යනු රාගයෙන් හටගත්, සෙස්සෙහිද එම ක්රමයමැයි. රාගාදීහු වනාහි යම් සන්තානයක උපදිත්ද, හාත්පස දවන්නාක් මෙන් පීඩා කරත්. එහෙයින් ‘මහණෙනි, මේ රාගාග්නිය ද්වේෂාග්නිය, මෝහාග්නිය යැයි ගිනි ත්රයයකියි වදාළ සේක. යම්හෙයකින් ඒවා කයද සිතද කෙලෙසත්ද? එහෙයින් කෙලෙස්යයි කියති. මෙහිද පරිඩය්හමානෙ යන එයින් භාග්යවතුන් වහන්සේ රාගාදී කෙලෙසුන්ගේ පැවැත්මේ දුක්ඛතාවයද එයින් සත්ත්වයින්ගේ සන්තානයන් මැඩගෙන සිටීම දක්වයි. සන්තප්පමානෙ යනු මෙයින් ඔවුන්ගේ කාලාන්තරයක් විඳි දුක්ඛතාවයද, ඉන් වන නිරන්තර උපද්රවතාවයද දක්වයි.
භාග්යවතුන් වහන්සේ වනාහි බෝ රුක් මුල නොපැරදුන පර්යංකයෙන් වැඩහුන්නේ ප්රථම යාමයෙහි පෙර විසූ තැන් ස්මරණය කොට, පශ්චිම යාමයෙහි ප්රතීත්ය සමුත්පාදයෙහි ඤාණය බහා කෙලෙස් මූලික සංසාර වෘත්ත දුක විශිෂ්ඨ ඥානයෙන් දැන, සංස්කාරයන් අල්වාගෙන විමසා බලනුයේ, අනුක්රමයෙන් විදර්ශනාව වඩා ආර්ය මාර්ගාවබෝධයෙන්, තෙමේ පහවූ විනාශ කළ කෙලෙස් ඇත්තේ, බුද්ධත්වයට පත්ව, ප්රත්යවේක්ෂණයට අනතුරුව ශේෂ රහිත කෙලෙසුන්ගේ ප්රහීණ කළ හෙයින් තමාගේ වෘත්ත දුක්ඛයාගේ ක්ෂය වූ බව දක්වන සියලු බුදුවරුන්ගේ අත්නොහල ‘අනෙකජාති සංසාරං’ යන උදන් අනා එම පර්යංකයෙන් සත්දිනක් විමුක්ති සුව විඳිමින් හුන්නේ සත්වන රාත්රියෙහි තෙයාමයන්හි කියන ලද ක්රමයෙන් ත්රිවිධ උදන් අනා තෙවන උදානයට අනතුරුව, බුදුඇසින් ලොව බලනුයේ, මේ සියලු සත්ත්වයින්ගේ සංසාර වෘත්ත දුක, කෙලෙස් මූලිකවය. එම කෙලෙස් නම් පැවැත්මෙහිද දුක්ය. මත්තෙහිද දුකට හේතුභූත වේ. එම කෙලෙසුන් විසින් මෙම සත්ත්වයෝ මනාව තවත් මනාව දවත් යයි දුටු සේක. එහෙයින් ‘අද්දසා ඛො භගවා -පෙ- මොහොරෙහිපි’ යි යූ.සේයි.
එතමත්ථං විදිත්වා යනු එම ලෝකයාගේ කියන ලද ආකාර ඇති තැවීම් දැවීම්වලින් මඩිනු ලබන බව සර්වාකාරයෙන් දැන. ඉමං උදානං යනු සියලු තැවීම් දැවීම්වලින් නිවීම පැහැදිලි කිරීමට මෙම උදන් ඇනූ සේක.
එහි අයං ලොකො සන්තාපජාතො යනු මේ සියලුම ලෝකය ජරා, රෝග මරණයන්ගෙන්ද, නොයෙක් ආකාර ව්යසනයන්ගෙන්ද, කෙලෙස් මැඩගෙන මතුවීම්වලින් ද හටගත් තැවීම, උපන් කායික චෛතසික දුක් මැඩ පැවැත්වීම යයි අර්ථයි. ඵස්සපරෙතො යනු එයින්ම නොයෙක් දුක් ස්පර්ශයන්ගෙන් පීඩිත වූයේ, උපද්රවයට පත්වූයේ වේ. නොහොත් ඵස්ස පරෙතො යනු සුව ආදී සංඛ්යාත ත්රිවිධ දුක්ඛතාවයන්ට ප්රත්යය වූ ෂට් ස්පර්ශයන්ගෙන් මඩනා ලදුයේ ඒ ඒ ද්වාරයන්ගෙන් ඒ ඒ අරමුණෙහි පැවැතීම් වශයෙන් පීඩාවට පත්වූයේ, රොග වදති අත්තතො යනු ස්පර්ශ හේතුවෙන් උපදනා වේදනා සංඛ්යාත ස්කන්ධ පංචකමය වූ රෝදුක් යථා පරිදි නොදන්නේ මම යන සංඥාවෙන් දෘෂ්ටි ග්රාහ වශයෙන්, මම සුවපත් වූයෙමි. මම දුප්පත් වූයෙමියි ආත්ම වශයෙන් කියයි. තමාගේ යයිද කියවති. එහි අර්ථය යම් ආකාර වූ මේ ලෝකයා කිසියම් දුක් ස්වභාවයකින් පෙළන ලදුයේ, නොවඩනා ලද ආතම් හෙයින් ඉවසන්ට නොහැකි වනුයේ අහෝ දුකකි. මෙබඳු දුකක් මාගේ සතුරෙකු හෝ නොවේවායි යනාදී ක්රමයෙන්, විලාප කියවනුයේ හුදෙක් තම රෝගය ගැන කියයි. එහි ප්රහාණය සඳහා නොපිළිපදී යයි අර්ථයි. නොහොත් කියන ලද ආකාර ඇති එම දුක තත්වූ පරිද්දෙන් නොදන්නේ තෘෂ්ණා ග්රාහ වශයෙන් මම යන සංඥාවෙන් ආත්ම වශයෙන් කියයි. මෙය මාගේ යයි වචනය පිටකරයි.