7. ඒකපුත්ර සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි එකපුත්තො යනු එකම පුත්රයෙකි. ඔහු ද අනුකම්පාව ලැබිය යුතු වූ එකම පුත්රයෙකි. ප්රියකළ යුතු බැවින් පියො නම් වේ. සිත සතුටු කළ නිසා මනාප නම් වේ. ශරීර ශෝභාවෙන් දැකුම්කළු බවින් හෝ දර්ශනීය බවින් පියො නම් වේ. සීලාචාර පැවැත්මෙන් හා කලණ දහම් ඇති බැවින් මනාපො නම් වේ. කාලය ගෙවෙන බැවින් කාලය නමි. මරණයයි. ඒ මරණයට පැමිණි බැවින් කාලංකතො කාලය නමැති මාරයා විසින් ග්රහණයට ගත් බැවින් නටුයේ නොදැකීමට පැමිණියේ කලංකතො කළුරිය කළේය. මළේය යන අර්ථයි.
සම්බහුලා උපාසකා සැවැත්නුවර වාසී බොහෝ උපාසකවරු මියගිය උපාසක පුත්රයාගේ මරණය නිසා සොවින් තැවෙමින් සොහොන දක්වා පසුපසින් ගොස්, මෘත ශරීරයට කළයුතු දේ කරවා අවසන්කොට නැවැත්වීමෙන් පසුව ජලය ගෙනැවිත් නහා වස්ත්ර හැඳ තෙත වස්ත්ර පිටින්ම එක නිවසකට ගොස්, එක් උතුරු සළුවක් කොට, ඒ උපාසකයා පෙරටු කරගනිමින් ශෝකය දුරුකරගැනීම සඳහා ශාස්තෲන් වහන්සේ සමීපයෙන් ධර්මය අසමුයි භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියහ. එහෙයින් කියන ලදි. අල්ලකෙසා ආදිය. එහි අල්ලකෙසා යනු තෙත් ඉසකෙස් සහිත.
එහි අල්ලවත්ථා ජලයෙන් තෙමුණු වස්ත්ර ඇතිව, දිවා දිවස්සා එදවස දහවල් කල, මධ්යාහ්න කාලය යන අර්ථයි. යම්හෙයකින් යමක් දැනගෙනම තථාගතයන් වහන්සේ විචාරත්. සමහර කෙනෙක් දැනගෙන නො විචාරති. කල් දැන විචාරති. කල් දැන නො විචාරති. එහෙයින් දැනගෙනම කථාව ආරම්භ කිරීම සඳහා විමසන භාග්යවතුන් වහන්සේ කින්නුතුම්හෙ උපාසකා උපාසකයෙනි, කිමෙක්දැයි විචාළ සේක. එහි අදහස මෙසේය. උපාසකයෙනි, තෙපි අනෙක් දවස්වල මා වෙතට එන්නේ, සුදු වස්ත්ර හැඳ පෙරවා සවස් කාලයේ එන්නෝ වෙති. අද වනාහි තෙත හිසකෙස් ඇතිව තෙත වස්ත්ර හැඳ දෙවෙන් දාවල මධ්යාහ්න කාලයේ පැමිණියාහුය. එයට හේතුව කුමක්ද? තෙන මයන්ති ඒ පුත්රයා ගේ වියෝගයෙන් ඇති වූ සිත් තැවුලෙන් දැඩි සේ ශෝකයෙන් මැඩපවත්වන ලද අපි එසේ මෙහි පැමිණියෙමු.
එතමත්ථං විදිත්වා යනු ප්රියවස්තුවක් නිසා හටගත් දුක්ඛ දෝමනස්ස ආදියෙහි ප්රියවස්තුවක් කෙරෙහි හටගත් මේ කාරණය අවබෝධ කරගෙන ඒ කාරණය ප්රකාශ කිරීම සඳහා මේ උදාන ප්රකාශය වදාළහ.
එහි පියරූපා සාතගථිතාසෙ යනු ප්රිය ස්වභාව ඇති රූපස්කන්ධාදීන් කෙරෙහි සුඛ වේදනාවෙන් හටගත් පිළිසිඳ සිත් ඇත්තෝ යන අර්ථයයි. සෙති යනු නිපාත මාත්රයකි. පියරූපා යනු චක්ඛු ආදී ඉන්ද්රියයෝ ද, අඹුදරුවෝ ද වෙති. එය මෙසේ කියන ලදි. ‘කිඤ්චි ලොකෙ පියරූපං සාතරූපං -පෙ- ධම්මතණ්හා ලොකෙ පියරූපං සාත රූපන්ති’
කෙත් වත් රන් රිදී ගව මහිෂ අශ්වයන් දැසි දසුන් හා තම නෑයන් කෙරෙහි බහුල වශයෙන් නැවත නැවත බැඳුණු සත්ත්වයෝ ලොල් වෙයි.
එහෙයින් පියරූපයන් ආශ්වාදනයේ ගිජුවුනු සිහිවිකල් බවට පත් එහි ඇලුනු යන අර්ථයි. එම පියරූප ඇති සත්ත්වයෝ කවරහුද? ඔවුන් මෙසේ දක්වයි. දෙවකායා පුථුමනුස්සා යනු චාතුර්මහා රාජිකාදි බොහෝ දේව සමූහයා ද, දඹදිව් වැසි බොහෝ මිනිස්සු ද, අඝාවිනො යනු කායික මානසික දුකෙන් දුකට පත් පරිජුන්නා රෝගාදී විපත්වලින් යොවුන් බව ඔවුන්ගේ එම ස්වභාවය ප්රකාශ කරනු පිණිස අඝාවුතො පරිජුන්නා යන්න කියන ලදි. ඔවුන්ට ද පෙර කර්මානුකූලව වැඩුණු මහළු බව ද, මානසික රෝග ද වශයෙන් දුක් ආදිය හටගැනීම වූයේ යයි දැනගත්තේය. මච්ඡුරාජස්ස වසං ගච්ඡන්තී ප්රියවස්තු විෂයෙහි ඇති තෘෂ්ණාව ප්රහීන නොකළ බැවින් නැවත නැවත මව්කුස පිළිසිඳ ගැනීම් ආදිය සිහිකිරීම් මෘත්යුරාජ සංඛ්යාත වූ මරණයේ වසඟයට පැමිණෙන්නේ ය.