මුචලින්ද වර්ගය
1. මුචලින්ද සූත්‍ර වර්ණනාව
මුචලින්ද වග්ගයේ ප්‍රථම සූත්‍රයෙහි මුචලින්ද මූලේ මෙහි මුචලින්ද නම් මිදෙල්ල ගසය. එය නිචූලයිද කියනු ලැබේ. ඒ ගස සමීපයෙහි, සමහරු මුචලයිද කියනු ලැබේ. එය වනයෙහි ජ්‍යෙෂ්ඨ ගසක් බැවින් මුචලින්ද වූයේ යැයි කියනු ලැබේ. මහා අකාලමෙඝො යනු වර්ෂා කාලය නොපැමිණි කල්හි ඇතිවුන මහා වර්ෂාවකි. එය ගිම්හාන සෘතුවෙහි අවසාන මාසයෙහි මුලු සක්වලම පුරමින් හටගත්තේය. සත්තා භවද්දලිකා යනු එය උපන්කල්හි හත් දවසක් නොකඩවා වැසි වැටුණේය. ඒ වර්ෂාවද ජලය හා මිශ්‍ර වූ ශීතල වාතයෙන් යුක්ත වූයේය. මුචලින්ද නම් නාරජු, එම ගස සමීපයේ පොකුණෙහි යට නාග භවනයක් ඇත. එහි උපන් මහානුභාව සම්පන්න නාගරාජයෙකි. සකභවනාති තමන්ගේ නාගභවනයෙන් සත්තක්ඛත්තුංභොගෙහි පරික්ඛිපිත්‍වා යනු සත්වරක් තමාගේ ශරීරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය වටකොට උපරි මුද්ධනි මහන්තං ඵණං විහච්ච යනු හිස මුදුනෙහි පෙණය තබා, භාග්‍යවතුන් වහන්සේගේ හිස මුදුන් පෙදෙසට මත්තෙහි තමන්ගේ මහත් වූ පෙණය දිගහැර තබා. ඵණං කරිත්‍වා යිද පාඨයක් ඇත. එයද ඉහත කී අර්ථයමය.
භාග්‍යවතුන් වහන්සේ මාගේ භවන සමීපයෙහි ගසක් මුල වැඩවසති. දැන් හත් දවසක් වසින වැස්ස ඇත. එබැවින් බුදුරදුනට වාසයට සුදුසු ස්ථානයක් ලැබුනොත් යහපතැයි ඒ නාගරාජයාට අදහස ඇතිවිය. ඔහුට සත්රුවන්වලින් තැනූ ප්‍රාසාදයක් නිර්මාණය කරන්නට හැකිවූයේ නමුත් එසේ කළ කල්හි සිරුරෙන් ගතයුතු ප්‍රයෝජනය නොගත්තේ වන්නේය. දසබලයන් වහන්සේට කයින් වතාවතක් කරන්නෙමි යි මහත් වූ ශරීරයක් මවාගෙන ශාස්තෲන් වහන්සේ හත්වරක් දරණින් වටකොට හිසමත පෙණය තබා සිටියේය. දරණ ඇතුලත ලෝහමහා ප්‍රාසාදයක බඩු ගබඩාවක් පමණ විය යි අන්‍ධට්ඨ කථාවෙහි කියන ලදි. ශාස්තෲන් වහන්සේ කැමති කැමති ඉරියව්වකින් වාසය කරත්වා යනු නා රජුගේ අදහස විය. භාග්‍යවතුන් වහන්සේ හිඳගෙනම සත්දවස ගතකළහ. මා භගවන්තං සීතං භාග්‍යවතුන් වහන්සේට සීතලක් නොවේවා. හෙතෙම සීතද, උෂ්ණයද, මැසිමදුරුවන්ගෙන් වන හිරිහැර ද වැළැක්වීම සඳහා එසේ කෙළේය.
සත් දවසක් වැසි වසිනවිට උෂ්ණයක් නැත. එහෙත් වරින්වර වැස්ස නවතිනවිට උෂ්ණය ඇතිවන්නේය. එවිට උෂ්ණය නොවේවායි අදහස් කළ බව සිතිය යුතුය යි සමහරු කියති.
විද්ධං විනාස වූ වැසි වලා දුරුවූයේය යන අර්ථයි. විගතවලාහකං පහවූ වැසිවලාවන්. දෙව අහස, විදිත්‍වා දැන් සීත ආදී උවදුරු නැතැයි දැන. විනිවෙඨෙත්‍වා පහව ගොස් සකවණ්ණං තමන්ගේ නාගරූපය. පටිසංහරිත්‍වා අතුරුදහන්කොට මානවක වණ්ණං කුමාර රූපය,
එතමත්‍ථං මේ කාරණය සියලු ආකාරයෙන් දැන ඉමං උදානං මෙම විවේක සුවයේ උසස් බව ප්‍රකාශ කරන උදානය පහළ කළ සේක.
තත්‍ථ සුඛො විවෙකො නිර්වාණ සංඛ්‍යාත උපධි විවේකය සැපය, තුට්ඨස්ස සතර මාර්ගඥානයෙන් සතුටු වූ සුතධම්මස්ස ප්‍රකාශ කරන ලද නිවන් දහම් ඇති. පස්සතො ඒ විවේකය තමන්ගේ වීර්යයෙන් ලබාගත් නුවණැසින් බලන්නහුට. අබ්‍යාපජ්ජං නො - කිපෙන ස්වභාවය මෙයින් මෛත්‍රී පූර්වභාගය දක්වන ලදි. පාණ භූතෙසු සංයමො සත්ත්වයන් කෙරෙහි හික්මුණු බව, අවිහිංසා බව සැපය යන අර්ථයි. මෙයින් කරුණා පූර්වභාගය දක්වන ලද